Varicella Vaccine

Varicella Vaccine

Share

"To improve the quality of life"

27/05/2025

Speak to your doctor about preventing chickenpox.

Varicella Vaccine "To improve the quality of life"

23/05/2025

Share & Educate about Preventing Chickenpox.

1. Adults who never had chickenpox or the vaccine
2. Unvaccinated children
3. Women planning to become pregnant
4. International travelers

#පැපොල

Varicella Vaccine "To improve the quality of life"

15/05/2025

1. Women planning to become pregnant
2. Adults who never had chickenpox or the vaccine
3. Unvaccinated children
4. International travelers

Speak to your doctor about preventing chickenpox.

#පැපොල

05/05/2025
25/04/2025

පැපොල රෝගය ගැන ඔබ නොදත් දේ...
(ප්‍රශ්නෝත්තර ලිපියකි.)
👩‍⚕️🧑‍⚕️👨‍⚕️👩‍⚕️🧑‍⚕️👨‍⚕️👩‍⚕️🧑‍⚕️👨‍⚕️👩‍⚕️👨‍⚕️
By
සාරංගි රන්පටබැඳි

ප්‍රශ්නය: වෛද්‍යතුමනි, පැපොල රෝගය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න

පැපොළ රෝගය ඇති වන්නේ හර්පීස් පවුලට අයත් වැරිසෙල්ලා නම් වූ වෛරසය හේතුවෙන්. රෝගය වැළඳුන අයෙකු සමග කිට්ටු සබඳතාවයක් පැවැත්වීම නිසා ශ්වසන පද්ධතිය ආශ්‍රිත බිඳීති මගින් පැපොළ රෝගය බෝ විය හැකියි.

ප්‍රශ්නය: සම මත ඇති වන බිබිලි කැඩී යාම නිසා පිටවන ද්‍රවය තැරවීමෙන් රෝගය බෝ වීමක් සිදු වෙනවාද?

ඔව්… එම ශ්‍රාවය නිරෝගී අයෙකුගේ සමමත තැවරීමෙන් රෝගය බෝ විය හැකියි.

ප්‍රශ්නය: පැපොළ රෝගියෙකු පෙන්නුම් කරන රෝග ලක‍ෂණ මොනවාද?

උණ/හිසේ වේදනාව/බාහුවල හෝ සිරුරේ කුඩා රතු පැහැ බිබිලි ඇති වීම මේ රෝගයේ මූලික ලක‍ෂණ ලෙස දැක්විය හැකියි.

ප්‍රශ්නය: ඒ රත් පැහැ බිබිලි දිනෙන් දින විශාල වෙනවා නේද?

ඔව්… රත් පැහැ බිබිලි ක්‍රමයෙන් වතුර බිබිල බවට පත්ව දින කිහිපයකින් සැරව බිබිලි බවට පත්වෙනවා. අවසානයේදී ඒ මත කබොල්ලක් හටගනී. එසේම නැවත නැවතත් අලූත් බිබිලි හටගන්නවා. කෙසේවුවද කුඩා දරුවන්ගේ නම් බිබිලි වැඩි ප්‍රමාණයක් ඇති වන්නේ නැහැ.

ප්‍රශ්නය: උණ/හිසේ වේදනාව වැනි රෝග ලක‍ෂණ නොමැතිව බිබිලි ඇති වීමෙන් පමණක් මෙම රෝගය ආරම්භ වෙන අවස්ථා තියෙනවා නේද?

ඇතැම් විට එවැනි අවස්ථාත් නැත්තේම නැ, එක් එක්කෙනාගේ සිරුරේ දරාගැනීමේ හැකියාව මට එසේ සිදුවිය හැකියි.

ප්‍රශ්නය: මෙම බිබිලි පිට දැමීම සිදුවන්නේ වෛරසය ශරීරගත වී කොපමණ කාලයකින්ද?

වැරිසෙල්ලා වෛරසයේ බීජෞසන සමය දින 7 – 21 පමණ වෙනවා. සාමාන්‍යයක් ලෙස ගතහොත් මෙය දින 10-14 පමණ වුවද විය හැකියි. මෙහිදී මෙම රෝග ලක‍ෂණ පෙන්නුම් කරන්නේ වෛරසය සිරුරට ඇතුළු වී දින 7 -21 ත් අතර කාලයේදී එනම් බීජෞසන සමය අවසන් වූ පසුවයි.

ප්‍රශ්නය: ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෝගය තවත් අයෙකුට බෝවෙන්නේ රෝගියාගේ දෙවන සතිය ඇතුළත බවද?

රෝගය වැළදී නැති අයෙකුට රෝගය බෝ වීමේ අවදානම පවතින්නේ දින 7කින් හෝ දින 21කින්. ස්වභාවිකව හෝ එන්නත් ලබාදීමෙන් සිරුර තුළ ප්‍රතිශක්තිය ගොඩනැගුණු අයෙකු රෝගී අයෙකුට ඇප උපස්ථාන කරමින් හෝ රෝගියා අසල ගැවසුණු විට දින 21ක් ගෙවී යන තුරු රෝගය බෝ වේද නැද්ද යන්න සැක සහිත වුවත් දින 21කට පසුව රෝගය බෝවීමේ අවදානමක් නැහැ. එසේම පැපොළ රෝගය එක්වරක් ඇති වූ පසු කාලයක් ගත වී කලාතුරකින් සුළු මට්ටමින් හෝ නැවත ඇති වන අවස්ථාද තියෙනවා.

ප්‍රශ්නය: හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන්න. හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය ඇති වෙන්නේ රෝගියෙකුගෙන් බෝවීම නිසාද නැතිනම් සිරුරේ ඉතිරි වූ වැරිසෙල්ලා වෛරසය සිරුරේ ප්‍රතිශක්තිකරණය අවම වූ අවස්ථාවක හිස එසවීම හේතුවෙන්ද?

මේ තත්වය ඇති වෙන්නේ බෝවීමක් නිසා නොවෙයි. සිරුරේ ඉතිරි වූ වෛරසය ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවක හිස එසවීම නිසයි.

ප්‍රශ්නය: පැපොල රෝගය බොහෝ දෙනෙක් හඳුන්වන්නේ දෙයියන්ගේ ලෙඩ කියලා. ඒ නිසා බොහොමයක් දෙනා විශ්වාස කරනවා මස් මාලූ බිත්තර ආහාරයට ගැනීම නුසුදුසුයි කියලා. මෙහි ඇති සත්‍ය අසත්‍ය බව මොකද්ද? පරිස්සම් විය යුතු වන්නේ කෙසේද?

මස් මාළු කෑමේ ගැටලුවක් නැහැ. පැපොළ රෝගියෙකුට විවේකය අත්‍යවශ්‍ය බව මතක තබාගත යුතුයි. දිරවීමට පහසු පෝෂ්‍යදායී ආහාර වර්ග මෙන්ම දියර වර්ග වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.

ප්‍රශ්නය: පැපොළ රෝගය වැළඳුණහොත් රෝගය බරපතල විය හැක්කේ කෙබදු පිරිසකටද?

ගැබිනි මව්වරුන්ට, මසක් සම්පූර්ණ නොවූ බිළිදුන්ට, ප්‍රතිශක්ති ඌනතාවයන් ඇති රෝගීන්ට, වකුගඩු බද්ධ කළ අයට, අවුරුදු පනහ ඉක්මවූ වැඩිහිටියන්ට, හෘද සහ දියවැඩියා රෝගීන් වගේම පිළිකා සහ ඒඩ්ස් රෝගීන් යන අයටයි. මෙවැනි අවදානම් අයෙකුට පැපොළ රෝගය ඇති වුවොත් මොළයේ ආසාදන, සුෂුම්නාවේ, පෙනහලු හා හෘදය වස්තුවේ ආසාදන වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකි වගේම ජීවිතයට අවදානමක් ද ඇති වූ අවස්ථාත් වාර්තා වී තිඛෙනවා.

ප්‍රශ්නය: ගැබිනි මවකට පැපොළ ඇති වුණොත් ?

දරුප්‍රසූතියට දින පහකට පෙර එහෙමත් නැතිනම් ප්‍රසූතියෙන් දින දෙකකට පසු මවට පැපෝල රෝගය වැලඳුනහොත් අලූත උපන් ළදරුවාට පැපොළ රෝගය වැළඳීමේ වැඩි අවදානම තියෙනවා. එසේම, ගැබිනි මුල් සමයේ, මවට පැපොල ඇතිවීම නිසා කලලයේ යම් යම් විකෘතිතා ඇති විය හැකියි. ඒ නිසා ගැබිනි මවකට මේ තත්ත්වය ඇති වුවහොත් හෝ පැපොල රෝගියකු කිට්ටුව ආශ්‍රය කලහොත් වෛද්‍ය උපදෙස් කරා වහාම යොමු විය යුතුයි.

ප්‍රශ්නය: රෝගය ඇති වූ පුද්ගලයෙක් ස්නානය කළ යුත්තේ කීවෙනි දිනයේ සිටද?

රෝගියාට උණ නැතිනම් ස්නානය කල හැක. තවද, ස්නානය කිරීමේදි සමේ ඇති වූ බිබිලි බැක්ටීරියා ආසාදනය වී, පැසවීමට ඇති ඉඩකඩ අවම කරගත හැක.

ප්‍රශ්නය: දින හතක් පුරා එක දිගට ස්නානය කළ යුතු යැයි පවසන්නේ ඇයි?

ඉහත කී පරිදි, පැපොල රෝගියාට උණ නැතිනම් ස්නානය කිරීම හොඳයි. පැපොල නිසා ඇති වූ සමේ කැළැල් පසුව බැක්ටීරියා ආසාදනය වී, පැසවීමට ඇති ඉඩකඩ අවම කරගැනීමට මෙසේ කියනවා විය හැක.

ප්‍රශ්නය: පැපොල රෝගය වැළැක්වීම සඳහා පෞද්ගලික අංශයෙන් එන්නතක් ලබා දෙනවා. එය මගින් ජීවිත කාලය පුරාටම රැකවරණය ලැඛෙනවද?

ඔව්. මාත්‍රා දෙකක් වශයෙන් ලබා දෙන නිසා ජීවිත කාලය පුරාම ආරක‍ෂාව ලබා ගත හැක. එය වැඩිහිටියන්ට ලබාදෙන්නේ පළමු මාත්‍රාවෙන් සති 4ක් හෝ 6ක් ඇතුළත දෙවනි මාත්‍රාව ලෙස මාත්‍රා දෙකක් වශයෙනි. අවුරුද්දට වැඩි දරුවන්ට පළමු මාත්‍රාව ලබාදී වසරකට පසුව දෙවන මාත්‍රාව ලෙස මාත්‍රා දෙකක් ලබාදෙනවා. නමුත් යම් යම් තත්ත්ව මත සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව අවම වූ අවස්ථාවලදී ඇතැම්විට රෝගය ඇතිවීමට හැකියාව පවතී.

ප්‍රශ්නය: පැපොළ රෝගය වැළදුණු අයෙක් එන්නත ලබාගත යුතුද?

නැත. කලින් පැපොල වැළදුණු අයෙකුට ඒ සම්බන්ධයෙන් ප්‍රතිශක්තිය ලැබී ඇති නිසා, එන්නතින් ප්‍රයෝජනයක් නොලැබේ. එහෙත්, පැපොළ රෝගය වැළදුණු අයෙක් කිට්ටුව ආශ්‍රය කලහොත්, දින තුනක් ඇතුලත එන්නත ලබා ගත හොත්, පැපොළ වැලඳීමේ ඉඩකඩ අවම කරගැනීමට හැක.

ගැබිනි මව්වරුන්ට පැපොළ එන්නත ලබාදීම සුදුසුද?

කිසිසේත්ම සුදුසු නොවේ. කාන්තාවන් විවාහයට පෙර හෝ ගර්භණී වීමට මාස තුනකට පෙර පැපොළ සඳහා එන්නත ලබාගැනීමට සැලකිලිමත් විය යුතුයි.

පැපොළ එන්නතේ අතුරු ආබාධ තත්ත්වයන් මොනවාද?

පැපොළ එන්නත අතුරු ආබාධ අවම එන්නතකි. කෙසේ වෙතත්, එන්නත දුන් ස්ථානයේ වේදනාව, උණ හෝ කලාතුරකින් සමේ බිබිලි ඇති වී රෝගය ඉතා සුළු වශයෙන් පෙන්විය හැක.

පැපොළ එන්නත ලබාගත් අයෙකුගේ යම්තම් බිබිලි ඇති වී රෝගය ඉතා සුළු වශයෙන් පෙන්විය හැකි බව ඔබ පැවසූවා. එවිට නිවසේ සිටින මීට වසර ගණනකට පෙර පැපොළ රෝගය වැළදුණු අයෙකුට එය බෝවීමෙන් හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය ඇති විය හැකිද?

නැත. හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය ඇති වෙන්නේ බෝවීමක් නිසා නොවෙයි. තමාගේ සිරුරේ ඉතිරි වූ වෛරසය ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවක හිස එසවීම නිසයි. එහෙත්, පැපොළ එන්නත ලබාගත් අයෙකුගේ බිබිලි ඇති වුවොත්, කලාතුරකින් එමගින් පැපොළ වෙනත් කෙනෙකුට බෝ විය හැක. එසේම පැපොළ එන්නත ලබාගත් අයෙකුට ඉතා කලාතුරකින් ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවක හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය ඇති විය හැක.

කුඩා දරුවන්ට පැපොළ රෝගය සඳහා එන්නත ලබාදීම ඇරඹෙන්නේ වයස අවුරුදු කීයේදීද?

ඉස්සර මෙම එන්නත ලබාදුන්නේ එක් මාත්‍රාවක් විදියටයි. ඒත් දැන් මාත්‍රා දෙකක් ලෙස ලබාදෙනවා. අවුරුද්දකට වැඩි දරුවන්ට පැපොළ එන්නත ලබාදෙනවා.

ඉස්සර එක් මාත්‍රාවක් ලබාදුන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් නැවත මෙම මාත්‍රා දෙකේ එන්නත ලබාදිය යුතුද?

ඔව්. කලින් එක් මාත්‍රාවක් ලබා දුනි නම්, සති 4-8 කට පසු තවත් එක් මාත්‍රාවක් ලබා දිය යුතුය. එසේ කියන්නේ එක් මාත්‍රාවකින් 80% ක පැපොළ රෝගයෙන් රැකවරණය (effectiveness) ලැබෙන අතර, මාත්‍රා දෙකකින් එය 95% දක්වා වැඩි වේ.

21. පැපොළ රෝගය සඳහා ළදරුවන්ට ලබාදෙන මුඛ එන්නත පිළිබඳව දැනවත් කරන්න. එය ළදරුවන්ට ලබාදීමේ කිසිදු අතුරු ආබාධයක් නැතිද?

පැපොල රෝගය සඳහා මුඛ එන්නත් නොමැත.

22. බොහෝ වැඩිහිටියන් පවසන්නේ මෙය හැදෙන එක හොඳයි කියාය. එහි සත්‍ය අසත්‍ය බව කුමක්ද?

පැපොළ රෝගයේ දරුණු බව පිළිබඳව සැළකිලිමත් වීම අනිවාර්යයි. එසේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම රාජකාරී කටයුතු ඇතුළු එදිනෙදා ජීවිතයේ බොහොමයක් වැදගත් අවස්ථා මෙවැනි රෝග තත්ත්වයක් මත අඩාල කරගැනීමට වඩා ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම නුවණට හුරුය. පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතට මෙම එන්නත ඇතුළත් නොවුණද අද වන විට පෞද්ගලික අංශයෙන් නිසි වෛද්‍ය උපදෙස් මත පැපොළ එන්නත ලබාගැනීමට ඔබට හැකියාව තිබේ.

23. පැපොළ රෝගය වැළදුණු රෝගීන් සඳහා ඖෂධ වර්ගයක් මේ වන විට ලබා දෙනවා. ඒ පිළිබඳ කෙටි හැඳීන්වීමක් කරන්න

ඒසයික්ලොවිර් (Aciclovir) නම් ඖෂධ වර්ගය පැපොල රෝගි ලක්ෂණ ඇති වී, පැය 24ක් ඇතුලත ගත යුතුය. එමගින් උණ, බිබිලි හට ගැනීම හා අනෙක් රෝගි ලක්ෂණවල දින වකවානුව අඩු කරගත හැක.

24.සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ වෛරස සඳහා ඖෂධ නොමැති බවයි. පැපොළ ඇති වන්නේ වෛරසයකින්. ඉතිං ඒකට දෙන මේ ඖෂධය කුමක්ද?

වෛරස සඳහා ඇති ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය ඉතා සීමිතයි. ඒසයික්ලොවිර් (Aciclovir) ඖෂධය මගින් කරන්නේ පැපොල සුව කිරීම නොව, රෝග ලක්ෂණවල දින වකවානුව අඩු කිරීම පමණයි.

25. එමගින් සිදු කෙරෙන්නේ වෛරසය විනාශ කරන එකද?

එමගින් සිදු කෙරෙන්නේ වෛරසය සිරුරේ සෛල තුල බෝ වීම වැලැක්වීමයි.

එය නියමිත කාල පරතරයක් තුළ ලබාගන්නට වෛද්‍ය උපදෙස් ලබාදෙන්නේ ඇයි? එසේ ලබානොගතහොත් වන්නේ කුමක්ද?

මෙම ඖෂධය සිරුරේ පටක වල රැඳී තිබෙන්නේ පැය 2-3 ක කාලයකි. එම නිසා උපදෙස් වෛද්‍ය අනුව නියමිත කාල පරතරයක් තුල එය ගත යුතුය. තවද, එම ඖෂධයේ වැඩිම ක්‍රියාකාරිත්වය ලැබෙන්නේ රෝග ලක්ෂණ හට ගෙන පැය 24ක් ඇතුලත පටන් ගත හොත් පමණි.

ඒ ඖෂධය මගින් රෝගය යටපත් කරන නිසා නැවත රෝගය ඇති වීමේ හැකියාවක් ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරනවා. මේ මතය නිවැරදිද?

නැහැ. එහෙත් ඉතිරි වූ වෛරස මගින් පසුව හර්පීස් සො(z)ස්ට(ර්) තත්ත්වය ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවක ඇති කරවිය හැක. මෙය වෛරසයේ ස්වභාවයයි.

පැපොල රෝගය වැළදී, මේ ඖෂධ භාවිත කළ අයෙක් එන්නත ලබාගත යුතුද?

එසේ කිරීම අනවශ්‍යයි. පැපොල රෝගය වැලඳීමෙන්, නැවත එය බෝ නොවන ප්‍රතිශක්තියක් රෝගියාට ලැබේ. එන්නතින් ලබා දෙන්නෙත් එයමයි.

29. මේ ඖෂධය ලබාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

මෙම ඖෂධය සිරුරෙන් ඉවත් කරන්නේ වකුගඩු මගින්. එමනිසා වකුගඩුවල සංකුලතා තිබෙන රෝගින්, ඒ පිළිබඳව වෛද්‍යවරයාට දැනුම් දිය යුතුය.

30. පැපොල වැලදුණු අයෙක් නැවත සුපුරුදු දිවියට අවතීර්ණ විය යුතු වන්නේ?

බිබිලි වියලී ගොස් අලුත් බිබිලි නැත්නම්, එම රෝගියාගෙන් තවත් අයකුට පැපොල බෝ වීමේ අවදානම ඉතා අඩුය. එමනිසා සුපුරුදු දිවි පෙවෙතට එවිට අවතීර්ණ විය හැකිය.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්.ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

chicken pox (papola) sinhala,symptoms,treatments(clear explanation) | Sinhala medical channel 25/04/2025

chicken pox (papola) sinhala,symptoms,treatments(clear explanation) | Sinhala medical channel this vedio is regarding chicken pox. ​ is highly contagious and is caused by the varicella zoster virus. Most people diagnosed with chickenpox will...

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo