MSK Life Mortivation

MSK Life Mortivation

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MSK Life Mortivation, Health/Beauty, Colombo.

Freelance writer, Principal, Counsellor
හිස, අත, හදවත පෝෂණය වුණු සහෘද පරපුරක් වෙනුවෙන් ජීවිතය විඳින්නට ධනාත්මක චින්තනය, විශ්ව ආකර්ෂණය, අභිප්‍රේරණ, නිර්මාණශීලීත්වය වැනි ක්ෂේත්‍ර හරහා හෘදයාංගම මඟපෙන්වීමක් කරන FB පිටුවකි.එකතු වන්නට ඔබටත් ආරාධනා...

28/12/2025
17/12/2025

ජීවිතය වෙනස් වන්නේ සිතුවිල්ලක් මාරු වූ දවසට ය...

ජීවිතය කියන්නේ සෑම දිනක් ම එක ම ආකාරයෙන් සම්පූර්ණ නොවෙන ගමනක්.
ඒත් ඔබ සිනාසුණත්, ඔබ වැළපුණත්
ඒ හැම දිනයකට ම එක ම සත්‍යයක් තියෙනවා...

ඒ තවමත් ඔබට ඉදිරියට යෑමට අවස්ථා ඇති බව...

💕💕අතීතය අපට සුබ අසුබ පාඩම් කියා දුන්නාට,
අනාගතය අපිට තෑගි දෙන්නට සූදානම්...

ඉතිං..., ඔබ කළ යුත්තේ
අතීතයට බැඳී ඉන්න එක නොවෙයි,
ඒ පාඩම් තුළින් ඉදිරියට යන ශක්තිය වර්ධනය කරගැනීමයි...

💕💕ඔයා ඔයාව ම විශ්වාස කරන්න පටන් ගත් දවසට,
අනිවාර්යයෙන් ම ජීවිතය නිරවුල් වෙනවා.
ඔයාට හිතෙන දේ, ඔයාට දැනෙන දේ තුළින්..., ඔයාගෙ ලෝකය නිර්මාණය වෙන්න පටන් ගන්නවා...

💕💕කඩා වැටීම ගැටලුවක් නොවෙයි...
ඒත් නවතින එක තමයි අසාර්ථකත්වය...
වැටෙන වාරයක් පාසා නැඟිටිමින්
“මට පුළුවන්” කියලා තමන්ට ම
සන්සුන්ව කියන්න පුළුවන් නම්, ඔයාගෙ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නේ එතැන් සිටයි.

ඔයා අද ඉන්න තැන...,
හෙට ඔයා ඉන්න තැන නියම කරන සාධකය නොවෙයි.

💕💕ඔයා අද තෝරගන්න සිතුවිල්ල
හෙට ඔයා ඉන්න තැන වෙනස් කරන සාධකයයි.

💕💕හිතට දිරිය දෙන්න...සහනය දෙන්න...
ජීවිතය විඳින්න ඉගෙන ගන්න...

Lots of love
MSK Life Mortivation

16/12/2025

ජීවිතය වෙනස් කරන ඇරඹුම...

ජීවිතය වෙනස් කරන ඔබේ ආරම්භය ඇත්තේ ඔබ තුළ ම යි. ඒ ඔබේ ධනාත්මක චින්තනය යි. ධනාත්මක චින්තනය යනු සෑම දෙයක් ම සාර්ථකයි කියලා හිතන බොරු විශ්වාස නම් නොවෙයි.
එය නම්; අසාර්ථකත්වය, වේදනාව, අභියෝග තිබුණත් ඒවා අතරින් හොඳ ම මාර්ගය තෝරාගැනීමට හිත පුහුණු කරගැනීමයි...

ජීවිතේ අපට පාලනය කරන්නට බැරි සිදුවීම් බොහොම යි.
නමුත් ඒවාට අපි දක්වන ප්‍රතිචාරය අපට පාලනය කරන්නට හැකියි.
ඒ ප්‍රතිචාරය ධනාත්මක වෙද්දි ඔබේ
🙂 @@හිත ශක්තිමත් වෙනවා...
🙂 තීරණ පැහැදිලි වෙනවා...
🙂 ජීවිතය ඉදිරියට ගමන් කරනවා...
ධනාත්මකව සිතන මිනිසෙක්
“ඇයි මට මෙහෙම වුණේ?” කියලා අහන්නේ නැහැ.
“මේකෙන් මට ඉගෙනගන්න පුළුවන් මොනව ද?” කියලයි ඔහු අහන්නේ...

ඔබ සිතන විදිහ වෙනස් කළ විට,
ඔබ දකින ලෝකය වෙනස් වෙනවා...
ලෝකය වෙනස් වුණු විට,
ඔබේ ජීවිතයත් හෙමින් හෙමින් වෙනස් වෙනවා...
👉 ධනාත්මක චින්තනය කියන්නේ ශක්තියක්.
👉 ඒ ශක්තියෙන් තමයි ඔබේ හෙට දවස නිර්මාණය වෙන්නේ.

ඉතින්, හිතන විදිහ ධනාත්මක ව වෙනස් කරමු. හෙට දවස සුන්දර ව වෙනස් කරමු.💕💕💕

Lots of love
Msk Life Mortivation

14/12/2025

හිතින් කඩා වැටෙන විට ජීවිතයට අලුත් පණක් දෙන්න.

ජීවිතයේ කඳු මුදුන් තරණය කරමින්, දිගු සැතපුම් වෙහෙස මහන්සියෙන් ගෙවද්දී දරාගන්න බැරි දේවල් හිත බිඳින වාර අනන්තයි. අපිට අපි දුර්වලයි කියලා හිතෙන වාර අනන්තයි...

ඒත් කඩා වැටීම කියන්නේ අපි අපිට අහිමි වෙලා කියන සලකුණක් නෙවෙයි.
කඩා වැටීම කියන්නේ නව ශක්තියක් උපදවන පළමු පියවර.

බිඳවැටීම්, කඩා වැටීම් කියන්නේ ඔබේ අභ්‍යන්තරයේ සැඟවුණු බලය අවදි කරන සුබ නිමිත්තක්

අප වටේ තියෙන හැමදේම හොඳින් තියෙද්දි හිත ශක්තිමත් වීමේ අවශ්‍යතාවක් දැනෙන්නේ නැහැ.
ඒත් දුක්, වේදනා, පරාජය, කඩා වැටීම, ප්‍රතික්ෂේප වීම… මේ වගේ හැඟීම් තුළින් තමයි ඔබ තුළ සැඟවුණු සැබෑ ශක්තිය ඔබත් නොහිතන විදිහට පණ ගහන්නෙ.
කවදාහරි කඩාවැටුණොත්:
ඔයා නැවත පටන්ගන්න. ඒ ඔයාගේ සැබෑ ශක්තියෙන් පිබිදෙන අලුත් ජීවිතය යි.

ඔයා දන්නවද Fail යන්නෙහි අදහස...
ඉන්දියානු හිටපු ජනපති(2002- 2007) ඒ.පී.ජේ. අබ්දුල් කලාම් මහතා දැක්වූ පරිදි
First Attempt In Learning
(පළමු උත්සාහය ඉගෙනීමයි)

ඉතිං, ඔයත් fail නම් අතහරින්න එපා.මේ ඔයාගේ ජයග්‍රහණයේ පළමු පියවරයි

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo