Rock Salt Sri lanka

Rock Salt Sri lanka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rock Salt Sri lanka, Health/Beauty, Colombo.

08/02/2023

සෑම අයෙකුටම දහදිය දමනවා. එය ස්වභාවික සිදුවීමක්. හැබැයි ඇතැම් අයට නම් මෙය කරදරකාරී අත්දැකීමක්. සමහර පුද්ගලයන්ට සාමාන්‍ය ප්‍රමාණයට වඩා දහදිය දමනවා. තවත් සමහරුන්ගේ දහදිය වලින් අධික ගන්ධයක් හමනවා. මෙම ගැටළු වලින් පීඩා විඳින පුද්ගලයන්ට ක්‍රිස්ටල් රොක් කියන්නේ සුවිශේෂී විසඳුමක් කියලා හඳුන්වන්න පුළුවන්.

ක්‍රිස්ටල් රොක් වලට දහඩිය දුගඳ පාලනය කරන්න පුළුවන්. ඒ වගේම දහදිය දමන ප්‍රමාණයද පාලනය කරන්න පුළුවන්. මිනිස් දහදිය වල බැක්ටීරියා සුළු වශයෙන් හෝ පවතිනවා. දුගඳ හමන්නේ බැක්ටීරියා විශාල ප්‍රමාණයක් ඇති විටයි. මෙම පාෂාණය ගැල්වීමෙන් දහදිය දැමීම පාලනය වන අතර බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ඇන හිටිනවා.



ක්‍රිස්ටල් රොක් ගැල්වූ විගස සමට සිසිලසක් දැනෙන අතර, සහනදායි හැඟීමක් ගෙන දෙනවා. මුළු සිරුරටම දහදිය දැම්මත් දුගද ඇතිවන ප්‍රදේශ වන්නේ කිහිලි, ඉකිලි, යටිපතුල් වැනි ස්ථානය. බොහෝ විට ක්‍රිස්ටල් රොක් ආලේප කරන්නේ කිහිලි වලයි. සපත්තු පළඳින අයකුගේ මේස් වලින් දුගද හමනවානම් මේස් දැමීමට පෙර යටි පතුල්වල ආලේප කළ හැකියි.



කෙසේ වෙතත් සමහර ඩියෝඩ්‍රන්ට් වර්ග වල අඩංගු රසායනිකයන් සහ ඇලුමිනියම් සංයෝග සමට අහිතකරයි. මේවා දහදිය දැමීම වලක්වන අතර සිරුරට හිතකර බැක්ටීරියාවන්ද විනාශ කර දමයි. සමහර ඩියොඩ්රන්ට් වල මද්‍යසාරද අඩංගුයි. මද්‍යසාර වලින් සිදුවන්නේත් බැක්ටීරියාවන් විනාශ කර දැමීමයි. සමහර ඩියෝඩ්රන්ට් වල අඩංගු අහිතකර රසායනයන් පහසුවෙන්ම උරාගන්නා අතර පිළිකා සෛල වර්ධනය කරයි. විශේෂයෙන්ම පියයුරු ආශ්‍රිත සමෙහි ඩියෝඩ්රන්ට් ආලේප කළ විට පිළිකා සෛල වර්ධනය කරන්නට සමත් වන ඊස්ට්‍රජන් හෝමෝනයේ බලපෑම වර්ධනය වේ.



ඇලුමිනියම් සංයෝග අඩංගු ඩියෝඩ්‍රන්ට් ආලේප කිරීමෙන් මොලයේ සෞඛ්‍ය තත්ත්වයට හානි සිදුවිය හැකියි. මෙම ඇලුමිනියම් සංයෝග ඇල්ෂයිමර් රෝගය ඇති කරවන්න හේතුවේ. සමහර ඩියෝඩ්‍රන්ට් වර්ග ඇඳුම් වල කහට පැල්ලම් ඇති කරන අතර, සමේ ආසාදන තත්වයන් වර්ධනය කරවයි. ඩියෝඩ්රන්ට් කල්තබා ගැනීමට යොදා ඇති පැරබින්ස් රසායනිකය ද සිරුරට අහිතකරයි. සිරුරේ සෛලවල ඊස්ට්‍රජන් ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්න මෙම රසායනිකය සමත් වෙයි.

නමුත් ස්වභාවිකව කදුවැටි වල හටගන්නා පොටෑසියම් අඩංගු ලවණයන්ගෙන් සෑදුන ක්‍රිස්ටල් රොක් වලින් එවැනි කිසිදු බලපෑමක් ඇති නොකරයි.එය බැක්ටීරියා මර්ධනය කරන අතරම මාස කිහිපයක් භාවිතයෙන් පසුව දුර්වර්ණයද නැතිවී යයි..ඔබත් අදම වෙනස වටහාගන්න.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo