Bump in the Making
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bump in the Making, Health/Beauty, Colombo.
01/05/2026
Castorl Pack ☘️☘️
🌷 Castorl Oil Pack තේරෙන සිංහලෙන් කිව්වොත් එඩරු තෙල් සත්කාරය ගැන ඔයාලට කියලා දෙන්නයි හදන්නේ.....
🌷 මේකට පිරිසිඳු එඩරු තෙල්, ඔයාගේ යටි බඩ ප්‍රදේශයට ප්‍රමාණවත් ටිකක් ඝනකමට නවාගන්න පුළුවන් කපු රෙදි කැබැල්ලක් හෝ වූල් ෆ්ලැනල් රෙද්දක් හා ඒ කපුරෙද්ද වැහෙන ප්‍රමාණයට පළල සහිත පොලිතීන් කැබැල්ලක් (ලන්ච් ශීට් එකක් වුනත් පාවිච්චි කලාට කමක් නෑ)
🌷 Double boiled කරන ලද එඩරු තෙල්වලින් අර කපු හෝ ෆැනල් රෙද්ද පොඟවා අනවශ්‍ය තෙල් ටික මිරිකලා ඉවත් කර ගන්න
🌷 ලා රස්නය තියෙන කොටම ඒ රෙදි කැබැල්ල ඔබේ යටි බඩ ප්‍රදේශය (නාභියට පහළින්) ආවරණය වන ලෙස පින්තූරයේ පෙනෙන ආකාරයට අතුර ගන්න (රෙදි කැබැල්ලේ උණුසුම ඔබට දරාන්න පුළුවන් මට්ටමට තියාගන්න.... මොකද යටිබඩ ආශ්‍රිත සම සියුම් නිසා පිලිස්සෙන්න පුළුවන්)
🌷 මෙම Pack එක විනාඩි 25ත් 45ත් අතර කාලයක් ඔබේ යටි බඩ ප්‍රදේශයේ තබාගන්න පොලිතින් කැබැල්ල ඊට උඩින් අතුරගන්න අමතක කරන්න එපා හොඳද (එමඟින් වැඩි තෙල් ප්‍රමාණක් ඔබේ ගර්භායට උරාගැනීමට උපකාර කරනවා)
🌷 ඉන් පසු ඔබට පුළුවන් මෙම රෙදි කැබැල්ල නැවත දිනයක භාවිතයට ගන්න පුළුවන් විදියට අරන් තියාගන්න
🌟 ඔබේ ඔසප් චක්‍රයේ දින 5–14 කාලය තුළ භාවිතයෙන් ඔබේ ගර්භාශය සුවපත් කර ගැබ් ගැනීමේ හැකියාව වැඩිදියුණු කරනවා
🌟 Fibroids/Endometriosis වගේ තත්ත්වයන් සඳහා සති 3–4 වරක් මෙය සිදුකර යහපත් ප්‍රතිඵල අත්කරගන්න පුළුවන්
⚠️⚠️ මෙම Pack එක ගර්භණී කාලයේදී භාවිතා නොකරන්න (ගර්භාශය සංකෝචනය විය හැක).
⚠️⚠️ බීජ නිකුත් වූ පසු (Ovulation) භාවිතා කිරීම සුදුසු නැත.
⚠️⚠️ මාසික රුධිර ගැලීමේදී භාවිතා කිරීමෙන් වළකින්න.
⚠️⚠️ සමේ ඇලර්ජි/ඇඟිලි රතු වීම ආදිය පිළිබද පරීක්ෂාකාරී වන්න.
⚠️⚠️ එඩරු තෙල් බාහිරව පමණක් භාවිතා කරන්න.
මේ සත්කාරය කරලා ඔබටත් ඉක්මන් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්........
ඉතිං ඒ පිළිබඳ ඔබේ අදහස් පහළින් Comment කරන්න 💪💪
මේවගේ තවත් වැදගත් දේවල් බලාගන්න page එක
follow කරලා තියාගන්න
18/04/2026
IUI treatment එකේදී දින 12න් සිදුකරන ස්කෑන් පරීක්ෂාව........
මෙම පරීක්ෂාව සඳහා ඔබ වෛද්‍යවරයා වෙත යන විට පහසු ඇඳුමකින් සැරසී යන්න
මෙම පරීක්ෂාව ඔබගේ යෝනි මාර්ගයෙන් ඇතුළත් කරනු ලබන Scaner එකක් මඟින් තමයි කරන්නේ
ඔබ වෙත ලබා දුන් ඩිම්බ මෝරන ඹෟෂධ මඟින් නිසි පරිදි ක්‍රියාත්මක වී ඇත්ද ඔබ IUI treatment එකට සූදානම් ද යන්න මෙම පරීක්ෂණ මඟින් දැනගන්න පුළුවන්
එය තහවුරු කරගන්න නම් ඩිම්බවල හරස්කඩ දිග 1.8cm (18mm)වලට වඩා වැඩි විය යුතුය.
තවද ප්‍රමාණවත් පරිදි ඹබේ ගර්භාෂ බිත්ති ඝනකම වර්ධනය වී තිබීමද මෙහිදී පරීක්ෂා කරනු ලබයි
06/04/2026
Progesterone හෝමෝනය ඔබේ සංසේචිත ඩිම්බය කළලයක් දක්වා වර්ධනයට වැදගත් බව ඔබ දැන සිටියාද🤔🤔🤔??
🦋 දින 21කින් සිදුකරන Progesterone හෝමෝන පරීක්ෂාව මගින් ඔබගේ ඩිම්බ පිටවීමක් සිදු වුනාද කියලා හොයාගන්න සිදුකරන රුධිර පරීක්ෂාවකි
🦋 සාමාන්‍යයෙන් දින 28ක චක්‍රයක් පවතින අයෙකුට දින 21න් මෙම පරීක්ෂණය සිදු කලත් චක්‍රයේ දින ගණන අනුව රැධිර පරීක්ෂණය සිදු කරන දිනය වෙනස් වෙනවා
🦋 සාමාන්‍යයෙන් දින 28ක චක්‍රයක නම් දින 21 යනු Progesterone හෝමෝනය ඉහළම අගයක් දක්වන දිනය ලෙස සලකනු ලබනවා
🦋 21වන දිනයේදී අවශ්‍ය හෝමෝන අගය පෙන්වනු ලබයි නම් කිසිදු ගැටලුවකින් තොරව උපකල්පනය කල හැක්කේ නිසි පරිදි ඩිම්බ පිටවීමක් සිදු වී ඇති බැවින් ඔබට දරුවකු පිළිසිද ගැනීමක් අපේක්ෂා කළ හැකි බවයි
🦋නමුත් නිවැරදි හා ප්‍රමාණවත් හෝමෝන අගයක් නොමැති නම් ඩිම්බ පිටවීමක් සිදුනොවී ඇති බව උපකල්පනය කළහැක
මේ අනුව Progesterone හෝමෝනය ඔබට සාර්ථක Pregnancy 🤰 එකකට දායක වෙනවා
05/04/2026
මොකද්ද මේ දින 21න් කරන Progesterone test එක 🤔🤔
ඔබ මේ පිළිබද දැනුවත්ද?
Page එක follow කරලා තියාගන්න 🤗🤗
මේවගේ වැදගත් දේවල් ගොඩක් තියෙනවා share කරගන්න 🤰
03/04/2026
IUI එක අසාර්ථක වුනාද?
මේ ආසන ටික උත්සාහ කරලා බලන්න
කිරි සිහිනය සැබෑකරගන්න උත්සහ කරන ඔබට
පැහැදිලි වෙනසක් ඔබට දකින්න ලැබේවි෴෴෴
01/04/2026
IUI treatment එකක් සිදුකරන්න වෛද්‍යවරයකු තීරණය කලාට පස්සෙ🙌🙌🙌
ඔයාට මෙන්න මේ දේවල් කරන්න වෙනවා෴෴
මුලින්ම me**es වෙලා දෙවන දිනයේ ඉදන් දින පහක් දක්වා බෙහෙත් පෙති ලබාදෙනවා බොන්න….
ඒවා දෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට ඔයාගේ ඩිම්බ මේරීම සිදුවෙන්නයි……
ඊට පස්සෙ දින 10, 12 හෝ 13 කාල සීමාව තුල වෛද්‍යවරයා විසින් Scan පරීක්ෂණයක් සිදු කරනු ලබනවා
මෙමගින් ඔයාගේ ඩිම්බ හොදින් මෝරලාද කියලා ඩිම්බයේ හරස්කඩ දිග මැනලා වෛද්‍යවරයා තේරුම් ගන්නවා
ඊට පස්සේ ඩිම්බ පිටවීම සදහා එන්නතක් ඔබට ලබාදෙනවා෴෴
නිවැරදි කාලසීමාව හා දිනය වෛද්‍යවරයා විසින් තීරණය කරලා (බොහෝ විට ඒ ඔබේ ඔසප් චක්‍රයේ 13 හෝ 14 දිනය)
IUI treatment එක සිදුකරනු ලබනවා
සරලවම මේ දේවල් තමයි ඒ procedure එකේදි වෙන්නේ…..
Success rate එක වැඩි කරගන්න තව දේවල් ටිකක් තියෙනවා
ඒටිකත් ඉස්සරහට අපි බලමු🤗🤗🤗
ඉදිරියේදී IUI treatment එකකට යන කෙනෙක්ට මේ post එක වැදගත් වෙයි කියලා හිතනවා
26/03/2026
IUI එහෙමත් නැත්නම් Intrauterine insemination
මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් ශුක්‍රාණු කැතීටරයක් මගින්
ගර්භාෂයට කෙලින්ම ඇතුලත් කිරීම සිදුකරයි
මේ ක්‍රමය මගින් ශුක්‍රාණුවලට පහසුවෙන් ඩිම්බය කරා ලගාවීමට පුලුවන්
මෙම ක්‍රමය මගින් සංසේචන හැකියාව වැඩි කරනු ලබයි🙌🙌
වැදගත්ම දේ තමයි පුරුෂයින්ගේ ශුක්‍රාණුවල සුලු දුර්වලතා මගහරවා ගන්නත්,,, ගැබ් ගෙලෙහි පවතින දුර්වලතා මගහරවා සරුබව වැඩිකරගන්න මෙම ක්‍රමයට හැකියාව පවතිනවා🤗🤗🤗
😊😊 සැමියාගෙන් ලබාගන්නා ගැටලු අඩු ශුක්‍රාණු විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ පිරිසිදු කර සාම්පල සකසා ගනු ලබයි
😊😊ඉන්පසු කැතීටරයක් මාර්ගයෙන් ඒවා ගැබ්ගෙල හරහා ගර්භාෂය වෙත ඇතුලත් කරනු ලබයි
සරලවම IUI මගින් සිදුකරනු ලබන ක්‍රමවේදය මොකද්ද කියලා දැන් ඔබට අවබෝධයක් ඇති……..
මේ Procedure එකේදී කාන්තා ඔබට ඖෂධ වර්ග කිහිපයක් භාවිතා කරන්න වෙනවා 💊💊💉💉
ඉතිං ඒටික අපි ඊලගට දැනුම්වත් වෙමු..෴෴෴෴
මොකද හිතෙන්නේ මේ page එක ගැන comment කරන්න අමතක කරන්න එපා…..
වැදගත් දේවල් දැනගන්න follow කරලා තියාගන්න
Next Episode
IUI සහ ඒ පිළිබද ඔබ නොදත් දේ හා
දැනගත යුතුම දේ
21/03/2026
Lap and Dye test (Laparoscopy and Dye test)
මේක සාමාන්‍ය නිර්වින්දනය යටතේ කරන
ඉතා කුඩා Surgical procedure එකක්.........
ඔබට ගැලුවක් ඇති ඇයි ඉතිං වෛද්‍යවරයෙක් මේ Surgical procedure එක
ඔබට නිර්දේශ කරන්නේ කියලා.........🤔🤔
මෙමඟින් ඔබේ ගර්භාශ බිත්තිවල පවතින ගැටලු
Endometriosis තත්ත්වයන් හා පැලෝපීය නාල අවහිරතා
පහසුවෙන් හඳුනාගන්න පුළුවන්....
Pelvic area එක (ශ්‍රෝණි කුහරය) පරීක්ෂාවට කැමරාවක් භාවිතා කරන අතර
කැමරාව හා උපකරණ ඇතුළු කිරීමට නාභිය අසල හා ඊට පහලින් කැපුම් යොදනු ලබයි
ගැබ් ගෙල හරහා Dye (වර්ණකය) ඇතුළත් කරනු ලබයි.....
ඔබේ නාල අවහිරයක් නැති නම් එම නාලවලින් ශ්‍රෝණි කුහරය තුළට
Dye එක කාන්දුවීම සිදුවෙනවා......
Endometriosis තත්ත්වයන්, ගර්භාශයේ අවදනාම් සහගත ගෙඩි
අලීම් තත්ත්වයන් මෙම ශල්‍යකර්මය අතර තුරදීම
ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් ඉවත් කරනවා......
දැන් ඉතිං ඔබ මේ ගැන දැනුවත් නිසා....
කිසිම බයක් නැතුව Positive mind එකේ මේකට මුහුණ දෙන්න පුළුවන්.....
මේ වගේ වැදගත් දේවල් තවත් දැනගන්න....
Page එක follow කරලා තියාගන්න
Good Luck……..😘😘😘
Click here to claim your Sponsored Listing.