Nurse says
Nurse Says👩⚕️
Sharing professional nursing knowledge, health awareness & patient care tips. Educating the community for a healthier tomorrow. 💙
11/04/2026
දන්නවද?🫢
මේ පණිවිඩය මල්ටි විටමින් බොන අයට🙃💬
📎කොයි වෙලාවටද මේව බොන්න ඕනි
📎උදේටද,දවල්ටද රෑටද?
📎විටමින් ටික හම්බෙන නිසා වෙනදා වගේ කන්න ඕනි නෑ නේද?
🌸මල්ටි විටමින් එකක අපේ ශරීරයට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ ටික තමයි අඩංගු වෙන්නෙ🙃
🌸ඒ කියන්නෙ විටමින් A,B,C,D,E,යකඩ,පොස්පරස්,
සින්ක් ඔය වගේ ඒවා
⭕මල්ටි විටමින් ගන්නකොට මොකද වෙන්නෙ?
🌸අද කාලේ අපේ කාර්‍ය බහුල ජීවන රටාවත් එක්ක හුඟක් වෙලාවට අපි සමබර ආහාර වේලක් ලබාගන්නවා අඩුයිනෙ🫡
🌸බෝඩිම් වල හොස්ටල් වල ඉන්න කට්ටියට එහෙම එලවලුවක් කොළ මැල්ලුමක් කැවෙනවා හරිම අඩුයි😕
ඉතින් බොහෝ වෙලාවට අපිට දවසකට ඕනි විටමින් ටික ලැබෙන්නෙ නෑ
අපි දන්නෙ නැති උණාට අපි විටමින් ඌණතාවයෙන් පෙළෙනවා
💌මල්ටි විටමින් එකක් ගන්නකොට ඔන්න ඔය විටමින් ඌණතාවයක් තියෙනව නම් ඒක මඟහරවා ගන්න පුලුවන්
📎ඔයාට නිතරම මහන්සි දැනෙනව නම්
📎හම සුදු මැලි වෙලා නම්
📎ඇටකටු ඇතුලෙන් රිදෙනවනම්
📎දුර්වලයි වගෙ දැනෙනවනම්
📎විදුරුමස් වලින් ලේ එනව නම්
📎ඔයාගෙ තුවාල හොඳ වෙන්නෙ හරි හෙමින් නම්
📎රෑට ඇස් පේනවා අඩුයි නම්
📎කටේ නිතරම තුවාල හැදෙනව නම්
📎අසාමාන්‍ය විදියට කොන්ඩෙ යනව නම්
📎නියපොතු කැඩෙනව නම්
📎නිතර නිතර ලෙඩ වෙනව නම්
විටමින් ඌනතාවයක් නිසා වෙන්න පුලුවන්,ඒ ගැන සැලකිලිමත් වෙන්න
💌ඒ වගේම ඔයාගෙ ප්‍රතිශක්තිය වැඩි වෙනවා
💌ඔයාගෙ අර දුර්වල මහන්සි ගතිය අඩු වෙනවා
💌හමට නියපොතු වලට කොන්ඩෙට හොඳයි
⭕අපිට හිතුමනාපෙට බොන්න පුලුවන්ද?
⭕කොයි වෙලාවටද
බාහිරින් මල්ටි විටමින් ගන්න ඕනි?
📎අපිට හරියට කෑම ටික වැටෙන්නෙ නැත්නම්
📎අපි සමබර ආහාර වේලක් නෙවෙයි නම් ගන්නෙ කාලයක් තිස්සෙ
📎රෝගී වෙලා ඉඳලා හොඳ වෙන ගමන් නම් ඉන්නෙ
📎කිරි දෙන මවක් නම්,ගර්භණී මවක් නම්
📎ගොඩාක් වයස කෙනෙක් නම්
අපිට බාහිරින් විටමින් ගන්න අවශ්‍ය වෙන්න පුලුවන්
⭕කවුද තීරණය කරන්නෙ?
හොඳම විදිය තමයි වයිද්‍යවරයෙක් හරි සුදුසුකම් තියෙන සෞඛ්‍ය වෘත්තිකයෙක් හරි මුණ ගැහෙන එක
ඔවුන් ,
📎ඔයාගෙ රෝග ලක්ෂණ
📎රෝග ඉතිහාසය
📎පරීක්ෂණ වල ප්‍රතිඵල
බලල ඔයාට නිර්දේශ කරනවා
❗ඔයා ගර්භණී නම්,කිරි දෙන මවක් නම්,දියවැඩියාව,වකුගඩු රෝග,හදවත් රෝග වගේ chronic diseases තියෙන කෙනෙක් නම් අනිවාර්‍යයෙන් වයිද්‍යවරයෙක් ගෙ නිර්දේශය යටතේ මේවා ගන්න.
⭕බොන්න දවසේ හොඳම වෙලාව?
ඔයාගෙ වැඩ ඔක්කොම කරන ගමන් මතක් වෙච්ච වෙලාවක මල්ටි විටමින් පෙත්ත බොන කෙනෙක් වෙන්න එපා හොඳද🙃
❗ඔය පෙත්ත ඇතුලෙ ජලද්‍රාවී විටමින් වගේම මේද ද්‍රාවී විටමිනුත් තියෙනවා
❗මේද ද්‍රාවී ටික අවශෝෂණය වෙන්න මේදයත් තියෙන්න එපැයි
❗ඒ නිසා බත් කෑවට පස්සෙ වතුර වීදුරුවක් එක්ක බොන්න
🤔උදේටද?රෑටද?
විටමින් එකක් ගත්තම ඒකෙන් ඇඟට energy එකක් එනවා
ඔයා රෑට කාලා ඕක බිව්වොත් ඒ නිසා ඔයාගෙ නින්දට බාදා වෙන්න පුලුවන්
🔰🔰🔰ඒ නිසා හොඳම වෙලාව තමයි
උදේ,කෑමෙන් පස්සෙ බොන එක
🔰🔰🔰ඊළඟ දේ තමයි මල්ටි විටමින් එකක් බොනව කියල ඒකෙන් විටමින් ටික ලැබෙනවා කියල නොකා ඉන්න බැහැ
🔰🔰🔰ඔයාට හිතෙන හිතෙන විදියට වර්ග කීපයක් එකට බොන්න එහෙම එපා
Overdose📛
🔰🔰🔰ගොඩක් බිව්වාම ගොඩක් හොඳයි කියල එකකුත් නෑ
🔰🔰🔰ඒ වගේම හොඳට වතුර බොන්න
අදට එච්චරයි,පහලින් ඔයාගෙ අදහසත් type කරන් යන්න💬💗
Post එකට like එකක් දාලා comment එකක් දාලා share කරලා අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න🌸🙃
ආදරෙයි💗
20/03/2026
📛ඇයි මේ කසාද බැන්දට පස්සෙ ෆෝලික් ඇසිඩ් බොන්න කියන්නෙ?
📛බබෙක් හදන්න කලින් බිව්වම ඇතිනෙ?
📛නැත්නම් ප්‍රෙග්නන්ට් උනාට පස්සෙ බිව්වම ඇතිනෙ?
ඔයාටත් මෙහෙම හිතිල තියෙනවද🤔?
⭕බබා හැදෙන හැටි
බබෙක් හැදෙන්නෙ කෝමද?,රෝස කැලෙන්ද බබා අපි ළඟට එන්නෙ🫢
⚜️ඩිම්බයකුයි ශුක්‍රාණුවකුයි එකට එකතු උනාම තමයි යුක්තාණුවක් හැදිලා,ඒක තව සයිල වලට බෙදි බෙදී කලලයක් වෙලා ඊට පස්සෙ චූටි බබෙක් වෙලා එන්නෙ
⚜️බබා හැදෙනකොට මුල්ම කාලෙ හැදෙන්නෙ එයාගෙ neural tube එක කියන කොටස
⚜️මේ කොටස තමයි පසු කාලීනව මොළය සහ සුෂුම්නාව බවට පත් වෙන්නෙ
⚜️මේ කොටස මුලින්ම ෆ්ලැට් ලේයර් එකක් වගේ හැදිලා පස්සෙ වැහිලා ටියුබ් එකක් වගේ හැදෙනවා
⭕මේ ක්‍රියාවලිය හරියට වෙන්න ප්‍රමානවත් ෆෝලික් ඇසිඩ් අවශ්‍යයි❗❗
⚜️මේ වැඩ ටික සසේචනය වෙලා සති තුනක් හතරක් ඇතුලත වෙලා ඉවර වෙනවා
⚜️දැන් අම්මා කෙනෙක් එයා ගර්භණී බාවයට පත් වෙලා කියල දැන ගන්නෙ කොයි කාලෙද?
⚜️සාමාන්‍යයෙන් මාසයක් විතර ගියාට පස්සෙනෙ
⚜️එතකොට ඉතින් බබාගෙ neural tube එක හැදිල වැහිලත් ඉවරයි,
⭕අපි දැන ගන්නකොට ඒක වෙලා ඉවරයි,ආයිත් rivers කරන්න බෑ
🔰ඒක නිසා තමයි ප්‍රෙග්නන්ට් වෙන්න මාස තුනකට කලින් ඉඳන්වත් ෆෝලික් ඇසිඩ් බොන්න කියන්නෙ🙃
🔰මැරි කරාට පස්සෙ සමහර වෙලාවට ඔයා බලාපොරොත්තු නොවෙන අවස්ථාවක උණත් ඔයා ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන්
🔰බබෙක් හදන්න ප්ලෑන් නොකරපු expect නොකරපු වෙලාවක එහෙම දෙයක් උනත් බබාට හානියක් නොවෙන්න තමයි මැරි කරාට පස්සෙ බබෙක් හදන්න බලාපොරොත්තුවක් නැති උනත් ෆෝලික් ඇසිඩ් ගන්න කියල කියන්නෙ
💌මොකද්ද තියෙන අවදානම
සයිල බෙදීමේ ක්‍රියාවලියට,DNA හැදෙන්න ෆෝලික් ඇසිඩ් හරි වැදගත්
⚜️අර කියපු ක්‍රියාවලිය හරියට නොවුණොත් බබාගෙ මොළය සුෂුම්නාව සහ ස්නායු පද්දතිය ආශ්‍රිතව සංකූලතා ඇති වෙනවා
මේවට කියනවා neural tube defects කියලා
Spina bifida,
anencephaly(මොළය සහ හිස්කබල හරියට වර්දනය නොවීම) වගේ තත්ව
සාමාන්‍යයෙන් දවසකට ෆෝලික් ඇසිඩ් මයික්‍රොග්‍රෑම් 400ක් ශරීරයට ඕනි
සායන වලින් 1mg පෙත්තක් තමයි දෙන්නෙ,ඒක ගන්න පුලුවන්
💗මේ වගේ ගැටලු තියෙන බබෙක් කලින් බිහිකරපු අම්මලා,දියවැඩියාව,තැලසීමියාව,වලිප්පුව වගේ තත්ව තියෙන ඒවට බේත් ගන්න අම්මලාගෙ ෆෝලික් ඇසිඩ් මාත්‍රාව මීට වඩා වැඩියි,
💗වයිද්‍යවරයෙක් හම්බෙලා තමන්ට අදාල මාත්‍රාව ගන්න
❗ෆෝලික් ඇසිඩ් කියන්නෙ විටමින් B9
❗මේක ජලද්‍රාවී විටමින් එකක්
❗කොළ පාට එළවලු ,ගොටුකොල,නිවිති,
පලා වර්ග වල ස්වභාවිකව අන්තර්ගත වෙනවා හොඳේ
ඔයා එහෙම කලින් ෆෝලික් ඇසිඩ් ගන්නෙ නැතුව දැන් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නව නම් මේක කියවලා stress වෙන්න එපා,හැම බබෙක්ටම එහෙම වෙනවා කියල එකක් නෑ,අවදානමක් තියෙනව කියලයි කිව්වෙ
ඔයාගෙ ආහාර වේලෙන් ඒ කාලෙ ප්‍රමාණවත් විටමින් ප්‍රමාණයක් ලැබෙන්න ඇති,දැන් ඉඳන් සායන වලින් දෙන විටමින් ටික හරියට ගන්න🌸💌
මේ කතාව ගැන ගොඩාක් දෙනෙක් දැනුවත්
නොදන්න අයට දැනුවත් වෙන්න දැම්මෙ
එකතු වෙලා ඉන්න අපිත් එක්ක
ආදරෙයි🌸💗💌
14/03/2026
පුංචි මතක් කිරීමක්💬⛔
දන්නවනේ මේ දවස් වල තියෙන රස්නේ❗☀️
අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිව්වෙ මේ තත්වය මැයි 25 වගේ වෙනකම් අපේක්ෂා කරනවා කියලා😑
මේ දවස් වල උතුරු,බස්නාහිර,දකුණු,වයඹ,පළාත් වලත් මොනරාගල මන්නාරම් දිස්ත්‍රික්ක වලත් උෂ්ණත්වය තියෙන්නෙ "සැලකිය යුතු " මට්ටමේ⛔❗
☀️ඔයා ගෙදර ඉන්න කෙනෙක්නම් උදේ 10-දවල්3 අතර කාලයේ වැඩිය එලියට බහින්න එපා❗
එදා දවසෙ ගාන හොයා ගන්න දරුවන්ට කන්න දෙන්න සල්ලි හොයන්න මහන්සි වෙන අම්මලා තාත්තලාට ගිනි ගන්න අව්ව පෑව්වත් මුහුදු හතට වැස්සත් එලියට බහින්න වෙන බව දන්නවා,
පාරෙ වැඩ කරන අය,තේ දලු කඩන අය
☀️අව්වෙ එක දිගට වැඩ කරන්නෙපා
☀️හොඳට වතුර බොන්න,තැඹිලි වගේ පාන වර්ග
☀️ඇඟ ටිකක් තෙමා ගන්න
🌸ඒ වගේම කටින් වතුර ටිකක් ඉල්ලන්න බැරි අහිංසක සත්තුන්ටත් වතුර ටිකක් තියන්න අමතක කරන්න එපා🙃💗
14/03/2026
Comment එකක් දාගෙන යන්න💬💗🤔
💗🌸
12/03/2026
කෝ බලන්න එක එකපාරක් හරි ඉස්පිරිතාලෙක නැවතිලා ඉඳල තියෙන කට්ටිය🤔🤧
ඉතින් මං අද කියන්න යන්නේ එහෙම ඉස්පිරිතාලෙක නැවතිච්ච කෙනෙක් නං ඔයාට බොහෝ දුරට මුහුණ දෙන්න සිද්දවෙච්ච අත්දැකීමක් ගැන
ඒක මතක් කරන්න තරම් සුන්දර දෙයක් නෙවෙයි කියලා මම දන්නවා🫂😶🌫️
සාමාන්‍යයෙන් කෙනෙක් රෝහලක නැවතුනහම ඒ රෝහලේ ඒ කෙනාට අත්විඳින්න ලැබෙන හරිම සුලබ ප්‍රොසීඩියර් එකක් තමයි මේක
තේරෙන භාෂාවෙන් කියනවනම්
🌸 අතට කටුවක් දාන එක 🌸නැත්නම් කැනියුලා එකක් දාන එක
🌸එහෙමත් නැත්නම් කැණියුලේශන් කියන ප්‍රොසීඩියර් එක
🤔මොකටද මෙහෙම කැනියුලා එකක් දාන්නෙ ඇත්තටම?
දෙන බෙහෙතක් කටින් බොන්න දෙන්නෙ නැතුව ඇයි මේ කටු දාලා ඒකෙන් බෙහෙත් දාන්නෙ?
ඇයි මේ කටු දාන්නේ?
😕සමහර විට ඔයාල අඬන්න ඇති මේවා දාන්න එපා,මට ඇති,මට මුකුත් එපා කියලා
😕සැරින් සැරේ අලුත් ඒවා දානකොට ඔයාලට කේන්ති යනවා ඇති නර්ස්ලා එක්ක
📎සේලයින් දෙන්න
📎එහෙම නැත්නම් බෙහෙත් දෙන්න
😇 ඔය දෙක ඕගොල්ලෝ දන්නවා
සාමාන්‍යයෙන් අපි වතුරත් එක්ක කටින් බෙහෙත් එකක් බිව්වහම
❗ඒ බෙහෙත කටෙන් බඩට යනවා
❗ඊට පස්සේ බඩෙන් බඩේ බිත්තිවල තියෙන රුධිර නාල වලට යනවා.
❗මේ රුධිර නාල වලින් මේ බෙහෙත්වල තියෙන සංයෝග ටික අරගෙන යනවා අක්මාවට
❗අක්මාවෙන් තමයි ඇඟ පුරා මේ බෙහෙත් බෙදාා හරින්නෙ
❗ටිකක් දුර ගමනක්නේ.
❗ඉතින් වෙලා යනවා
❗ එතකොට ගමන අතරමඟදී බඩේ තියෙන ඇසිඩ් වලින් බෙහෙත් ටිකක් විනාශ වෙනවා
❗ඒ වගේම අක්මාවේ වැඩ වලින් බෙහෙත් තව ටිකක් විනාශ වෙනවා
❗සමහර බෙහෙත් වර්ග තියෙනව ඒව සම්පූර්ණයෙන්ම බඩේ තියෙන ඇසිඩ් සහ අක්මාවේ තියෙන ක්‍රියාවලින් නිසා විනාශ වෙලා යනවා (එහෙම බෙහෙත් නං කොහොමත් කටින් බොන්න දෙන්නෙ නෑ)
🌸ලොකු ප්‍රශ්නයක් නැති හදිසි ප්‍රතිකාර අවශ්‍ය නැති ලෙඩවලට නම් මේ විදිහට බෙහෙත් දෙන්න පුළුවන්
මේ විදියට බෙහෙත ඇඟට ගිහිල්ලා රුදිරයට අවශෝෂණය වෙලා ඒක අපේ ඇඟ ඇතුලේ ක්‍රියා කරලා අපිට අවශ්‍ය ප්‍රතිඵලය දෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා
🚫හදිසි අවශ්‍යතාවයකදී අපිට එහෙම කරන්න බෑනේ
📎 සාමාන්‍යයෙන් කෙනෙක් ඉස්පිරිතාලෙක නතර කරගන්නේ එයාට ගෙදර තියාගෙන හිමින් හෙමින් ඔය වැඩේ කරන්න බැරි නිසා
📎 එතකොට ඒ වගේ වෙලාවක සහ හිතන්නකෝ අපේ හදවත දැන් ඇති මට හති කියල නැවතිච්ච වෙලාවක වගේ ඒක ආපහු පන ගන්න ගන්න දෙන බෙහෙත් දෙන අවස්ථාවක් කියලා
📎එහෙම වෙලාවක අපිට ඒ බෙහෙත් හතර වටේ පරංගියා කෝට්ටෙ ගියා වගේ යව යව වැඩේ පරක්කු කරන්න බෑ.
📎ඒ වගේ වෙලාවට අපි කෙලින්ම හදාගන්නවා රුධිර සංසරණ පද්ධතියට එළියෙන් ඇක්සස් එකක්
📎📛ඒකට තමයි අපි කැනියුලා එක කියලා කියන්නේ
🙃අර කලින් කරපු වැඩේ හරියට කෙලින් ඉස්සරහින් අත දාලා අල්ලන්න තියෙන නහය අපි ඔලුව වටෙන් අත දාලා අල්ලනවා වගේ වැඩක්.
🙃හැබැයි මේකෙදි අපිට කෙලින්ම අපිට අදාල බෙහෙත් රුධිර සංසරණ පද්ධතියටම ඇතුළු කරන්න පුළුවන් බොහොම ඉක්මනට
🌸එතකොට එයාලට පුලුවන් ඉක්මනින් එයාලගේ වැඩේ පටන් ගන්න
🌸එතකොට කැණියුලා එකක් දාන එකේ එක අරමුණක් තමයි අපි දෙන බෙහෙත් ගොඩක් ඉක්මනට ක්‍රියාකාරී මට්ටමකට අරන් එන එක
🌸දෙවෙනි එක තමයි අර වගේ අපේ බඩේදි සහ අක්මාවෙදි සම්පූර්ණයෙන් විනාශ වෙලා යන බෙහෙත් දෙන්නත් මේ කැනියුලා එක පාවිච්චි කරන්න පුළුවන්
🌸 ඊට පස්සේ අපේ ඇඟේ ද්‍රව පරිමාව අඩු වෙලා තියෙන වෙලාවල් වලට
🌸සේලයින් හරි තව විශේෂ ද්‍රව වර්ග දීලා, ඒක ආපහු යථා තත්ත්වයට ගේන්නත් අපි කැනියුලා එක පාවිච්චි කරනවා
🌸ඊට පස්සේ ඉමර්ජන්සි අවස්ථාවල් වලදි හදිසි අවස්ථාවන් වලදී බොහොම ඉක්මනට ක්‍රියා කරවිය යුතු බෙහෙත් ලබාදෙන්නත් කැනියුලා එක පාවිච්චි කරනවා
🌸ඊට පස්සේ රුධිර පාරවිලයනය කරනකොට එහෙම නැත්නම් ලේ දෙනකොට ලේ දෙන්නෙත් කැනියුලා එකක් හරහා
🌸මෙහෙම කැනියුලා එකක් දාගත්තහම සැරින් සැරේ කටු වලින් ඇන ඇන බෙහෙත් හෝ fluids ඇඟ ඇතුලට ඇතුළු කරන්න අවශ්‍ය නෑ
🌸 අවශ්‍ය වේගයකින් නොනවත්වා ක්‍රමානුකූලව රෝගියාගේ ශරීරයට ලබාදෙන්න පුළුවන්
🌸 ඒක රෝගියාටත් පහසුයි.
📛කොහෙටද මේ කැනියුලා දාන්නේ
හුඟක් වෙලාවට ඔයාල මතක් කරලා බලන්න ඔයාලගේ නම් අතට වෙන්නැති දාන්න ඇත්තේ
නමුත් අතේ vein සරලව කියනව නම් නහර හොයාගන්න අමාරු වෙලාවට කකුල් වලට චූටි බබාලාගේ නම් ඔලුවට නළලේ අයිනට පවා මේ කැනියුලා දානවා
📛පාට පාට කැනියුලා
එක එක පාටින් තියෙන්නේ එක එක size වල කැනියුලා
සාමාන්‍යයෙන් නර්ස් කෙනෙක් ඔයාගේ පැත්තට කොළ පාට වගේ එකක් අරන් එනවා නම් ඔන්න ඔයාට රිදෙන්න නියමිතයි🤧🙃
ඊට අමතරව රෝස පාට ලා නිල් පාට චුටි බබාලට නම් කහ පාට ඔය විදිහට එක එක සයිස් එකට අදාල එක එක පාට වලින් මේවා තියෙනවා
📛මොනවද මේ කැනියුලා එකේ තියෙන කොටස්
ඇත්තටම මේක හරිම චූටි ප්ලාස්ටික් අයිටම් එකක් එකක්.
ඕකෙ තියෙන්නේ හීනි ප්ලාස්ටික් බටයක්
ඒ බටේ ඇතුලෙන් යවලා තියෙනවා කටුවක් නැත්නම් නීඩ්ල් එකක්.
❗මෙන්න මේ කටුවෙන් තමයි රෝගියාගේ vein එක ශිරාව එහෙම නැත්නම් සරල භාෂාවෙන් කියනවා නම් නහරේ පන්ච් කරන්නේ සිදුරු කරන්නේ
❗කටුවෙන් සිදුරු කරලා කටුවත් එක්ක අර ප්ලාස්ටික් බටේ ඇතුළු කරනවා නහරය ඇතුලට
❗ඊට පස්සේ කටුව එළියට ගන්නවා
❗ඒක නිකං හරියට අපි කලිසමක ඉණ ඇතුළට ඉලාස්ටික් පටියක් දාන්නේ
හැට්ට කටුවක පටලවලා
❗ ඊට පස්සේ අපි හැට්ට කටුව අන්තිමට එලියට ගන්නවනේ ඉලාස්ටික් එක ඇතුලේ ඉතුරු වෙනවා.
❗ඒ වගේ වැඩක් තමයි මෙතනදි කරන්නෙත්
❗ඊට අමතරව මේකේ තියෙනවා
❗connection point එකක්
ඊට පස්සේ චුටි පියාපත් දෙකක් නැත්නම් wings දෙකක් තියෙනවා මේක හමට තියලා ප්ලේස් කරලා ප්ලාස්ටර් අලවන්න
❗දැම්මට පස්සේ ඔයාගේ නහරේ ඇතුලේ කටුවක් නැහැ
❗ තියෙන්නෙ පොඩි ප්ලාස්ටික් හීනි බට කෑල්ලක් විතරයි ඒක හරිම සොෆ්ට් එකක්,
❗ඇනෙන්නේ නැහැ හැබැයි දාන වෙලාවට කටුවකින් අනිනවා
📛මොනවද මේකෙන් වෙන්න පුළුවන් ප්‍රශ්න
මෙතනදි අපේ රුධිර සංසරණ පද්ධතිය කැනියුලා එක හරහා එළියට විවෘත වෙනවනේ.
එතකොට ඉතින් මේක හරහා අපේ ඇඟ ඇතුළට බැක්ටීරියා ගිහිල්ලා මෙතන ආසාදනය වෙන්න පුළුවන්.
එහෙම වෙලා අත රතු වෙලා රත් වෙලා ඉදිමිලා වේදනාව දැනෙන්න පුළුවන්
සාමාන්‍යයෙන් කැනියුලා එකක් දාලා දවස් දෙකක් තුනක් ඇතුලත මාරු කරනවා රිදෙනවා නම්
බෙහෙත් යනකොට අතරිදෙනව නං එතකොට කැනියුලා එක ගාවින් බෙහෙත් එළියට ලීක් වෙනවා නම්
ඔයාට ලොකු වේදනාවක් දැනෙනවා නම්
ඔයාගේ අත ඉදිමිලා නං ඔයාගේ කටුව මාරු කරනවා. අත රිදෙනවනම් ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕන
මේවා මාරු කරලා අලුත් ඒවා දාන්නෙ අපේම හොඳට,ඒ නිසා ඒ වෙලාවට තරහ ගන්නෙපා😇
ඊළඟට තමයි ගොඩාක් මහත කට්ටියගේ
අපේ ඇඟේ තෙල් තට්ටුව වැඩියෙන් තියෙන අයගේ ගොඩක් වෙලාවට ගෑනු අයගෙ එහෙම නහර හොයාගන්න ටිකක් අමාරුයි
පිටරටවල් වල නම් ඒවට වෙනම ක්‍රම පාවිච්චි කරනවා
රෝහලක තියෙන ලොකු ලොකු මැෂින් එක්ක බලනකොට මේක හරිම පුංචි අයිටම් එකක් ,ඒ උනාට උනාට අපේ ලෙඩ හොඳ කර ගන්න මේ චූටි ප්ලාස්ටික ගැජට් එක කොච්චර උදව්වක් වෙනවද? හදිසි අවස්ථාවකදී අපේ ජීවිත බේරගන්න අපේ ලෙඩ හොඳ කරන්න ගොඩාක් වටින හරිම චූටි ඒ උනාට හරිම වැදගත් දෙයක් තමයි මේ කැනියුලා එක😇🌸🫣
අදට ඔච්චරයි💌😇
ගිහින් එන්නම් අපිව follow කරල තියා ගන්න
10/03/2026
සර්ප විෂ ගත්තම අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුලුවන්,
1.Hemotoxic Venom(blood affecting)
අපේ රුදිර සංසරණ පද්දතියට,නැත්නම් ලේ වලට බලපාන විෂ අපේ ඇඟ ඇතුලට දාන කට්ටිය
පොලඟා අයියලා තමයි මේ ගොඩට වැටෙන්නෙ
තිත් පොලඟා
වැලි පොලඟා
සහ පොලොං තෙලිස්සා
මෙයාලාගෙ විෂ නිසා,
🐍දෂ්ට කරපු ස්ථානයේ තද වේදනාව සහ ඉදිමුම
🐍තුවාලයෙන් නොනවත්වා ලේ ගැලීම
🐍පහු වෙනකොට විදුරුමස් වලින්,මුත්‍රාත් එක්කත් ලේ යන්න පුලුවන්
🐍හමේ රතු පාට පැල්ලම්
🐍තද රතු පාට මුත්‍රා
🐍ටිකෙන් ටික මුත්‍රා ප්‍රමාණය අඩු වීම
🐍මොකද මේ විෂ වකුගඩු වලට හානි කරනවා
🐍රුදිර කැටි ගැසීමේ ක්‍රියාවලිය වෙනස් කරලා අපේ ලේ අරන් යන බට සෙට් එකේ බිත්ති වලට හානි කරලා ලේ ඒවායින් සයිල අතර හිඩැස් වලට ලීක් කරලා ලේ ප්‍රමාණය අඩුකරනවා
🐍ඊටපස්සෙ රුදිර පීඩනය අඩු වෙනවා😕
2.neurotoxic venom
මේ කට්ටිය කරන්නෙ අපේ ස්නායු පද්දතියට පහර දෙන එක.
🌸අපේ ස්නායු වලින් තමයි ඇඟ පුරාම පණිවිඩ අරන් යන එක කරන්නෙ,මොලෙන් අපේ අත පය වලට එක එක අවයව වලට දෙන විදාන අර ගෙන යන්නෙ
🌸තව පොඩ්ඩක් පැහැදිලි කරොත් ඔන්න හිතන්නකො
📎ඔයා ලිප ලඟ ඉන්නකොට ඔයාගෙ අත ගිනි අඟුරක ගෑවෙනවා
📎ඔයාගෙ අත පිච්චෙනවා
📎ඔයාගෙ අතේ තියෙන වේදනාවට සංවේදී සෙන්සර් එකකින් අඳුර ගන්නවා ඔයාව පිච්චෙනවා කියලා
📎එයාගෙන් ඒ පණිවිඩය අර ගන්නවා ස්නායුවක් ඊටපස්සෙ ඕක අරන් යනවා මොලේට
📎මොළ ගෙඩිය තීරණය කරනවා කරන්න ඕනි දේ
📎අත ගන්න ඕනි ඉක්මනට
📎එහෙනම් අතේ තියෙන මාංශ පේශිය සංකෝචනය කරන්න ඕනි,
📎ඒක කරන්න ඕනි විදානය අරන් යනවා තව ස්නායුවක්
📎අතේ පේශිය ගාවට
📎ඊට පස්සෙ ටක් ගාලා අත අයින් කර ගන්නවා
මේ අයියලගෙ විෂ ඇඟ ඇතුලට ගියාම කරන්නෙ ඔන්න ඔයා ස්නායු සහ මාංශ පේශි අතර තියෙන සම්බන්දෙ කඩල දාන එක
මේ කට්ටිය තමයි
නයා
කරවලා
මෙයාල කෑවම,
🐍ඇස් පිය නිකංම වැටෙනවා
🐍රෝගියා හරිම නිදිබර ගතියක් පෙන්නන්නෙ,මුහුනෙ හැඟීම් ප්‍රකාශ වෙනවා අඩුයි
🐍පෙනීම බොඳ වෙනවා
🐍ඩබල් වෙලා පේනවා
🐍ගිලින්න අමාරුයි
🐍කතා බහ වෙනස් වෙනවා
🐍දුර්වල වෙනවා
🐍හුස්ම ගැනීමේ ක්‍රියාවලිය අඩපණ වෙනවා,පැරලයිස් වෙනවා
රෝහලකට ගියාම මේකෙ දරුණුකම ඇඳුර ගන්න පරීක්ෂණ කරනවා
💌 ගිය ගමන්ම ඔයාගෙ රුදිර සාම්පලයක් අරන් චූටි වීදුරු බෝතලේකට දාලා ඒක හෙලවෙන්නෙ නැති වෙන්න විනාඩි 20ක් තියනවා
මේකට කියනවා 20minute whole blood clotting test කියලා
සාමාන්‍යයෙන් අපේ ලේ එලියෙ තියෙන කොට ඒවයේ තියෙන කැටිකාරක සාදක නිසා ඒවා කැටි ගැහෙනවා.
හැබැයි අර හීමොටොක්සික් වර්ගෙ සතෙක් නම් කෑවේ එයාලගෙ ලේ විනාඩි 20කට පස්සෙත් කැටි ගැහෙන්නෙ නෑ
ඊට අමතරව තව රුදිර පරීක්ෂණ ,වකුගඩු පරීක්ෂණ,ECG,ABG,සහ අපිව closely monitor කරනවා
ප්‍රතිවිෂ කියන්නෙ මොනවද🤔💬
මේ සර්පයන්ගෙ විෂ උදාසීන කරන්න නැත්නම් නියුට්‍රලයිස් කරන්න දෙන ප්‍රතිදේහ
මේවා ගිහින් අර විෂ එක්ක බැඳෙනවා
මේවා හදන්නෙ
අර වගේ සර්පයන්ගෙ විෂ සුලු ප්‍රමාණ වලින් සත්තුන්ට(අශ්වයන්ට සුලබව)එන්නත් කරලා
ඒ විෂට විරුද්දව ඒ සත්තුන්ගෙ ඇඟේ ප්‍රතිදේහ හැදෙනවනෙ,ඒවා අර ගන්නවා
🙃
මේවයි තියෙන ගැටලුව තමයි මේවා සත්තුන්ගෙ ඇඟේ හැදෙන ප්‍රෝටීන නිසා ඇලර්ජි වෙන්න පුලුවන්
දැනටම වෙලා තියෙන පටක හානියක් රිවර්ස් කරන්න මේවට බෑ
මේව ගණන්
මීට අමතරව මේ වගේ වෙලාවට අපේ ජීවිත බේර ගන්න රෝහලකින් තව ගොඩාක් දේවල් කරනවා
📎අපිව monitor කරනවා
📎අපිට හුස්ම ගන්න ක්‍රියාවලිය කර ගන්න respiratory support එක
📎ඕන උනොත් වෙන්ටිලේෂන්
📎වකුගඩු වලට ප්‍රශ්න උනොත් ඩයලයිසිස්
📎ප්‍රතිවිෂ
එහෙනම් මෙච්චරයි
තව දැන ගන්න දේවල් තියෙනවනම්,ඔයාලගෙ අත්දැකීම් තියෙනවා නම් පහළින් comment එකක් දාන්න🙃💌🌸
ඔයාලගෙ අදහස් මට ගොඩාක් වටිනවා🥺🤍
අලුත් post එකකින් හම්බෙමු😇🌸
අපිව follow කරලා තියා ගන්න
මරණයේ වේදනාව මිය යන්නාට නොව ජීවත් වන්නන්ටය🥺💔
08/03/2026
හිතන්නකො ඔන්න ඔයා රෑ පන්සල් ගිහින් එනවා,පාරෙ අයිනෙ ටිකක් කැලේ වගේ තියෙනවා,ඔයාට දැනෙනවා රබර් වගේ දෙයක් පෑගුන බව,සහ වලලුකර මොකෙක් හරි කෑවා වගේ,ඒත් එක්කම පාරෙ ලයිට් කනුවෙ තියෙන ලයිට් එකේ එලියෙන් ඔයාට පේනවා මොකෙක් හරි සර්පයෙක් සර සර ගාලා ඇදිලා යනවා,ඔයා මොකද්ද කරන්නෙ දැන්,
😕පෝන් එකෙ ටෝච් එක දාගෙන එහෙට මෙහෙට පැන පැන සතා මොකාද කියලා හොයනවද?
😕දැන් ඔයා චුට්ටක් බය වෙලානෙ ඉන්නෙ කොහොමත්,පුලුවන් තරම් හයියෙන් ගෙදරට යනවද? නැත්නම් ගෙදරට දුවනවද?
😕කකුලෙන් උඩට ලේ ටික ගියොත්නෙ විසක් තිබ්බොත් ඇඟ පුරා යන්නෙ,ඒ නිසා සරමෙන් රෙදි පටියක් ඉරලා පුලුවන් තරම් තදට තිරිංගයක් දානවද වලලුකරට උඩින්?
😕නැත්නම් ගෙදරට ගිහින් මොනා හරි කොල බෙහෙත් ටිකක් කොටලා තුවාලෙට තියලා පැන්ඩෝල් දෙකකුත් බීලා උදේ වෙනකම් ඉන්නවද ඉස්පිරිතාලෙට යන්න.
අද සමාජේ ගොඩාක් දියුණුයි,මිනිස්සු ගොඩාක් updated
එහෙම උනත් ඔය වගේ වෙලාවට මේ වගේ වැරදි තාමත් කරනවා🛟🛟🛟
උඩ කියපු වගේ දේවල් කරන්නෙපා හොඳද🫣
මොනවද එහෙනම් කරන්න ඕනි🤔
ලංකාවෙ ඉන්නවා සර්ප විශේෂ ගොඩාරියක්,ඒ ගොල්ලන්ව උග්‍ර විෂ,මඳ විෂ,නිර්විෂ කිය කිය වර්ග කරනවා
ඔතනින්
📎තෙල් කරවලා
📎මුදු කරවලා(මේ දෙන්නට නම් මග මරුවා කියලත් කියනවා නේද)
📎නාගයා
📎තිත් පොලඟා
📎වැලි පොලඟා
📎පොලොං තෙලිස්සා
කියන කට්ටිය තමයි උග්‍ර විෂ කොටසට වැටෙන්නෙ
අනිත් කට්ටිය මඳ විෂ,සුලු විෂ,නිර්විෂ කියන ගොඩට වැටෙන්නෙ
සර්පයෙක් කෑවොත් මුලින්ම කරන්න ඕනි දේ තමයි ඇත්තටම කරන්න අමාරුම දේ
📌📌ඒ තමයි බය නොවී ඉන්න එක ඒ වගේම ළඟ ඉන්න අය දැන ගන්න ඕනි බය නොකර ඉන්න
🌸හැම සතෙක්ම විෂ නෑ
🌸පුලුවන් තරම් සන්සුන් වෙන්න
🌸මං මැරෙයිද කියල හිතෙනවනෙ කට්ටිය කසු කුසු ගානකොට නයා තමයි පොලඟා තමයි කියලා
🌸පපුව හයියෙන් ගැහෙනව නම් ගැඹුරු හුස්ම ගන්න
🌸 දිග ගැඹුරු හුස්ම
📌📌අර වගේ වෙලාවට නම් වේගෙන් ඇවිදින්න ,දුවන්න යන්නෙපා
ලඟ කොහෙහරි ආරක්ශිත තැනකින් වාඩි වෙන්න,call එකක් දීලා කාව හරි ගෙන්න ගන්න
ඔයා බය උනොත් කලබල උනොත් දිව්වොත් මොකද වෙන්නෙ
📍හදවත ගැහෙන වේගෙ වැඩි වෙනවා,හදවතෙන් රුදිරය පොම්ප කරන වේගෙ වැඩි වෙනවා,විෂ ඉතාම ඉක්මනට ශරීරය පුරාම යනවා
📌📌සර්පයා කාපු තැන ගලා යන ජලයෙන් හෝදන්න
සබන් පොඩ්ඩක් ගෑවට කමන්නෑ
හැබයි තදින් අතුල්ලන්න,සූරන්න එපා
📌📌අපි නොහිතන තරම් ඉක්මනට සර්ප දෂ්ටනය වෙච්ච ප්‍රදේශය ඉදිමෙන්න පුලුවන්,ඒ නිසා තද ඇඳුම්,මුදු,වලලු වගේ ආබරණ ගලවන්න
📌📌සතා දෂ්ට කරපු තැන හෙලවෙන්නෙ නැතුව තියා ගන්න,හරියට අපි අතක් කකුලක් කැඩුනාම කරන විදියට
හිතන්නකො අත කියලා ලී පතුරක් හරි ඝනකම කාඩ්බෝඩ් එකක් හරි තියලා රෙදි පටියකින් බඳින්න
ගොඩක් තදට නෙවෙයි ඒ බැඳපු එක ඇතුලෙන් ඇඟිල්ලක් දාන්න පුලුවන් තරමට බුරුලෙන්
මේකෙ අරමුණ තමයි මතුපිට තියෙන වසා නාල සහ රුදිර නාල වලට පොඩි ප්‍රෙෂර් එකක් දීලා විෂ ශරීරය පුරා යන එක මන්දගාමී කරන එක
📌📌සතා දෂ්ට කරපු වෙලාව ගැන මතක් තියා ගන්න දළ වශයෙන් හරි
📌📌 කන බොන ජාති
ඇල්කොහොල් මුකුත් ගන්න එපා
සමහර සර්ප විෂ ස්නායු පද්ධතියට බලපාලා අපේ මාංශපේශි දුර්වල කරනවා
ගිලීමේ හැකියාව නැති වෙන්න Aspirate වෙන්න පුලුවන් සහ emergency ET tube දාන්න අවශ්‍ය වෙන්න පුලුවන්
ඇල්කොහොල් එපා කියන්නෙ ඒ නිසා විෂ වේගෙන් සිරුර පුරා යනවා,රුදිර පීඩනය තව අඩු වෙනවා,තව ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා
📌📌සතාව හොය හොය ඉන්න මරන්න කාලෙ නාස්ති කරන්නෙපා,පුලුවන් නම් photo එකක් ගන්න
📍📍📍ඊළඟට මේ දේවල් කරන්නෙපා
😕📍තුවාලෙ කපන්න එපා,සමහරු බ්ලේඩ් තල වලින් සතා කාපු තැන කපනව
මොකද සමහරු හිතනවා කාපු තැන කැපුවොත් විෂ ටික එලියට අයින් වෙලා යනවා කියලා
එහෙම වෙන්නෙ නෑ සතා කෑවම විෂ පටකය තුලට තත්පර ගානකින් යනවා
සමහර සර්ප විෂ අපේ රුදිර කැටි ගැසීමේ ක්‍රියාවලිය අඩපණ කරනවා,අපි එතන කැපුවොත් දරුණු මට්ටමේ රුදිර වහනයක් වෙන්න පුලුවන්
😕📍කට තියලා විෂ උරන්න එපා
එහෙම කරා කියලා එලියට ගන්න පුලුවන් ඉතාම සුලු ප්‍රමාණයක් වෙන්න පුලුවන්,සමහර විට ඇත්තෙම නෑ
එහෙම කරන කෙනාට ලොකු හානියක් වෙන්න පුලුවන්
කටේ තියෙන විසබීජ තුවාලය තුලින් ශරීර ගත වෙන්න පුලුවන්
ඒ වගේම හරි වයිද්‍ය ප්‍රතිකාර ගන්න එක පරක්කු වෙනවා
😕📍අයිස් තියන්න එපා
සර්ප විෂෙන් අපේ පටක වලට හානි කරනවා,අයිස් තියාගෙන හිටියම රුදිර සැපයුම තවත් අඩු වෙලා පටකය මිය යන්න පුලුවන්
😕📍තදට රෙදි පටි,වයර් වලින් ගැට ගහලා තිරිංග දාන්න එපා
ඒක එක පාරට ගැලෙව්වම ලොකු විෂ ප්‍රමාණයක් එක පාරට ඇඟ ඇතුලට යනවා
රුදිර සැපයුම අඩාල වෙලා ස්නායු වලට හානි වෙලා
සම්පූර්ණයෙන්ම අත් කකුල් කපන්න වෙනවා😶
සන්සුන්ව අදාලා ප්‍රතමාදාර ටික කරන ගමන් හැකි ඉක්මනින් රෝහලකට යන්න😇💌💬
🌸මොන සර්ප විෂද අපේ ස්නායු පද්ධතියට බලපාන්නෙ
🌸මොන සර්ප විෂද අපේ රුදිර සංසරණ පද්ධතියට බලපාන්නෙ
🌸රෝගියා පෙන්වන රෝග ලක්ෂණ අනුව කාලා තියෙන්නෙ මොන සර්පයෙක්ද කියල හොයා ගන්න හැටි
🌸ප්‍රති විෂ
🌸රුදිර පරීක්ශන
ගැන ඊළඟ post එකෙන් කතා කරමු
මේක දිග වැඩි වෙන නිසා😇
ස්තූතියි
අලුත් දෙයක් දැන ගත්තා නම් යටින් comment එකක් දාන්න
ඔයාගෙ අත්දැකීමත් කියන් යන්න🌸😇
ආදරෙයි🤍
අපිව follow කරන්න🫂💌
https://www.facebook.com/share/14b93N8tGZk/
05/03/2026
🌸🤍💌
03/03/2026
ඊළඟ post එක සර්ප දෂ්ඨන ගැන🐍
ඔයාව හරි ඔයාගෙ සමීපතයෙක්ම හරි කවදහරි සර්පයෙක් කාලා තියෙනවද?
ඒ වගේ වෙලාවට කරන්න ඕනි මොකද්ද නැත්තෙ මොකද්ද කියලා හරියටම දන්නවද?
මොකද්ද මේ ප්‍රතිවිෂ දෙනවා කියන්නෙ?
අපි ඒ දේවල් ගැන කතා කරමු🙃
ඒ වගේම ඔයාලට තව දැන ගන්න ඕනි දේවල් තියෙනවා නම් පහලින් comment එකක් දාගෙන යන්න🤍
අලුත් දේවල් දැන ගන්න page එක follow කරල තියා ගන්න😇🤍
Click here to claim your Sponsored Listing.