CMO Unit Pitabeddara

CMO Unit Pitabeddara

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CMO Unit Pitabeddara, Health/Beauty, Pitabeddara, Akuressa.

Photos from CMO Unit Pitabeddara's post 07/05/2026

පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සමාජ සේවා ඒකකය සහ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ඒකකය එක්ව දෑරංගල වැඩිහිටි සමිති ප්‍රජාවට සහ වැඩිහිටි නිවාසයෙ වැඩිහිටියන් වෙනුවෙන් සිදු කරන ලද බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සායනය.

Photos from CMO Unit Pitabeddara's post 30/04/2026

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන කැකුළු පුබුදුවමු නව ලොව සුරකිමු ව්‍යාපෘතිය යටතේ පිටබැද්දර සෙනෙහස පෙර පාසලේ දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් සිදු කරන ලද දේශනය.
මෙහිදී කෘතිම ආහාර, ආහාර පැකට් වල තිබෙන ට්‍රැෆික් ලයිට් ලේබලය, පෝෂණ වගුව තෙරුම් ගන්නා ආකාරය පැහැදිලි කරදීම, E/INS අංක, ආනයනික පළතුරු වල ඇති PLU codes, ප්ලාස්ටික් වර්ගීකරණය ආදී කරුණු පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරන ලදි.

Photos from CMO Unit Pitabeddara's post 23/04/2026

පිටබැද්දර හත්‍තොටුව මහා විද්‍යාලයෙ සිසුන් ආයුර්වේදයේ දැක්වෙන රෝග වලින් වැළකී සිටින ආකාරය පිළිබඳ සඳහන් අන දින චර්‍යා සහ සද්වෘත චර්‍යා පිළිබඳ දැනුවත් කිරීම. මෙ සඳහා එම පාසලේ විදුහල්පති තුමා, ගුරුමණ්ඩලය සහ සිසුන් විශාල සහයෝගයක් ලබා දෙන ලදි.

Photos from CMO Unit Pitabeddara's post 23/04/2026

පිටබැද්දර සියඹලාගොඩ නැගෙනහිර මහා විද්‍යාලයෙ සිසුන් සඳහා සිදු කරන ලද දේශනය. මෙහිදී ආයුර්වේදයේ දැක්වෙන රෝග වලින් වැළකීසිටීමේ ආකරය පිළිබඳ කියවෙන සද්වෘත චර්‍යා සහ දින චර්‍යා පිළිබඳ දැනුවත් කිරීම කරන ලදි. මේ සඳහා එම පාසලේ ව්දුහල්පති තුමා, ගුරුමණ්ඩලය සහ සිසුන් ඉතා හොඳ සහයෝගයක් ලබා දෙන ලදි.

Photos from CMO Unit Pitabeddara's post 15/04/2026

රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවයට සමගාමීව අද දින පෙ.ව 6.55ට යෙදුණු සුභ නැකතට අනුව පිටබැද්දර, පුවක්බඩෝවිට ශ්‍රි මහින්දාරාමයේදී එම විහාරස්ථානයේ විහාරාධිපති පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද හිසතෙල් ගෑමේ මහෝත්සවය.
මෙය සාර්ථකව සංවිධානය කිරීම සඳහා පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් ඇතුළු පුවක්බඩෝවිට ගම්වාසීන් විශාල සහයෝගයක් ලබාදෙන ලදි.

-පිටබැද්දර ආයුර්වේද ප්‍රජාසෞඛ්‍ය ඒකකය, දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව් -

Photos from CMO Unit Pitabeddara's post 31/03/2026

පිටබැද්දර ප්‍රාදේශීය සභාව සමග දෙහිගස්ප ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ පවත්වන ලද ආයුර්වේද ජංගම සායනය

Photos from CMO Unit Pitabeddara's post 31/03/2026

සිසු සුව සුරකිමු ව්‍යාපෘතියට අදාලව වැලිව බෞද්ධ මහ විද්‍යාලයේ සිසුන් ආයුර්වේදයේ දැක්වෙන සද්වෘත හා දින චර්‍යා පිළිබඳ දැනුවත් කිරීම. මේ සඳහා සහයෝගය දැක්වූ එම විද්‍යාලයේ විදුහල්පති ස්වාමීන් වහන්ස ඇතුළු ගුරුමණ්ඩලයට විශේෂ ස්තුතිය.

Photos from CMO Unit Pitabeddara's post 13/03/2026

පිටබැද්දර දියදාව ග්‍රාම සංවර්ධන සමිති සමාජිකයින් සඳහා ග්‍රාම නිලධාරි කාර්‍යාලයේදී පවත්වන ලද රූපලාවණ්‍ය වැඩමුළුව. මෙහිදී ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් ෆේෂල් කර ගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදි. මෙය සංවිධානය කිරීමට පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් සහ ග්‍රාම සංවර්ධන නිලධාරි සම්බන්ධවිය.

Photos from CMO Unit Pitabeddara's post 09/03/2026

ආයුර්වේද දේපාර්තමේන්තුවෙ ප්‍රතිපාදන මත දියත් කරන සුවැති දැයක් සුරැකි හෙටක් ව්‍යාපෘතිය දෙහිගස්ප අනගාරික ධර්මපාල විද්‍යාලයේදි සිදු කිරන ලදි. මේ සඳහා එම විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු ගුරුමණ්ඩලය ද සහයොගය ලබා දෙන ලදි.

Photos from CMO Unit Pitabeddara's post 05/03/2026

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත දියත් කරන ගත සිත සවිමත් වැඩිහිටි දිවියක් ව්‍යාපෘතිය ප්‍රාදේශීය ලේකම් කාරයාලයේ සහයෝගය ඇතුව පිටබැද්දර පුවක්බඩෝවිට වැඩිහිටි සමිතියේ වැඩිහිටියන් වෙනුවෙන් පුවක්බඩෝවිට සේවා පියසේදි සිදු කිරීම.

Photos from CMO Unit Pitabeddara's post 26/02/2026

පිටබැද්දර ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ඒකකය සහ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය සමග බානගල නැගෙනහිර සහ බටහිර කාන්තා සමිති සමග ගර්භණී මාතාවන් සඳහා වස විසෙන් තොරව සකසන ලද දේශීය ආහාර වේලක් පිරිනැමීම. මෙහිදී මෙම ආහාර මගින් ගැබිණි මවුවරුන්ට ලැබෙන පෝෂණය මෙන්ම ගර්භණී අවධියේ දී ලැබිය යුතු පෝෂණය පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදු කරන ලදි.

Want your business to be the top-listed Beauty Salon in Akuressa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Pitabeddara
Akuressa