Girls Lover

Girls Lover

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Girls Lover, Health/Beauty, colombo, Colombo.

01/05/2026
30/04/2026

" ඇයි ඔයාට මාව විශ්වාස නැද්ද, බයයිද මම කැලේ ඇතුළට ගිහින් තමුසෙව දූ//ෂණය කරයි කියලා.. ඒකද මේ නටන්නේ " තරුණයා කෝපාවිෂ්ට වී ඇසුවේය


ස්ථානය : ගාල්ල දිස්ත්‍රික්කය, පිටිගලට ආසන්නයේ වූ වනගත ප්‍රදේශයක්.
දිනය : 2023 නොවැම්බර් 06 වෙනිදා.
වේලාව : සවස හතරයි තිහට ආසන්නයි.

" තවත් ඇතුළට යන්න ඕනද අයියේ. "

යුවළ ඇතුළු වූ ඝන කැලෑව පිළිබඳව උපන් බියෙන් තරුණිය ඇයගේ පෙම්වතාගෙන් ඇසුවා ය. පෙම්වතා දිගින් දිගටම කැලෑව ගස් කොළන් මග හරිමින් කැලය තුළටම පෙම්වතිය රැගෙන ගියේය.

" ඇති බබා, මෙතන කාටවත්ම පේන් නැහැ. අනික මේ කැලේ නයි පොලොංගුත් ඇති. " තරුණිය කීවේ බියෙන් තැතිගෙන තෙත බරිත ⁣වියලි ශාක පත්‍ර වලින් වැසී ගිය පොලව දෙස බලමිනි.

තරුණයා නොරිස්සුම් මුහුණක් මවාගෙන නතර වී තරුණිය දෙස බැලුවේය.

" ඇයි ඔයාට මාව විශ්වාස නැද්ද, බයයිද මම කැලේ ඇතුළට ගිහින් තමුසෙව දූෂණය කරයි කියලා.. ඒකද මේ නටන්නේ " තරුණයා කෝපාවිෂ්ට වී ඇසුවේය.

ඔවුන් සිටි ස්ථානය ආසන්නයෙන් පිරිසිදු දිය පහරක් ගලා යන්නේය. ඔවුන් සිටගෙන සිටියේ පාසි බැඳුණ ගල් පර මතය. ආසන්නයේම විශාල උණ පඳුරක්ද තිබිණි. නිදහස ඔවුනට ඕනෑවටත් වඩා ඇත. එවැනි පරිසරයකදී තරුණිය කලබල වීම වරදක් නොවීය. නමුත් තරුණයාට වැටහුණේ ඇය ඔහුව ප්‍රතික්ශේප කරන ආකාරයකි.

" එහෙම දෙයක් නෙමෙයි සුදූ, තේරුම් ගන්න මම කියන දේ. අපි දැනටමත් ඉන්න තැන කාටවත්ම⁣ පේන් නෑනේ. " තරුණිය මැසිවිලි නගන්නට විය.

" ඒකනේ කියන්නේ ඕයි තමුසේ හැමදේටම කලබලයි කියලා "

" ඇයි සුදූ " තරුණිය බියෙන් ඇසුවාය.

" ඇයි කියන්නේ තමුසේ හිතුවද මම මේ කැලේ ඇතුළට අරන් යන්නේ කාටවත් නොපෙනි මට ඕන දේවල් කරගන්න කියලද..?"

තරුණයා ඇසූ පැනයට පිළිතුරක් ඇයගෙන් එක එල්ලේම ලැබුණේ නැත. ඈතින් කුරුළු නාදයන් ඇසෙද්දී තරුණිය නිහඬව ගලා යන දොර පහර දෙස බලා සිටියාය. ඇයගේ නිහඬතාවය වචන වලට පෙරලිය නොහැකි බොහෝ දේ සඟවාගෙන තිබිණි. වෙනදා මෙන් තරුණිය සමගින් ආලවන්ත කම් පෑමට මෙන්ම කායික අවශ්‍යතා සපුරාගැනීමට තරුණයා ඇයව මෙහි රැගෙන ආ බව ඇය සිතා සිටිනවා විය හැක. ආදරයේ නාමයෙන් ඇය තරුණයාගේ ඕනෑම අවශ්‍යතාවයක් සැපිරීමට සුදානමින් සිටියා ය.

" ඇයි කතා නොකරන්නේ..? මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. " තරුණියගේ නිහඬතාවය නොරිස්සූ තරුණයාගේ ගොරෝසූ රළු කටහඩ නැවතත් ඇසිණි.

" අහන්න මාධව අයියේ, ඔයා දන්නවා මම ඔයාට කොයි තරම් ආදරය කරනවද කියලා. ඔයා මගෙන් ඉල්ලපු කිසිම දෙයක් මේ වෙනකන් මම ඔයාට නොදී ඉඳලා නැහැ. හැමදේම අඩුවක් නැතුව දුන්නා. තවත් ම⁣ගෙන් ඔයාට ගන්න දෙයක් නැහැ. ඒ කරලත් ඇයි මගෙන් මේ විදිහේ ප්‍රශ්නයක් අහන්නේ. ඔයාට මාව විශ්වාස නැද්ද "

" විශ්වාස කරන්න ඔයාව " මාධව කට කොනින් සිනා සී නොරිස්සුමින් කීවේය.

මෙතෙක් ගලා ගිය දොල පාර ආසන්නයේ වූ කුඩා ගලක් මත සිටගෙන සිටි තේජානී පියවරක් පැන මාධව අසලට ලං වූවාය.

" මොකද්ද ඒ කතාවේ තේරුම, අනික ඔයා මහ අමුතු විදිහට හිනාවුනේ.." තේජානී ඇසුවත් පිළිතුරක් වෙනුවට ඇයට ඔහුගෙන් ලැබුණේ සිත බියෙන් සලිත කල බැල්මකි.

මෙතෙක් සන්සුන්ව සිටි මාධවගේ මුහුණ සම්පුර්ණයෙන්ම වෙනස් විය. ඔවුන් සිටි ස්ථානයට ආසන්නයේ වූ ගසක වසා සිටි කැහිබෙල්ලාගේ වර්ණය තරමටම ඔහුගේ මුහුණ අඳුරු වී තිබිණි. අඳුරු මුහුණේ ඇස් වලින් ගිනිදැල් පිටවූවෙත් මාධව දත්ම්ටි සැපුවේත් එක්වරමය. එලෙස ඔහු පිට කලේ මෙතෙක් අළු යට සැඟවුණ ගිනිපුපුරු සේ සිතේ යටපත්ව තිබුණු ඔහුගේ ආවේගයයි.

" මට තමුසෙත් එක්ක වැදගත් කතාවක් තියෙනවා කරන්න. " මාධව කීය. තේජානිගේ පපුව දියෙන් ගොඩට ගත් මාළුවෙක් සේ ගැහෙන්නට පටන් ගෙන ඇත.

" මාත් එක්ක. " වරදකාරියකගේ ස්වරය ඇයගෙන් පිටවිණි.

" ඔව්, මට ඇත්ත කියනවා තේජානි, තමුසෙට ඔච්චරටම මධූෂ එක්ක තියෙන ඇයි හොදැයිය මොකද්ද "

" මට මධූෂ එක්ක. "

" මම බබෙක් නෙමෙයි තේජානි " මාධව කෑ ගැසුවේය. ඔහුගේ හඬට බියට පත් වූ කැහිබෙල්ලා අත්තටු සද්දෙට ගසමින් තේජානිගේ හිසට මඳක් ඉහළින් දොළ පාර දෙසට පියඹා ගියේය.

" ඇයි මේ තරහා අරන් " තේජානිට උවමනා වූයේ කෝපාවිෂ්ට වී කෑ ගසන මාධවව මදක් සන්සුන් කිරිමට උවවත් ඔහු කිසි සේත්ම ඇයට අවනත නොවීය.

" මම හැමදේම දැනගෙන තේජානි කතා කරන්නේ, ඌ එක්ක තමුසේ රිංගපු හොටෙල් වල නම් එක්ක ඕන නම් මම කියන්නම් "

මාධව මේ වතාවේ කියූ වදන් ඇසූ තරුණිය අසීමිතව තැතිගත්තාය. ඇයටත් නොදැනිම පියවර කිහිපයක් පසුපසට ගියාය. සිදුවුයේ කිසිවෙක් බලාපොරොත්තුවත් නොවුන සිදුවීමකි. ඔවුන් සිටියේ තෙත සහිත ලිස්සන සුළු ගල්පරයක් මතය. තරුණියගේ පය ලිස්සා ගියාය. ඇයව ගල් පරයෙන් තවත් ගල් පරයක් මතට වැටුණි. එතැන් පටන් ඇය රෝල් වෙමින් පහළට ගලින් ගලට රූට ගියාය. අවසානයේ ගල් පර දෙකක් මැදින් වූ ගල් දෙ⁣බොක්කාවකින් ඇයව පහළට ඇද වැටිණි. කලබලයක් හෝ නොමැතිව ඇල පාර "හෝ" හඬ නංවමින් පහළට ගලා බැස්සේය.

" තේජානි.........! " කෝපාවිෂ්ට බව අතුරුදහන් ව ගොස් බියෙන් තැතිගත් මාධව කෑ ගැසුවත් ඒ වන විටත් තේජානිට සිදුවිය යුතු දේ සිදුව අවසානය. මාධවගේ හඬ පවා කිසිවෙකට ඇසුණේ නැත. ඔහු දිව ගියේය. ගල් පරයෙන් පරයට පැන අවසානයේ ඇය ඇද වැටුන විශාල ගල් දෙබොක්කාව අසල ඔහු නතර විය. බැලූබැල්මටම එය ස්භාවිකව සෑදුන ගුහාවක් බදු ගල් දෙබොක්කාවකි.

" තේජානි, ඔයා හොදින්ද " මාධව සැනසුම් සුසුමක් වා තලයට මුසු කරමින් ඇසුවේ ගල් දෙබොක්කාවේ සිර වී තවමත් ජීවත්ව සිටින තේජානිව දුටු පසුවයි.

පෙරළා මාධවට ලැබුනේ පිළිතුරක් නොව විලාපයකි. පළමුව තේජානී යටි ගිරියෙන් කෑ ගැසුවාය. කෑ ගසන්නේ මන්දැයි මාධව අසද්දී බියෙන් තැතිගත් තේජානි වෙව්ලමින් නැගිට ගත්තාය. ඇය මෙලෙස ඇද වැටී ඇත්තේ මළසිරුරක් මතටය.

" ඉන් මම එනවා. " තේජාන් එසේ පැවසූ වගන්තිය අවසාන කරන විටත්, ඔහු ගල් පර අතරින් පහළට බැස අවසානය.

තේජානී වැටී සිටියේ ස්භාවිකව ජලය එකතු වී සෑදුන ජල තටාකයක් අසල වූ ගල් දෙබොක්කාවක් තුලටයි. පළමුව තුවාල වී සිටි⁣ තේජානිව මාධව දෙබොක්කාවෙන් ඉවතට ගත්තේය.

" මගේ මුළු ඇඟම රිදෙනවා අයියේ. " හඬමින් තේජානී කීවත් මාධවගේ අවධානය ගල් දෙ⁣බොක්කාව තුළ ඇති මළසිරුර වෙත යොමු වූවා මිසක ඔහු තුවාල වී සිටි ඇය දෙස බැලුවෙවත් නැත.

" පේන විදිහට සුද්දෙක් " මාධව එසේ කීවේ මළසිරුර අසල දනගසාගෙන එය පරික්ෂා කිරීමෙන් පසුවයි.

පසුව ඔහු මලසිරුර පිරික්සා කිරීමට උත්සහා ගත්තද එසේ නොකරන ලෙස පවසමින් තේජානී කෑ ගැසුවාය.

" නතර කරන්න ඕක, අපි පොලිසියට කියමු. නැත්තම් අපිවත් අහුවෙයි. " තැළුම් සීරුම් වලින් දැනුණ වේදනාවත් ඉවසූ තේජානී කීවේ අනවශ්‍ය ප්‍රශ්නයකට මැදි වේවි යැයි සිතට දැනුණ චකිතය නිසාවෙනි.

මාධව රවා තේජානී දෙස බලද්දී ඇයට තිගැස්සීමට ලක් වූවාය. පසුව උන් තැනම ගල් පිළිමයක් සේ ඇය සිට ගනිද්දී මාධව මළසිරුරේ සියලුම සාක්කු ඉවතට අදිමින් පරික්ෂාවට ලක් කලේය. ඉර බැසයමින් තිබියදී ගස් කොලන් වලින් ආවරණය වී තිබුණ මෙකී වනගත ප්‍රදේශයට මේ වන විට ඕනෑවටත් වඩා අඳුර වැටී අවසානය. මාධව මළසිරුර අසලින් නැගිට ගත්තේ ජයග්‍රාහකයෙකුගේ පෙනුම මූණට ආරූඪ කරගනිමින්ය. ඔහු අත ඩොලර් නොට්ටු විශාල ප්‍රමාණයක් තිබිණි. එය තුවාල වී වේදනාවෙන් සිටින තරුණියට පෙන්වමින් ඔහු ඇයට තර්ජනය කලේය.

" මේ තුවාල වලට මම ගෙදර අයට මොකද්ද කියන්නේ අයියේ. " තේජානී ඇසුවේ සිදු වූ තැළුම් තුවාල පෙන්වමින්ය.

" ඕක තමුසේ ඕන දෙයක් කියාගන්නවා මට මොකද, අනික මධූෂ එක්ක නටනකොට තුවාල වෙයි කියලා බයක් තමුසෙට තිබුණේ නැහැනේ තේජානි. වැඩක් නැහැ, තමුසේ එක්ක මම දෙකෙන් එකක් විසදගන්න හිතන්මයි අද ආවේ. මට තමුසෙව මරලා දාන්න තරම් කේන්තියි. ඒත් අත ඇරලා දාමු, මොකද එක අතකට මං සතුටු වෙන්න ඕන තමුසේ වගේ ගෑනියෙක්ගෙන් බේරුන එකට. මම තමුසෙව පරිස්සමින් ගෙදරට එක්කන් යනවා. ඒ ගැන බය වෙන්න එපා. තුවාල වලටත් බෙහෙත් දානවා. පස්සේ තුවාල වුනේ කොහොමද ඇහුවාම කැමති බොරුවක් කියනවා අම්මට. මොකද ඇත්තටම දැන් මට වැඩක් නැහැ තමුසෙගෙන්. "

" ඒ කියන්නේ ඔයා මේ සම්බන්ධය නවත්තනවා. "

" ඔව්. වටේ යන ගෑනියෙක්ව කොහොමත් මට ඕන නැහැ තේජානි. මම වටේ යන ගෑනුන්ට කැමතිත් නැහැ. කැමති විදිහකට තමුසෙට අදින් පස්සේ ජීවත් වෙන්න පුලුවන්. කැමති මිනිහෙක් එක්ක කැමති තැනකට යන්න පුලුවන්. හැබැයි එක දෙයක්. " කතාව මොහොතකට නැවතූ මාධව ඇය දෙසට දබරගිල්ල දිගු කලේය.

" හැබැයි මෙතන තමුසේ කිසිම දෙයක් දැක්කෙත් නැහැ, අපි ඩෙත් බොඩි එකක් දැක්කෙත් නැහැ. පැහැදිලිද මම කියන දේ " සොයාගත් ⁣ඩොලර් කුට්ටියට පෙම්බැදි මාධව අපරාධය සගවන ලෙස තේජානිට තර්ජනය කලේය.

" මම කාටවත්ම කියන් නැහැ. " අවසානයේ මාධවගේ තර්ජන වලට බිය වූ තරුණිය හඬමින් කීවාය.

පසුව හම්බ වූ මළසිරුර පිළිබඳව රහස පිටිගල වනය තුළම වැලලූ යුවළ අපහසුවෙන් වනය තරණය කරමින් මහා මාර්ගය බලා ගමන් කරන්නට වූහ.
........ ආයු බොහෝ වේවා..!

අලුත් කථාවක් කිව්වට මේක තමයි කතාවේ නියම පටන් ගැන්ම. ඔයාලා දැනටමත් මේකේ අතුරු කතා දෙකක් කියෙව්වා. මුල ඉදලා වාව් එකක් මේ කතාවේ නැතිවෙයි. මොකද මේක slow burn crime thirller එකක්. ඒ නිසා ඉවසීමෙන් කියවන්න ආස අය, අවසානයේ මේ මොකද්ද මේ වුනේ වගේ කරකවලා අවසන් වෙන පට්ට කතාවක් කියවන්න කැමති අය ඉතිරිය කියවන්න ම⁣ගේ පේජ් එක follow කරගෙනම යන්න. ඒ වගේම මං වෙනුවෙන් පුලුවන්නම් මේ කතාව share කරගෙනම යන්න. ඒක පේජ් එකට කතා දාන්න රීච් හදාගන්න මං වෙනුවෙන් කරන ⁣ලොකුම උදව්වක්. දවස ගානේ හැමදාම රාත්‍රි 7.30ට අලුත් කොටසක් අපි කියවමු. කතාව ඔන්ගොයින් කියවන්න. මොකද මේක ⁣පොතක් ලමයෝ..!

මම අංජන දුෂ්‍යන්ත.

30/04/2026

වැරදි අතීතයෙ
නටඹුන් එක්කම
යායුතු දුර බර වැඩි හින්දා.......

සමුගෙන යාමට
මට සිදුවී ඇත
සගවම් කදුළක් ලොවට හොරා...

සමාව ඉල්ලා
හඬා වැටෙනු බෑ
රිදුන නුඹේ සිත දන්න නිසා....

හිත නුඹ පාමුල
උගසට තියලා
පිටවෙන්නම් දඩුවම් විදලා....

B.M.N.සඳූ බස්නායක...

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
Colombo
00100