RevoFit Zone

RevoFit Zone

Share

💆‍♀️Relieve Pain. Restore Movement. Revo-lutionize Your Health.

we specialize in advanced muscle pain release therapies to help you move pain-free and live fully. — we're here to support your recovery and performance. 💪

07/10/2025

📣 කාන්තාවනි...!

ඔබේ කොන්දේ,බෙල්ල හෝ අනෙකුත් මාංශ පේෂී වේදනාවෙන් පෙළෙනවද?
දැන්ම,
ආරක්ෂිත සහ විශේෂ ප්‍රතිකාරයකින්
ඔබේ වේදනාවට ප්‍රතිකාර ලබාගන්න! 💆‍♀️

📞 **දැන්ම අමතන්න:** 076 98 37 850
📍 ස්ථානය-හොරණ (නිවසට පැමිණ ප්‍රතිකාර කිරීම )
➡️ නිසි ප්‍රතිකාර, වේගවත් ප්‍රතිඵල!

🟥 Revofit Zone – Sports Rehabilitation
👉 ඔබේ ශරීරයේ වේදනාවට විශේෂ විසඳුමක්

04/10/2025

ඉතා වටිනා ලිපියක් – අනිවාර්යෙන්ම කියවන්න

🩺 ඔබටද මේ වගේ ලක්ෂණ තියෙනවද?

“මාගේ අතේ ඇගිලිවල කලක සිට හිරිවැටීමක් සහ උරහිස හා අතට යන වේදනාවක් දැනෙනවා.”
මෙවැනි තත්ත්වය බොහෝවිට බෙල්ලේ කශේරුකා හෝ ස්නායු තෙරපීමක් (Nerve Compression)නිසා ඇතිවිය හැකිය.

🧠 බෙල්ලේ ව්‍යුහය ගැන අවබෝධයක්

බෙල්ල පිහිටා ඇත්තේ කොඳු ඇට පෙළේ ඉහළම කොටසේ වන කශේරුකා (Cervical Vertebrae)7ක් මතය.
එම අස්ථි අතරින් ගමන් කරන ස්නායු ශාඛා හරහාම ඔබගේ අත හා ඇගිලි වලට පණිවිඩ යනවා.

එබැවින් බෙල්ලේ කශේරුකා හා මාංශපේශී තදවීමක් හෝ අස්ථි එකිනෙකට පීඩනයක් ඇතිවීමක් නිසා
👉 අතේ හිරිවැටීම
👉 ඇගිලිවල ඉඳිකටුවීම
👉 උරහිසට සහ අතට පාවෙන වේදනාව
සිදුවිය හැකිය.

🔍 බෙල්ලේ වේදනාවට හේතු

▪️දිගු කාලයක් වැරදි ඉරියව්වක සිටීම (ජංගම දුරකථන, පරිගණක භාවිතය).
▪️අන්තර් කශේරුකා මඬල ගෙවීම (Disc Degeneration / Spondylosis).
▪️මාංශපේශී, බන්ධනී සහ කණ්ඩරා වල තදවීම.
▪️ ආතරයිටිස් (Arthritis) වැනි රෝග තත්ත්ව.
▪️හදිසි අනතුරු
▪️ මානසික ආතතිය සහ දිගු කාලීන තෙරපුම.

⚠️ නිතර දක්නට ලැබෙන වැරදි ඉරියව්

🔻ජංගම දුරකථනය බෙල්ල පහත් කරගෙන දිගු වේලාවක් භාවිතා කිරීම.
🔻පොත් කියවීම හෝ ලිවීමේදී බෙල්ල නවාගෙන ඉදිරියට ඉඳීම.
🔻වැඩේ අතර ඉරියව් වෙනස් නොකිරීම.
🔻උස කොට්ට භාවිතයෙන් නිදා ගැනීම.

💥 අත දිගේ වේදනාව ගමන් කිරීමේ හේතුව

බෙල්ලේ පීඩනය නිසා Cervical Nerves තෙරපීමකට ලක් වන විට,
එම ස්නායු ශාඛා අත දිගේ වේදනාවක් හිරිවැටීමක් හෝ ඇගිලිවල ඉඳිකටුවීමක් ලෙස පෙන්වයි.

😖 බෙල්ලේ වේදනාව සමග හිසරදය මතුවන හේතු

1. මොළයට යන රුධිර ප්‍රවාහය අඩුවීම.
2. දිගු කාලීන මාංශපේශී තදවීම් සහ “Trigger Points” නිසා ඇතිවන වේදනා ගලා යාම්.
-

🧍‍♀️ බෙල්ලේ වේදනාව වළක්වා ගැනීම

🔹දිගු කාලයක් එකම ඉරියව්වක නොසිටීම.
🔹 විනාඩි කිහිපයකට වරක් බෙල්ල දිගහැරීම, හැරවීම, ආසන ඉරියව් වෙනස් කිරීම.
🔹නිදා ගැනීමේදී සැහැල්ලු, මධ්‍යම උසකම් pillow එකක් භාවිතා කිරීම.
🔹නිතර stretching හා strengthening ව්‍යායාම කිරීම.

🩹 චිකිත්සක ප්‍රතිකාර

Manual therapy මගින් බෙල්ලේ වේදනාව හා ස්නායු තෙරපීම අඩු කර බෙල්ලේ චලන පරාසය යථා තත්ත්වයට පත් කරයි.

🔹 වේදනාව හා තදගතිය අඩු කරයි.
🔹 හිරිවැටීම හා ඉඳිකටුවීම නාශ කරයි.
🔹 බෙල්ලේ නම්‍යශීලිතාව හා ශක්තිය වැඩි කරයි.
🔹 නිවැරදි ඉරියව් පවත්වාගැනීමට උපදෙස් ලබාදෙයි.

🎯 Kinesiology Tape ප්‍රතිකාර🩹

අලුත්ම නවීන ක්‍රමයකි – බෙල්ලේ මාංශපේශී සහ සංධිවල ආරක්ෂාව සඳහා.

✔ බෙල්ලේ ආතතිය සහ වේදනාව අඩු කරයි.
✔ රුධිර සහ ලිම්ෆ් ගමනය වැඩි කර ඉදිමුම අඩු කරයි.
✔ නිවැරදි ඉරියව් පවත්වා ගැනීමට උපකාරී වේ.
✔ ක්‍රීඩා හා දෛනික කටයුතු පහසු කරයි.

🧑‍⚕️ විශේෂ උපදෙස්

බෙල්ලේ වේදනාව දිගු කාලයක් පවතිනවා නම්,
හෝ අතේ හිරිවැටීම, ඉඳිකටු අනිනවා මෙන් පවතිනවා නම් වහාම සුදුසුකම් ලත් චිකිත්සකයෙකු ,වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුය.

📍 Revo Fit Zone – Horana
Sports Therapy | Manual Therapy | Kinesiology Taping | Rehabilitation

📞 076 983 7850
🧑‍⚕️
BSc (Hons) Sport Sciences & Management (SUSL)
Sports Masseur & Manual Therapist (SLF)

Photos from RevoFit Zone's post 01/10/2025

මාංශ පේශී ආබාධ සදහා kinesiology tape භාවිතා කරමු.

07/09/2025

🦵

21/08/2025
Want your business to be the top-listed Beauty Salon in Horana?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Horana
Horana
12400