Meet YouRself
Meet and love your true self 🍄✨️
10/08/2026
මේකට ඉක්මනට කොණ්ඩේ වැවෙනවා 😌❤️
ඉක්මනට කොණ්ඩේ වවමුද😁😁
එන්නකෝ රහසක් කියන්න😁
මේවත් අරන් දුවගෙන එන්න😘😘
🌻 කෝමාරිකා මදය කෝප්ප බාගයයි
🌻 පොල්තෙල් මේස හැඳි 2
🌻 මුරුංගා කොළ යුශ මේස හැඳි 1 (මුරුංගා නැති පීපල්ස් කරපිංචා / වෙරළු කොළ /කොහොඹ ගන්න පුලුවන් )
🌻 විටමින් E කරල් 1
මේක හොඳට මික්ස් කරන්න.
ඕක ගාද්දි හරියටම තට්ටේ වදින්න ගාන්න අමාරුයි නම් පුලුන් කෑල්ලක් අරන් ඔලුව පුරා තියන් තියන් යන්න😁
කොණ්ඩේ වැවෙනවා....😍
අලුතෙන් කෙස් ගස් එනවා....😍
කොණ්ඩේ මහත් වෙනවා
💕 ගාලා පැයක් විතර ඉන්න
ඉතුරුයි නම් ෆ්‍රිෆ් එකෙන් දාලා තියන්න.
💕 උදේ, දවල් වරුවේ ගාන්න.... හවසට එහෙම ගාන්න එපා...😒😒
කෝමාරිකා සීතලයි😁
හරි නේද😍🥰
එහෙනම් ඉක්මනට ලස්සනට කොණ්ඩේ වවමූ😘😘😘
ටැං ට ටෑං😁😁😁
ෆුල් හැපී එකේ වැඩ ටික කරන් යමූ😘😘
මේක සතියට පාරක් කරාම ඇති🥰
ආදරෙයි පැංචීස්😘❤️
14/07/2026
කොණ්ඩේ දික් වෙන්නයි..මහත් වෙලා ඝනකම් වෙන්නයි..
ඕකේයි පැංචීස්..
මේක කොණ්ඩෙට ස්ප්‍රේ කරන එකක් හරිද 😁
ඕනේ වෙනවා
🍀 කෝමාරිකා මදය තේ හැඳි 2
🍀 උළුහාල් තේ හැඳි බාගයයි
🍀 හාල් තේ හැඳි 3
🍀 මුරුංගා චූටි ඉති 5
🍀 වද මල් 1
🍀 වද කොළ 2
🍀 කරාඹු නැටි 3
ගොඩක් ඕනේ වගේ නේහ් 😁 වදමල් නැති අය මොකද කරන්නේ 🙄
පැලයක් හිටවගන්න 😏 මං 4ක්ම හිටෙව්වා 😌
මල් නැත්තන් කොලයක් හරි ගන්න ඕකේ..
මං ගත්තේ එහෙම 😁
ඒත් නෑ නම් ඒක නැතුව කරමූ
හරි දැන් වැඩේට බහිමු
🍄 මුලින්ම මේ ගන්න ජාති ඔක්කොම හොඳට සෝදලා පිරිසිදු කරගන්න.
🍄 දැන් හාල්, කෝමාරිකා, උළුහාල් ටික භාජනේකට දාන්න
🍄 කරාඹු නැටි 3 තලාගන්න. ඒකත් අරකටම දාන්න.
🍄 දැන් වතුර දාන්න කෝප්ප බාගයක් විතර.
🍄 වහලා තියන්න පැය 5ක්
🍄 දැන් ගන්න බ්ලෙන්ඩර් එක
🍄 කොළ ජාතිත් එක්ක හාල් මිශ්‍රණයත් දාලා බ්ලෙන්ඩර් කරගන්න ඕනේ.
🍄 දැන්පෙරලා වතුර මදී නම් තව ටිකක් එකතු කරගන්න.
🍄 දැන් මේක ස්ප්‍රේ බොට්ල් එකක් තියෙනවා නම් ඒකට දාගන්න. හාල් කුඩු උනාම යටට පිටි වගේ බහිනවා. ඉතින් ඔයාලා ගාද්දි කලවම් කරන ගමන් ගාන්න හරිද.
ගාලා විනාඩි 5ක් හිමින් මසාජ් කරන්න.
පැය බාගයක් ඉඳලා සෝදලා යවන්න.
🍄 මේක සුපිරිම එකක්. ඒ වගේම හරිම ලේසී...🥰🥰
එහෙනම් මං ගියා..ආයේ එනවා ඈහ් 😌❤️
ආදරෙයි පැංචීස් 😘❤️
14/07/2026
ලස්සනම කොණ්ඩෙකට පුංචි tips ටිකක් 😁❤️
Helloww පැංචීස් ❤️🥰
1. අනිවාර්යයෙන්ම oil treatments සතියට 2 - 3 පාරක් කරන්න.
2. කොණ්ඩෙට ගොඩක් රස්නේ එපා 😏
3. ගොරෝසු ටවල් වලින් කොණ්ඩේ පිහින්න එපා.
4. 2 liters + වතුර බොන්න.
5. සිල්ක් කොට්ට උරයක් පාවිච්චි කරන්න.
6. ගොඩක් තද hair styles දාන්න එපා.
7. හැමදාම කොණ්ඩේ පීරන්න.
8. කොට්ට උර, පනා, දවස් 3න් 3ට හෝදන්න.
9. සතියකට 3 පාරක් හාල් වතුර ස්ප්‍රේ කරන්න.
10. Finallyy love your hair ❤️ කොණ්ඩෙට ආදරෙන් සලකන්න.
ආදරෙයි පැංචීස් ❤️😘
09/07/2026
කොණ්ඩේ වැවෙන වදමල් කන්ඩිශනර් එක මතකයිනේ...😍😍😍
දැක්කේ නැති අය මෙතනින් ගිහින් බලන්න
https://www.facebook.com/61550680990262/posts/122286451634022699/?app=fbl
05/07/2026
ඔයාලගෙත් එහෙමද 🥹😍
01/07/2026
කොණ්ඩේ වැවෙන්න වගේම ඝනකම් වෙන්න ගොඩාක් හොඳ ට්‍රීට්මන්ට් එකක් මේක ❤️
🌸 වද මල්
🌸 යෝගට් තේ හැඳි 2ක් 3ක්
🌸 කෝමාරිකා මදය
🌸 පොල්තෙල් හෝ ඔයාලා ගාන තෙල් එකෙන් ටිකක්
මුලින්ම කෝමාරිකා මදයයි වද මලුයි අරන් බ්ලෙන්ඩර් කරගන්න
ඊට පස්සේ ඒකට අනිත් 2ත් දාලා හොඳට මික්ස් කරගන්න.
ලේසි නේද 😁
දැන් තියෙන්නේ හදාගත්තු පැක් එක අපේ ඔලු ගෙඩියට දාන්නයි..
හිස් කබලේ වදින්න මේක හොඳට ගාගන්න ඕනේ හරිද ලමයි..හිස්සොරි එහෙම තියෙන අයටත් මේක ගොඩාක් හොඳයී.. කොණ්ඩෙත් ගාලා ශවර් කැප් එකක් දාගෙන පැය 2ක් ඉන්න හොඳද..
ඊට පස්සේ shower time 😁 ශැම්පු කන්ඩිශනර් දාලා නාගන්න..
ඕකේයී දැට්ස් ඉට් ගර්ල්ස් 😘❤️
කරලා බලන්න..කොණ්ඩේ වැවෙද්දි ආස හිතෙයී ❤️❤️
ආදරෙයි පැංචීස් ❤️😘
මේ පාර Gift එක හම්බෙන Top fan කවුද 🌝😇😌❤️
මේ විදිහට තෙල් ගෑවොත් වැවෙන්නෑ කියන ඕනෙම කොණ්ඩයක් වැවෙනවා..
27/06/2026
ට්‍රීට්මන්ට් එකක් ඕනේ අය කෝ 🌝🌝🌝
26/06/2026
කොණ්ඩේ වවන අයට නැතුවම බෑ 🥰🥰🥰
Click here to claim your Sponsored Listing.