Protect Your Life

Protect Your Life

Share

🌿 Protect Your Life ✨
Health | Food & Nutrition | Innovation | Technology | Life Hacks | Entertainment
Live informed. Live better

07/04/2026
22/03/2026

උපුටා ගැනීමකි

සමහර විට මෙම ලිපිය මනස්ගාතයක් සේ සිතෙනු ඇත.එහෙත් ලිපියේ කරැනු ඉරාන ඇමරිකා සටන අවසන් වන තුරැ මතක තබාගන්නා ලෙස ඉල්ලා සිටිමි.

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානය වෙත පහර දීම ආරම්භ කර ඇත.

මෙම ප්‍රහාර වල අනාගතය තේරැම් ගැනීමට නම් වර්තමාන භූ දේශපාලනය වගේම ට්‍රම්ෆ් ,කමේනි , පූටින් සහ නෙතනියාහු කවුද යන්න දැන් සිටිය යුතුයි.

ඇමරිකාවේ මතු පිටට පාලනය සහ අගාධ පාලනය කියා දෙකක් ඇත.අගාධ පාලනය යනු

බුද්ධි අංශ ,

ව්‍යාපාර

විශ්ව විද්‍යාල

එක්ව රජය කුමක් උවත් රාජ්‍යය දිගු කාලීන ඉලක්ක වෙත.මෙහෙය වීමට සකසා ඇති යාන්ත්‍රණයකි.
රාජ්‍ය පාලකයා අගාධ පාලනයේ ඉලක්ක වලට එරහිව උවහොත් ඒ ඔහුගේ අවසානයයි.

නමුත්

වර්ථමාන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ෆ් ඇමරිකානු අගාධ පාලනයේ ඉලක්ක වලට එරහිව මේ දක්වා සාර්ථකව සිය පාලනය කරගෙන යයි..අගාධ පාලනය එක දිගටම ට්‍රම්ෆ් ට එරහිව ක්‍රියාමාර්ග.ගනිමින් සිටී. නමුත් මේ වන තෙක් ට්‍රම්ෆ් ශක්තිමත්ව සිටී

ඇමරිකානු අගාධ රාජ්‍ය ට අනුව ට්‍රම්ෆ් යනු ඇමරිකාව විනාශ කිරීමට නිර්මාණය කල පුටින්ගේ පිල්ලියක් වෙයි.ට්‍රම්ෆ් ගේ ක්‍රියාකාර කම් හොදින් විග්‍රහ කර ගතහොත් ට්‍රම්ෆ් යනු පූටින් ගේ උවමනාව මත.මෙහෙය වන අයකු බව තේරැම් ගත හැකියි.

එසේ නම් ඉරාන යුද්ධයේ ජයග්‍රාහකයා ඉරානය විය යුතු අතර පරාජිතයා ඇමරිකාව විය යුතුයි.

නමුත් එය මතු පිටට එකවර තේරැම් ගත හැකි පරාජයක් උවහොත් එතනින් ට්‍රම්ෆ්ගේ ගමන අවසන් වනු ඇත.සමස්ත ඇමරිකාව ට්‍රම්ෆ් ට එරහි වනු ඇත.එහෙත් දශක ගණනක් පෙරැම් පුරා ඇමරිකාවේ ජනාධිපති එලෙස අමාරැවේ වැටුන හොත් එය පූටින් ගේ දිගු කාලීන ඉලක්ක වලට බාධාවකි.

එම නිසා මෙම ප්‍රහාර වල අවසානයේ ට්‍රම්ෆ් පරාජිත යකු විය නොහැකියි.නමුත් ප්‍රතිපලය දිගු කාලීනව ඇමරිකාවේ පරාජයක් වනු ඇත.

බෙන්ජමින් නෙතනියාහු වාර ගණනාවක් ඊශ්‍රායලයේ ඊශ්‍රායලයේ අගමැති ලෙස සේවය කර ඇත.නමුත් ඔහුගේ අවසාන වාර තුන තුල ඔහුට ඇමරිකානු අගාධ රාජ්‍යයේ සහය ලැබී නැත.ඇමරිකානු අගාධ රාජ්‍ය නෙතනියාහුට එරහිව වැඩකරයි.නමුත් ඔවුන් ඊශ්‍රායලය හැකි උපරිමයෙන් සුරකිනවා.අගාධ රාජ්‍ය කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ෆ් සහ නෙතනියාහු අතර පුළුල් සම්බන්ධයක් ඇත.

පසුගිය වසර පහ තුල නෙතනියාහු විසින් ගත් සියලු තීරණ ඇමරිකාවට සහ ඊශ්‍රායලයේ ආරක්ෂාවට යහපත් වූයේ නැත.ඒ සියලු තීරණ වලින් වාසි වූයේ පලස්තීනය සහ ඉරානය වෙතයි.

මේ ප්‍රහාරය සිදුවන්නේ මෙවැනි වටපිටාවක් තුලයි.

1) ඉරානයට සෘජුව ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක නැව් ගිල්වා දැමීමට හැකියි.නමුත් එය කලහොත් ට්‍රම්ෆ් ට අත්වන ඉරණම ගැන ඔවුන් සිතනු ඇත.එම නිසා එල්ල වන ප්‍රහාරයක් හානි අවම එහෙත් නැව් ඉලක්ක.කිරීමේ හැකියාව ඉරානය සතු බව ලෝකයට පෙන්වන එකක් වීමේ ඉඩ වැඩියි.බොහෝ විට නැව් වලට පහර දීම් යෝමනයේ හවුති ගරිල්ලන් විසින් සිදු කරාවි

2) මෙම ප්‍රහාර වලින් ඉරානයේ න්‍යෂ්ඨික හැකියාවන් වනසා දැමිය නොහැකියි.නමුත් ට්‍රම්ෆ්ට යම් මතු පිටට ජයග්‍රහණ අත්වන බව පෙන්වන දේ විය හැකියි.

3) ප්‍රහාර වලින් ඉරානයේ රාජ්‍ය තවත් ශක්තිමත් වනු ඇත.

4) ප්‍රහාර අවසානයේ ලෝකය හිතුවාට වඩා ඉරානය ශක්තිමත් බව තහවරැ වනු ඇත.

5)ඉදිරි සති කිහිපය තුල මැද පෙරදිග ඇමරිකානු යුධ.කදවුරැ වලට නැවත යථා තත්ත්වයට පත්විය නොහැකි තරමේ විනාශයක් වනු ඇත.

6) යුද්ධයේ දැවැන්තම වින්දිතයා බවට ඊශ්‍රායලය පත් වනු ඇත.ඊශ්‍රායලයේ වරාය ගුවන්තොට , විදුලි බලාගාරය ඇතුලු බොහෝ දේ විනාශ වනු ඇත.

7) ඊශ්‍රායලයේ සහ ඇමරිකාවේ ආයුධ සංචිත හීදී යනු ඇත.එය විශාල අනාගත අවදානමක් එම රට වලට ඇතිකරනු ඇත.

8) ෆෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාමෙන් ලෝකයම බල ශක්ති අර්බූදයකට තල්ලු විය හැකි නමූත් එය චීනයට සහ ඉන්දියාවට බල නොපානු ඇත.එහෙත් ඇති වන බල ශක්ති අර්බුදයෙන් යුරෝපය විශාල තර්ජනයකට ලක්වනු ඇත.විශේෂයෙන් කටාර් ගෑස් යුරෝපයට ලැබීම සීමා වනු ඇත.

9) සති තුනත් හයත් අතර කාලයක් තුල සටන් විරාමයක් ඇති විය හැකි අතර සටන් විරාමයක් සදහා වන පළමු ඉල්ලීම ඉරානය පැත්තෙන් නොයෙනු ඇත.

10) මෙම ප්‍රහාර අවසානයේ මැදපෙර දිග ඇමරිකානු යුධ බලය 30% ක් තරම් පහලට වැටෙනු ලබන අතර බොහෝ විට එම රට වල ඇමරිකානු කදවුරැ වසා දැමීමට පවා ඉඩ ඇත.

මනෝජ් විජේසේකර

13/03/2026

With Chamara Adikari Sahasra Sounds – I just got recognised as one of their top fans! 🎉

13/03/2026

10/03/2026

06/03/2026

04/03/2026

25/02/2026

Want your business to be the top-listed Beauty Salon in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Godagama
Homagama
10200