kalpa Suwa

kalpa Suwa

Share

Sri Lankan curry powder 🌞🫔🌿

04/05/2026

🌞🌿පහසුකම් අතර නෙවෙයි. පීඩනයන් අතර තමයි විශිෂ්ඨ මිනිසුන් සහ විශිෂ්ඨතම නිර්මාන බිහි වුනේ.

💟✨ස්වාභාවිකවම දේ උනත් ඉතා පීඩා කාරී කාල පරිච්ඡේද තුලින් මතු වෙන්නේ මානව සම්පත් වෙනුවෙන් හැඩ ගැසුනු පලය.

🌿🙏මේ ලෝකයේ ස්වභාවධර්මයේ සෑම දෙයක්ම මට ඔබට අයිති සම්පතකි, එය අනාගතයට ආරාක්ෂා කරමින් සිහිනුවණින් පරිභෝජනය කිරීම අප සතු වගකීමකි.
🌞🌿✨

24/04/2026

✨ Enter the world of true flavor…

🌞🌿කල්ප සුව — not just a curry powder,
it’s a timeless Sri Lankan experience 🌿

Carefully crafted with nature’s finest spices,
each pinch brings a rich aroma, a deep tradition,
and a touch of divine energy to your kitchen.

🔥 Pure. Authentic. Elevated.

🌿 100% Natural
🌿 Signature blend of 25 spices
🌿 Crafted for those who choose quality over ordinary

💟Indulge in the luxury of true taste.

📩 Order now – limited fresh batches available

14/04/2026

තෙරුවන් සරණයි 💟🙏🌿

01/04/2026

🌞🌿🙏පිං බර බක් පුර පසළොස්වක පෝය දිනයක් වේවා ✨

18/03/2026

🔥 Real Sri Lankan Taste එක experience කරන්න ready ද? 🇱🇰

🌞🌿Introducing Kalpa Suwa Curry Powder 🍛🔥
ඔයාගේ kitchen එකට ගෙදර හදපු real flavor එකම ගෙන එන spice mix එකක්!

✔️ 100% Natural Ingredients 🌱
✔️ Rich Aroma + Authentic Taste 😍
✔️ Every curry එකක් next level එකට 🚀

17/02/2026

⚕️කල්පයක් සුවෙන් ඉන්න 💟🌿

⏳කාලය මහා අමුතු දෙයක්. අපට දැන් මේ මොහොතේ දැනෙන වෙලාව ලෝක සත්ත්වයාගෙන් සත්වයාට වෙනස් වෙන දෙයක්.

⌛කාලයත් සමගම කාලය ආයුකාලය වෙනස් වෙනවා. බුදුන් වැඩ සිටි කාලයේ පරම ආයුෂ අවුරුදු 120. මතු බුදුවන මෛත්‍රී බුදුන් ගේ කාලයේ පරම ආයුෂ අවුරුදු 80,000.

⏳කාල අතර ගමන් කිරීම අනාගත කාලය දැකීම ,කාලය නැවීම. අවුරුදු දහස් ගානකට කලින් තමන්ගේ නම,රැකියාව, හැකියාව,ලෙඩ දුක්,මව, පවුලේ අය කසාදය මේ වයසේදී නාඩි වාක්‍ය ඇසීම,මිය යෑම වැනි කරුණු පුස්කොළ පොත්වල සදහන් කිරීම. සිහින දැකීමෙන් අනාගත කාලය දැකීම වැනි කරුණු එක්කම ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයා ඔයාගේ ජීවිතේ ජීවත් වෙනවද. නැත්නම් දැනටමත් ජීවත් වෙච්ච ජීවිතයක් තප්පරෙන් තප්පරෙ මතක් කරගන්නවද. ⚕️✨

09/02/2026

✨ Where Tradition Meets Innovation ✨

🌿Proudly presenting Kalpa Suwa – Sri Lankan Curry Powder, crafted with passion, precision, and a deep respect for authentic Sri Lankan flavors 🇱🇰

💟From carefully selected spices to the perfect balance of aroma, color, and taste — Kalpa Suwa brings restaurant-quality curry into your home kitchen. Every spoon tells a story of heritage, quality, and love for real food ❤️

🌿🎁If you’re looking for a curry powder that truly elevates your dishes,
Kalpa Suwa is the taste you can trust.

🌶️ Rich aroma
🌿 Pure & authentic spices
👨‍🍳 Chef-crafted perfection
👉 Try it once. Feel the difference.
👉 Cook with confidence. Cook with Kalpa Suwa.

04/02/2026

🇱🇰 නිදහසේ රසය… පරම්පරාවේ විශ්වාසය 🇱🇰

🌞🌿Kalpa Suwa – Sri Lankan Curry Powder

✔ 100% Natural
✔ Handpicked traditional spices
✔ Authentic Sri Lankan taste you can trust

From our land… to your kitchen ❤️

නිදහස රසයෙන් සමරමු 🇱🇰

✨ Proudly Sri Lankan. Purely Traditional. ✨
🇱🇰 Happy Independence Day Sri Lanka! 🇱🇰
🔖


077 218 0801

01/02/2026

උතුම් නවම් පුන් පොහොය දිනයක් වේවා 🙏 🌞✨

💟නවම් පුන් පොහෝ දින ශාසනික වැදගත්කම

දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්බුද්ධ චරිතාපදානයේත්, සම්බුද්ධ ශාසනයේත් ශ්‍රේෂ්ඨතම සංසිද්ධීන් රැසක් සිදු වුණ සුපූජනීය දිනයක් ලෙස නවම් පුන් පොහෝ දින හැඳින්විය හැකි ය. සම්බුදු සසුන ශෝභාවත් කළ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත්, ධර්ම පුරෝහිත මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය. එමෙන් ම ගෞතම සසුනේ ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදු වූයේත්, තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේත් අද වන් නවම් පුන් පොහෝ දිනක දී ම ය. පන්සාලිස් වසක් පුරාවට සදහම් අමා වැස්සෙන් තුන්ලොව නිවා සනසාලූ භාග්‍යවතුන් වහන්සේ, බුදු කිස නිමවා පිරිනිවන් පෑම පිණිස ආයු සංස්කාරය හළ වදාළේත් මෙවන් පොහෝ දිනක දී ම ය. එනයින් බලන කල නවම් පුන් පොහෝ දිනය බොදුනුවන්ගේ සිත් සැදෑ බැතියෙන් කුළු ගන්වන වැදගත් ශාසනික දිනයකි.

ප්‍රථම මහා සංඝ සන්නිපාතය හා අගසව් තනතුරු පිරිනැමීම

උරුවෙල කාශ්‍යප – නදී කාශ්‍යප – ගයා කාශ්‍යප යන තුන් බෑ පුරාණ ජටිලයන් දහසක් පිරිවර සමඟින් ආදිත්තපරියාය සූත්‍රය අසා නිකෙලෙස් මහරහතන් වහන්සේලා බවට පත් වූ සේක.

සාරිපුත්ත – මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ දෙසිය පනහක් පිරිවර රහතුන් සමඟ එක්දහස් දෙසිය පනහක් මහරහතන් වහන්සේලාගෙන් වේළුවනය ඒකාලෝක විය. තරු පිරිවැරූ පුන්සඳ මඬලක් සේ එහි වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ, දම් සෙනෙවි සාරිපුත්තයන් වහන්සේත්, මහා ඉර්ධිලාභී මොග්ගල්ලානයන් වහන්සේත් සම්බුදු සසුනේ භද්‍ර වූ අග්‍ර ශ්‍රාවක යුගල බවට පත් කළ සේක. මින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ අබියස දී විවරණ සිරි ලබා පැතුම් පරිදි ශ්‍රාවක පාරමී ඤාණය සපුරා උන්වහන්සේලා අගසව් තනතුරු ලද බව බුදුරජාණන් වහන්සේ සඟ පිරිසට පහදා දුන් සේක.

සච්ච විභංග සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ අග්‍රශ්‍රාවකයින් වහන්සේලාගේ ගුණ කීර්තනය කොට වදාළේ මෙලෙසින් ය.

“පින්වත් මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලානයන් ගෞරවයෙන් ඇසුරු කරන්න. සේවනය කරන්න. ප්‍රඥාවන්ත වූ ඒ දෙනම සබ්‍රහ්මචාරීන් වහන්සේලාට නිවන් මගට අනුග්‍රහ කරන්නෝ ය. සාරිපුත්තයන් ශාසනික දරුවන් බිහි කරන මව වැනි ය. සෝතාපත්ති ඵලය පිණිස හික්මවයි. මොග්ගල්ලානයන් දරුවන් වඩන කිරි මව් වැනි ය. ඉහළ මාර්ග ඵලයන්හි හික්මවයි.”

(භජථ භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ, සේවේථ භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානෝ. පණ්ඩිතා භික්ඛූ, අනුග්ගාහකා සබ්‍රහ්මචාරිනං. සෙය්‍යථාපි ජනෙත්ති, යදිදං සාරිපුත්තෝ. සෝතාපත්ති ඵලේ විනේති. සෙය්‍යථාපි ජාතස්ස අපාදේතා, යදිදං මොග්ගල්ලානෝ. උත්තමත්ථේ.)

එමෙන් ම පැවිදි ශ්‍රාවකයින් වූ භික්ෂූන්ට ආදර්ශවත් චරිත දෙක ලෙස භාග්‍යවතුන් වහනසේ පෙන්වා වදාළේ ද අගසව්වන් වහනසේලා ම ය. සම්බුදු මුවින් අපමණ පැසසුම් ලද සාරිපුත්ත – මොග්ගල්ලාන මුනිවරයන් වහන්සේලා අග්‍රශ්‍රාවක බවට පත් වූයේ අද වන් නවම් පුන් පොහෝ දිනක දී ය.

ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම

නවම් පුන් පොහෝ දින අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානයෙන් පසු භාග්‍යවතුන් වහන්සේ රැස්ව සිටි සඟ පිරිසට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළ සේක. සම්බුද්ධත්වයෙන් පසු පළමු වසර විස්ස තුළ හෙවත් ප්‍රථම බෝධියෙහි ශාසනය පිරිසිදු ව නිකැළැල් ව අර්බුදවලින් තොර ව පැවතුණි. රහතන් වහන්සේලා සුලභ, විමුක්තිකාමී අල්පරජස්ක ශ්‍රාවකයින් වැඩ සිටි ඒ අවධියේ විනය ශික්ෂාපද පැනවීමට කරුණක් ඉදිරිපත් නො වී ය. භික්ෂූන්ගෙන් එබඳු වැරදි අඩුපාඩු සිදු නොවූ බැවිනි. එබැවින් මුල් අවුරුදු විස්ස තුළ ශ්‍රාවකයන්ගේ හික්මීම පිණිස වදාළේ ඕවාද ප්‍රාතිමෝක්ෂය යි. එනම් පහත ගාථා රත්නයන් ය.

1. ඛන්තී පරමං තපෝ තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතෝ පරූපඝාතී
සමණෝ හෝති පරං විහේඨයන්තෝ

“ඉවසීම තමයි පරම තපස කියා කියන්නේ. ඒ අමා මහ නිවන සියල්ලට ම වඩා උතුම් බව, බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා. අනුන් නසන කෙනා පැවිද්දෙක් වෙන්නේ නෑ. අනුන් ව වෙහෙසන කෙනාත් පැවිද්දෙක් වෙන්නේ නෑ!”

2. සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං

“සියලු පව් නොකිරීමත්, කුසල් දහම් උපදවා ගැනීමත්, තමන්ගේ සිත පිරිසිදු කිරීමත් යන මේවා බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය යි!”

3. අනූපවාදෝ අනුපඝාතෝ – පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤුතා ච භත්තස්මිං – පන්තං ච සයනාසනං
අධිචිත්තේ ච ආයා්ගෝ – ඒතං බුද්ධානසාසනං

“අන් අයට නින්දා අපහාස නොකිරීමත්, අනුන්ට පීඩා නොකිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතු වීමත්, භෝජනයේ පමණ දැනගෙන වැළඳීමත්, දුර ඈත සෙනසුන් සේවනය කිරීමත්, සමථ විදර්ශනා භාවනාවේ යෙදීමත් යන මේ කරුණු තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය වන්නේ!”

විපස්සී, සිඛී, වෙස්සභූ ආදී දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල දී මෙම අවවාද ප්‍රාතිමෝක්ෂය පිරිනිවන් පානා තුරු ම ඒ ශාස්තෘන් වහන්සේලා විසින් උදෙසන ලදී. එනමුත් කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිව්බුදුවරයන්ගේ ශාසනවල දී ඕවාද ප්‍රාතිමෝක්ෂය උදෙසන ලද්දේ සම්බුද්ධත්වයෙන් පසු මුල් අවධියේ දී පමණි. ප්‍රථම බෝධියෙහි පැවිදි ශ්‍රාවකයන්ගේ තිබූ නිර්මල, විමුක්තිකාමී, පාරිශුද්ධ ස්වභාවය ක්‍රමයෙන් දුර්වල වී දුර්වලතා ඉස්මතු විය. එවිට බුදුරජාණන් වහන්සේ ආනිසංශ දහයක් පිණිස විනය ශික්ෂා පද පනවා, අඩ මසකට වරක් ඒවා උදෙසමින් පොහොය කිරීමට අනුදැන වදාළහ. එය හඳුන්වන්නේ ආණා ප්‍රාතිමෝක්ෂය නමිනි.

භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම

පන්සාලිස් වසක් පුරා දිනකට පැය 2ක් පමණක් විවේක ගනිමින්, දෙව් – මිනිසුන්ට අපමණ සෙත සැලසූ භාග්‍යවතුන් වහන්සේ සිය අසූවෙනි වියෙහි දී චාපාල නම් චෛත්‍යය ස්ථානය වෙත වැඩම කොට අග්‍රඋපස්ථායක ආනන්ද හිමියන් අමතා මෙසේ වදාළ සේක.

“පින්වත් ආනන්දය, ඡන්ද, චිත්ත, විරිය, විමංසා යන සතර ඍද්ධිපාද වැඩූ කෙනෙකුට කැමති නම් ආයුකල්පයක් වුව ද (වසර 120ක් හෝ ඊට මඳක් වැඩියෙන්) ජීවත් විය හැකි ය.”

තෙවරක් ම මේ අදහස ප්‍රකාශ කළ මුත්, ආනන්ද හිමියන්ගේ සිත පාපී මාරයා විසින් ග්‍රහණය කරගෙන සිටි බැවින්, සිහි එළවාගත නොහැකිව “එසේ වැඩ සිටින්නැ”යි ආරාධනා කළ නොහැකි විය. ඉන් පසු ආනන්ද හිමියන් ඉවතට ගිය කල්හී, පාපී මාරයා පෙනී සිට බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පානා ලෙස ආරාධනා කළේ ය. මින් තුන් මසකට පසු පිරිනිවන් පානා බව වදාළ භාග්‍යවතුන් වහන්සේ ‘ඉදිරි තුන් මස පමණක් සමාපත්තියට සමවැද ඉන් පසු නොසමවදින්නෙමී.’ යි සිහි නුවණින් යුතුව ආයු සංස්කාරය අත්හැරි සේක. එකෙණෙහි ම මහා භූමි චලනයක් සමඟින් අකුණු ගැසීම් ද සිදු වූ අතර ආනන්ද හිමියන් පැමිණ භූමි චලනයට හේතු විමසා දැනගෙන කල්පයක් වැඩ සිටින ලෙස ආරාධනා කළේ ය. එනමුත් ආයු සංස්කාරය හළ බැවින් තව තුන් මසකින් පිරිනිවන් පානා බව වදාරා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවට වැඩම කළ සේක. එහි රැස් වූ භික්ෂූන් අමතා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වදාරා, එම භික්ෂූන්ට අන්තිම අවවාදය ද කළ සේක. ඉන් පසු පාවා නගරය පසු කරගෙන කුසිනාරා නුවර මල්ල රජවරුන්ගේ උපවර්තන නම් සල් උයනට වැඩම කොට යමක ශාල වෘක්ෂයන් අතරෙහි පනවන ලද ආසනයෙහි සැතපුණ සේක. එකල්හී දෙව්බඹ පිරිස අහසෙහි දිව්‍යමය සුගන්ධයන්ගෙන් ද පුෂ්පයන්ගෙන් ද දිව්‍ය සංගීතාදියෙන් ද පූජෝපහාර දැක්වූහ. පිරිනිවන් මංචකයේ සැතපී සිටි භාග්‍යවතුන් වහන්සේ තමන් වෙත පැමිණි සුභද්‍ර නම් පරිභ්‍රාජකයා අමතා මෙසේ දේශනා කළ සේක.

“සුභද්‍රය, ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්නට ලැබෙන බුද්ධ ශාසනයක පමණයි පළමු ශ්‍රමණයා වන සෝතාපන්න ශ්‍රාවකයාත්, දෙවන ශ්‍රමණයා වන සකදාගාමී ශ්‍රාවකයාත්, තුන්වෙනි ශ්‍රමණයා වන අනාගාමී ශ්‍රාවකයාත්, සතරවෙනි ශ්‍රමණයා වන රහතන් වහන්සේත් පහළ වන්නේ.”

එම දම් දෙසුම අවසානයේ දී සුභද්‍ර තෙරුවන් සරණ ගොස් පැවිද්ද හා උපසම්පදාව ලබා සුළු මොහොතකින් සව් කෙලෙසුන් නසා අරහත්වයට පත් විය. එසේ සම්මුඛී අවසන් ශ්‍රාවකයා බිහි වූ පසු භාග්‍යවතුන් වහන්සේ අවසන් බුද්ධ අවවාදය මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, අවසන් වරට ඔබ අමතමි. සියලු සංස්කාර වැනසෙන සුලු ය. අප්‍රමාදී ව ධර්මාවබෝධ කර ගන්න.” (භන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ.)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යානයේ පටන් නිරෝධ සමාපත්තියට ද නිරෝධ සමාපත්තියේ පටන් ප්‍රථම ධ්‍යානයට ද අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සමවැදී එයින් නැගිට යළි සතර වන ධ්‍යානයට සමවැදී සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව ප්‍රකට කරමින් නිරුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. ඒ පිණිස ආයු සංස්කාරය අත්හැර වදාළේ අද වන් නවම් පුන් පොහෝ දිනක දී ය.

භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය අපත් ඒ අනිත්‍ය ධර්මතාව මෙනෙහි කරමින් ධර්මාවබෝධයට අප්‍රමාදී වෙමු.

(ඇසුර – පූජ්‍ය පණ්ඩිත මාපලගම සිරි කේමිස්සර හිමිපාණන්ගේ ‘පොහොය වර්ණනාව’ ග්‍රන්ථය.)

20/01/2026

🌞🌿 Taste that Heals | රසයෙන් සුවයට 🌿🌞

♻️Made with the finest Sri Lankan spices & medicinal herbs,
Kalpa Suwa Sri Lankan Curry Powder brings you more than just taste 🍛

💟✔️ Boosts digestion & immunity
💟✔️ Supports a healthy body & mind
💟✔️ Natural healing benefits from traditional spices

✨මේ සියලු වාසි ඔබට ලැබෙන්නේ
Kalpa Suwa සුවිශේෂී වට්ටෝරුවකට අනුව, 100% Natural ලෙස සකස් කළ Curry Powder එකක් නිසායි 🌱

✨ Not just a curry powder – it’s wellness in every meal ✨

🖤 Kalpa Suwa | Taste • Tradition • Healing ⚜️ 🇱🇰 ⚕️

03/01/2026

🌞පිං බර දුරුතු පෝය දිනයක් වේවා. උතුම් තෙරුවන් සරණයි 🌞
🌞 2026*01*01 දින ශ්‍රී පාද උඩ මළුවේ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උදෑසන දානයමය පිංකම සහ සෝතාපන්න ආර්ය ශ්‍රාවක සුමන සමන් දිව්‍ය රාජයා වෙනුවෙන් පැවතුන උදෑසන පූජාව 🌞🙏⚜️. සුමන සමන් දෙවියන් ඇතුලු මේ ලංකා ධරණී තලය සුරකින දෙවියන්ට නමස්කාරය වේවා. 🌞🙏🇱🇰

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Badulla
90000