My diary

My diary

Share

මේ මොහොතේ ජීවත් වෙන්න.

08/06/2026
04/06/2026

විසාඛුපොසථ සූත්‍රය

“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතාව විසින් කරවන ලද පූර්‍වාරාමයෙහිවූ ප්‍රාසාදයෙහි වාසය කරන සේක. ඉක්බිති වනාහි මිගාර මාතාව නම්වූ විශාඛාව භාග්‍යවතුන් වහන්සෙ කරා පැමිණියාය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාය. එකත් පසෙක හුන් මිගාර මාතා නම්වූ විශාඛාවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“විශාඛාවෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත්ඵල වේ. මහත් ආනිශංස වේ. මහත් ආලෝක ඇත්තේ වේ. මහත් පැතිරීම් ඇත්තේ වේ.

“විශාඛාවෙනි, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ සලකයි.
01. ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ සතුන් නැසීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්වී, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇතිව, දයාවට පැමිණ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇතිව වසත්. “මමත් අද මේ රැය, මේ දවස, සතුන් මැරීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්ව, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇත්තේ, දයාවට පැමිණියේ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇත්තේ වසමි.

“මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය” යි මේ පළමුවන අංගයෙන් යුක්තවූයේ වෙයි.

02. “ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ අනුන් දුන් දෙය ගැනීමෙන් තොරව, දුන් දෙය ගන්නේ, දුන් දෙය බලාපොරොත්තු වන්නේ, ඉක්බිති මේ පිරිසිදුවූ ආත්මයෙන් වෙසෙත්ද,

“මමත් අද මේ රැය, මේ දවස, නුදුන් දෙය ගැන්ම හැර දමා නුදුන් දෙය ගැන්මෙන් වෙන්වූයේ, දුන් දෙය ගන්නේ දුන් දෙය බලාපොරොත්තුවන්නේ, ඉක්බිති මේ පිරිසිදුවූ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය” යි මේ දෙවන අංගයෙන් යුක්තවූයේ වෙයි.

03. “ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ කාම සේවනය (බ්‍රහ්මයා මෙන් නොහැසිරීම) හැර දමා බඹසර රකින්නේ (කාම සේවනය නොකරන්නේ) දුරුව හැසිරෙන්නේ, දෙදෙනෙකුගේ හැසිරීමවූ ගමුන්ගේ ක්‍රියාවෙහි නොඇලුණේද, ‘මමත් අද මේ රැය, මේ දවාල, කාම සේවනය හැර, කාම සේවනයෙන් තොර බඹසර රකින්නේ, දුරුව හැසිරෙන්නේ, දෙදෙනෙකුගේ හැසිරීමවූ ගමුන්ගේ ක්‍රියාවෙහි නොඇලුණේ වෙමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය” යි මේ තුන්වන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.

04. “ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ බොරුකීම හැරදමා, බොරු කීමෙන් වෙන්වූයේ, ඇත්ත කියන්නේ, ඇත්තට බැඳී ඇත්තේ, ඇදහිය යුතුවූයේ, විශ්වාස කළ හැකි වූයේ, ලෝකයාට නොගැලපෙන කියුම් නැත්තේ වෙත්. මමද බොරුකීම හැර දමා, බොරු කීමෙන් වෙන්ව, සත්‍යය කියන්නේ, සත්‍යය බලාපොරොත්තු වන්නේ, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. “මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස්ද සමාදන් වූයේ වන්නේය” යි මේ සතරවන අංගයෙන් යුක්තවූයේ වෙයි.

05. “ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ රා මෙර මත් ද්‍රව්‍යයන්හි පමාව සිටීම හැර, රා මෙර මත් ද්‍රව්‍යවල ප්‍රමාදව සිටීමෙන් වෙන්වේද, මමත් අද මේ රැය, මේ දාවල, රා මෙර පානය හැර දමා, රා මෙර පානයෙන් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ පස්වන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.

06. “ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ එකම බතක් වළඳන්නේ, විකාල (නොකල) කෑමෙන්රෑ වෙන්වූයේ, නොඇලුණේ වෙත්. මමද මේ රැය, මේ දාවල, විකාල භෝජනයෙන් වැලකෙන්නේ, විකාල භෝජනයෙන් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ හයවන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.

07. “ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වැළකුණේ වෙයි. මමද අද මේ රැය, මේ දවස, නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වැළකුණේ, නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වෙන්ව ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ සත්වන අංගයෙන් යුක්තවූයේ වෙයි.

08. “ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ උස් අසුන්, මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, මැස්සක හෝ, තණ ඇතිරියක හෝ, පැදුරෙහි නිදීම කරන්නේ වේද, ‘මමද මේ රැය, මේ දවාල, උස් අසුන් මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, වැලකෙන්නේ, උස් අසුන් මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ අටවැනි අංගයෙන්ද යුක්තවූයේ වෙයි. මහණෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත් ඵලය. මහානිශංසය. මහත් ආලෝක ඇත්තේය. මහත් පැතිරීම් ඇත්තේය.

“විශාඛාවෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත්ඵල වේ. මහත් ආනිශංස වේ. මහත් ආලෝක ඇත්තේ වේ. මහත් පැතිරීම් ඇත්තේ වේ.

“කොපමණ මහත් ඵල වේද, කොපමණ මහත් ආනිශංස වේද, කොපමණ මහත් ආලෝක වේද? කොපමණ මහත් පැතිරීම් වේද?

“මහණෙනි, යම්සේ යමෙක් මේ බොහෝ සත් රුවන් ඇති සොළොස් මහා ජනපදයන්හි ඉසුරු බව, අධිපතිබවවූ රාජ්‍යය කරන්නේද, කෙබඳු සොලොස් මහා ජනපදයන්ගේද යත්? අංග - මගධ - කාශි - කොශල - වජ්ජි - මල්‍ය - වෙදි - වංග - කුරු - පඤ්චාල - මත්ස්‍ය - ශුරසෙන - අශ්වක - අවන්ති - ගන්‍ධාර - කාම්බොජ යන මොවුන්ගේය.”

“මෙය අංග අටකින් යුත් පෙහෙවස්හි සොළොස්වන කලාවටත් නොඅගී. එයට හේතු කවරේද? මහණෙනි, දිව්‍ය සුඛය හා සසඳන කල මනුෂ්‍ය රාජ්‍යය දිළිඳුය.

“මහණෙනි, මිනිසුන්ගේ යම් පණස් අවුරුද්දක් වේද, ඒ සිව් මහා රජයේ දෙවියන්ට මේ එක්රෑ දවාලකි. ඒ රැයින් තිස් රැයක් මාසයයි. ඒ මාසයෙන් දොලොස් මසක් අවුරුද්දය. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ පන්සියයක් සිවු මහ රජයේ දෙවියන්ට ආයුෂ ප්‍රමාණයයි.

“මහණෙනි, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු සතර මහා රජයේ දෙවියන් හා සම බවට පැමිණෙයි යන කරුණු විද්‍යමාන වේ.

“මහණෙනි, දිව්‍ය සුඛය හා සසඳන කල මනුෂ්‍ය රාජ්‍යය දිළිඳුය. මේ සඳහා කියන ලදී. මහණෙනි, මිනිසුන්ගේ යම් වර්‍ෂ සියයක් තව්තිසාවේ දෙවියනට මේ එකරෑ දවාලක් වේද, ඒ රැයින්රෑ තිහක් මාසයෙකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දහසක් තව්තිසාවේ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයයි. මහණෙනි, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු තව්තිසා දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.

“මහණෙනි, මිනිසුන්ගේ යම් අවුරුදු දෙසියයක් යාම දෙවියන්ට මේ එක්රෑ දාවලක් වේද, ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දෙදහසක් යාම දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයයි. මහණෙනි, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු යාම දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.

“මහණෙනි, මිනිසුන්ගේ යම් අවුරුදු හාරසියයක් වේද, තුෂිත දෙවියන්ට මේ එක්රෑ දාවලකි. ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ හාර දහසක් තුෂිත දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයයි. මහණෙනි, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු තුෂිත දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.

“මහණෙනි, මිනිසුන්ගේ යම් අවුරුදු අටසියයක් වේද, නිර්මාණ රතී දෙවියන්ට මේ එකරෑ දවාලෙකි. ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ අටදහසක් නිර්මාණ රතී දෙවියන්ට ආයුෂ ප්‍රමාණයයි. මහණෙනි, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු නිර්මණෙ රතී දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.

“මහණෙනි, මිනිසුන්ගේ යම් අවුරුදු දහසය දහසක්, පරනිර්මිත වසවර්ති දෙවියන්ට මේ එකරෑ දවාලකි. ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් වර්ෂ දහසය දහසක් පරනිර්මිත වසවර්ති දෙවියන් ආයුෂ ප්‍රමාණයයි. මහණෙනි, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු පරනිර්මිත වසවර්ති දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.

(1) “පණ නොනසව. අනුන් දෙය නොගනුව. බොරු නොකියව, මත්පැන් බොන්නෙක් නොවව. දෙදෙනෙකුගේ හැසිරිමවූ අබ්‍රහ්මවර්යාවෙන් වෙන් වෙන්න. රැය නොකල්හි කෑම නොකව.

(2) “මල්දම් නොදරව. සුවඳ නොගනුව. පොළොවේ මෙන් මැස්සෙහිද, තණ ඇතිරියේද නිදව. මෙය දුක් කෙළවරට ගිය බුදුන් පැවසූ අංග අටින් යුත් පෙහෙවසයයි කියත්.

(3) “ඉරද, සඳද දෙදෙනා මනාව පෙනෙමින් එළිය පතුරුවත්ද, අහසේ හැසිරෙන, අඳුරු දුරලන, දිගුන් බබුළුවන ඔවුහු වනාහි අහසේ දිලිසෙත්.

(4) “මේ අතර මු.ුය, මැණික්ය, උසස් වෛදුර්යය, රත්රන්ද, එසේම රන්ද, යමක් ජාත රූපය හටකය කියාද, එයද සියලු චන්‍ද්‍ර ප්‍රභාවද, ඒ තාරකා සමූහයද, අංග අටින් යුත් පෙහෙවීමට දහසයින් අඩකුත් සමාන නොවේ.

(5) “එබැවින් ස්ත්‍රීහුද, පුරුෂයෝද, සිල්වත්වූවාහු, අංග අටින් යුත් පෙහෙවීම සමාදන්ව වසත්වා. සැප විපාක ඇති පින් කර නින්‍දාවට නොගියාහු ස්වර්‍ග භූමියට එළඹෙත්.”

සාදු සාදු සාදු !

ධර්මදානය පිණිස බෙදාහරින්න🙏
නිවැරදිව ධර්මය දැනගන්න follow Us ධම්මපදය Dhammapadaya page

#සිල් #අටසිල් #බඹසර

04/06/2026

හතරපද ගාථාවකට කැටි කරපු මේ විශ්වයේ පහළවූ සහ පහළ වීමට නියමිත සියලු බුදුරජාණන් වහන්සේලාගේ ගාම්භීර ඉගැන්වීම 🌸✨🙏🙏🙏

අපේ ජීවිත කියන්නේ ප්‍රශ්න පත්‍රයක් වගෙයි. හැමදාම අලුත් ගැටලු, අලුත් අභියෝග. හැබැයි ඔබ කවදා හෝ සිතුවාද, මේ සියලු ප්‍රශ්නවලට එකම එක සරල විසඳුමක් තිබිය හැකි බව?

ලොව පහළ වූ සියලුම බුදුවරුන්, එකම හඬින්, එකම අර්ථයකින් දේශනා කළ ඒ මහා රහස කුමක්ද? වචන කිහිපයකින් මුළු සංසාරයම ජයගන්නා හැටි කියාදෙන, බුදු සසුනේ හදවත බඳු වූ ඒ අසිරිමත් ගාථාව දෙසටයි අද අපේ අවධානය යොමු වන්නේ.

ගෞතම බුදුරජාණන් වහන්සේට පෙරත් ලොව බුදුවරුන් පහළ වුණා. ඒ සෑම බුදුවරයෙකුම තම ශ්‍රාවකයන්ට අවවාද කිරීමටත්, ශාසනයේ පදනම පැහැදිලි කිරීමටත් භාවිත කළේ මේ "ඕවාද ප්‍රාතිමෝක්ෂයයි". මෙය හුදු ගාථාවක් පමණක් නොවෙයි, එය ජීවන දර්ශනයක්. පාරාජිකා ආදී විනය නීති පැනවීමට පෙර, මුල් යුගයේ රහතන් වහන්සේලා ශාසනය රැක්කේ මෙන්න මේ උතුම් අනුශාසනාව හදවතේ දරාගෙනයි. දැන් අපි ඒ උතුම් ගාථාවට සවන් දෙමු 🙏🙏🙏

සබ්බපාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධාන සාසනං

මෙය සිංහල භාෂාවෙන් අර්ථ ගන්වන්නේ නම්, "සියලු පව් නොකිරීම ද, කුසල් රැස් කිරීම ද, තම සිත පිරිසිදු කර ගැනීම ද යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි" යන්නයි.

නමුත් මෙහි ගැඹුර අප සිතනවාට වඩා බෙහෙවින් වැඩියි.

මුලින්ම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ "සබ්බපාපස්ස අකරණං" යන්නයි. මෙහි "සබ්බ" යන්නෙන් අදහස් කරන්නේ කායික, වාචසික සහ මානසික යන තුන් දොරින්ම සිදුවන සියලුම අකුසල්. පවක් කරන මනුෂ්‍යයා හරියට ගිනි අඟුරක් අතට ගත් කෙනෙක් වගෙයි. ඔහු එය විසි කරන්නට පෙර ඔහුගේ අතමයි පිළිස්සෙන්නේ. පවෙන් වැළකීම කියන්නේ හුදෙක් බිය නිසා කරන දෙයක් නෙවෙයි, එය තමන්ටත් ලෝකයාටත් කරන මහා කරුණාවක්.

නමුත් පව් නොකර සිටීම පමණක් ප්‍රමාණවත්ද? නැහැ. එතැනදී තමයි "කුසලස්ස උපසම්පදා" කොටස වැදගත් වන්නේ. අපේ හිත හිස්ව තබන්න බැහැ. අකුසලයෙන් හිත ඉවත් කරන විට, ඒ හිස්තැන කුසලයෙන් පිරවිය යුතුයි. කුසලය කියන්නේ දක්ෂකමයි. සසර දුකින් එතෙර වීමට අවශ්‍ය කරන පින් බලය සහ ප්‍රඥාව දියුණු කරගැනීම මෙහිදී අදහස් වෙනවා. එය හරියට මුඩු බිමක වල් පැලෑටි උදුරා දමා, එහි ලස්සන මල් වගා කිරීම වැනි ක්‍රියාවලියක්.

මෙම ගාථාවේ තීරණාත්මකම සහ රහසිගතම කොටස වන්නේ "සචිත්ත පරියෝදපනං" යන්නයි. බුදු දහම අනෙක් දර්ශනවලින් වෙන් වන්නේ මෙතැනින්. පින් කළත්, පව්වලින් වැළකුණත් සිතේ ඇති කෙලෙස් මුල් උදුරා නොදැමුවහොත් අප නැවතත් සසරේ අතරමං වෙනවා. සිත පිරිසිදු කර ගැනීම යනු භාවනාවයි, විදර්ශනාවයි. තමන්ගේ සිත දෙස උපේක්ෂාවෙන් බැලීමට ඉගෙන ගැනීමයි. රාගය, ද්වේෂය, මෝහය කියන මලකඩවලින් වැසුණු මැණිකක් වන් සිත, නැවත ප්‍රභාශ්වර කර ගැනීම මෙහි පරම අරමුණයි.

මෙන්න මේ කරුණු තුන සම්පූර්ණ වන තැනයි බුද්ධ ශාසනය පිහිටන්නේ. ඒ නිසයි "ඒතං බුද්ධාන සාසනං" යනුවෙන් මෙය අවසන් වන්නේ. ලොව කොපමණ ආගම් දර්ශන තිබුණත්, මේ තරම් සරලව සහ ගැඹුරින් ජීවිතය විවරණය කළ තවත් තැනක් තිබේද?

අදින් පසු ඔබ කරන සෑම ක්‍රියාවකදීම, ඔබ පවසන සෑම වචනයකදීම සහ ඔබ සිතන සෑම සිතුවිල්ලකදීම මේ ගාථා රත්නය සිහිපත් කරගන්න. ඔබ කරන්නේ පවක්ද? කුසලයක්ද? එයින් ඔබේ සිත පිරිසිදු වෙනවාද? මේ ප්‍රශ්න තුනට පිළිතුරු සෙවීම මගින් ඔබ නොදැනුවත්වම රහත් මගට අවතීර්ණ වනු ඇත. මේ කෙටි ගාථාව ඔබේ ජීවිතයේ මාලිමාව කරගන්න. එවිට ඔබට මග වැරදෙන්නේ නැත.

සියලු දෙනාටම තෙරුවන් සරණයි! මේ දහම් පනිවුඩය අන්‍යන්ටත් දැනගැනීමට share කරන්න 🙏🙏🙏

゚viralシ

02/06/2026

🌼 බුදුගුණ භාවනාව - විජ්ජාචරණ සම්පන්න ගුණය 🌼

බුද්ධානුස්සති භාවනාව පංච නීවරණ සංසිඳවන භාවනාවකි. එයින් කායික මානසික සුවය ලැබෙන අතර අපල බාධක සංසිඳවා ගැනීමට ද ශක්තිය ලැබේ. බුදුරජාණන් වහන්සේට දෙවි, මිනිසුන් විසින් ගෞරව කරනු ලබන්නේ අනන්ත ගුණ නිසයි. ඒ අනන්ත ගුණ අතරින් එක ගුණයක් හෝ නිතර මෙනෙහි කරනවා නම් එය බුද්ධානුස්සති භාවනාවයි. මෙයින් ලැබෙන අනුසස් බොහෝ ය.

‘සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ’ යන ගුණය නිතර අර්ථය දැනගෙන මෙනෙහි කරන්න. අර්ථය හෙවත් තේරුම දැන ගැනීම නිසා බුදුගුණය ගැන වැටහීම ඇතිවේ. සද්ධාව, වීර්ය, සතිය, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්ම ටික දියුණු කරගත හැකිය. ලෝකෝත්තර මාර්ගයට බැස ගැනීමට හැකි වේ. බුදුගුණ භාවනාව දියුණූ කර ගෙන යෑම නිසා හොඳ නුවණක් පහළ කරගත හැකි ය. එම නුවණ ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙයාකාර වේ.

මේ විජ්ජාචරණ නම් බුදුගුණය බොහෝම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් මෙනෙහි කරන්න. සතර ඉරියව්වේම මෙනෙහි කරන්න. එයින් අසංවර වූ සිත සංවර වේ. සංවර වූ සිතේ පාපී සිතිවිලි නැත. නිවන් මඟට පිවිසුණු සිත උදාහරණ වේ. බුදුගුණ භාවනාව සතර මග ඵල නිවන් සුව පිණිස හේතු වේවා! වාසනා වේවායි! ප්‍රාර්ථනා කරමි.

☸️විජ්ජාචරණ සම්පන්න ගුණය

‘සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ’

1. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

2. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දසමහා විපස්සනා ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

3. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සම්මසන ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උදයබ්බඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

5. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භාග්‍යානුපස්සනා ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

6. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භයානුපස්සනා ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

7. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිබ්බිදානුපස්සනා ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

8. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ, මුඤ්චතුªකම්‍යතා ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

9. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පටිසංඛා ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

10. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංඛාරුපේක්‍ෂා ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

11. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනුලෝම ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

12. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මනෝමය ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

13. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස මහා ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

14. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අධිෂ්ඨාන ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

15. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විකුබ්බන ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

16. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මනෝමය ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

17. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඤාණ විප්ථාර ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

18. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමාධි විප්ථාර ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

19. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කම්මවිපාක ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පුණ්‍යවතො ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විජ්ජාමය ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

23. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සම්මා පයෝග පච්චය ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

24. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දිබ්බයෝග ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

25. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරචිත්ත විජානන ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

26. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පුබ්බෙනිවාසානුස්සති ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

27. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දිබ්බචක්ඛු ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

28. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආසවක්ඛ ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

29. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, සෝවාන් මාර්ගඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, සෝවාන් ඵල ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, සකෘදගාමි මාර්ගඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සකෘදාගාමි ඵල ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමි මාර්ගඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අනාගාමි ඵල ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

35. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අරහත් මාර්ගඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

36. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අරහත් ඵල ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

37. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

38. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉන්ද්‍රිය සංවර සීලයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

39. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භෝජන මාත්‍රඥතාවයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

40. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජාගරියාප්‍රයෝගයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

41. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ශ්‍රද්ධාවෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

42. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ හිරියෙන් (පවට ලජ්ජාව) සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

43. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඔත්තප්පයෙන් (පවට බය) සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

44. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ බහුස්‍රතයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

45. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පරාක්‍රමයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

46. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සිහියෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

47. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ නුවණින් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

48. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ප්‍රථම ධ්‍යානයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

49. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, දුතීය ධ්‍යානයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

50. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තෘතිය ධ්‍යානයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

51. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චතුත්ථ ධ්‍යානයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

52. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අෂ්ට සමාපත්තියෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

53. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ෂඨි අභිඤ්ඤාවෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

54. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනන්ත ප්‍රඥාවෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.


අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමි.

02/06/2026

🌼 බුදු ගුණ භාවනාව - සුගත බුදුගුණය 🌼

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

01. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද සුගත නම් වන සේක.

02. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පාරිශුද්ධ වූ ආර්යමාර්ග සංඛ්‍යාත ශෝභන ගමන ඇති හෙයින් සුගත නම් වන සේක.

03. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශෝභන වූ සම්මා දිට්ඨි ගමන් ඇති බැවින් සුගත නම් වන සේක.

04. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශෝභන වූ සම්මා සංකප්ප ගමන් ඇති බැවින් සුගත නම් වන සේක.

05. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශෝභන වූ සම්මා වාචා ගමන් ඇති බැවින් සුගත නම් වන සේක.

06. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශෝභන වූ සම්මා කම්මන්ත ගමන් ඇති බැවින් සුගත නම් වන සේක.

07. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශෝභන වූ සම්මා ආජීව ගමන් ඇති බැවින් සුගත නම් වන සේක.

08. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශෝභන වූ සම්මා වායාම ගමන් ඇති බැවින් සුගත නම් වන සේක.

09. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශෝභන වූ සම්මා සති ගමන් ඇති බැවින් සුගත නම් වන සේක.

10. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශෝභන වූ සම්මා සමාධි ගමන් ඇති බැවින් සුගත නම් වන සේක.

11. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අජරාමර ශාන්ත නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

12. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජාතිදුක නැත්තා වූ ශාන්ත සුන්දර අජාති නම් නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

13. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජරා දුක නැත්තා වූ ශාන්ත සුන්දර අජර නම් නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

14. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ව්‍යාධි දුක නැත්නා වූ ශාන්ත සුන්දර අව්‍යාධි නම් නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

15. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මරණ දුක නැත්තා වූ ශාන්ත සුන්දර අමත නම් වූ නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

16. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝක දුක නැත්තා වූ ශාන්ත සුන්දර අසෝක නම් වූ නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

17. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරිදේව දුක නැත්තා වූ ශාන්ත සුන්දර අපරිදේව නම් වූ නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

18. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කායික දුක නැත්තා වූ ශාන්ත සුන්දර අදුක්ඛ නම් වූ නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

19. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මානසික දුක නැත්තා වූ ශාන්ත සුන්දර අදෝමනස්ස නම් වූ නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

20. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපායාස දුක නැත්තා වූ ශාන්ත සුන්දර අනුපායාස නම් වූ නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

21. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගාම්භීර නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

22. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුද්දස නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

23. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුරනුබෝධ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

24. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අතක්කාවචර නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

25. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තණ්හක්ඛය නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

26. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පණ්ඩිත වේදනීය නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

27. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අන්ත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

28. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනසව නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

29. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සච්ච නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

30. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පාර නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

31. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිපුන නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

32. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුදුද්දස නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

33. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අගති නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

34. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ධුව නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

35. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අපලෝකික නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

36. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනිදස්සන නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

37. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිප්පඤ්ච නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

38. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සාන්ත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

39. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පණිත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

40. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සිව් නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

41. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඛේම නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

42. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අච්ඡරිය නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

43. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අබ්භුත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

44. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනිකීකධම්ම නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

45. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අඛ්‍යාපජ්ඣ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

46. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුද්ධි නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

47. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මුක්කි නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

48. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දීප නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

49. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලේන නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

50. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තාණ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

51. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සරණ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

52. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අච්චන්ත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

53. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අකත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

54. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනන්ත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

55. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරායන නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

56. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛක්ඛය නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

57. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මොක්ක නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

58. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිබ්බාණ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

59. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවිපරිණාම නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

60. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විවථිට නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

61. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කේවල නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

62. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාලය නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක. 63. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පද නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

64. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අච්චුත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

65. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අක්ඛර නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

66. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විමුක්ත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

67. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විමුක්ති නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

68. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අපවග්ග නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

69. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විරාග නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

70. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ යෝගක්ඛේම නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.

(2 වන කොටස ඊළඟ ලිපියෙන්..)

අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමි.

30/05/2026

"මම ධර්මය ගැන හැමදේම දන්නේ නැති වුණාට, මං දන්න විදිහට සහ මට තේරුණු විදිහට මේ වටිනා කරුණු ටික ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා...දානයෙන් පටන් අරන් සීලයට ගිහින් එතනින් බුද්ධ සංඥාව නිවැරදිව ඔයාලට අරන් දානයක් දෙන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙයි 🙏😊

අපි හුඟක් වෙලාවට හිතන්නේ බාහිරින් ලොකු ලොකු පින්කම්, දන් දීම් කළ පළියටම අපේ හිත් ඉබේම නිවෙයි කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ හැමදේකම ලස්සන පිළිවෙළක් සහ පියවරෙන් පියවර යන ගැඹුරු පදනමක් තියෙනවා කියලා. ඒ ගැන සරලවම මෙන්න:

1. දානයේ සැබෑ වටිනාකම සහ හැමෝටම දන් දීමේ වැදගත්කම
සිල්වතුන් දන් දීමේ විපාකය: දන් දෙන කෙනා වගේම ලබන කෙනාත් සිල්වත් වෙද්දී ඒ දානයේ පින (විපාකය) අතිවිශාල ලෙස වැඩි වෙනවා.
ත්‍රිපිටකයේ තැන: මජ්ඣිම නිකාය - දක්ඛිණාවිභංග සූත්‍රය. (දෙන කෙනාත් ලබන කෙනාත් සිල්වත් වුණාම ඒ දානය අතිශයින්ම පිරිසිදු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ මෙතනදී දේශනා කරනවා).

හැම කෙනෙක්ටම දන් දීම: සිල්වතුන්ට දෙන එකේ පින වැඩියි කිව්වා කියලා, බුදුහාමුදුරුවෝ සාමාන්‍ය අයට හෝ තිරිසන් සතුන්ට දන් දෙන්න එපා කිව්වේ නැහැ. උන්වහන්සේ දේශනා කළේ අසරණ සතෙකුට පවා තමන්ට පුළුවන් විදිහට දන් දෙන්න කියලයි. ඒකෙන් අපේ හිතේ තියෙන "ලෝභය" නැති වෙලා කරුණාව වැඩෙනවා.
ත්‍රිපිටකයේ තැන: අංගුත්තර නිකාය - වේලාම සූත්‍රය.

2. දානයකින් හිතෙන් නැති වෙලා යන කෙලෙස් මොනවාද?
කෙලෙස් නැති වීම: අපි බාහිරව ද්‍රව්‍යයක් දන් දෙන හැම වෙලාවකම, අපේ හිත ඇතුළේ තියෙන ප්‍රධාන කෙලෙස් 3ක් (ලෝභය, මසුරුකම සහ ද්වේෂය/තරහව,මෝහය) යටපත් වෙලා නැති වෙලා යනවා. "මේවා මගේ, මට විතරයි ඕනේ" කියන තණ්හාව නැති වෙලා හිත නිවෙනවා.
ත්‍රිපිටකයේ තැන:අංගුත්තර නිකාය - වේලාම සූත්‍රය.(දානයේ නියම අරමුණ බාහිරව දේවල් දෙන එක විතරක් නෙවෙයි, හිත ඇතුළේ තියෙන කෙලෙස් ටික ටික නැති කරලා හිත නිදහස් කරගන්න එකයි කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා)

3. දානයකින් තමයි සීලයකට යන්න පුළුවන්
* බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම් මඟ පියවරෙන් පියවර යන එකක් (ආනුපුබ්බී කථා). එතැනදී පළමු පියවර තමයි දානය. දෙවැනි පියවර තමයි සීලය.
කෙනෙක් මුලින්ම දන් දීලා තමන්ගේ හිතේ තියෙන බදාගැනීමේ ස්වභාවය, තදබව බුරුල් කරගන්න ඕනේ. දානයක් දීලා හිත ටිකක් නිදහස් කරගත්තට පස්සේ තමයි, ඊළඟ උසස් පියවර වෙන "සීලයකට" (කයේ වචනයේ හික්මීමකට) යන්න කෙනෙකුට ලෙහෙසියෙන්ම පාර කැපෙන්නේ. දානය කියන්නේ සීලයට යන්න තියෙන අඩිතාලමයි.

4. සීලය තියෙන කෙනෙක්ට විතරයි බුද්ධ සංඥාව ගන්න පුළුවන්
සීලය සහ බුද්ධ සංඥාවේ සම්බන්ධය - බුදුහාමුදුරුවෝ මගේ ඉදිරිපිටම වැඩසිටිනවා" වගේ හැඟීමක් (බුද්ධ සංඥාවක්) හිතට ගන්න නම්, තමන් ළඟත් පංචශීලය වගේ අවම සීලයක් තියෙන්නම ඕනේ.සීයට සීයක් නැතත් රකින්න උත්සාහ කරන්න ඕන සෝවන් වෙනකන් සුළු හරි පලුදු වීමක් තියෙන්න පුලුවන් හිත පුරාම කේන්තිය, බොරුව, පව්කාර සිතුවිලි වගේ කුණු පිරිලා තියෙද්දී, බුදුහාමුදුරුවන්ගේ ඒ අතිපිරිසිදු, ශාන්ත රූපය හිතට ගන්න බැහැ. බුද්ධ සංඥාව කියන්නේ බලෙන් මවාගන්නා චිත්‍රයක් නෙවෙයි, ඒක හිතේ කෙලෙස් යටපත් වී උපදින මහා පුදුමාකාර නිවුණු හැඟීමක් (සමාධියක්). ඒකට සීලයේ පදනම ඕනෙමයි.
ත්‍රිපිටකයේ තැන දීඝ නිකාය - මහා පරිනිබ්බාන සූත්‍රය.(බුදුහාමුදුරුවෝ දේශනා කළේ "සීල පරිභාවිතෝ සමාධි මහප්ඵලෝ හෝති"හෙවත් සීලය මතමයි හිතේ එකඟතාවය හෙවත් සමාධිය ගොඩනැගෙන්නේ කියායි).

කට්ටියටම පැහැදිලි වෙන්න ඔක්කොම එකට කැටි කරපු "සරල සාරාංශය"

1. දානය - දානයක් දීමේදී ලැබෙන විපාකය උපරිම වෙන්නේ දෙන කෙනා වගේම ලබන කෙනාත් සිල්වත් වුණාමයි. හැබැයි, බුදුහාමුදුරුවෝ දේශනා කළේ තිරිසන් සතෙක්ට, අසරණ මිනිහෙක්ට වුණත් හැම කෙනෙක්ටම දන් දෙන්න කියලයි. මොකද, දන් දීමේ ප්‍රධානම අරමුණ බාහිරව දේවල් දෙන එක විතරක් නෙවෙයි, ඒ හරහා තමන්ගේ හිතේ තියෙන ලෝභය, මසුරුකම සහ ද්වේෂය (තරහව),මොහය කියන කෙලෙස් ටික හිතෙන් අයින් කරලා හිත පිරිසිදු කරගන්න එකයි. මේ විදිහට දානයෙන් හිත බුරුල් කරගත්තාම තමයි ඊළඟ පියවර වෙන සීලයට යන්න පාර හැදෙන්නේ.

2. සීලය - දානයෙන් පටන්ගෙන ලෝභය නැති කරලා හිත පිරිසිදු කරගත්තාට පස්සේ, අපිට තවදුරටත් හිත දිගටම පිරිසිදුව තියාගන්න සීලය (පංචශීලය) උදව් වෙනවා. සීලය නිසා හිතේ තියෙන පව්කාර, කැළඹුණු සිතුවිලි (කුණු) ඔක්කොම සේදිලා යනවා.

3. බුද්ධ සංඥාව - අන්න එහෙම සීලයෙන් පිරිසිදු කරගත්තු හිතක විතරයි සමාධිය (හිතේ එකඟතාවය) ගොඩනැගෙන්නේ. සැබෑ ජීවමාන "බුද්ධ සංඥාව" කියන්නේ බලෙන් මවාගන්නා ලස්සන චිත්‍රයක් නෙවෙයි, ඒක හිත නිවුණාම ඇතුළෙන්ම එන මහා පුදුමාකාර හැඟීමක්. ඒ නිසා, තමන් ළඟ සීලයේ පිරිසිදුකම තියෙනවා නම් විතරයි, බුදුහාමුදුරුවන්ගේ ඒ උතුම් ජීවමාන බුද්ධ සංඥාව අපි හිතන තරම් ලේසියෙන් නෙවෙයි, හරියටම සහ නිවැරදිව හිතට ධාරණය කරගන්න පුළුවන් වෙන්නේ!

අන්තිමට මෙහෙම තමයි මට කියන්න තියෙන්නෙ අපි හැමෝම දානය හැමටම (අසරණ මිනිසුන්ට, තිරිසන් සතුන්ට,ඇතුලු හැමෝටම) දෙන්න පුරුදු වෙන්න ඕන. මොකද දානයෙන් තමයි සීලයකට යන්න පදනම හැදෙන්නේ. හැබැයි මතක තබාගන්න, දානයේ සැබෑ උපරිම වටිනාකම තියෙන්නේ තමන් සිල්වත් වෙලා, සිල්වත් උතුමන්ලාටම දන් දීම තුළයි. ඒ වගේම, අපේ ජීවිත සමාධිමත් කරගන්න, හිත නිවාගන්න නම් අනිවාර්යයෙන්ම සීලය රකින්න ඕනේ. ඒ විදිහට තමන්ගේ සිල් රැකගෙන බුදුගුණ මෙනෙහි කරද්දී විතරයි, අපිට බුදුරජාණන් වහන්සේගේ සැබෑ ජීවමාන බුද්ධ සංඥාව දකින්න පුළුවන් වෙන්නේ."
හැමෝටම පින්බර දවසක් වේවා! ☸️

30/05/2026

🌷 ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වෛශාඛ මංගල්‍යය
(ව්‍යවහාර වර්ෂ 2026 වෙසක් පුන් පොහොය)

✅ සම්බුදු උපත සිදු වී අදට වසර 2650 යි

✅ බුදුරජුන් සම්බුදු බවට පත් වී අදට වසර 2615 යි

✅ සම්බුදු පරිනිර්වාණය සිදුවී අදට වසර 2570 යි

✅ සම්බුදු රජුන් තුන්වැනි වරට ලක්දෙරණට වැඩමකොට අදට වසර 2607 යි

✅ විජයාගමනයෙන් ලක්දිව මිනිස්වාසයක් බවට පත්ව සිංහල ජාතියේ ආරම්භය සිදුවී අදට වසර 2570 යි (මහාවංශයට අනුව)

Website

Address

Hambantota