Dr.Imasha
Ayurvedic Doctor | Blending Ancient Wisdom & Modern Science | Tips for Health, Wellness & Natural Living
Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
හර්නියා කියන්නේ මොකක්ද? 🩺🤔
ඔබටත් යටිබඩ ප්‍රදේශයේ හෝ ඉකිලිය ආශ්‍රිතව නෙරා ඒමක් හෝ වේදනාවක් තියෙනවාද?
හර්නියා තත්ත්වයක් හඳුනාගන්නේ කොහොමද, ඒ සඳහා ඇති අවදානම් ලක්ෂණ සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූල විසඳුම් මොනවාද කියලා මේ වීඩියෝවෙන් සරලව දැනගන්න! 🌿✨
29/08/2026
https://www.sirikatha.lk/article/dr_obai/%E0%B6%AD%E0%B6%AF%E0%B7%9A%E0%B6%A7-%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B7%80--%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83--%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8-%E0%B6%91%E0%B6%B1-%E0%B6%BD%E0%B7%99%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B7%8A/173-579261?fbclid=IwdGRjcAT_mqtwZG9mBWZkaWQWUNbia4rO18PTR_v77J6m2SNeSWnAjmV4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkCjY2Mjg1NjgzNzkAAR5tiAgwJOHNIcmW3wQ2vbuMzJgVY39vx2PHLXof6sRCarbK82XuTO7iVVemdg_aem_-zAWaP1QuIj7IxsNJF7vBQ
මේ දිනවල පවතින කාලගුණික , දේශගුණික විපර්යාස තත්ත්වයන් සමහර දිනවලට හිතාගන්න බැරි ලෙස වෙනස් වෙනවා. සමහර දින වලට සැර අව්වක්. නැත්නම් එක පාරට වහිනවා. මෙවැනි පාරිසරික වෙනස්කම් හමුවේ අපිත් ඉක්මණින් රෝගීන් වෙන්න පටන් ගන්නවා. එවැනි වෙලාවට අපි මොකද කරන්න ඕනේ ? කියන එක ගැනයි මේ කතාව.
කාලගුණික දේශගුණික විපර්යාස හමුවේ හිස ඔසවන රෝග.
අධික උෂ්ණත්වය ,හදිසි කඩා හැලෙන වැසි වැනි ස්වභාවික හේතූන් නිසා බොහොමයක් රෝග සීග්‍රයෙන් ජනගත වීමට පුළුවන්. එතනදි මදුරු / කෘමි රෝග ,වතුර / ආහාර ආශිත රෝග ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග (සෙමිප්‍රතිෂ්‍යව, උගුර ආසාදන) වැනි රෝග බොහොමයක් ශීඝ්‍රයෙන් හිස එසවීමට පුළුවන්.
එතනදි මතුවන පොදු ලක්ෂණ.
කැස්ස, තද උණ, උගුරේ අපහසුතා, සෙම් ගෙඩි, හුස්ම ගැනීමේ අපහසුතා, නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම, කන් රිදීම අත් / පා වේදනාව, බඩ එළියාම ,වමනය ,බඩ රිදීම, සන්ධි වේදනා, හිසරදය, සිරුර වේදනාව විජලනය වැනි පොදු ලක්ෂණ පෙන්නුම් කරනවා.
සුළු රෝග ලකුණු පහළ වෙද්දී නිවසේදී කළ හැකි ප්‍රතිකාර.
සෙම්ප්‍රතිශ්‍යාව සහ උගුරේ ආසාදන වලදී.
* කොත්තමල්ලි ,වෙනි වැල් ගැට ,ඉඟුරු සහ පස් පංගුව තම්බා පානයට ගන්න උදේ / සවස පානය කිරීම සුදුසුය. මේ පානය කිරීමෙන් සෙම පාලනය වී සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවයි.
* මද උණුසුම් වතුර කෝප්පයකට ලුණු ස්වල්පයක් දමා දිනකට දෙතුන් වරක් උගුර සෝදන්න.
* දෙහි කොළ, නික කොළ, හෝ කුරුඳු තෙල් ස්වල්පයක් එක් කර උණුසුම් වතුරෙන් හොඳින් දුම් අල්ලන්න. පපුවේ, නාසයේ තද වී ඇති සෙම ලිහිල් වී ඔබට පහසුවක් ගෙන දෙයි.
දින දෙකකට වඩා රෝග ලක්ෂණ පවතී නම් අත් බෙහෙත් නොකළ යුතුයි.
අත් බෙහෙත් ඔබ නිවසේදී කළ යුත්තේ සාමාන්‍ය සුළු අසනීප රෝග ලක්ෂණ පහළ වූ විටයි. එය දිනෙන් දින වැඩිවන විට රෝග ලක්ෂණ වලට අත් බෙහෙත් කර කර සිටීම මෝඩකමක් විය හැකියි. ඒ නිසා දින දෙකකට වඩා රෝග ලක්ෂණ පවතී නම් ඔබට වෙනත් අපහසුතා සිරුරෙන් දැනූන වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකරන්න.
සාමාන්‍ය උණට ඔබ පැරසිටමෝල් ඖෂධය භාවිතය හැර වෙනත් වේදනා නාශක වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිත නොකරන්න.
ඒ වගේම ගර්භනී මව්වරුන්, බෝ නොවන රෝග, අවුරුදු දෙකට අඩු දරුවන් මෙවැනි රෝග ලක්ෂණ මතු වූ විගස වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකරන්න.
යහපත් ජීවන රටාව සඳහා ඔබව නිරෝගී කරවයි.
* වතුර උතුරුවා නිවා පානයට ගන්න. ඒ වගේම හොඳින් වතුර පානයට ගන්න.
* ඔබට යම්කිසි සිරුරේ අසනීපයක් පවතී නම් හොඳින් විවේකීව සිටින්න.
* ඒ වගේම ඔබට යම් ආසාදන තත්ත්වයක් හෝ පවතී නම් මුව ආවරණයක් භාවිත කරන්න.
* සනි ටයිසර් එකක් භාවිතා කිරීමට හුරුවන්න.
* ඔබට මෙවැනි රෝග ලක්ෂණ තිබේනම් පොදු ස්ථානවලට යාමෙන් වළකින්න.
* මෙවැනි කාල වලදී නිවැරදි සෞඛ්‍ය පුරුදු මගින් පවුලේ හා ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව හොඳින් තහවුරු කරගැනීමට හැකියි
සටහන - මහේෂානි මීගහපොල.�උපදෙස් - ආයුර්වේද වෛද්‍ය, ඉමාෂා උඩවත්ත.
29/08/2026
https://www.sirikatha.lk/article/be_beauty/%E0%B6%AD%E0%B6%BB%E0%B6%AB-%E0%B6%B6%E0%B7%80-%E0%B6%BB%E0%B6%9A%E0%B6%B1-%E0%B6%BB%E0%B7%83-%E0%B6%B4%E0%B6%AD/174-579266?fbclid=IwVERDUAT_mnJwZG9mBWZkaWQWUNbia4rO18PTR_v77J6m2SNeSWnAjmV4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkCjY2Mjg1NjgzNzkAAR5tiAgwJOHNIcmW3wQ2vbuMzJgVY39vx2PHLXof6sRCarbK82XuTO7iVVemdg_aem_-zAWaP1QuIj7IxsNJF7vBQ
ගැහැණු ළමයි කොහොමත් රෝස මල් වලට කැමතියිනේ. ඉතින් අපි බලමු රූපලාවන්‍ය සත්කාර මොනවද මේ රෝස මලෙන් කරගන්න පුළුවන් කියලා.
අපූරු රෝස මල් පෙත්තේ සැඟවුණු රූපලාවන්‍ය ප්‍රතිලාභ.
රෝස පෙතිවල ප්‍රතිඔක්සිකාරක ගුණය තිබෙනවා. විටමින් සී තියෙනවා, විෂබීජ නාශක ගුණයෙත් තියෙනවා, තෙතමනය ස්වභාවිකව රැක දෙනවා. සමේ පැහැය රැකදෙනවා. නිරෝගී කෙස් කලඹක් හිමිකර දෙනවා තාරුණ්‍යය රැක දෙනවා මෙවැනි ප්‍රතිලාභ රැසක් තිබෙන නිසාම තමයි අතීත රාජකුමාරිකාවන්ගේ සිට තවත් වැඩිදියුණු වෙමින් අද වෙද්දී රූපලාවන්‍ය නිෂ්පාදන වල ප්‍රධානතම අමුද්‍රව්‍යක් වී තිබෙන්නේ මෙන්න මේ රෝස මලේ තිබෙන ගුණ නිසයි.
තෙතමනය රැකදී පැහැපත් සමක් ලබා ගැනීමට.
අමු රෝස මල් පෙති මිටක් අඹරා එයට යෝගට් මේස හැන්දක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 20 ක් තබා සෝදාහරින්න. මෙයින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සතියකට දින තුනක් කිරීම ප්‍රමාණවත්. මෙමගින් කාන්තිමත් බව ලබාදී මෘදු බව ඇති කර කුරුලෑ ද පාලනය කරවයි.
ලප කැළැල් ඉවත් කර ගැනීමට.
හොඳින් අඹරා ගත් රෝස පෙති තේ හැඳි දෙකකට අමු කහ යුෂ තේ හැඳි භාගයක් , මී පැණි බිංදු දෙක තුනක් ද එකතුකර මුහුණේ ආලේප කර විනාඩි 15ක් පමණ තබා සෝදා ඉවත් කරන්න. මෙය ඔබට සතියකට දින තුනක් එක දිගට සිදුකරීමෙන් මාසයක් ඇතුළත අපූරු ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙනවා. එලෙස ලැබෙන ප්‍රතිඵල විදියට අඳුරු ලප කැළැල් ඉවත් කර සම පැහැපත් භවය වැඩිකරයි.
හිසකෙස් ඝනකමින් වර්ධනය කර ගැනීමට.
නැවුම්ව අඹරා ගත් රෝස මල් පති මේස හැඳි එකකට පොල් කිරි කෝප්ප භාගයක් එකතු කරල හිස් කබලේ සහ හිස කෙස් වල ආලේප කර පැය භාගයක් තබා සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට වරක් කිරීම ප්‍රමාණවත්.
තාරුණ්‍යය රැක ගැනීමට.
ගිලිහී යන තාරුණ්‍ය රැක ගැනීමට නැවුම් රෝස පෙති අඹරා ගත් තේ හැන්දකට ගසා ගත් බිත්තර සුදු මදයක් එතුකර හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර ස්වභාවිකවම සමෙන් වියලෙන්න තබා මද උණුසුම් වතුරෙන් ඉවත් කරන්න. මෙයත් සතියකට වරක් කිරීම ප්‍රමාණවත්.
අභ්‍යන්තරව පානයක් විදිහට අපිට රෝස තේ එකක්
හදාගන්න පුළුවන්. ස්වභාවික මල් පෙති එකතු කරගත් මෙම තේ රසවත් වගේම අපූරු ගුණයෙන් ද යුක්තයි.
උණු වතුර කෝප්පයකට නැවුම් රෝස පෙති මිටක් දමා විනාඩි පහක් පමණ එය හොඳින් තැම්බෙන්න තබා පසුව පෙරා එයට මී පැණි ස්වල්පයක් එකතු කර පානය කරන්න.
උදෑසන සතියකට දින තුනක් පානයට ගන්න. මෙම පානය තුළින් රුධිරය පිරිසුදු වී සම පැහැපත් කර තාරුණ්‍යය රැකදි සම දීප්තිමත් කර ගන නිරෝගී දිදුලන කෙස් කලඹක් ලබාදෙයි.
සටහන - මහේශානි මීගහපොල.�අදහස් දැක්වීම - ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත.
ඔබගේ සිරුරේ හටගන්නා සමේ රෝග, නහර ගැටගැසීම්,සන්ධි පීඩා, හෝ ලේ කෝප වීම් නිසා හටගන්නා අපහසුතාවලට ආයුර්වේදයේ ඇති සාර්ථකම සහ ආරක්ෂිතම ස්වාභාවික විසඳුම වන්නේ රක්තමෝක්ෂණ (Leech Therapy) ප්‍රතිකාරයයි.
විශේෂයෙන් පිරිසිදු කරන ලද ඖෂධීය කූඩැල්ලන් යොදාගනිමින් සිරුරේ පවතින අපිරිසිදු (දුෂිත) ලේ ඉවත් කිරීම මඟින් ලේ ගමනාගමනය නිසි ලෙස සිදු කර, වේදනාව සහ ඉදිමීම ක්ෂණිකව අඩු කිරීමට මෙමඟින් හැකි වේ.
රක්තමෝක්ෂණ ප්‍රතිකාරයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ:
සමේ රෝග: කුරුලෑ, සොරයිසිස් (Psoriasis),සමේ ලප කැලැල් සඳහා.
සන්ධි සහ නහර ගැටගැසීම්: කොඳු ඇට පෙළේ වේදනා, සන්ධි ඉදිමීම සහ Varicose Veins සඳහා.
සිරුරේ දැවිල්ල: අධික රෝහිත බව (ලේ කෝප වීම) සහ සිරුරේ හටගන්නා දැවිල්ල සමනය කිරීම.
හිසකෙස් යාම: හිසෙහි ලේ ගමනාගමනය වර්ධනය කර කෙස් යෑම පාලනය කිරීම.
කිසිදු අතුරු ආබාධයකින් තොරව, පළපුරුදු ආයුර්වේද වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔබේ නීරෝගී බව නැවත ලබාගන්න.
📍 වැඩි විස්තර සහ වේලාවන් වෙන් කරගැනීමට : 075 0243394 / 076 0243397
20/08/2026
ආයුර්වේද නිෂ්පාදනාගාරයක් සඳහා අමුද්‍රව්‍ය අවශ්‍ය කර තිබේ.
සියලු කොළ වර්ග සහ වෙනස් ශාකමය ද්‍රව්‍ය පෙරවරු කාලය තුළ නෙළා නැවුම් තත්ත්වයෙන් එවීමට හැකියාව ඇති අය පණිවිඩයක් එවන්න.
නැවුම් බවින් යුතු කුඩා ප්‍රමාණ වලින් සැපයීම කල හැකි ගෙවතු වගාකරුවන් විශේෂයි
මිලදී ගන්නා අමුද්‍රව්‍ය:
මුරැංගා පොතු
මී පොතු
කැටකෑල පොතු
හොඩපර
කෝමාරිකා
අරත්ත
සාරණ මුල්
අමුක්කරා
පාවට්ටා
නිල් කටරොළු මල්
පොකුරු වද මල්
මුරැංගා කොළ
ඉඟුරු
උදුපියලිය
රසකිඳ
හාතවාරිය අල
සුදු හදුන්
වෙනිවැල්
මී ඇට
දොඹ ඇට
කොහොඹ ඇට
කුඹුරු ඇට
කරද ඇට
*දැලි පොතු
*මී ඉටි
WhatsApp: +94 76 0243397 / +94 75 0243394
Imayu Naturals PVT Ltd
Sisila sewana,
Wawulagala,
Hikkaduwa,
Galle.
15/08/2026
පසුගිය සතියේ මගේ ආටිකල් 3ක්ම ප්‍රධාන පුවත්පත් 3ක පළවුණා! 🗞️✨ වැඩ බහුල වුණු නිසා ඔයාලා එක්ක බෙදාගන්න ටිකක් පරක්කු වුණා.
ඔන්න ඒ ලිපි 3ම එකපාර ඔයාලා වෙනුවෙන් මෙතනින් අරන් ආවා:
🌿 අරුණ පත්තරය:සමට වගේම ශරීරයේ සෞඛ්‍යයට මැටි සත්කාරයෙන් ලැබෙන අපූර්ව ප්‍රතිලාභ ගැන.
🌸 සිරිකත පත්තරය:සම පැහැපත් කරගන්න සහ සමේ ලප කැලැල් නැති කරගන්න වැල්මී නිවැරදිව භාවිතා කරන හැටි.
✨ ලංකාදීප පත්තරය:සාම්ප්‍රදායික ආයුර්වේදයේ එන පිණ්ඩ තෙල් රූපලාවන්‍යය සහ සමේ නිරෝගීබව උදෙසා යොදාගන්නා ආකාරය.
උදේට මුලින්ම ගන්නා තීරණ ඔබේ මුළු දවසම තීරණය කරනවා! ⏰🩺☀️
අපි හැමෝම උදේට කරන පුරුදු කිහිපයක් ඇත්තටම අපේ සෞඛ්‍යයට සහ මානසිකත්වයට කොතරම් නරකද කියලා ඔයා දන්නවාද? 🤔
මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ:
✅ උදේට නොකළ යුතු ප්‍රධාන වැරදි 4ක්.
✅ ඒවා වෙනුවට කළ හැකි නිවැරදි සහ සරල ආයුර්වේද පුරුදු.
✅ සුවපත් සහ ශක්තිමත් දවසක් ගත කිරීමට උපදෙස්.
ඔබේ ජීවන රටාව වෙනස් කරගෙන, නීරෝගී ජීවිතයක් ගත කරන්න. අදම වීඩියෝ එක නරඹන්න! ✨🩺
12/08/2026
අපි කොච්චර සල්ලි, තනතුරු පස්සේ දිව්වත්... අන්තිමට අපිට ඉතිරි වෙන්නේ අපි පරිස්සම් කරගත්තු සෞඛ්‍යයයි ලඟින් හිටපු මිනිස්සුයි විතරයි.
සෞඛ්‍ය සම්පන්නව ඉන්න එක තරම් ලොකු ධනයක් තවත් නෑ.
ඒ නිසා, අද ඉඳන්වත් ඔයාගේ ශරීරයට, ඔයාගේ මනසට ආදරේ කරන්න. රෝගයක් එනකම් ඉන්නේ නැතුව... අදම ඔයාව පරිස්සම් කරගන්න. ❤️
ඔයාටත් නිතරම බඩේ දැවිල්ල, ඇඹුල් රසට උගුරට ඒම හෝ බඩ පිපුම වැනි අපහසුතා තියෙනවාද? 🤔
අපි හැමෝම මේක අහලා තියෙන්නේ ගෑස්ට්‍රයිටිස් (Gastritis) කියලා.,ඒත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙය හදුන්වන්නේ අම්ල පිත්ත (Amlapitta) රෝගය කියලා.
අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් නිවැරදිව පාලනය කරගෙන පූර්ණ සුවය ලබාගන්න පුළුවන් කියලා ඔයා දන්නවාද? 🩺🌿
මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ:
✅ අම්ල පිත්ත රෝගය ඇතිවීමට ප්‍රධාන හේතු සහ රෝග ලක්ෂණ.
✅ මෙය නිසා ඇතිවන අපහසුතා අවම කරගන්න නිවසේදීම කළ හැකි සරල ආයුර්වේද පිළියම්.
✅ පූර්ණ සුවය ලබාගැනීම සඳහා වන ස්වභාවික සහ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම.
ඔබේ ජීවන රටාව වෙනස් කරගෙන, නීරෝගී ජීවිතයක් ගත කරන්න. අදම වීඩියෝ එක නරඹන්න! ✨🩺