Government Nurse

Government Nurse

Share

welcome to Sri Lankan Nursing, your number one source for all things We're

14/06/2026

ඔයාටත් මැරෙන්න හිතෙනවද

ජිවිතේ මග අතැර යන
තරුණ ජිවිත හුගාක් දැක්කා
හිතේ දුක තද කරන් ඉන්නැති
මටත් ඒ වගේ කාල තිබුණා.......

යාලුවෙක් ළඟ දුක කියා ඇඩුවා
හිතේ ඇති හැමදේම කිව්වා
වටේ හිටි තව බොහෝ දෙනෙකුට
එයා මගෙ දුක කියලා තිබුණා
මගෙ දුක රහ විදපු අය දැක
මැරෙන්නට මට ආය හිතුණා.....

දුක අහන්නට කෙනෙක් නැති කොට
Counseller ලට කතා කෙරුවා
Treatment දිගටම කරන්නට
දහස් ගණනක බිලක් කිව්වා
මගෙ දුක මගෙ ලඟම තිබුදෙන්
මගෙ හිත මට එහෙම කිව්වා.....

නොකී දුක හදුනාගත්ත අය
හෙමින් මගෙ හිත තුලට එබුනා
හිසත් අත ගා කදුළු පිසදා
මගෙ තනියට ලඟම උන්නා
දුක අහන්නට කරපු chat වල
අගක රාගයේ ලකුණු තිබ්බා
මගෙ දුක මගෙ ලඟම තිබුදෙන්
එහෙම අය මම මඟින් හැලුවා......

මැරෙන්නට හේතුව හොයද්දි
දුකට හේතුව මටම පෙනුණා
බුදු සමිදු දෙසු අමා නිවනක
සැනසීම ඇති බවම දැනුණා
මැරෙන ඉපදෙන සසර ගමනක
නිවන ළඟ මම නතර වුවා.........

₹ජී ₹
✍🏻 Jeevani Kuruppuarachchi

14/06/2026
12/05/2026

නයිටින්ගේල් පරපුරට උපාහාරයක්ම වේවා!
===================================

දුක දරාගන සිනා සෙන්නට

අපුල සුවදක්‌ දරාගන්නට😔

ජිවිතේ බර කරට ගන්නට

මඟ කියූ තුන් සිළු පහන මට.......❤️

මාර සේනා හදුන ගන්නට 🤎

නිවන්දොර ලඟ එලිය කරනට 💛

සෙනෙහසින් ජිවිතේ විඳිනට💕

එලිය දුන් තුන් සිළු පහන මට....❤️

මගේ නොවනා මගේ ලෙඩුනට

ජිවිතේ සුව සදා දෙන්නට 💙

පහන් සිල දෝතීන් දරන් අද

පුදමි දිවියම හෙදකමට මම....... ❤️

₹ජී ₹
✍️ Jeevani Kuruppuarachchi

15/04/2026

කැව්ම් කිරිබත් කන්න ආසයි
පුතේ මට දැන් බෝම වයසයි
අලුත් අවරුදු නැකත් මොහොතට
මමත් දෝනිට කැව්වා මතකයි

නහයේ බටයෙන් පොවන කොට කැද
මට මගේ දූ සිහිවුනාමයි
පුංචිවුන් එක්කලා ඒකිත්
ජිවිතේ දුක් විදිනවා බෝමයි

හිනාවෙනකොට වෙනසක්ම නෑ
මගේ දෝනිත් නුබ වගේමයි
අව්රුද්ද මං ලගට ගෙන ආ
මීසි නුබනම් දෙව්දුවක්මයි

₹ජී ₹
✍🏻Jeevani Kuruppuarachchi

13/04/2026

රට ඉදන් 𝗘𝗽𝗶𝘀𝗼𝗱𝗲 𝟭𝟰

80-90 දශකයේ ඉපදුණු අපිට හරීම ලස්සන ළමා කාලයක් තිබුණා. ඒ ළමාකාලේ සුන්දරම දවස් තමයි අළුත් අව්රුද්ද. යුරෝපේට ඇවිත් සමරන දෙවැනි සිංහල අළුත් අව්රුද්ද මේ. (පලවෙනි අව්රුද්දෙ කිසිම දෙයක් කරගන්න තරම් ලොකු හයියක්වත් තේරුමක්වත් නොතිබුනාට මේ වෙනකොට පොඩ්ඩක් විතරයි පුළුවන් 😆)
හිතට මොකද්දෝ දුකක් දැනෙන්න අරන්. හැම වෙලේම හිත දුවන්නේ ලංකාවට. අනේ ලංකාවේ හිටියනම් මේ කාලේ පොරකාගන shopping කරනවා.
ගෙවල් අස්කරනවා. කැවිලි සුවද මුළු ගේ පුරා. ඒ අතරේ සිංහල අච්චාරුවක් වරදින්නෙත් නෑ.
අලුත්ම ඇදුම් ඇදන් කෑම පිඟන් අරන් ගෙවල් ගනේ ගියපු හැටි..... යාලුවෝ එක්ක පංච දාපු හැටි..... නිලා, බබර චක්‍ර අහස්කුරු යවලා සතුටු වුණු හැටි...... ඇත්තමයි ඒ කාලේ කොච්චර ලස්සනද?

වගකීම් අරන් දෙමව්පියෝ වුනාට පස්සෙත් ගත්ත පඩියෙන් කොහොමහරි වගකීම් යුතුකම් ඉෂ්ට කරලා පුංචි උන්ගේ මුණේ හිනාව බලලා අපි කොච්චර සතුටින් හිටියද මේ සිංහල අළුත් අව්රුද්දෙ.

හැමදේම මෙහෙ තිබ්බට මොකද්දෝ ලොකු අඩුවක් හිතට දැනෙනවා. ආපහු ලංකාවට දුවගන යන්න හිතෙනවා. සිය දහස් වාරයක් හිතින් ලංකාවට ගිහින් එනවා.
නෑදෑයෝ යාලුවෝ එක්ක සතුටින් ගෙවපු දවස් මතක් වෙද්දී අපි මෙහෙ ආවේ ඇයි කියලා නොහිතෙනවා නෙමේ.
ඒ වෙලාවට හිතෙනවා මොනදේ උනත් අපේ කම තිබුණේ අපේ රටේ නේද කියලා
මැරෙන්න කලින් ආයෙම ලංකාවට ගිහින් සිංහල අව්රුද්දක් සමරන්න ආයෙම දැන් හීන දකිනවා 😔

12/04/2026

මේ පාරත්
නැකතට ලිපගිනි මෙලවේවි
කැවුම් කිරිබත් සුවද පැතිරේවි
නැකතට වැඩ අල්ලාවී
මට ඩියුටි ඉන්න වේවි.....

මගෙ පුංචි පැටවුන්ට
අත්තම්මගේ අතින් කිරිබත් හැදේවි
අප්පච්චි නැකතට කවාවී....
වැඩ අල්ලන නැකතට
අම්මව මතක් වේවි.......
අම්මා එනකල්
බුලත් අත මැලැවේවි......

නෑගම් යන්නනම්
නිවාඩුනම් නැතිවෙවී.........
අම්මා එකකල්
නිලා පත්තු නොකරාවි.,.....
හිසතෙල් ගාන්නවත්
අම්මා නැද්දැයි අසාවී....
මේ අළුත් අව්රුද්දත්
මේ විදිහටම ගෙවිලා යාවි......

අළුත් අව්රුද්දට ඩියුටි කරන ඔබ සැමට සුබ අළුත් අව්රුද්දක් වේවා 🙏🏻💚🙏🏻

₹ජී ₹
✍🏻 Jeevani Kuruppuarachchi

03/04/2026

Resuscitate කරද්දීත් හිනා වෙලා කලාම
කිසි හිතක් පපුවක් නැති බදු සල්ලි වලින් ඉගනගත්ත කාලකන්නි කියන්න ඔට්ටු නෑ ඔන්න 🤣

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Address

Badulla