LifeUnplugged with KeKi
I just a simple girl trying to make My way in the World ... Creating my own Sunshine ... Too glam to give a damn....
10/01/2026
☘️ බ්‍රහ්ම මූර්තියෙන් එනම් පාන්දර 4.30ට අවදි වන්න.
සාර්ථක පුරුද්දක් ඔබ තුළ වර්ධනය කරන්න. සෑම දිනකම රාත්‍රී එක් වෙලාවක නිදාගෙන උදෑසනම අවදි වන්න.
☘️ ස්වයම් වර්ධනයට හේතුවන පොතක් කියවීමට දිනකට මිනිත්තු 60ක් වැය කරන්න.ඇතිවන වෙනස ඔබව මවිත කරවයි.
☘️ විනය නොමැති තැන කිසිවක් නැත. ස්වයං විනය පිළිබඳ කලාව ප්‍රගුණ කරන්න. වේලාසනින් නැඟිට, දිගු වේලාවක් වැඩ කරන්න, සහ ඔබේ ගැටලුවලට මුහුණ දෙන්න.
☘️ හැකි තාක් පිරිසිදු ජලය පානය ක්රන්න.ජලය ලීටර් 3 ක් වත් පානය කරන්න.
☘️ ඔබේ ජීවිතය සඳහා 100% වගකීම ගන්න, කිසිවිටෙක තත්වයන්ට හෝ කිසිවෙකුට දොස් නොකියන්න.
☘️ සුවඳ මගින් ඉහිල් වන්න. - හොඳ ඇඳුම් ආයිත්තම් කට්ටලයක්, හොඳ සුවඳක් සඳහා ආයෝජනය කරන්න, සහ කතා කරන ආකාරය ඉගෙන ගන්න. ඔබ ඔබේ සාර්ථකත්ව අනුපාතය 94% කින් ඉහළ නංවනු ඇත.
☘️ මෙන්ටර් කෙනෙක් තබා ගන්න.
ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය සදහා හරි මග පෙන්වන්නෙකුගෙ සහය රැගෙන ඒ උපදෙස් විශ්වාසයෙන් ක්‍රියාත්මක කරන්න.
06/11/2025
අපේ ජීවිතයේ හොඳම දේ සිදුවන්නේ අපි අප කෙරෙහි සහ අපගේ ආදරණීයයන් කෙරෙහි පෞද්ගලිකව අවධානය යොමු කරන විටය. සියල්ල වැදගත් කිරීමට ලෝකය සමඟ බෙදා ගැනීමට අවශ්‍ය නොවේ. අප පෞද්ගලිකව දේවල් ගොඩනඟන විට,පෞද්ගලිකව සිහින දකින විට සහ පෞද්ගලිකව සාර්ථක වූ විට සැබවින්ම අපගේම දෙයක් නිර්මාණය වේ. අන් අයගේ විනිශ්චයෙන් නොසැලී අපගේ සාර්ථකත්වය අප වෙනුවෙන්ම පමනක් වීමට ඉඩ දෙන්න... අන් අයගේ අත්පොළසන් දීමක හෝ පිළිගැනීමක අවශ්‍යතාවයකින් තොරව නිහඬව වැඩ කිරීම සැබෑ සාර්ථකත්වයට හේතු ගෙන දේවි.
ඔබත් උත්සාහකර බලන්න. සැමට ජය...
- පෞද්ගලිකව විවාහ වන්න.
- ඔබේ දරුවන් පෞද්ගලිකව ඇති දැඩි කරන්න.
- පෞද්ගලිකව ගොඩනඟන්න
- පෞද්ගලිකව අරගල කරන්න.
- පෞද්ගලිකව සැලසුම් කරන්න.
- පෞද්ගලිකව ඉගෙන ගන්න.
- පෞද්ගලිකව ආදරය කරන්න.
- පෞද්ගලිකව සිහින දකින්න.
- පෞද්ගලිකව අසාර්ථක වන්න.
- පෞද්ගලිකව නැවත ආරම්භ කරන්න.
- පෞද්ගලිකව වැඩ කරන්න.
- පෞද්ගලිකව සමරන්න.
- පෞද්ගලිකව පරාවර්තනය කරන්න.
- පෞද්ගලිකව විවේක ගන්න සහ නැවත ආරෝපණය කරන්න.
- පෞද්ගලිකව ඔබේ හොඳම දේ වන්න.
- පෞද්ගලිකව සෑහීමට පත් වන්න.
LifeUnplugged with KeKi `
18/10/2025
⛔ 40+ සම්පූර්ණ ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියකි .....
ඕනම කෙනෙක්ගේ ජීවිතේ ස්වර්ණමය දශකය 40-50 අතර කාලය.අවුරුදු 40න් පස්සේ ජීවිතේ දශක 4ක් ඉවරයි..ආයුශ අවුරුදු 80ක් කියලා හිතුවොත් ජීවිත කාලයෙන් භාගයක්ම ගතකරලා ඉවරයි.දැන් තියෙන්නේ ඉතින් යන තැනකට වැඩක් කරගන්න එක..ඔහොම තමයි ලන්කාවේ අපි හිතන්නේ..ඒත් බටහිර රටවල ඔය කතාව හාත්පසින්ම වෙනස්.එයාලා ජීවිතේ පටන් ගන්නේ 40න් පස්සේ.දරුවෝ දීග දීලා,ලාමක අස්ථාවර සිතුවිලි වලින් මිදිලා,මිනිස්සු හදුනාගෙන ජීවිතේ පරිපූර්ණ වෙච්ච කාලයක් මේක.ඉතින් ඒ කාලේ ජීවිතේ විදින්න පුලුවන් කාලේ කිව්වොත් මම හරි..බුද්දිමත් කාන්තාවන් ඉතින් සියලුම ප්‍රශ්න මැද නීරෝගී ජීවිතයක් ගත කරනවා.එයාලා මෙන්න මෙහෙම සාමාන්‍ය දේවල් ටිකක් කරනවා.ඒත් තමයි👇👇
👉නිසි ශාරීරික ව්‍යායාම
👉සමබල ආහාරවේල
👉හානිදායක ආහාරවලින් සම්පූර්ණයෙන් වැලකීම
👉පිටි කෑම 60% න් පාලනය
👉ක්ෂනික කෑම සම්පූර්ණයෙන් අත හැරීම
👉තද අව්වට නිරාවරනය නොවී සිටීම
👉අධින මානසික ආතතියෙන් යුතු බැදීම් වලින් ඉවත්වීම
👉කල්පනාකිරීම 50%න් අඩු කිරීම
👉ක්‍රියාකාරකම්වල නිරතවීම
ඒ වගේම පහත් උපදෙස් වැඩියෙන් අනුගමනය කරන්න.👇👇
☝️කාන්තාකවක අවශ්‍ය විටමින් සහ ෆෝලික් අඩංගු බහුකාර්‍ය පෙත්තක් පාවිච්චියට ගන්න.
☝️ඔබේ මානසික පීඩනය ස්ට්‍රෙස් එක වැඩිනම් වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.
☝️අවුරුදු 40 පසු කෙනෙක්ගේ බෝනස් අස්ථි දිරාපත් වෙන්න පටන් ගන්නවා.ආතරයිටිස් වැනි රෝග ඇතිවෙන්නේ එහෙම.එම නිසා කැල්සියම් 1000mg සහ විටමින් D දිනපතා ශරීරයට ලබාගන්න.මේවා පෙති වශයෙන්ම නොව හාල්මැස්සන් වැනි කුඩා මසුන්,අලුත් එලවලු,මුහුදු මාලු වැනි දෙවලින් ලබාගත හැකියි.
☝️මාස 3කට වරක් රුධිරගත සීනි,කොලෙස්ටරෝල්, පරීක්ෂා කරගන්න.මෙයට සාමාන්‍ය වෛද්‍යවරයෙක් නොව ප්‍රසව හා නාරි හෙවත් VOG වෛද්‍යවරයෙක් හමුවන්න.
☝️දිනපතා ආහාර ගැනීමට පසු හොද ඉදුණු කෙසෙල් ගෙඩියක් 🍌 කන්න.මෙය බඩවැල් වල සංකූලතාවන්ට මෙන්ම මලබද්දයටත් ඉතාම හොදයි.
☝️දිනපතාම කොල ඇපල් ගෙඩියක් කන්න."ඇපල් ගෙඩියක් කන්න...දොස්තරව ඈතින් තියාගන්න..."මේ කියමන නිකම්ම කියන දෙයක් නෙවෙයි.ඒ තරම් කොල ඇපල් ගුනයි.
☝️ඔබේ දෑස් ඔබේ දෑස් මෙන් රැකගන්න. 👀 දිගින් දිගටම ගෑස් ලිප් පාවිච්චිය,ජංගම දුරකතනය පරිගනකය පාවිච්චිය,නිදිවැරීම, වැනි බොහෝ හේතු නිසා එය කෙලින්ම බලපාන්නේ අපේ ඇස් වලට.මේ නිසා අවුරුදු 40න් පසු ඇස් දෙක පරීක්ෂා කරගන්න.(දැන් ඉතින් පොඩි ලමයින් පවා කන්නාඩි දානවා.) අනිවාරෙන්ම කියවීමේදී රීඩින් ග්ලාස් පාවිච්චි කරන්න.
☝️ජීවිතය,අවට ලෝකය දෙස ඉරිසියාව කුහකකමින් බැලීමෙන් වලකින්න..සෞම්‍ය ලෙස ජීවිතේ දෙස බලන්න පටන් ගන්න.
☝️පිශ්ඨය,මේදය අඩුකර ප්‍රෝටීන ප්‍රමානය වැඩිකර ගන්න.ප්‍රෝටීනවල ඇමයිනෝ අම්ල වයස්ගත්වීම නිසා ඇතිවන බොහෝ ප්‍රශ්න අවම කරනවා.
☝️බොහෝදෙනා කියන පරිදි 'මලකෝලන්' ඇරඹෙන්නේ මේ අවුරුදු 40න් පසුවයි.ඒ ආදරය ඔබේ ප්‍රියතමයන් සමග විදීමෙන්.ලෝකය දහස් දේ කියාවි..ඒත් ඔබ ඔබේ සැමියා,බිරිද සමග ආදරෙන් ඉන්න.එය ඔබව මානසිකව සතුටින් තබන අතර වයස ආපස්සට ගෙනයයි.
☝️ආගම දහමට යොමුවන්න.නමුත් එහි අන්තයට ගොස් ජීවිතේ කලකිරවාගන්න එපා.
☝️සීනි නැති කහට කෝප්පයක් ☕ කෑමෙන් පැයකට පසු බොන්න.එය ඔබේ කැම වේලෙහි අනවශ්‍ය තෙල් අඩු කරාවි.
☝️දවසකට එලවලු 4ක් කන්න.එක් එලවලුවක් නොපිසූ එලවලුවක් වියයුතුමයි (සලාද,කැරට් සම්බෝල)
☝️බිත්තර සුදුමදය ආහාරයට ගන්න.අධික කොලෙස්ටරෝල් ඇත්තේ කහමදයේයි.හාෆ් බොයිල් කල සුදු මදයට ගම්මිරිස් ඉසගෙන කන්න.
☝️දිනකට වතුට බෝතල් 6ක් බොන්න.එය රාත්‍රී නින්දට පෙර කරන බවට ඔබ ඔබටම අභියෝග කරන්න.
☝️බත්කනවිට රතුලූනු ගෙඩියක් හපලා කන්න..අවුරුදු 40පස්සේ මේක කලයුතුමයි.රතුලූනු ශරීරය විශෙන් තොර කලාපයක් කරනවා.
☝️උදෑසන සීනි නොදා දොඩම් යුශ වීදුරුවක් බොන්න.එය ඔබේ පෙනුම රැකගන්න වැදගත්.ගැස්ට්‍රයිටිස් රෝගය ඇත්නම් පමනක් වෛද්‍ය උපදෙස් ඇතිව බොන්න.
☝️නින්දට පෙර දෙහි යුශ 🍋 දැමූ උනුවතුර කෝප්පයක් පානය කරන්න.එය දවසේ අදික නොසන්සුන් බවත් තෙල් කෑමවල අධික කොලෙස්ටරෝල් ප්‍රමානයත් පාලනය කරනවා.
☝️ඔලිව් ඔයිල් ආහාරයට ගන්න.ලෝක සෞඛ්‍යය සංවිධානය කියන විදියට ඔලිව් ඔයිල් ලෝකයේ තියෙන සුපිරිම ආහාරය.එහි ඇති හිතකර කොලෙස්ටරෝල් ශරීරයේ අහිතකර තෙල්වලට එරෙහිව සටන් කරනවා.තරුන පෙනුම දෙනවා.ගන්නා විට 'එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්' කියා ඉල්ලන්න.
☝️කිරිපිටි නවතා දමා දියර කිරි බොන්න.ලන්කාව වගේ දුප්පත් රටවල් පමනයි කිරිපිටි බොන්නේ.කිරිපිටි නිශ්පාදනයේදී අධික විකිරණ ප්‍රමානයක් යොදාගන්නවා.ඒ නිසා දියර කිරි බොන්න.එක වීදුරුවක් දවසකටම ඇති..පුලුවන්නම් සීනි නොදා බොන්න.
අද ඔබට මේ ලිපිය අදාල නොවිය හැක.නමුත් ජීවිතේ කවදාම හෝ අවශ්‍ය බව දැනගෙන කියවන්න.මෙහි ඇති ඇතැම් දේ ඔබ දැන් සිට වුවද කිරීමෙන් ඔබට වරදක් සිදුවන්නේ නැත.
උපදෙස්,
පෝශණවේදිනී හා කායික රෝග වෛද්‍ය
නාලිකා වරකාගොඩ
දිනිති අමා
ස්තූතියි...
(උපුටාගැනීමක්...)
#සිංහල
18/10/2025
වයසත් එක්ක සමහර ගැහැණු දිදුලන්න, බබලන්න පටන්ගන්නවා දැකලා තියෙනවද?
අවුරුද්දෙන් අවුරුද්ද ජීවත්වුන කාලය වැඩි වුනාට, හම වෙනදා වගේ මුහුණ තදින් වෙලා නොගත්තට, ඇහැට යටින් පොඩි තඩිස්සියක් තිබුනට, ඇහැ දෙපැත්තෙ, කට දෙපැත්තෙ පොඩි පොඩි රැලි වැටුනට, ගැහැණියකගේ සුන්දරත්වය,ගැහැණු කම,ආකර්ශණය අඩුවෙන්නෙ නෑ .
ඒ වුනාට වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කීවට, වයස වැඩි වෙනකොට ශරීරයට වෙන දේ කාටත් අනිත් පැත්ත හරවන්නත් බෑ .
ඉතින් කොහෙමද වයසට ගිය අය එහෙම දිදුලන්නෙ ??
තමන් තමන්ගේ වගකීමක් යන්න තේරුම් ගැනීම... තමන්ට ලස්සනට තැනකට යන්න ඕනා නං ඒ වෙනුවෙන් ලැහැස්ති වෙන්න ඕනා තමන්මයි ...
අන්තිම වෙනකම් අනිත අයගේ දේවල් කරලා අන්තීම මොහොතේ තියෙන දෙයක් ඔතාගෙන ගිහින් පින්තූර බලලා අනේ මගේ හැටි කියලා ආත්මානුකම්පාවෙන් මිරිකෙන කොට කොහෙද දිදුලන්නෙ??
ලස්සනයි කියලා දැනෙන්න, ලස්සනට ඉන්න ඕනා කියන දේ තේරුම් ගත්ත ගැහැණු ඔන්න තමන් නොදැනම දිදුලනවා...
ඉතිරි වෙලා තියන සෞඛ්‍ය රැකගත යුතු බව තෙරුම් ගත්ත, තම කාලය ශ්‍රමය තමන් වෙනුවෙන් සහා එය බලාපොරෙත්තු වෙන අයට වඩා ලැබීමට සුදුස්සන් වෙනුවෙන් වැය කරන්න ඕනා කියන දේ තේරුම් ගත්තම ගැහැණු දිදුලනවා..
තමන්ගේ කුටුම්භය, තරමටම තමන්ද වටින බව තේරුම් ගත්ත ගැහැණු දිදුලනවා...
තමන්ගේ වටිනාකම තේරුම් අරගෙන ඒ වටිනාකම තමන්ට දිය යුත්තෙ තමන් මිසක් වෙන පිරිමියෙක් නොවන බව තේරුම් ගත් ගැහැණු දිදුලනවා...
වෙන කෙනෙක්ගේ පහණ නිවලා තමන්ගෙ දැල්ල වැඩිකරගන්න බැරි බව තේරුම් ගත්ත ගැහැණු දිදුලනවා...
ඉතින් හිතන්න දිලෙන්න බබලන්න !!!
උපුටනයකි...
18/10/2025
❛❛ කාලය නාස්ති වීම වළක්වන Parkinson's Law ❜❜
මේ නීතිය ගැන ලියන්නෙ බ්‍රිතාන්‍ය ජාතික සිරිල් නෝත්කෝට් පාකින්සන්. එයා කියනවා ඔයාට මොකක්හරි වැඩක් කරන්න තියන කාලයේ තරමට ඒ වැඩෙත් දික්වෙනවා කියලා. ඒ කීවේ ඔන්න හිතන්නකෝ ඔයා ඔයාගෙ කාමරේ අස් කරන්න දවස් තුනක කාලයක් ඔයාට දෙනවා. ඊටපස්සෙ හුඟක් වෙලාවට ඔයා ඒ වැඩේ ඉවර කරන්න දවස් තුනක කාලයක් අරගන්නවා. හැබැයි ඔයා ඒකට පැය තුනක් මනසින් වෙන් කළොත් ඔයා කොහොමහරි ඒක පැය තුනකින් ඉවර කරනවා. තව හිතන්නකෝ ඔයාගෙ assignment එකක් submit කරන්න ඔයාට දවසම තියනවා කියලා. එතකොට හුඟක් වෙලාවට ඔයා ඒ වැඩේ කරන්න ගන්නේ දවසේ අන්තිම හරියේ. හැබැයි ඔයා හිතුවොත් ඒකට ඒකට තියෙන්නේ පැයයි කියලා ඔයා ඒක ඒ පැය ඇතුළත කරලා ඉවර කරනවා. බලන්නකො එකම වැඩේ, ඒකට දෙන කාලය වෙනස් වෙද්දි efficiency එකත් (කාර්‍යක්ෂමතාව) වෙනස් වෙනවා.
ඉතිං මේ නීතියෙන් අපිට කියල දෙන්නේ මොනාද ?
• ඕනෙම වැඩකට ඔයා දෙන කාලය, ඒ වැඩේ ලොකුද පොඩිද කියනෙක තීරණය කරනවා.
• ඔයාගෙ වැඩ ටික ඉක්මනින් ඉවර කරගන්නෝන නම්, කාලය කොටස් වලට බෙදාගන්න.
• ඔයාගෙ වැඩවලට time limit දීලා, ඔයාගෙ දවසේ productivity වැඩි කරගන්න පුලුවන්.
මේ විදියට time limit දුන්නම, ඔයාගෙ focus, creativity, efficiency කියන තුනම වැඩිවෙනවා. ඉතිං මේක වැඩ කරනවද කියල බලන්න අද ඔයාගෙ මොනාහරි වැඩකට පුංචි time limit එකක් දීලා ඒ වැඩේ සම්පූර්ණකරගන්න.
උපුටාගැනීමකි.
Click here to claim your Sponsored Listing.