Dr Maneesha BAMS

Dr Maneesha BAMS

Share

Welcome! I am Dr. Maneesha Rupasinghe (BAMS, University of Colombo).

I am delighted to present our carefully curated selection of premium herbal products, crafted to support your holistic wellness journey.

06/09/2026
26/08/2026

Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි. එයින් විශේෂ හතරක් ලංකාවට ආවේණික මෙන්ම දුර්ලභ ද වේ. මෙහිදී විස්තර කරන විශේෂය දේශීය වන අතර එය ද තර්ජනයට ලක්විය හැකි අවධියක පසුවන බව උද්භිද විද්‍යා මූලාශ්‍රවල සඳහන්ව ඇත. කශේරු යනුවෙන් ද හඳුන්වන කෙකටිය සෙ.මි. 5 පමණ විශ්කම්භයක් සහිත පත්‍යණ්ඩාභ අලයකියන් යුත් නිමග්න ජලජ පැලෑටියකි. අනෙක් විශේෂ තුනට වඩා මෙහි විස්තර කරන විශේෂයේ අලය විශාලවට වැඩීම අනෙක් වර්ගවලින් වෙන්කර ගැනීම පහසු කරවයි. සෙ.මි. 50 දක්වා දිගට සහ සෙ.මි. 4.5 පළල පත්‍රවල හැඩය බොහෝ විට පටු ලංසාකාර හෝ පටු අණ්ඩභ වේ. පත්‍ර දාරය තරංගී හෝ රැලි සහිත ආකාරයකි. පත්‍ර බොහෝමයක් ජලය තුල ගිලී පවතී. කුඩා මල් සහිත අලංකාරවත් පුෂ්ප මංජරිය සෙ.මි. 13 පමණ වන දිගු වන අතර අක්ෂය සෙ.මි. 75 පමණ දිගට වැඩේ. සුවඳැති මල් සුදු, රෝස හෝ ළා දම් පැහැති ය. Aponogeton natans නම් දේශීය කෙකටිය විශේෂයේ පත්‍ර ජලය මත වැඩෙන අතර පත්‍රවල ප්‍රමාණය කුඩා මෙන්ම හැඩය ද තරමක් වෙනස් ආකාරයක් ගනී. කෙකටිය Aponogetonaceae උද්භිද කුලය අයත් ශාක විශේෂයන් ය.

අක්ෂි රෝග, ජර්දි, අතීසාර, ග්‍රහණි, විසූචිකා, රක්ත අතීසාර, රක්ත අර්ශස්, ප්‍රදර රෝග, සෝම රෝග, ප්‍රමේහ, වමනය, ශරීර දුර්වලතා, විසර්ප ආදියට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් කෙකටිය ශාකයේ අල සහ මල් භාවිතා කරයි. කෙකටිය ඇසට හිතකර, වණවල ඉදිමුම් සමනය කරන, දාහය සංසිඳුවන, වමනය වලක්වන, ශුක්‍ර වඩවන, ආහාර රුචිය ඇති කරවන, හෘදය බලගන්වන, මව්කිරි ජනනය කරන ආදී ගුණයන් රැසකින් සමන්විතයි.

විසර්පවලට කෙකටිය අල ගිතෙලින් අඹරා ආලේප කරයි. අතීසාරයට අල තැම්බූ ජලය හෝ කෂාය බොන්නට දෙයි. ඇස් රෝගවලට වැල්මී සමඟ අඹරා පුරවලියන් යොදයි. කහ උණ සඳහා කෙකටිය මල්වලින් කැඳ සාදා බොන්නට දෙයි. කෙකටිය අල තම්බාගත් ජලය, මී පැණි සහ වී පොරි සමඟ කලවම් කොට බීමෙන් වමනයට සහනය ලැබේ. තෘෂ්ණ හෙවත් පිපාසයට මල් හෝ අල තැම්බූ වතුර පානය කිරීම ගුණ ය. අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩා විඳින අයට කැඳ පිණිස පානයට දීම හෝ සම්පූර්ණ පැළයම තම්බා පානයට දීම හිතය. ගර්භනී මව්වරුන්ට ගර්භය නිසිලෙස ස්ථාපනය වීමට කෙකටිය අල බැද තම්බා කෑමට දෙයි. ප්‍රමේහ රෝගීන්ට ආහාරයක් ලෙස අල හෝ මල් කුමන ආකාරයකින් හෝ සකසා දීමත්, කෂය ලෙස සකසා දීමත් සිදු කරයි. දරුවන් ලැබූ මව්වරුන්ට ලේ වහනය වැලැක්වීමටත්, කිරිදෙන මව්වරුන්ට මව්කිරි වැඩීමටත් අල සහ මල් කැඳ සහ ව්‍යංජන ලෙස සකසා දීම ගුණදායක ය.

කෙකටිය අල ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගනී. එමෙන්ම අල තම්බා පොල් සමඟ ආහාරයට එක්කර ගත හැකිය. එය ශරීර ශක්තිය වඩවන ආහාරයක් ලෙස සැලකේ. කෙකටිය මල් ද (මල් සහ මල් නටුව) කිරට සහ තෙල් දමා ප්‍රනීත ව්‍යංජනයක් ලෙස පිස ගත හැකිය. කෙකටිය ආහාරයට ගැනීමෙන් පිත කෝප වී හට ගන්නා ඇඟපත දැවිල්ල, මුත්‍රා දැවිල්ල, බඩ දැවිල්ල, මල මාර්ගයේ දැවිල්ල ආදී පීඩාකාරී අවස්ථාවන් මඟ හරවා සහනයක් සලසා ගැනීමට හැකි වේ.

26/08/2026

පොල්පලා සිංහලෙන් පොල්කුඩු පලා යනුවෙන්ද හඳුන්වයි. මෙය අඩි 2 දක්වා උසට පඳුරක් ලෙස වැවෙන කුඩා බහුවාර්ෂික පැළෑටියකි. ශාකය පුරා සුදු පැහැති සියුම් බූවක් දක්නට ලැබේ. ඒකාන්තරව පිහිටා ඇති පත්‍ර ගෝලාකාර සිට ලන්සාකාර ඉලිප්සීය හෝ අණ්ඩාකාර ඉලිප්සීය වේ. සෑම පත්‍ර නටුවක් අසලින්ම පාහේ හට ගන්නා පුෂ්ප මංජරිය ශුකියකි. ඉතා කුඩා සුදු පැහැති පුෂ්ප ද්වීලිංගිකය. ඵලය ආශයකි. පොල්පලා පළාවක් ලෙස මෙන්ම ඔසු කැඳ සෑදීම සඳහා ද භාවිතා කළ හැකිය. මෙය Amaranthaceae කුලයට අයත් ශාකයකි.

මෙරට ජනයා බොහෝ කලක සිට ඔසුපැන් ලෙසත් මුත්‍රාබාධ සඳහා ප්‍රත්‍යයක්ෂ ඖෂධයක් ලෙසත් පොල්පලා තම්බා බීමට පුරුදුව උන්හ. මුත්‍ර අඩස්සිය, මුත්‍ර දැවිල්ල, මුත්‍ර ගල්, අර්ශස්, ගුල්ම රෝග, හෘද රෝග, කාන්තා රෝග, ප්ලීහා රෝග, ප්‍රමේහ, කැස්ස, ඇදුම, පීනස, හිස රුදා, උගුරේ ආසාදන, පාචන, අතීසාර, ගොනෝරියාව, පාණ්ඩුව ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමේදී සම්පූර්ණපොල්පලා ශාකයම භාවිතා කරයි.

මුත්‍ර අඩස්සිය, මුත්‍ර දැවිල්ල සහ මුත්‍ර ගල් සඳහා මෙම සම්පූර්ණ ශාකයම තම්බා බීම ප්‍රත්‍යයක්ෂ ප්‍රතිකාරයකි. වියළි පොල්පලා මල් හා කොළ ගිණිඅඟුරු මතට දමා එම දුම් ආග්‍රහණය කිරීම ඇදුම සඳහා ප්‍රතිකාරයකි. හිසරුදා සඳහා පොල්පලා මුල් අඹරා නලල මත ආලේප කිරීම හෝ පොල්පලා මුල් ඇල් දියෙන් අඹරා නලල මත පැලැස්තර දැමීම සිදුකරයි. වියළා ගත් පොල්පලා චූර්ණය මේස හැදි එකක් නටන වතුර කෝපයකට දියකර සීනි සමග පානය කිරීම කැස්සට ප්‍රතිකාරයකි. පොල්පලා මුත්‍රකාරක, අශ්මරී නාශක, පණුවන් නසන ආදී ගුණයන් රැසක් සහිතයි.

26/08/2026

නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන වැල් ශාකයකි. ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍ර ස්පර්ශ සංවේදීය. එම නිසා නිදිකුම්බා යන නම යෙදී ඇත. පත්‍ර නටුවල සහ කඳෙහි තියුණු කටු පිහිටා තිබේ. පුෂ්ප මංජරියක හට ගන්නා රෝස පැහැති මල අලංකාරවත්ය. ඵලය බූව සහිත කරලකි. එක් කරලක් තුල බීජ 3-4 සංඛාවක් පිහිටා තිබේ. නිදිකුම්බා Fabaceae කුලයට අයත් ශාකයකි.

සමේ රෝග,අතීසාරය, දියවැඩියාව, ඇදුම, ස්වාසනාලිකා ප්‍රදාහය, තුවාල ආදියෙන් සිදුවන අධික ලේ වහනය, මුත්‍රාශයේ ඇති වන ගල්, මුත්‍ර ආසාදන, ඉදිමුම්, අර්ශස්, ඔඩු සහිත වණ, ලාදුරු, සුදු කබර, ගර්භාෂයේ රෝග, හිසකෙස් ගැලවීයාම, සන්ධි ප්‍රදාහය හෙවත් ආතරයිට්ස්, ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන භගන්ධර රෝගය, පැසවන ලද තුවාල, දත් කැක්කුම ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා නිදිකුම්බා ශාකයේ කොළ, මුල්, මල් ආදිය භාවිතා කරයි. නිදිකුම්බා මානසික අවපීඩනය දුරු කරයි. පිළිකාවන්ට ප්‍රතිවිරොධීතාවයක් දක්වයි. ස්වේද කාරක, මුත්‍ර කාරක සහ වමන කාරක ආදී ගුණ සහිතයි.

සම්පූර්ණ නිදිකුම්බා ශාකයම ගෙන තම්බා එම ජලයෙන් සේදීම මගින් ඇතැම් චර්ම රෝගවලට සහනය ගෙනෙයි. කල් ගතවූ තුවාල හෝ අලුත කැපී රුධිරය ගලන තුවාලවල මතුපිට නිදිකුම්බා ශාකය තළා ඒ යුෂ ආලේප කළ විට රුධිරය ගැලීම නතර වී ඉක්මන් සුවයක් ලැබේ. නිදිකුම්බා මුල් කෂායෙන් කට සේදීමෙන් දත් කැක්කුම, විදුරුමස් දියවීම, දත් දිරාපත්වීම, මුඛ ආසාදන වැනි මුඛාශ්‍රිත රෝග සුව වෙයි. නිදිකුම්බා ගසේ මුල් හොඳින් පිරිසුදු කර වියළා කුඩු කර එම කුඩු තේ හැඳි භාගයක් වතුර වීදුරුවකට දමා දින කිහිපයක් පානය කිරීමෙන් රුධිරය පිටවන අතීසාරයෙන් මිදිය හැකියි. නිදිකුම්බා මුල් කෂාය සාදාගන්නේ නිදිකුම්බා මුල් ස්වල්පයකට වතුර පත 4ක් පමණ දමා සිඳවා පෙරා ගැනීමෙනි. ඒමෙන්ම නිදිකුම්බා මුල් කෂාය රුධිරය පිටවන අර්ශස් සුවයටත් මුත්‍රා ආසාදන සුවයටත් යෝග්‍යයි. නිදිකුම්බා මුල් ග්‍රෑම් 60ක් පමණ අරගෙන එය බඳුනකට දමා එයට වතුර පත අටක් මිශ්‍ර කර එය පත එකකට සිඳවා උදේ සවස පත භාගය බැගින් පානය කළොත් මුත්‍රා ගල් දියවීමට, මුත්‍රා අඩස්සිය සුවයට, මුත්‍රා දැවිල්ල සුවයට වගේම රුධිරය පිටවන අර්ශස් රෝගයටත් එය ගුණදායකය.

ස්ත්‍රී රෝග සඳහා භාවිත කරන ඔෟෂධ අතර ප්‍රධානතම ඔසුවකි නිදිකුම්බා. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත සෑම රෝගයකටම පාහේ නිදිකුම්බා තැම්බූ දියෙන් සේදීමෙන් සුවයක් ලැබේ. සමේ ආසාදන නිසා හොරි, දද, කුෂ්ඨ ඇතිවී ඒවා කැසීම නිසා තුවාල හටගත හැකි අතර ඒ තුවාල සුවයටත්, කැසීමේ තත්ත්ව නැති කිරීමටත් විෂබීජ නාශනය කිරීමටත්, නිදිකුම්බා කොළ, මල් තැම්බූ වතුරින් ශරීරය සේදිය හැකිය. නිදිකුම්බා කොළ වියළාගෙන හොඳින් කුඩු කර ඒ කුඩු තේ හැන්දක් හෝ භාගයක් කිරිත් සමඟ මිශ්‍ර කර කෑම ඉහත කී සෑම රෝගයකටම ගුණදායකයි. ඉක්මනින් තුවාල වියළා සුව වීමක් ද එහිදී සිදුවේ. ආතරයිටිස් රෝගය වැලඳීමෙන් මිදෙන්නත් වැලඳුණු ආතරයිටිස් රෝගය සුව වන්නත් නිදිකුම්බා කොළ මඳ පවනේ වියළා කුඩු කරගෙන දිනපතා උදේ සවස එයින් ස්වල්පය බැගින් ගොටුවට දමා උණුවතුරින් තම්බා තේ මෙන් පානය කිරීම ප්‍රතිඵලදායකය.

26/08/2026

බිංකොහොඹ සෙ.මි 15 පමණ උසට වර්ධනය වන කුඩා පැළෑටියකි. බොහෝ විට අතු බෙදීමක් දක්නට නොලැබේ. පත්‍ර තරමක් ගණව කිරුලක් මෙන් ඇසිරී ඇත. අසම පක්ෂවත් සංයුක්ත පත්‍රවල පත්‍රිකා විවිධ හැඩයන් ගනී. පත්‍රවල හැඩය අනුව ප්‍රභේද 10 ක් හෝ ඊට වැඩි සංඛාවන් දැකිය හැකිය. පෙති 5 ක් සහිත සුදු පැහැති මල් ඉතා අලංකාරවත් මෙන්ම සුවඳවත් ය. ඒ ඒ ප්‍රභේදවල මල් ද තරමක විවිධත්වයකින් ගනී. ස්ඵෝටිකාවක් වන ඵලය පිපිරී යෑමෙන් විසිරෙන බීජ මඟින් ශාකයෙහි ව්‍යාප්තිය සිදු වේ. බිංකොහොඹ වානිජව වගා කීරීමෙන් ඉහල ආර්ථික ප්‍රතිලාභ ලබ ගත හැකිය. වඳවී යාමේ තර්ජනයටද ලක්ව ඇති වටිනා දේශීය ඖෂධ පැළෑටියක් වන බිං කොහොඹ ශාකය Meliaceae උද්භිද කුලයට අයත් ය.

බිංකොහොඹ දේශීය වෙදකමට අනන්‍ය ඖෂධයක් ලෙස සැලකේ. ඉන්දීය වෛද්‍ය නිගණ්ඩුවල දේශීය බිංකොහොඹ ශාකය ගැන සඳහනක් නොමැත. අතීතයේ සිටම භූනිබ්බ ලෙස සඳහන්ව ඇති විට දේශීය වෛද්‍යවරු බිංකොහොඹ ශාකය ඖෂධ සඳහා භාවිතයට ගෙන ඇත. බිංකොහොඹ නාමය සහිත නම් තවත් දේශීය ශාකයක් හමුවන අතර එය "හීං බිංකොහොඹ" (Andrographis paniculata) නම් වේ. දේශීයව එයට වල් බිංකොහොඹ සහ ඇතැම් විට කිරාත යන නම ද භාවිතා කරයි. සංස්කෘතෙන් භූනිම්බ, කාලමෙඝ ආදී නම් වලින් හඳුන්වන එම ශාකය දේශීයව සහ විදේශීයව බෙහෙවින් ඖෂධ සඳහා භාවිතා කරන්නකි. දේශීය වෛද්‍යවරු බිංකොහොඹ වෙනුවට මෙම හීං බිංකොහොඹ ශාකය ද භාවිතයට ගනී. මෙම ශාක විශේෂ 2 හා බැඳෙන තවත් පැළෑටියක් ඇති අතර එය කිරාත හෝ කිරාතතික්ත යනුවෙන් හඳුන්වයි. Swertia chirata නම් උද්භිද නාමය සහිත එය මෙරටදී හමු නොවන ඉන්දියාවේදී පවා දුර්ලභව හමුවන්නකි. මෙම උද්භිද ගණයට අයත් Swertia zeylanica නම් හොර්ටන් තැන්න වැනි පතන් ආශ්‍රිතව වැවෙන මෙරටට ආවේනික ශාකයක් ඇති අතර එහි ඖෂධීය භාවිතාවක් ගැන දැන ගන්නට නැත. කිරාතතික්ත වෙනුවට ඉන්දීය වෛද්‍යවරු හීං බිංකොහොඹ භාවිතා කරතත් එය නිවැරදි නොවන බවත් කාලමේඝ ලෙස සඳහන්ව ඇති විට කිරාතතික්තම භාවිතා කළ යුතු බවටත් ඇතැම් ඉන්දීය වෙදැදුරන් අතර මතයක් පවතී.

බිංකොහොඹ ආයුර්වේදයේ සඳහන් කිරාතතික්ත තරමටම හෝ ඊටත් වැඩි තරමින් උණ නසන, රුධිරය පිරිසිදු කරන, තික්තබලකාරක ගුණයෙන් යුක්ත බව සඳහන්. දේශීය වෙදකමේදී උණ, අතීසාරය, අජීර්ණය, කුසගිනි මදිකම, මලබද්ධ, වාතරක්ත, කුෂ්ඨ, වණ, වේදනා, ඉදිමුම්, රක්ත අර්ශස්, චර්ම රෝග, එක්සිමා හෙවත් කඩුවේගන්, ඇඳුම, කැස්ස, රුධිර සංසරණ පද්ධතියේ රෝග, වමනය ආදී රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා බිංකොහොඹ සම්පූර්ණ ශාකයම භාවිත කරයි. බිංකොහොඹ කුසගිනි වඩවන, මුත්‍ර කාරක, වණ ශෝධනය කරන, ඉදිමුම් නසන, රුධිරය පිරිසිදු කරන ආදී ගුණයන් සහිතයි.

හික්කාවට (ඉක්කාවට) බිංකොහොඹ සහ කොත්තමල්ලි ග්රෑම් 15 පමණ ගෙන තලා වතුර පත 2 ක් දමා, පත භාගයට සිඳුවා මී පැණි ප්‍රක්ෂේප කොට බීමට දිය යුතුය. වියළි බිංකොහොඹ චූර්ණය ග්රෑම් 6 ක් මී පැණි සමඟ ලේහ කිරීමෙන් වමනය සුවවේ. උණට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ප්‍රකට ඔෂධයක් වන සුදර්ශන චුර්ණයේ වැඩි වශයෙන් ඇත්තේ බිංකොහොඹ ය. වඳවෙමින් පවතින වටිනා දේශීය ඖෂධ පැලෑටියක් වන බිංකොහොඹ ශාකයක් බඳුනක හෝ වවා ගැනීමට උනන්දු වීම දේශීය වෙදකමට හිතැති කාගේත් යුතුකමකි.

26/08/2026

මෙය තෙතමනය සහ සෙවන සහිත පරිසරයක වැඩීමට ප්‍රිය කරන ශාකයකි. සුලබව හමුවන්නේ ද එවැනි ස්ථානවලයි. තෙබු ශාකයේ හරිත පැහැයෙන් යුතු පත්‍ර වලයක ආකාරයට පිහිටා තිබේ. රතු පැහැති කඳ මාංසල බවකින් යුක්තය. තෙබු ශාකයට සමාන Costus afer නම් කඳ සුදු පැහැති විදේශීය වර්ගයක්ද ඇති අතර එහි කොළ තද ඇඹුල් රසකින් යුක්තය. එමෙන්ම Costus dubious නම් තවත් මෙවැනිම විදේශීය ශාකයක් ලංකාවෙන් හමුවන අතර එහි මල් (පුෂ්ප මංජරිය) ශාකයේ මුල හට ගනී. ආහාර සහ ඖෂධ සඳහා සුලභව භාවිතා කරන්නේ කඳ රතු පැහැති වර්ගයයි. පුෂ්ප මංජරියක හට ගන්නා මෙහි සුදු පැහැති මල අලංකාරවත්ය. ලපටි තෙබු කොළ මැල්ලුම් සහ සලාද ලෙසත් ව්‍යාංජනයක් ලෙසත් ආහාරයට ගත හැකිය. තෙබු ශාකයේ නවීකරණය කරන ලද ප්‍රභේද විසිතුරු ශාක ලෙස ගෙවතු අලංකරණය සඳහා භාවිතා කරනු දැක ගත හැකිය. තෙබු Zingiberaceae කුලයට අයත් ශාකයකි.

තෙබු රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට සමත් බව නිසා මෑත කාලයෙදී වඩාත් කතාබහට ලක්වූ ශාකයකි. එමෙන්ම පණු රෝග, ඇස් රෝග, දැවිල්ල, අර්ශස්, අම්ලපිත්තය, මලබද්ධය, සෙංගමාලය, අධි රුධිර පීඩනය, සුදු කබර ආදී රෝගයන්ට ගුණදායකය. තෙබු අක්මාවේ දෝෂ නැසීමට ද උපකාරී වෙයි. මුත්‍රා අඩස්සිය සෑදුණු විට තෙබු කොළ කොටා රෙදි කඩක අතුරා පෙකණිය මත පැලැස්තර දැමු විට මුත්‍රා පිටවන බව සඳහන්. ඉඟුරු නොමැති අවස්ථාවලදී ඒ වෙනුවට මෙම ශාකයේ අල ඖෂධ සඳහා භාවිතා කළ හැකි බව ඖෂධීය ශාක සංග්‍රහයෙහි දක්වා තිබේ.

26/08/2026

අඩි 2-3 පමණ දිගට බිම දිගේ ඇදී යන ශාකයකි. එහි ඇති ගැටවලින් මුල් හටගනී. රවුම් හැඩයෙන් යුක්ත පත්‍ර කුඩාය. සෙන්ටි මීටර් 2-4 දක්වා දිගයි. පත්‍රයේ අග කොටස දන්තූරය. මල් ඉතා කුඩාය. රෝස පැහැයට හුරු රතු පාටය. ඵලය කුඩාය. ගොටුකොළ ඉන්දියාවේ සහ ලංකාවේ අඩි 7000 දක්වා උස් ප්‍රදේශයන්හි තෙතමනය සහිත බිම්වල සරුවට වැවේ. ගොටුකොළ Apiaceae කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම

ගොටුකොළ නැණ නුවණ වඩන, ධාරණ ශක්තිය සරු කරන, කුසගිනි වඩවන ඖෂධයක් ලෙස ආදියේ සිටම ප්‍රසිද්ධය. උගුරේ සෙම පහ කොට කටහඬ මිහිරි කරයි. හදවතට හිතකරය. රුධිරය පිරිසිදු කරයි. පීනස සුව කරයි. ඉදිමුම් හා මලබද්ධය පහ කරයි. ගොටුකොළ සංස්කෘත ග්‍රන්ථවල හැඳින්වෙන්නේ මණ්ඩුකපර්ණී යන නමිනි. මෙරට හීන් ගොටුකොළ සහ මහ ගොටුකොළ යයි දෙවර්ගයකි. මින් හීන් ගොටුකොළ වඩා ගුණදායකය. කුඩා දරුවන්ගේ පණු අමාරුවලට ගොටු දඬු හා වළඟසාල් තම්බා බොන්නට දීම මෙරට අනාදිමත් කාලයක සිට පැවති ගෘහස්ත ප්‍රතිකාරයකි. ගොටුකොළ තන කිරි වඩවයි. හොරි, වණ ආදියේ කුණ කපා මස ලියලවයි. පාණ්ඩුව හා කැස්ස සුවකරයි. ගොටුකොළ කාම ශක්තිය වඩවන ඔසුවකැයි පැවසේ. ගොටුකොළ යුෂ රතුළුෑණු හා වෙනත් ඖෂධ වර්ග සමග එකට යොදා බීමෙන් පීනස, අර්ශස් හා බාලක අතීසාරය හා තොල කට වණ වීම සුව වේ. ධාරණ ශක්තිය ලැබීමට ගොටුකොළ චූර්ණයත්, උළුක්කුවට ගොටුකොළ අමු කහ සහ මැල්ල පොතු යොදා තැනූ මැල්ලුමත්, දිවි මකුළු විෂට ගොටුකොළ යුෂයත් ප්‍රත්‍යක්ෂ ඔසු වේ.

26/08/2026

විනාඩි 2න් ආතතිය නැති කරන විධි 3 ක්

ආතතියට අඩුවැඩි විදියට අපි හැමෝම මුහුණ දෙනවා. ඔෆිස් එකේ වැඩ, ළමයින්ගේ වැඩ, ගෙදරදොරේ වැඩ මේ දේවල් එක්ක ජීවිතය ගෙනියද්දි අපිට සමහර වෙලාවට ආතතිය ඇති වෙන්න පුළුවන්.

මෙහෙම පීඩනයක් එක්ක අපේ එදිනෙදා වැඩ කරගෙන ගියොත්, තවත් වැඩ අවූල් වෙලා තව තවත් ආතතිය වැඩි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

මේ නිසා අපිට අඅනවශ්‍ය ලෙස තරහ යන්න පුළුවන්, අනවශ්‍ය ලෙස පවුලේ අයට බෑන වැදෙන්න පුළුවන්. ඒ වගේම මේ අනවශ්‍ය කෝපය නිසා ඔයාගේ මනසට මෙන්ම ශරීරයත් දැනෙන අපහසුතාව ගැන ඔයාලත් අත්දැකීම් මෙන්ම දන්නවා ඇති.

ආතතිය පීඩනය කෝපය අඩු කරගන්න භාවනා කරන්න, එකේ ඉදන් සියයට ගණන් කරන්න කියලා දෙන අවවාද අනුශාසනා අපි අහල තිබුන ට කාටද අද ඒවගේ දේවල් වලට වෙලාව තියෙන්නෙ!

ඒ නිසා තමයි අද මේ ලිපියෙන් අපි විනාඩි 2න් සාර්ථකව ආතතිය,කෝපය අවම කර ගන්න විධි ගැන කතා කරන්න හිතුවේ. මෙහි දැක්වෙන හැම ක්‍රමයම, ක්‍රම බොහෝමයක් අත්හදා බලා ඒ අතුරෙන් සාර්ථකවම ප්‍රතිඵල ලබා දුන් ක්‍රම.

තමන්ට සාර්ථකව ප්‍රතිඵල ලබා දෙන එක ක්‍රමයක් තෝරගෙන නිතරම එක ආතතිය සමනය කර ගැනීමට භාවිතා කලොත්, කල් යද්දී ඔයාලට මේ වැඩේට විනාඩි 2 කට වඩා අඩු කාලයකින් කරල අවසන් කරන්න පුළුවන් වෙයි.

පලවෙනි ක්‍රමය
Step 1 -උඩූකය කෙලින් තබාගෙන්න.
Step 2 -එක නාස් පුඩුවක් ඇගිලි දෙකකින් වසා අනිත් නාස්පුඩුවෙන් දිග හුස්මක් ගන්න.

Step 3 -දැන් වසාගෙන සිටි නාස්පුඩුව ඇර ආශ්වාස කල නාස්පුඩුව වසා, ඉහලට ගත් වාතය පහත හෙලන්න.

මෙය එක් නාස් පුඩුවකට 5 වර බැගින් 10 වරක් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න.

දෙවැනි ක්‍රමය
Step 1 – ගැඹුරු හුස්මක් දෙකක් ගන්න.

Step 2- ඔබ අවට ඔබට පේන දේවල් 5 හදුනාගන්න.

Step 3- ඔබ අවට ඔබේ ශරීරයට දැනෙන දේවල් 4ක් හදුනාගන්න.

Step 4- ඔබ අවට ඔබටඇහෙන දැනෙන දේවල් 3ක් හදුනාගන්න

Step 5- ඔබ අවට ඔබේ නාසයට දෑනෙන සුවද වර්ග 2 ක් හදුනාගන්න

Step 6 – ඔබට දුරින්ම තියෙන/පිහිටි දෙය හදුනාගන්න.

තුන්වැනි ක්‍රමය
Step 1- පා ඇගිලි සොලවන්න.

Step 2 – මනසින් පාදය වටේ අදින්න.මෙහිදී ඔයාට විළුඹෙන් පටන් අරන්,කකුලේ පූංචි ඇගිල්ල ඇද ඊට පසූව ඇති ඇගිලි වල කවාකාරය ඇද මහපට ඇගිල්ල ඇන්ද පසු පාදයේ ඇති නෙරූම අඳින්න පූළුවන්.

මෙම ක්‍රම 3ම ඔයාලට ඔෆිස් එකේ දී, පාසලේදී හෝ ඕනැම තෑනකදී අනිත් අයගේ අවධානය ට ලක් නොවී ලේසියෙන්ම සුලූ කාලයක් ඇතුලත ආතතිය කෝපය පාලනය කරගන්න උපයෝගී කරගන්න පුළුවන්.

26/08/2026

පොල් තෙල් වල ගුණ අපි හැමෝම දන්නවා.එත් ඔබ දැන් සිටියාද පොල් තෙල් වලින් අපිට මුඛ සෞඛ්‍ය වර්ධනය කරගන්න පුළුවන් බව? මේ ලිපියෙන් අපි බලමු කොහොමද පොල් තෙල් භාවිතා කරලා මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා.

මේ ක්‍රමයෙන් ඔයාලට මුඛ සෞඛ්‍ය වැඩි කර ගන්න වගේම දත් වල කුහර, දිරායෑම් පාලනය කර ගන්නත් පුළුවන්.

ලස්සන සුදු දත් පෙලක්, දුර්ගඳ නැති මුඛයක්, කුහර නැති දත් පෙලක් කොච්චර නම් වටිනවද?

ඒත් බොහෝ දෙනාගේ දවසට කොපමණ වරක් දත් මැද්දත් දත් වල නියම සුදක් නෑ, කටින් දුර්ගන්ධයක් එනවා. සමහර අයට ලද බොහෝ ම අඩු වයසින් දත් ගල්වන්න, පුරවන්න සිදුවෙනවා.

මේකෙන් අපිට පේනවා දත් මැදීමේන් පමනක් අපිට මුඛ සෞඛ්‍ය පවත්වා ගෙන යෑමට අපහසූ බව. ඒ නිසයි අපි අද ඔයාලට ස්වභාවිකව මුඛ සෞඛ්‍,ය දන්ත සෞඛ්‍ය වැඩි දියුණු කරන්න ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ.

ඒ තමයි… Oil Pulling.

මේකට ඕනෙ කරන්නෙ එකම එක දෙයයි. අපිට කුස්සියෙන් ලේසියෙන්ම සොයා ගන්න පුළුවන් – පොල් තෙල්.

Oil Pulling වල ඇති වාසි
දත් වල කහට නැති වී සුදු පැහැය වැඩි වීම
දත් දිරායැම වැලැක්වීම
මුඛයේ දුර්ගන්දය අඩු කිරීම
විදුලුමස් රෝග වැලෙක්විම
දත් අ විදුලුමස් ශක්තිමත් කිරීම
මුඛ සෞඛ්‍ය වැඩිදියුණු කිරීම
මොකද්ද මේ oil pulling?
මෙම ක්‍රමය අවුරුදු 3000 පමන ඉතිහාසයක් එක්ක ඉන්දියාවේ ආයුර්වේදයට සම්බන්ධව පැවත එන ක්‍රමයක්. මෙහිදී තෙල් භාවිතයෙන් කට සෝදා හැරීමක් තමයි කරන්නෙ.

කොහොමද මෙහෙම වෙන්නේ?
මෙහිදී මුඛයේ ඇති විෂ පොල්තෙල් වල දියවෙනවා. ඒ වගේමයි පොල්තෙල් වල ඇති ගුණාංග මුඛයේ ඇති Bacteria විනාශ කර දත් කැක්කුම අඩු කරන්න, දත් දිරන එක වලක්වන්න, දිරා ඇති දත් තව දුරටත් දිරායෑම වැලක්වීමට හා බොහෝ විදුලුමස් ආශ්‍රිත රෝග වැලක්වීමට හා නිවාරණයට දායක වෙනවා.

දිගුකාලීනව Oil Pulling කිරීමෙන්, පිරවීමට නියමිතව තිබු කුහර පිරවිමකින් තොරවෙමකින් සුව කර ගෙනිමට සමත් වෙලා ඇති බොහෝ අය පිළිබඳවත් වාර්තා වෙලා තියෙනවා.

කොහොමද Oil Pulling කරන්නේ?
Step 1- පිරිසිදු පොල් තෙල් තේ හැඳි 1-2 කටට දමා විනාඩි 10-20 පමන කට තුල එහා මෙහා කරමින් හොඳින් කවර ගන්න.

Step 2 – කාලය අවසානයේ තෙල් ටික කෙළගසා පිරිසිදු රස්නෙ ලුණු හෝ වතුරෙන් කට සෝදන්න.

වැදගත් කරුණු –

මෙය උදැසන දත් මැදීමට පෙර හෝ රාත්‍රියේ නින්දට යාමට පෙර කිරීම වඩාත් සුදුසුයි.
මේ සඳහා කෑමට සුදුසු පිරිසිදු පොල් තෙල් භාවිතා කරන්න. මීට අමතරව ඔයාලට මේ සඳහා තල තෙල්, සූරියකාන්ත තෙල් භාවිතා කරන්නත් පුළුවන්.
මෙහිදි තෙල් sink එකට කෙල ගෙසීමෙන් වලකින්න. මොකද එය ජලප්‍රවාහය අවහිර කරන්න පුළුවන්.

Category

Website

Address

No 26, 6th Lane
Hambantota
82000

Alerts

Be the first to know and let us send you an email when Dr Maneesha BAMS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Hambantota.