St.dulfour original cream

St.dulfour original cream

Share

MISTY SKIN CARE

09/10/2026

සුපර් මාර්කට් ලඟ වෙන අමුතු සෙල්ලම

මට වුන අත්දැකිම ලියන්න හිතුවා ඔයාලටත් මෙහෙම වෙල තියෙනවද?

මේක ගොඩාක්ම වෙන්නේ කොළ පාට ලොගො එක තියෙන සුපර් මාර්කට් එක ලඟ. මොකද එතනට එන මිනිස්සුන්ව ටාගට් කරගෙන තමා මේ කල්ලි ගැහිලා මේ වැඩේ කරන්නේ.

මට දෙපාරක් වුනා ලැජ්ජාවක් නෑනේ අෆ්ෆා ඉතින් හැදෙන්නෙ නෑ. මං වගේ ඉන්න අය ඉන්නවා නම් කල්පනාවෙන්.

1 දවසම් මම කීල්ස් එකට යද්දි වයසක අම්මා කෙනෙක් ඇවිත් හොඳට ඇඳලා හිටියා බලන්න හරි ප්‍රිය මනාපයි ඒ අම්මව. අනේ පුතේ මහත්තයාට සනීප නෑ මට පාන් ගෙඩියක් අරන් දෙන්න පුළුවන් ද කියලා.

අනේ ඉතින් මට හිතුනා පව් පිලිවෙලට ඇඳලා එහෙම මෙහෙම ඉල්ලන්නෙ නැතිකමට නේ කියලා. හා ඉන්න මම අරන් එන්නම් කියලා මම ඇතුලට යන්න යද්දි අනේ පුතේ වදේනේ මේ දරුවා එක්ක ආයේ එලියට එන්න මම එන්නම් කමක් නෑ පුතේ කිව්වා. මම ඉතින් හා කිව්වා.

මම පාන් ගෙඩිය අරගෙන දෙනකොට ඔන්න එයාගේ ඊලඟ රැඟපෑම අනේ පුතේ පුංචි බටර් පැකට් එකක් ගන්නද ඇහුවා මම ඉතින් කමක් නෑ කියලා. හා කිව්වා බටර් එක හයිලන්ඩ් එකක් ගත්තා එතකොට මට පොඩ්ඩක් අව්ල් ගියා මම කිව්වා නැන්දා ලොකු මුදලක් අතේ නෑ ඇස්ට්‍රා එකක් ගන්න කියලා ඊට පස්සෙ 250g එකක් ගත්තා මම කිව්වා නැන්දා පොඩි එක ගන්න කියලා ඔන්න ඒක ගත්තා ඊට පස්සෙ බිස්කට් එකක් කෙසෙල් ගෙඩි ඔය වගේ අරගෙන අරගෙන යනවා. මම කතාකරන්න කරන්න ඇහෙන්නෙ නෑ වගේ යනවා. එයා බඩු ටික අරගෙන කෙලින්ම මාව බලන්නෙත් නැතිව බිල් කරන තැනට ගියා. මොනවා කරන්න්ද කෑ ගහගන්නද බෑ කියන්නද.. මම ගිහින් බිල් එක දුන්නා 1800/- ගානක් වුනා.

බොරු කියන්න ඕන නෑනේ පිනක් කරගන්න ගියාට මට පව් පිරෙන්න ඇති මොකද මට ඒ කපටි වැඩේට කලකිරුනා. මගේ මුහුනවත් බලන්නෙ නැතිව බඩු ටික අරගෙන එලියට ගියා😞 හොඳම වැඩේ කියන්නේ ඔය ඔක්කොම බලාන හිටිය ගෙදර උන්දෑ. මම කිව්වා නේ 100/- දීලා පාඩුවේ ඉන්න කියලා ඇහුවේ නෑ නේ කියලා මට 🤣😂🤣😂 වුනා 🫣

ඒ මිනිස්සු මේක කල්ලි ගැහිලා කරන්නෙ කියලා දැන් තෙරෙන්නෙ. ඔයාලා හිතනවද මම හැදුනා කියලා.

නෑ මිතුර

2 කොටස 🫣

ආයේ දවසක් පොඩි ළමයෙක් ඇවිත් අනේ මිස් මටයි නංගිටයි කන්න බනිස් ගෙඩියකුයි කිරි පැකට් එකකුයි අරන් දෙන්න පුළුවන් ද ඇහුවා.

ඔන්න ආයේ හිත උනුවෙලා මෙව්වා වෙලා ගියා ඉන්න පුතේ අරන් එන්න කියලා ඇතුලට ගිහින් ගනිද්දි මේ ළමයා ඇවිත් පිටිපස්සෙන් 🫣 නැන්දේ ඕවා කන්නෙ නෑ කියලා හොට් ඩෝග්ස් එක පෙන්නලා මේවා අරන් දෙන්න කිව්වා. කමක් නෑ පව් නේ කියලා අරන් දුන්නා ඔන්න දැන් මයිලෝ දෙකකුත් ගත්තා.. ආයේ අනේ මිස් අම්මටයි තාත්තටයිත් මොනවහරි අරම් දෙනවද ඇහුවා මම පාන් එකක් ගත්තා. පස්සෙ චොකලට් එකක් පෙන්නලා මේවා රසයි ද මිස් අපි කාලා නෑ ඔය වගේ එව්වා කිව්වා.. හොඳ වෙලාවට කීල්ස් එකේ මැනේජර් එවලේ එතන ඉඳන් ඇවිත් කිව්වා. මිස් මොනවත් අරන් දෙන්න එපා මෙයාලා මේක හැමදාම කරනවා අපි දැම් මෙතන මෙයාලට ඉන්න දෙන්නෙ නෑ කියලා. මිනිස්සුන්ව රවට්ටනවා කියලා. අර පොඩි පුතා අතේ තිබ්බ කෑම ටික අරන් දිව්වා. එව්වා බිල් කරලා තිබ්බේ.. මයිලෝ දෙකත් අරන් දිව්වා.

මට හිතාගන්න බැරිවුනා පොඩි ළමයි මෙච්චර කපටියිද කියලා. ඇත්තෙන්ම ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ. අපි හැමෝම ගොඩාක් සල්ලි තිබිලා නෙවෙයි මෙහෙම කරන්නේ. කෙනෙක් කන්න ඉල්ලුවම කටක් ඇරලා කන්න දෙන්න බෑ කියන්න බෑ. එහෙම කිව්වා නම් එහෙම එදා දවස නෙවෙයි කන කන හැම පාරකම මතක් වෙනවා අනේ මම නෑ කිව්වා නේ කියලා. අන්න ඒක නිසා හිත උනුවෙන නිසයි කාටම හරි උදව් කරන්නේ.

ඔය වගේ මිනිස්සු කරන්නේ අපිව රවට්ටන එක. මම මේක ලිව්වේ. ඔයාලාට කවුරුම හරි ඇවිත් ඔහොම ඉල්ලුවොත් අරන් දෙන්න එපා 50/100 ක් දීලා අත අරින්න හිත හොඳ වෙලා එක්කන් ගිහින් අරන් දෙන්න යන්න එපා. අපිමයි අමාරුවේ වැටෙන්නෙ. අපි අසරණ වෙනවා ඒ රඟපෑම් වලට.

ඔයලටත් මේ අත්දැකිම් තියේද?

ඔයාලා හිතෙනවද මම හැදිලා කියලා 🫣🫣

09/10/2026

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බදුරලිය කියන පුංචි ගමේ ඉඳන් තනි මැෂිමකින් ජීවිතය දිනන්න පටන් ගත්තු මේ දිරිය දියණියගේ අවංක කතාව මුළු සයිබර් අවකාශයම ආදරයෙන් වැළඳගෙන තිබෙන හැටි හරිම අපූරුයි!

තමන් මහන්සි වෙලා මහන පාපිස්සක් කඩවල්වලට රුපියල් 150කට දාලා, ඒ කඩවලින් මිනිස්සුන්ට රුපියල් 450කට විකුණද්දී, මැය තීරණය කළේ අතරමැදියන්ට යන අධික ලාභය නවත්වල සාධාරණ මිලකට පාරිභෝගිකයා අතටම භාණ්ඩය දෙන්නයි. පාපිස්සක් රුපියල් 150කට පාරිභෝගිකයන්ට ලබා දීලා තමන්ට ලැබෙන රුපියල් 20ක ඉතාම පුංචි ලාභයෙන් සෑහීමකට පත්වෙන්න තරම් මේ තරුණිය අවංක වුණා. තමන්ගේ දුප්පත්කම ගැන හෝ ලාභය ගැන නොසිතා, තමන්ට හැකි පමණින් ජීවිතය ජයගන්න වෙරදරන ඇගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ මිලියන ගණනින් නැරඹුම් වාර ලබමින් අතිශය ජනප්‍රිය වුණා.

ව්‍යාපාර ආරම්භ කර තවමත් ගතවූයේ කෙටි කලක් වුවත්, "Kawee fashion" පිටුව වටා දහස් ගණනින් මිනිසුන් එක්රොක් වෙමින් පවතින්නේ ඇගේ නිහතමානීකම හා සැබෑ උත්සාහය නිසයි. තමන්ට ප්‍රොෆයිල් පින්තූරයක්වත් දාගන්න පහසුකමක් නොතිබුණු මොහොතක, ෆේස්බුක් පරිශීලකයින්ම ඉදිරිපත් වී ඇයට ලාංඡන හදලා දෙමින් දැක්වූ සහයෝගය සැබෑම මානුෂීය බැඳීමක් පෙන්නුම් කරනවා. මේ වන විට ඇගේ පුංචි නිවසේ ඉඩකඩ පවා ප්‍රමාණවත් නොවන තරමට ලැබෙන ඇණවුම් ප්‍රමාණයට, තනි මැෂිමකින් දිවා රෑ නොබලා ඇය තවමත් කැපවෙමින් සිටිනවා.

සැබෑ අවංකකම සහ කැපවීම ඉදිරියේ කිසිම බාධාවකට මිනිසෙක්ගේ ගමන නවත්වන්න බැහැ.

මූලාශ්‍රය: Kawee fashion නිල සමාජ මාධ්‍ය ප්‍රකාශ සහ වීඩියෝ වාර්තා

අන් අයගේ සාක්කු පුරවනවාට වඩා අවංකව මිනිස්සුන්ට සාධාරණ සේවයක් සපයන මේ වගේ දිරිය තරුණ ව්‍යවසායකයින්ව අගය කර සමාජයක් විදියට අපි ඔවුන්ගේ ගමනට ශක්තියක් විය යුතුයි.

ඔබත් මෙවැනි අවංක ව්‍යාපාර සහ දිරිය මිනිසුන් අගය කරන කෙනෙක්ද?

06/10/2026
22/09/2026

මා ලද වත්කම රසිකයන්ගේ ආදරයයි.❤️

01/01/2026

ඔයාලා මේ පැතිවල නම් ඉන්නේ සුද්දෝ එක්ක ඔයාට කතා කරන්න විදියක් තියෙන බිස්නස් එකක් කරන කෙනෙක් නම් අනිවා මේක හැම සුද්දටම දැනුම් දෙන්න.
ඒ වගේම එයාර්පොර්ට් එකේ ඉන්න උන්ට පුලුවන් නම් මේක ලංකාවට එන සුද්දොන්ට දැනුවත් කරන්න වැඩපිලිවෙලක් කරන්න.
ලොවෙත් මේ ත්‍රිවිල් මා^ෆියාව නැති කරන්න පුලුවන් එතකොට.

08/06/2025

කල් ඉකුත් වූ බෙහෙත් අලෙවි කළ ෆාමසි හිමිකරුට ලැබුණු දඬුවම
සම්පූර්ණ විස්තරය බලන්න
https://vnews.lk/r47f

07/06/2025

කොනක ඉදන් හදන්න ඕනේ මිනිස්සුන්ව..
Dasathalankanews.com
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube👉 https://www.youtube.com/
🟠 Like us on Facebook 👉 https://www.facebook.com/dasathalankanews
🟠 Follow us on TikTok 👉 https://www.tiktok.com/?lang=en
🟠 Follow us on X 👉 https://x.com/dasathalknews
🟠 Website 👉 https://dasathalankanews.com
🟠 WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VarihUt9WtBwt0jbvr47

17/02/2025

Hi

30/01/2025

🥇

Telephone

Website

Address

Boralesgamuwa
10290

Alerts

Be the first to know and let us send you an email when St.dulfour original cream posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Boralesgamuwa.