Golden Girl Ayurvedic
🌿AYURVEDIC HERBS 🌿
නිරෝගී සහ දීප්තිමත් සමක් ලබා ගැනීම කියන්නේ ලොකු වියදමක් යන වැඩක් නෙවෙයි. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ නිවැරදි පුරුදු සහ අඛණ්ඩව කරන සත්කාර විතරයි. ඔබේ සමේ පැහැය සහ නිරෝගී බව ආරක්ෂා කරගන්න අනුගමනය කළ හැකි සරල "බියුටි ටිප්ස්" කිහිපයක් මෙන්න,
1. සම පිරිසිදුව තබා ගැනීම (Cleansing)
දවසට දෙපාරක්වත් (උදේ සහ රාත්‍රී) මෘදු ෆේස් වොෂ් (Face Wash) එකක් භාවිත කරලා මුහුණ පිරිසිදු කරන්න. මුහුණේ තියෙන දූවිලි, තෙල් සහ මේකප් ඉවත් කිරීමෙන් කුරුලෑ ඇතිවීම පාලනය කරගන්න පුළුවන්
2. හිරු එළියෙන් ආරක්ෂා වීම (Sun Protection)
සම වයසට යෑම සහ ලප කැලැල් ඇතිවීමට ප්‍රධාන හේතුව හිරු එළියයි.
නිවසින් පිටතට යන විට අනිවාර්යයෙන්ම SPF 30 හෝ ඊට වැඩි සන්ස්ක්‍රීන් (Sunscreen) එකක් පාවිච්චි කරන්න.
වලාකුළු සහිත දිනවල පවා මෙහි වැදගත්කම අඩු වෙන්නේ නැහැ.
3. ජලය පානය කිරීම සහ ආහාර පාලනය
සම ඇතුළතින් පෝෂණය කිරීම පිටතින් ආලේපන ගැල්වීමට වඩා වැදගත්.
දිනකට අවම වශයෙන් ජලය ලීටර් 2-3ක්වත් පානය කරන්න.
පළතුරු සහ එළවළු (විශේෂයෙන් විටමින් C සහිත ආහාර) වැඩියෙන් ආහාරයට ගන්න.
සීනි සහ තෙල් අධික කෑම හැකිතාක් අඩු කරන්න
4. ස්වභාවික සත්කාර
නිවසේදීම කරන්න පුළුවන් සරල දේවල්
කෝමාරිකා සමේ තෙතමනය රඳවා ගැනීමට සහ අව්වට පිළිස්සුණු සම සුවපත් කිරීමට ඉතා ගුණදායකයි.
පිපිඤ්ඤා: දෑස් යට තැබීමෙන් විඩාව නිවා දෑස් වටා කළු වීම අඩු කරගන්න පුළුවන්
මී පැණි: සමට ස්වභාවික දීප්තියක් ලබා දෙන්න මී පැණි ආලේප කර විනාඩි 15කින් සෝදා හරින්න.
මතක තබා ගත යුතු වැදගත් කරුණු:
ඔබේ සමේ වර්ගය (තෙල් සහිත, වියළි හෝ සාමාන්‍ය) හඳුනාගෙන ඒ අනුව නිෂ්පාදන තෝරාගන්න.
ප්‍රමාණවත් නින්දක් ලබාගන්න (දිනකට පැය 7-8ක්).
නින්දට පෙර අනිවාර්යයෙන්ම මේකප් ඉවත් කරන්න.
✍️ ඉමා ❤
GoldengirlAyurvedic
23/05/2025
❤නීරෝගී කෙස් කලඹකට
ඕනම තරුණියක් කැමතියි දිගු සහ නිරෝගී කෙස් කලඹකට. නමුත් බොහෝ වෙලාවටසෞඛ්‍යමය සහ පාරිසරික හේතූන් නිසා හිසකෙස් ගැලවී යාම , හිසකෙස් වේගයෙන් වර්ධනය නොවීම , හිසකෙස් කැඩී යාම වැනි විවිධ තත්ත්වයන් ඇති වීම නිසා දිගු සහ නීරෝගී කෙස් කලඹක් කියන්නේ බොහෝ දෙනෙකුට හීනයක්. මේ සඳහා විවිධ නිෂ්පාදන මේ වන විට නිපදවා තිබුණත් සාර්ථක සහ දිගු කාලීන ප්‍රතිඵල ලැබෙන නිෂ්පාදනයක් සොයා ගැනීමට අපහසුයි. හිසකෙස් වර්ධනය වේගවත් කර ගැනීමට සහ හිසකෙස් නිරෝගීව පවත්වාගෙන යාමට ඔබට නිවසේදී කළ හැකි පිළියම් කිහිපයක් ගැනයි මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ.
හිස්කබල සම්භාහනය කරන්න
හිස්කබල සම්බාහනය කිරීම යනු හිස කෙස් වර්ධනය උත්තේජනය කිරීමේ සරලම ක්‍රමයයි.එමගින් රුධිර සංසරණය වැඩිදියුණු කර හිස කෙස් ශක්තිමත් කිරීමද සිදු කරනවා. හිස්කබල සම්භාහනය කිරීම මගින් හිසකෙස් මුල් ශක්තිමත් කිරීම සහ හිස්කබල ලිහිල් වීම මගින් හිසකෙස් වර්ධනය වේගවත් වීම වන අතර පොල්තෙල් සමග සම්භාහනය කිරීම මගින් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකි වෙනවා. පොල්තෙල් වල අත්‍යවශ්‍ය විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන නිසා ස්වාභාවික හිසකෙස් conditioner එකක් ලෙසද ක්‍රියා කරනවා.
හිසකෙස් කප්පාදු කරන්න
හිසකෙස් වර්ධනය වීම වේගවත් කර ගැනීම සඳහා ඔබට ගත හැකි තවත් පියවරක් තමයි හිසකෙස් කප්පාදු කිරීම.හානියට පත් වූ හිස කෙස් හෝ අග පැලී ඇති හිසකෙස් නව හිසකෙස් වර්ධනයට බාධා ඇති කරනවා.ඒ නිසා නිසි ලෙස , මාස දෙක තුනකට වරක් හෝ හිසකෙස් කප්පාදු කිරීම සිදු කළ යුතු වෙනවා. මෙසේ කප්පාදු කිරීමේදී ඔබේ හිස කෙස් අඟලක් හෝ අඟල් භාගයක් පමණක් කප්පාදු කිරීමට මතක තබා ගන්න.
සෞඛ්‍ය සම්පන්න සහ සමබර ආහාර වේලක් ගන්න
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ඔබේ හිසකෙස් දිගු සහ ශක්තිමත් කිරීමට අවශ්‍ය සියලුම පෝෂණය ලබා දෙනවා.විටමින් සහ ඛනිජ ලවන අඩංගු ආහාර හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරන අතර හිසකෙස් වල මුල සිට අග දක්වාම පෝෂණය කරනවා.
හිසකෙස් නිතර සේදීමෙන් වළකින්න
ඔබේ හිසකෙස් පිරිසිදුව තබා ගැනීම සහ සනීපාරක්ෂාව හිසකෙස් වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වනවා.නමුත් එය ඉක්මවා යාම නිසා හිසකෙස් වලට හානි සිදුවන්නට පුළුවන්. සෑම දිනකම ඔබේ හිසකෙස් ෂැම්පු කිරීම මගින් ඔබේ හිස කෙස් සහ හිස් කබල වියලීමට ලක් වී එහි ස්වාභාවික තෙතමනය නැතිවී යාමේ හැකියාව තියෙනවා. ඒ නිසා හිසකෙස් නිතර සේදීමෙන් වැළකී හිසකෙස් දිගු කරන අමුද්‍රව්‍ය වලින් පොහොසත් රසායනික ද්‍රව්‍ය රහිත ෂැම්පු වර්ගයකින් දින දෙකකට වරක් හිසකෙස් සෝදන්න
හිසකෙස් හොඳින් කන්ඩිශනර් කරන්න
කන්ඩිශනර් මගින් හිසකෙස් පතුලේ ඇති ලිපිඩ සහ ප්‍රෝටීන ප්‍රතිස්ථාපනය කිරීමට උපකාරී වන අතර හිසකෙස් වල තෙතමනය ඉතා හොඳින් ආරක්ෂා කරන අතර එමගින් හානියට පත් හිසකෙස් අලුත්වැඩියා කිරීමට සහ හිසකෙස් අග පැලීම් ඉවත් කිරීමට ක්‍රියා කරනවා.
හිසකෙස් සීතල වතුරෙන් සෝදන්න
ඔබේ හිස කෙස් උණුසුම් වතුරෙන් සේදීම මගින් එහි ස්වාභාවික තෙතමනය ඉවත් වීම ඉක්මනින් සිදු වෙනවා.ඒ නිසා හිසකෙස් සේදීම සඳහා සාමාන්‍ය සීතල වතුර භාවිතා කිරීමට වග බලා ගන්න. එමගින් හිසකෙස් සිනිඳු සහ මෘදු බවට පත්කර ගැනීමට පහසු ලෙස ඉතා සැහැල්ලු කරනවා.
උෂ්ණත්වය අධික මෙවලම් භාවිතා කිරීම පාලනය කරන්න
හෙයා අයන් , කර්ලින් මැශින් හෝ වෙනත් උෂ්ණත්වය අධික මෙවලම් නිතර භාවිතා කිරීම හිසකෙස් හානියට පත් කර වියළි සහ නීරෝගී බවින් රහිත හිසකෙස් බවට පත් කරනවා.නමුත් ඔබට එවැනි මෙවලම් භාවිතා කිරීම අත්‍යවශ්‍යම අවස්ථා වලදි තාප ආරක්ශන නිශ්පාදන භාවිතා කල හැකියි. ඒ හැරුනුකොට නිතරම එවැනි මෙවලම් භාවිතා කිරීම හැකිතාක් අවම කරන්න
ස්වාභාවික hair mask භාවිතා කරන්න
Hair mask මගින් ඔබේ හිසකෙස් වලට ඉතා හොඳ පෝෂණයක් වගේම තෙතමනයක් ලබා දෙනවා.විශේෂයෙන්ම ස්වාභාවික මාස්ක් වර්ග මගින් හිසකෙස් ශක්තිමත් කිරීමට සහ වේගයෙන් වර්ධනය කිරීමට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයනවා. මී පැණි , ලෙමන්, අලිගැටපේර , ඔලිව් තෙල් , බිත්තර වැනි ඕනෑ තරම් ස්වභාවික අමුද්‍රව්‍ය ඔබට ඔබේ හිසකෙස් සඳහා භාවිතා කරන්නට පුළුවන්.
මෙවැනි පිළියම් සහ උපක්‍රම භාවිත කිරීම මගින් ඔබට නීරෝගී සහ දිගු කෙස් කලඹක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
05/01/2025
අද කතා කරමු ස්කින් කෙයා සහ හෙයා කෙයා ගැන...අපි අපිට ආදරය කරනවා කියලා කියන්නේ අපේ පෙනුමත් ආදරෙන් බලා ගන්නවා කියන එකට...
ඉතිං ස්කින් කෙයා සහ හෙයා කෙයා කියල කියන්නේ අපේ පෙනුම වෙනුවෙන් අපි කරන සත්කාර වලට..
අපේ සම නියපොතු කොණ්ඩය මේ දේවල් බලාගන්න එක ඉතාම වැදගත්.. ඉතින් අද මං ඔයාලට කියාදෙන්න හදන්නේ කොහොමද ස්කින් කෙයා රූටීන් එකක් හදාගන්නෙ කියලා...
අපි ඉස්සල්ලාම බලමු ස්කින් කෙයා සහ හෙයා කෙයා රූටීන් එකක් හදාගන්නේ කොහොමද කියලා...
Skin Care Routine ( ස්කින් කෙයා )
👉පළවෙනි කාරණාව ඔයා ඔයාගේ සම කොයි වගේ සමක්ද කියලා හඳුනාගන්න ඕනේ..
ඔයාට තියෙන වියළි සමක්ද , ඔයාට තියෙන්නෙ තෙත සමක් ද , ඔයාට තියෙන ඉතාම සංවේදී සමක්ද එහෙමත් නැත්නම් ඔයාට තියෙන්නෙ සාමාන්‍ය සමක්ද කියලා හඳුනාගන්න...
👉 ඔයාගේ වයස. ඔයාගේ වයස සත්කාර කිරීමේදී ගොඩක් වැදගත් වෙන සාධකයක්..
👉 ඊට පස්සේ ඔයාගේ වයස සහ සමට ගැලපෙන සත්කාර තෝරගන්න. මේ සත්කාර තෝරගන්න කොට උත්සහ කරන්න සොබාවික සත්කාරයන්ට යොමු වෙන්න. එහෙමත් නැත්නම් ප්‍රමිතියක් ඇතුව සම පිළිබඳ විශේෂඥයන් විසින් නිර්දේශ කරනු ලබන නිෂ්පාදනවලට යොමු වෙන්න. විශේෂයෙන් සැලකිලිමත් වෙන්න , විවිධ තැන්වල විකුණන ක්‍රීම් වලට නොරැවටී ඉන්න .
👉 ඔයාගේ බජට් එකට ගැලපෙන විදියට ඔයාගේ රූටීන් එක හදාගන්න.
👉 සාමාන්‍යයෙන් රූටීන් එකකට මෙන්න මේ දේවල් ඕනේ වෙනවා..
දෛනිකව 👇
උදෑසන
- ක්ලෙන්සර්
- සීරම්
- මොයිස්චර්රයිසර්
- සන්ස්ක්‍රීන්
රාත්‍රියට
- ඩබල් ක්ලෙන්සර්
- ටෝනර්
- සීරම්
- මොයිස්චර්රයිසර්
සතියකට සැරයක් 👇
ෆේස් මාස්ක් එකක්
ෆේෂල් මසාජ්
ඔයා ඔලුව තියන කොට්ට හෝදන්න.
මාසයකට සැරයක් 👇
ෆේෂල් එකක් කරගන්න ..
👉ඒ වගේම ඔයාට පුළුවන් මේ විදියේ සරල රූටීන් එකක් හදාගන්න.
ඔයාට ගැලපෙන ක්ලෙන්සර් එකක් තෝරගන්න. එහෙමත් නැත්නම් සමට සැර නැති ෆේස් වොෂ් එකක්. ඊට පස්සේ ඔයාට පුළුවන් දෛනිකව ඔයාගේ සමට කෝමාරිකා ආලේප කරන්න. කෝමාරිකා ජෙල් එකට දෙහි බින්දුවක් දාලා ඔයාට පුළුවන් ඒක දෛනිකව ආලේපනය කරන්න. ඒ වගේම හැමදාම යෝගට් ටිකක් මූනේ ගාගෙන ඉන්නත් පුළුවන්.
ඊට පස්සේ සති දෙකකට සැරයක් ඔයාට පුළුවන් කෝපි පැක් එක මුහුණට දාන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ ශරීරයට කෝපි ස්ක්‍රබ් එකක් කරන්න.
මුහුණට : කෝපි + මී පැණී
ස්ක්‍රබ් එක : කෝපි + දුඹුරු සීනි
ඉතින් ඔයාට ගැලපෙන විදියට ඔයාගේ බජට් එකට ගැලපෙන විදිහට , ඔයාගේ සමට ගැලපෙන විදියට සහ ඔයාගේ කාලසටහන ට ගැලපෙන විදියට ඔයාට පුළුවන් පුංචි ස්කින් කෙයා රූටීන් ඉන්න එකක් පටන් ගන්න..!
මං කිව්ව දේවල් අමතක කරන්න එපා. ඔයාගෙ සමට නිකරුණේ හැමදේම පාවිච්චි කරන්න එපා. අවබෝධයෙන් ඔයාට ගැලපෙන දේවල් පාවිච්චි කරන්න.
👉ඒ වගේමයි කොණ්ඩයට සත්කාර කරනකොට හොඳ ඖෂධීය තෛලයක් පාවිච්චි කරන්න. බෙහෙත් කඩවල් වල තියෙනවා හොඳ ඖෂධීය තෙල් වර්ග...
උදාහරණ :
- භෘංගාමලක තෛලය
- දසවගප්‍රමේහ තෛලය
- නීල්‍යාදි තෛලය
එහෙමත් නැත්නම් ගෙදරදිම හොඳ පොල්තෙල් එකක් අරගෙන ඒකට රතු ලූණු, කරපිංචා කොළ දාලා තෙල් එකක් හදාගන්න පුළුවන්....
👉ඉතින් සතියකට සැරයක් හොඳට ඔලුවට තෙල් ගාන්න. පැය කීපයක් ඉඳලා හොඳට නාන්න. ඒ වගේමයි ඔයාගේ කොණ්ඩයට විවිධ පැක් වර්ග පාවිච්චි කරන්නත් පුළුවන්.
උදාහරණ :
මේක අපේ අම්මා පාවිච්චි කරන එකක්. යෝගට් , බිත්තර එක්ක දෙහි ටිකක් දාලා ඔලුවේ ගාගෙන ඉන්නවා. ඊට පස්සේ පැයකින් විතර හෝදනවා.ඒක අපේ අම්මට අත්තම්මා පුහුණු කරපු දෙයක්.
තව වදමල් වලිනුත් පැක් හදනවා. ඒක ගැනනම් ටිකක් හොයන්න වෙනවා.
ඉතිං පුංචි රූටීන් එකක් ඔයාට හදාගන්න. ඊට පස්සේ ඒක එක දිගට කරගෙන යන්න. ඔයා ඔයා වෙනුවෙන් වියදම් කරන්න ලෝභ වෙන්න එපා. ඔය අතරේ...
- දවසකට එක පලතුරක්වත් කන්න.
- කෘතිම ආහාර සහ බීම වෙනුවට පලතුරු / එලවලු / කුඩා මාලු එකතු කරන්න.
- ව්‍යායාම කරන්න .
- බීම බොනවා වෙනුවට ග්‍රීන් ටී එකක් හෝ කොළ කැඳ බොන්න හෝ සීනි රහිත පලතුරු ජූස් බොන්න පුරුදු වෙන්න.
- සතියකට සැරයක් වෙනිවැල් ගැට එකක් බොන්න.
- කෑම පාලනය කරන්න.
- සතියකට සැරයක් සම්පූර්ණ දවසක් තුළ සීනි පාවිච්චි කරන්නේ නැතුව ඉන්න. සීනි කියන්නේ ඔයාගේ සමට ඇත්තටම හානිදායක දෙයක්. ඉතින් සතියකට එක දවසක් සීනි රහිත දවසක් බවට පත්කර ගන්න.
ඉතින් මේ ලිපියෙන් ඔයාට අදහසක් ලැබෙන්න ඇති සෙල්ෆ් කෙයා කියන සංකල්පය තුළ තියෙන ස්කින් කෙයා සහ හෙයා කෙයා ගැන....
ලස්සනට ඉන්න ❤️
- Gumiho's Diary -
22/12/2024
ඔමේගා 3 හෙවත් මෝරගුලි ( Fish Oil ) යනු මොනාද ?
1.මොනවද fish oil කියන්නේ.
2. fish oil ගැනීමේ වැදගත් කම.
3.omega-3 මුලාශ්‍රයක් ලෙස fish oilහි වැදගත්කම.
4.ගතයුතු මාත්‍රාව සහ සුදුසු වෙලාව.
5.ස්වභාවික ආහාර මුලාශ්‍ර සහ supplements.
fish oil ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැඹුරු සිතල මුහුදේ වෙසෙන තෙල් සහිත මසුන්ගේ පටක වලින් ලබාගන්නා තෙල් මගිනි.මෙයිනුත් අපට වඩා වැදගත් වන්නේ fish oil වලින් සාන්ද්‍රණය කරගත් omega-3 fatty acid නම් කොටසයි.තවද මෙය ω-3 fatty acids හෝ n-3 fatty acids නමින් හැඳින්වෙනවා. omega-3 යනු භහු දිගුදාම අසංතෘප්ත මේද අම්ල (long-chain polyunsaturated fatty acids) වේ.
omega-3 PUFAs වර්ග තුනකි.එනම්,
1.ALA.(alpha-Linolenic acid)
2.EPA.( eicosapentaenoic acid)
3.DHA.( docosahexaenoic acid)
මේ අතරින් EPA සහ DHA omega3 මේද අම්ල fish oil වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වේ.මෙම මේද අම්ල දෙක ශරීරය තුල නිෂ්පාදනය නොවන අතර අනිවාර්යෙන් භාහිරින් ලබාගත යුතුය.එමනිසා මේවා අත්‍යාවශ්‍ය මේද අම්ල ලෙස හඳුන්වනවා.ALA ශාක අහාර මුලාශ්‍ර වලින් පමණක් ලැබේ.මෙසේ ලබාගන්න ALA වලින් 5% සිට 20% දක්වා අගයක් EPA සහ DHA බවට පරිවර්තනය කරගනී.
මෙහි වැදගත්කම කතාකිරීමේදී ඉතා වැදගත් පර්යේෂණයක් හාර්වර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කර තිබෙනවා.එනම් omega3 ඌනථාව ඇමරිකාව තුල සිදුවන මරණ වලට හයවන හේතුව බවට පත්ව තිබෙනවා.සාමාන්යෙන් අපි ගන්නා ආහාර වල omega6 : omega3 අගය 20:1 පමණ අනුපාතයක් වෙනවා.මෙම අගය නිර්මාංශ ආහාර වේලක් ගන්න කෙනුකුගේ මිට වඩා වැඩිවන්නත් පුළුවන්. ඉතින් මෙය ඉතා අධික පරතරයක් වෙනවා.සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකු මෙම අනුපාතය 2:1 දක්වා අගයකින් පාලනය කරගත යුතුයි.මක්නිසාද යත් omega6 වැඩිපුර ගැනීම ශරීරයේ ප්‍රධාහ නැතිනම් ඉදිමුම් ඇතිකරවන( inflammation) අතර omega3 එයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකර(anti- inflammatory) එම ප්‍රධාහ නැති කරයි.තවදුරටත් fish oil ලබාගැනීමේ වැදගත් කම සාකච්චා කරමු,
1.හදවත නිරෝගිව පවත්වාගෙන යාමට.
මෙමඟින් HDL ප්‍රමාණය වැඩි කරන අතර LDL ප්‍රමාණය අඩු කරමින් යහපත් කොලේස්ටර්රෝල් ප්‍රමාණයක් පාලනය කරයි.සමස්තයක් ලෙස Triglycerides ප්‍රමාණය 15%-30% දක්වා අගයකින් අඩු කරයි. තවද අධික රුධිර පීඩනය අඩු කරන්න උදව් වෙනවා. හදවතේ රිද්මය ක්‍රමානුකුලව පවත්වාගැනීම සඳහා මෙය වැදගත් වෙනවා.
2.මොලයේ ක්‍රියාකාරිත්වය සඳහා.
මිනිස් මොලය සෑදී ඇත්තේ 60% පමණ fats වලිනි.ඒ අතරින් භහුතරය omega3 ය.මොලය සම්බන්ධ බොහෝ ලෙඩරෝග(ADHD, Alzheimer’s Disease, Anxiety...) සඳහා මෙය භාවිතා කරනවා.මානසික අවපිඩනය වැනි අවස්තා සඳහාද භාවිතා කරනවා.
3.ඇසේ ක්‍රියාකාරිත්වය සඳහා වැදගත්වනවා.
මොලයේ වගේම ඇසේද බොහෝ ව්‍යුහයන් සැදී ඇත්තේ omega3 මගිනි.වයසට යනවිට ඇතිවන අක්ෂිදෝෂ(AMD) සඳහා භාවිතා කරනවා.
4.අස්ථි වල නිරෝගී භාවය පවත්වාගැනීමට.
5.පිළිකා වලට ප්‍රතිරෝධිව ක්‍රියා කරයි.
6.දියවැඩියාව පාලනය කරයි.
7.ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර සම සහ හිසකෙස් සඳහා වැදගත් වේ.
8.ශරීරයේ බර අඩු කිරීමට වැදගත් වේ.
9.දරුඵල සහ සාඵල්‍යතාව වැඩි කරයි.
10.ප්‍රෝටීන් අවශෝෂණය වැඩි කරයි.
මෙය සිදුවන්නේ omega3 මගින් mTOR(Mechanistic target of rapamycin) ක්‍රියාකාරිත්වය වැඩිකිරීම මගිනි.මෙහි අවසාන ප්‍රතිඵලය මාන්ෂපෙෂි වර්ධනයෙහිලා ඉතා වැදගත් වීමයි.
11.ඉදිමුම් සහ වේදනා අවම කරයි.
Omega-3 මුලාශ්‍රයක් ලෙස fish oil විශේෂයෙන් වැදගත් වෙන්නේ අනෙකුත් මුලාශ්‍ර වලට සාපේක්ෂව fish oilතුල ඉතා වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු වීමයි.අනික් කාරණය තමයි ඉතා පහසුවෙන් සොයාගත හැකිවීමත් මහාපරිමාණයෙන් නිෂ්පාදනයකිරීමේ හැකියවත්ය.
ගතයුතු මාත්‍රාවන් ගැන සැලකීමේදී ඔබ කිසියම් විශේෂිත ක්‍රීඩාවක නොයෙදෙන්නේකුනම් හෝ ආධුනිකයෙක් නම් EPA සහ DHA අගයන්ගේ එකතුව 500 mg පමණක් සෑහේ.නමුත් ඔබ කායවර්ධනය වැනි ක්‍රීඩාවක් කරන්නෙකු නම් EPA අගය 500mg සිට1g දක්වාද DHA අගය 200mg -500mg දක්වාද ගත යුතුයි.ගත යුතු වේලාවන් සැලකීමේදී උදේ ආහාරයට පසුව හෝ රාත්‍රී ආහාරයට පසුව සුදුසු වනවා.මාස 3ක් එක දිගට ගැනීම
ප්‍රමාණවත් අතර නැවත භාවිතයේදී මාසයක් පමණ නොගෙන නැවත් මාස 3 ක් ගන්න
දැන් අපි බලමු Omega-3 අඩංගු ආහාර මුලාශ්‍ර මොනවද කියල.ප්‍රධාන වශයෙන්ම සිතල මුහුදේ වෙසෙන මාළුන්ගේ වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු වෙනවා.උදා.සැමන්,මැකරල්,කෝඩ්,හුරුල්ලන් වැනි මත්සයන් වේ.මිට අමතරව නිර්මාංශ ආහාර මුලාශ්‍ර ගැන සඳහනක් කලොත් ෆ්ලස් සීඩ්,වෝල් නට්,චියා සීඩ්,නිවිති,සෝයා,හෙම්ප් සීඩ්,ඇල්ගී සඳහන් කල හැක.
මන් හිතනවා මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියලා එහෙනම් ලයික් කරන්න වගේම අනිත් යාලුවන්ට බලන්න ශෙයා කරන්නත් අමතක කරන්න එපා.ඒ වගේම ඔයාලා භාවිතා කරනවා නම් දැනටමත් මෝරගුලි එහි ඇති ප්‍රතිපල අනිත් යාලුවො එක්ක බෙදාගන්න අමතක කරන්න එපා ...
11/12/2024
පැහැපත් සමක් සදහා හොදම ආයුර්වේදීය නිශ්පාදනය
ලස්සන වෙන්න කැමති ඔයාටමයි...
🌱ඔයා කැමති ද ලස්සන පැහැපත් සමක් ලබා ගන්න
🌱වටිනා අයුර්වේද ඔසු වලින් නිශ්පාදිත මේ බොඩි ලෝශන් එක ඔයාගේ ස්කින් එකට ලස්සන පාටක් එක්කම හොද තෙතමනයකුත් ලබා දෙනවා ඔයා දන්නව ද
එක පාරක් ඔයා මේ නිශ්පාදනය මිලදී ගත්තොත් ඔයා මේකට ඇඩිට් වෙනවා විශ්වාසයි...... ❤
16/11/2024
❤
🌿ආයුර්වේද නිශ්පාදනයක් එක්ක එකතු වෙලා බලන්න ඔයාට වෙනස වටහා ගන්න පුලුවන්...
🌿මෙච්චර රෙකමන්ඩ් කරන්නේ ඒ තරම් හොද නිශ්පාදනයක් නිසා
12/11/2024
☘️අඩුවට මාස ගානක් පාවිච්චි කරන්න පුලුවන් හොඳම රිසාල්ට් තියන බොඩි ලෝශන් එකක් ද හෙව්වේ....
🍀ඔන්න එහෙනම් තියනවා කස්තුරි කහ බොඩි ලෝශන් එක
☘️හොදම රිසාල්ට් එකක් දෙන බොඩි ලෝශන් එකක්
☘️ඔයාට මාස දෙක තුනක්ම මේ ප්‍රඩක්ට් එක යූස් කරන්න පුලුවන්....
ස්කින් එක HYDRATING & LIGHTNING කරන ☘️මැජික් එක ක් මේක
🌿අඩංගු අමුද්‍රව්‍ය විදිහට
🌿 ඇලෝ වේරා
🌿කස්තුරි කහ
🌿වෙනිවැල්
🌿එක්ස්ටැක්ට්
🌿ග්ලිසරින්
🌿 ඇක්වා
වගේ ස්කින් එකෙ ස්බාවික පැහැය වැඩි දියුනු කරන අමුද්‍රව්‍ය එකතු කර ඔබ අතට පත් වන මෙම බොඩි ලෝශන් එක ඉතාමත් හොද ප්‍රතිඵල ලබා දෙන එක 100% ක් ම විශ්වාසයි.....
Golden Girl Ayurvedic
💚 ලස්සන ග්ලොව් එකක් ගන්න පුලුවන්....
Golden Girl Ayurvedic 💚
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
00900