Sachini dissanayake
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sachini dissanayake, Kadawata.
අද වීඩියෝව මුනිබා මසාරි ( Muniba Mazari ) ගැනයි........
මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න අපගේ Utube නාලිකාව සමග එකතු වෙන්න.
SUBSCRIBE
LIKE
SHARE
COMMENT
https://youtu.be/I98KDVd23Ok
කදුකර පකිස්ථානයේ මධයම පාන්තික පවුලක වැඩිමහල් දියණිය ලෙස ඉපදෙන ඇයගේ එකායන පරමාර්ථය වුයේ චිත්‍ර ශිල්පීනියක් වීමයි..
නමුත් දිනක් ඇයගේ පියා ඇයගේ ද්විතීක අධයාපනය අවසන් විමටත් පෙර එනම් ඇයට වයස අවුරුදු 18 දී විවාහයක් සුදානම් කරනවා...
ඇසින් දැකලවත් නොමැති කෙනා සමග විවාහා විමට ඇය කැමති වෙන්නේ එය ඇයගේ දෙමව්පියන්ගේ සතුට ඇයගේ සතුට ලෙස සිතන නිසායි..
මේලෙස විවාහ වුන ඇයගේ විවාහා ජිවිතය රන්ඩු සරුවල් වලින් පිරුණු අදහස් වලින් නොගැලපුන විවාහයක් වෙනවා..
දිනක් මුනිබා සහා ඇගේ සැමියා මෝටර් රථයේ ගමන් කරන විට ඇය දකිනවා ඇත තියාම රිය අනතුරකට ලක් වීමට නියමිත බව
නිදිමතේ සිටින සැමියා විගසින් ඇහැරවන ඇය ඔහු දෙස බලනවත් සමගම ඔහු කාරයෙන් ඉවතට පනිනවා.
මුනිබා ත් සමග රිය අනතුරට ලක් වෙනවා...
පැය භාගයකටත් අධික කාලයකට පසු ගිලන් රථය පැමිණෙන විටත් හොද සිහියෙන් සිටියත් ඇය පවසා ඇත්තේ ඇයට ඇයගේ බෙල්ලෙන් පහල කොටස් කිසිවක් නොදැනෙන බවයි..
පසුව ඇයව ගිලන් රථයට නංවන විටදි ඇය පවසා තිබේනවා ඇයගේ ශරීරයේ අස්ථින් බිදෙන හඩ ඇයට ඇසෙන බව..
වහාම ඒ අසල වු රෝහලට ඇතුලත් කරන ලද ඇයට එහි පවතින තත්වයන්ට අනුව ප්‍රතිකාර කිරිම අසිරු නිසා අගනුවර රෝහලට මාරු කර යැවෙනවා..
එහිදී පැය ගණනනාවක සැත්කම් වලින් පසුව ඇයව කාමරයට මාරු කරනු ලබනවා..
ඊට පසු දිනයේ එහි පැමිණෙන ඇයගේ වෛදයවරයා ඇගෙන් විමසනවා ඔබ කුමක්ද ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා එහිදි මුනිබා ඇගේ ළමාවිය ආසාව එනම් චිත්‍ර ශිල්පිනියක් විම පිළිබදව කියනවා..
එහිදි වෛදයවරයා ඇයට පවසන්නේ ඔබට නැවත කෙදිනකවත් ඇගිලි සෙලවිමට නොහැකි බවයි...
ඊට පසුදින නැවත පැමිණෙන වෛදයවරයා පවසන්නේ ඔබට නැවත කෙදිනකවත් ඇවිදිමට නොහැකි බවයි...
එහිදි ඇය හඩා වැටෙනවා... ඇයගේ වේදනාව තෙරුම් ගත් වෛදයවරයා කියන්න තිබු අනික් දැ කියන්න පසුබට වෙනවා..
නමුත් වෛදයවරයා සිය යුතුකම ඉටු කළ යුතු නිසා ඊට පසු දින නැවතත් පැමිණ,
සිදු වු රිය අනතුර නිසා ඔබට බොහෝ තුවාල සිදු වුනා.. එයින් ඔබගේ ගර්භාෂය ඉවත් කරන්න අපිට සිද්ධ වුනා. ඔබට නැවත කෙදිනකවත් මවක් වෙන්න බැ...
එවිට ඇය අසල සිටින්නේ ඇගේ මව පමණයි..
හඩා වැටුනු මුනිබා මවගේන් ඇසුවේ
"ඇයි මම මේ විදියට ජිවත් වෙන්න ඉතුරු වුනේ" කියලා..
ඒවිට ඇගේ මව පවසා ඇත්තේ "මේ ලෝකයට ඔබව වුවමනා ඇති ඔයගෙන් ගන්න මොකක් හරි වැඩක් ඇති අපි එකට මුණ දෙමු " කියායි..
ඊට පසු දින රෝහලට පැමිණෙන ඇගේ සැමියා කියා සිටින්නේ ඔහුට ඇයගෙන් දික්කසාද විමට වුවමනා බවයි..
ඇය එයට අත්සන් තබනවා...
අනතුරුව මාස 02ක කාලෙකින් පසු ඇය රෝහලෙන් පිටව යනවා...
එවිට වෛදයවරයා කියා සිටින්නේ ඔබට වසර දෙකක් යනතුරු ඇදෙන් බැසීමට උත්සහා නොකරන ලෙසත්...
නිදියන විට එකම අයුරකින් නිදියන ලෙසත්ය...
ඒ ඇයගේ ශරීරය පුරා දමා ඇති සැත්කම් ඇණ හේතු කොටගෙනයි.
ඉතින් හිතන්න ඔබට පුළුවන්ද එකම අයුරකින් සැතපි සිටිමට වසර දෙකක්?
එහෙම හිතන්නේ වත් කොහොමද??
ක්‍රමයෙන් ගෙවී යන වසර දෙක තුළ ඇය ඇගිලි සදහා කරන ලද වයායාම් නිසා ඇයගේ අත් දෙක නැවතත් සුව ඇතට හැරෙනවා..
පසුව ඇයට ආරංචි වෙනවා ඇයගේ පෙර සැමියා නැවතත් විවහා වී ඇති බව ඇය ඔහුට හදවතින්ම සුභ පතා පණිවිඩයක් යවනවා..
ලෙඩ ඇදේ සිටින විට සිය මනස එකග කර ගැනීමට වෙහෙසුන ඇය මෙම තත්වය ජය ගන්නවා..
දැන් ඇය මුළු ලෝකයම අදුරන අභිප්‍රේරන කථිකයෙක්..
දක්ෂ චිත්‍ර ශිල්පිනියක්..
වෙළද සන්නාම දරන්නියක්..
ඒ වගේම UNහී කන්තා සංවිධානයේ පකිස්ථානු නියෝජිත වරියයි..
එමෙන්ම ඇය දැන් ආදරණීය භාරකාර මවක්..
තවමත් ඇයට වයස අවුරුදු 33 යි.
ඉතා සුරූපියි..
අනතුරෙන් ඇයට අහිමි වුනේ..
ඇයගේ පාද වල ක්‍රියාකාරිත්වයත්...
කිසිම විටක සැනසීමක් නොතිබුනු විවාහා ජිවිතයත් පමණයි..
ඉතින් ඔබට මොනවද නැති වුනේ..
මේ කතාවෙන් පස්සේ මට නම් හිතුනේ මගේ ජීවිතේ නැති වුන දේවල්.
ලගා වෙන්න බැරි වුන ඉලක්ක හිතාමතාම ඇතහැරියා වගේ හැගීමක්..
අවසානයේ ඇයගේ එක වදනක් පවසන්නම්..
"මරණයට පෙර මිය යන්න එපා"
මේක ජීවිතේ දිහා ආපසු හැරි බලන්න හොදම වේලාවයි..
මිස් කරගන්න එපා. බලන්න.
උපුටා ගැනීමකි ❤
ඔබත් වාහනයක් ගන්න හීන දකින කෙනෙක්ද එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන් බලන්න
https://youtu.be/N-zuTq3xlVg
Channel CnS
වසර දෙකක් තුල වාහන වල මිල වැඩි වී ඇති අයුරු , 2019 සහ 2021
මාරාන්තික වූ ඩෙල්ටා ලැම්ඩා වැනි විවිධ කොරෝනා වෛරස ප්‍රභේද සමග ඊටත් වඩා මාරාන්තික වූ virus ප්‍රභේදයක් පිළිබඳව ලෝකයෙන් මේ වන විට වනවිට වාර්තා වෙමින් පවතී . අද අප කතා කරන්නේ ඒ ගැනයි.
කියවන්න කම්මලිනම් වීඩියෝව නැරැඹීමට පහත link එකට යන්න.👩🧒
https://youtu.be/x94HvfRZxzU
මාර්බර්ග් නමින් හදුන්වන මෙම රෝගයට, මාර්බර්ග් නැමති වෛරසය හේතුකාරක වන අතර මෙහි මරණ අනුපාතය 88%ක් දක්වා ඉහළ යයි . නමුත් මෙම මරණ අනුපාත අගය හොඳ රෝගී සත්කාර මගින් බෙහෙවින් අඩු කරගත හැකිය .
1967 වර්ෂයේදී ජර්මනියේ මාර්බර්ග් හා ෆ්‍රෑන්ක්ෆර්ට් හීදී මෙම රෝගය මුලින්ම හඳුනා ගන්නා ලදී
මාර්බර්ග් වෛරසය බොහෝ දුරට ඉබෝලා වෛරසයට සමාන වන අතර මෙම වෛරස දෙකම එකම පවුලකට අයත් වයිරසයන් දෙකකි.
ඉබෝලා හා මාර්බර්ග් වෛරස මගින් ඇති කරන රෝගයන්හි නම් දෙක වෙනස් වුවද රෝගයන් දෙක සායනිකව බොහෝ දුරට සමානය.
මෙම රෝග දෙක ම දුර්ලභ වන අතර ඉහළ මරණ අනුපාතයක් සහිතව වසංගත තත්වයන් ඇති කිරීමේ හැකියාව ද ඇත.
උගන්ඩාවෙන් ආනයනය කරන ලද කොළ වඳුරන් ආශ්‍රිතව සිදුකරන ලද රසායනාගාර පරීක්ෂණ ආශ්‍රිතව මෙම වසංගත තත්ත්වය මුලින්ම මිනිසාට සම්ප්‍රේෂණය වී ඇත.
ඉන් අනතුරුව මෙම වසංගතය ඇන්ගෝලාව, කොංගෝ රාජ්‍ය ,කෙන්යාව දකුණු අප්‍රිකාව සහ උගන්ඩාවේ වරින් වර වාර්තා වී ඇත.
මීට අමතරව 2008 වර්ෂයේදී උගන්ඩාවේ රූසෙටර්ස් (rousetters) වවුල් ගුහාව නැරඹීමට ගිය සංචාරකයින් තුළ ද මෙම රෝගී තත්ත්වය ඇති වී ඇති බවට වාර්තා වී ඇත.
මෙම වෛරසය සම්ප්‍රේෂණය ගැන සලකා බලන විට රූසෙටර්ස් වවුල් ජනපද සහිත ගුහා සහ පතල් ආශ්‍රිතව වැඩ කරන ලද මිනිසුන්ට මෙම වවුලන් දිගු කළ නිරාවරණය වීමෙන් මෙම ආසාදනය සිදුවේ.
මෙම මර්බර්ග් රෝගය මිනිසාගේ සිට තවත් මිනිසකු දක්වා සම්ප්‍රේෂණය වන්නේය වන්නේය අසාදිත පුද්ගලයින් ගේ රුධිරය, ශ්‍රාවයන් ,අවයව හෝ වෙනත් ශරීරීක තරල සමග ඍජු සම්බන්ධතා මගිනි .
ඒ වගේම ආසාදිත පුද්ගලයින්ගේ ශ්‍රාවයන් ගැවුණු ඇඳුම් පැලඳුම් වැනි දෑ වලින් ද මෙම රෝගය ව්‍යාප්ත වීම සිදු වේ
මෙම මාර්බර්ග් වෛරසය ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කරනු ලබන සෞඛ්‍ය සේවකයින් හට මෙම රෝග වැළඳීමේ වැඩි සම්භාවිතාවයක් ඇත .
ආසාදනය පාලනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග නොගෙන රෝගීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් සෞඛ්‍ය සේවයන් හටද මෙම රෝගී තත්ත්වය ඇති විය හැක.
ආසාදිත එන්නත් කිරීමේ උපකරණ හරහා හෝ ඉදිකටු හරහාද රෝගය පැතිරීම සිදු වන අතර, එවැනි සම්ප්‍රේෂණ වඩාත් දරුණු මෙන්ම වේගයෙන් ව්‍යාප්ත වීමද, ඉහල මරන අනුපාතයක්ද සහිතද වේ.
මියගිය මාර්බර්ග් රෝගියෙකුගේ අවමංගල්‍ය උත්සවද සම්ප්‍රේෂණය සඳහා දායක විය හැක. පුද්ගලයෙකුගේ රුධිරයේ වයිරසය අඩංගු වනතුරු මිනිසුන් ආසාදිත ව සිටිති.
මෙම වෛරස් ආසාදනයේ රෝග ලක්ෂණ පිළිබඳව සලකා බැලූ විට , මෙම වෛරසය පුද්ගලයෙකුගේ ශරීරය තුළ වර්ධනය වීමට එහෙම නැත්නම් වෛරයේ ඉන්කියුබේශන් කාලය දින දෙකේ සිට දින විසි එකක් දක්වා වෙනස් විය හැකිය.
මාර්බර්ග් වෛරසය හේතුවෙන් ඇතිවෙන රෝගී තත්ත්වය හදිස්සියේම ඇති වන අතර, මෙහිදී රෝග ලක්ෂණ ලෙස, අධික උණ, දැඩි ඉසරදය සහ පේශි වේදනාව පොදු ලක්ෂණ වේ.
මීට අමතරව දැඩි දියරමය පාචනය , උදර වේදනාව සහ කැක්කුම , ඔක්කාරය සහ වමනය තුන් වන දින ආරම්භ විය හැකිය, පාචනය සතියක කාලයක් පැවතිය හැකිය.
මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන අවධියේදී රෝගීන්ගේ පෙනුම අවතාරයක ස්වභාවයක් ගන්නා බව කියනු ලබයි.
ගැඹුරට ගිලුන ඇස්, කිසිදු ප්‍රකාශයක් රහිත මුහුණ ,සහ අධික උදාසීන බව නිසා මෙලෙස අවතාරයක පෙනුමක් ඇති කරනු ලබයි.
1967 වර්ෂයේ මෙම වසංගතය පැතිර යෑමේදී කැසීම් රහිත කුෂ්ඨ රෝග ලක්ෂණ රෝගීන් තුළ ඇති වී එම රෝග ලක්ෂණ දින 2ත් 7ත් අතර කාලයක් බොහෝ රෝගීන් තුළ පෙන්නුම් කර ඇත .
බොහෝ රෝගීන් දින පහක් හතත් අතර කාලයේ දී දැඩි රුධිර වහනය වීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර, වමනය සහ මුත්‍රා සමග නැවුම් රුධිරය ගලා යෑමද සිදුවේ.
මීට අමතරව බොහෝ විට නාසයෙන් විදුරුමස් වලින් සහ යෝනි මාර්ගයෙන් ලේ ගැලීම ද සිදුවේ .
මීට අමතරව සේලයින් ,ඖෂධ සහ තරල ලබාදීමට හෝ රුධිර සාම්ය සාම්පල ලබා ගැනීමට මතුපිට සම හරහා සිදුකරන ලබන සිදුරු හරහා ද නොකඩවා රුධිරය වහනය වීම සිදුවේ. මෙම තත්වය රෝගියා පාලනය කිරීමේදී ඉතාමත් කරදරකාරී වේ.
මෙම රෝගී තත්ත්වය උග්‍ර අවධියේ දී රෝගීන්ට අධික උණ සමඟ මධ්‍ය ස්නායු පද්ධතියේ ව්‍යාකූල තත්ත්වයන් ද ඇති වේ .
රෝගයේ අවසාන අවධියේ දී, එනම් 15 වන දිනයේදී පමන කලාතුරකින් වෘෂණ කෝෂ ඉදිමීම ද සිදුවේ . මෙම තත්වය ඕරකයිටීස් ලෙස හදුන්වයි.
මාරාන්තික අවස්ථාවන්හිදී මරණය බොහෝවිට සිදුවන්නේ රෝග ලක්ෂණ ආරම්භ වී දින 8ත් 9ත් අතර කාලයේදී වන අතර, මෙහිදී සාමාන්‍යයෙන් දැඩි රුධිර වහනය හා කම්පනය ද ඇති වේ.
රෝගය හඳුනා ගැනීම පිළිබඳව සලකා බලන විට , මැලේරියාව ,ටයිපොයිඩ් උණ ,මෙනින්ජයිටීස් සහ වෙනත් බෝවන රෝග වලින් මෙම මාර්බර්ග් රෝගීන් සායනිකව වෙන්කර හඳුනා ගැනීම ඉතා අපහසුය .
මෙම රෝගීන්ගෙ ජෛව සාම්පල් එකතු කිරීම අධික අවදානම් සහිත වේ. එබැවින් රසායනාගාර පරීක්ෂණ සඳහා සාම්පල එකතු කිරීමේදී දැඩි අවධානයක් යොමු කළ යුතුය .
මෙම රෝගය සඳහා සිදුකරනු ලබන එන්නත් සහ ප්‍රතිකාර පිළිබඳව සලකා බලන විට,
දැනට මෙම වෛරසය සඳහා අනුමත එන්නත් හෝ ප්‍රතිවෛරස් ප්‍රතිකාර නොමැත .
නමුත් ආධාරක වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවිශේෂී රෝග ලක්ෂණ මැඩ පැවැත්වීමටත්, විජලනය වැළැක්වීමටත්, ඖෂධ හා තරල වර්ග ලබා දීම සිදු කරයි . එමගින් ජීවිත හානිය අවම කරගත හැකිය.
මේ වන විට ඉබෝලා වෛරසය සඳහා යොදා ගන්නා ලද ප්‍රතිකාර ක්‍රම මෙම මාර්බර්ග් වෛරසය සඳහා ද යෝග්‍ය දැයි පරීක්ෂණ සිදුකරනු ලබයි .
මීළඟට අප සතුන් තුළ මෙම වෛරසයේ ව්‍යාප්තිය පිලිබදව සැලකූවිට,
සාමාන්‍යයෙන් රූසෙටර්ස් වවුලන් මෙම මාර්බර්ග් වෛරසයේ ස්වාභාවික ධාරකයන් ලෙස සැලකේ. එමෙන්ම පලතුරු වවුලන් තුළ පැහැදිලිව පෙනෙන රෝග ලක්ෂණයන් නොමැත.
උගන්ඩාවේන් ආනයනය කරන ලද අප්‍රිකානු කලු වඳුරන් මෙම මාර්බර්ග් වසංගතය මිනිස්සුන්ට ආසාදනය වීමේ ප්‍රභවය වී ඇත.
ඌරන් යොදාගෙන සිදුකරන ලද පරීක්ෂණවලදී, මෙම මාර්බර්ග් වෛරසය අයත් වෛරස කාණ්ඩයට සමාන ඉබෝලා වෛරසයක් ඌරන්ගේ ශරීරයට ඇතුළු කර සිදුකරන ලද පරීක්ෂණවලදී පෙනී ගොස් ඇත්තේ , එම සතුන් මෙම රෝගයට ගොදුරු නොවන බවත් ඔවුන් මෙම වෛරසය වර්ධකයින් ලෙස ක්‍රියා කරන බවත් ය.
වෙනත් ගෘහස්ථ සතුන්ට මෙම වෛරසය සමග සම්බන්ධයක් ඇති බව මෙතෙක් තහවුරු කරගෙන නොමැත.
නමුත් පූර්වාරක්ෂාවක් ලෙස, තහවුරු කර ගන්නා තෙක් ගෘහාශ්‍රිත සතුන් ද වෛරස් වර්ධක ධාරකයන් ලෙස සැලකීම යෝග්‍ය වේ.
අප්‍රිකානු රටවල පවත්වාගෙන යන ඌරු ගොවිපළවල් වවුලන් හා සම්බන්ධ වීම වැළැක්වීමට විධිවිධාන ගෙන ඇත , මක්නිසාද, වවුලන්ගෙන් ඌරන් හට මෙම වෛරසය ව්‍යාප්ත වී ඌරන් වර්ධක ධාරකයන් ලෙස ක්‍රියා කර පසුව මිනිසුන්ට ආසාදනය විය හැකි බැවිනි.
මෙම රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම පිළිබඳව සැලකීමේදී , මෙම වෛරස ආසාදිතයෙකු හමුවූ විට ඔහුගේ සම්බන්ධතා සොයා ගැනීම හා කළමනාකරණය කිරීම ඉතා වැදගත් වේ .
එමගින් ආශ්‍රිතයින්ඟෙන් පැතිරයාම අවම කරගත හැකිය. වසංගතය පාලනය කිරීම සඳහා ප්‍රජා සහභාගිත්වය ඉතා වැදගත් වේ . මෙම මාර්බර්ග් රෝගයේ අවධානම් සාධක පිළිබඳව ප්‍රජාව තුළ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ මනා පුද්ගල ආරක්ෂක පියවර මගින් මානව සම්ප්‍රේෂණය අඩු කරගත හැකිය .
මෙම වසංගතය පාලනය කිරීමේ කිරීමේදී මුලින්ම ගත ගත යුතු පියවර වන්නේ වවුලන්ගෙන් මිනිස්සුන්ට මෙම වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම ය .
ඒ සඳහා මෙම වවුල් ජනපද ආශ්‍රිත ව සිදු කරනු ලබන පතල් හා කැණීම් අවම කළ යුතුය . එමෙන්ම මෙම වවුලන් සිටින ගුහාවන් නැරඹීමට පැමිණ සංචාරකයින් ඒ සඳහා සුදුසු සෞඛ්‍ය ආරක්ෂක ඇඳුමක් පැළඳිය යුතුය . මීට අමතරව සත්ව ආහාර ගැනීමේදී මස් වැනි දෑ හොඳින් තම්බා ගැනීම සිදුකළ යුතුය .
මිනිසෙකුගෙන් තවකෙකුට මෙම වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට අසාදිත පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම අවම කළ යුතුය .
එමෙන්ම ආසාදිතයෙකුට නිවස තුළදී ප්‍රතිකාර කරනු ලබන විට අත් වැසුම් හා පුද්ගලික ආරක්ෂක උපකරණ එහෙම නැත්නම් PPE පැළඳිය යුතුය. එමෙන්ම රෝගියෙකු රැක බලා ගැනීමේ දී නිතර අත සේදීම ද කළ යුතුය.
මෙම වසංගත තත්ත්වය පැතිර යෑම වැළැක්වීමේ පියවර අතර මියගිය තැනැත්තාගේ කඩිනම් හා ආරක්ෂිත භූමිදානය ඉතා වැදගත් වේ.
එමෙන්ම මෙම වෛරස් ආසාදිත පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් සොයා ගැනීමත් ඔවුන් දින 21 ක කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිරෝධායනය කිරීම ද සිදු කළ යුතුය.
තවදුරටත් මෙම ව්‍යාප්තිය වැළැක්වීමටත් සෞඛ්‍ය සම්පන්න අයව වෙන්කිරීම සහ යහපත් සනීපාරක්ෂාව මෙන්ම පිරිසිදු පරිසරයක් පවත්වා ගැනීම ද අත්‍යවශ්‍ය වේ .
මීට අමතරව ලිංගික සම්ප්‍රේෂණය පිළිබඳ තවමත් විවිධ පරීක්ෂණ සිදුකරනු ලබයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට මාර්බර්ග් වයිරස් රෝගයෙන් දිවි දිවිගලවාගත් පුරුෂයින් රෝග ලක්ෂණ ආරම්භයේ සිට මාස 12 ක් පමණ යනතුරු හෝ, ඔවුන්ගේ ශුක්‍ර තරලය මාර්බර්ග් වෛරසය සඳහා සිදුකරනු ලබන පරීක්ෂණ දෙකක් නෙගෙටිව් වනතෙක් ලිංගික එකතු වීම් වලදී ආරක්ෂිත ක්‍රම සහ සනිපාරක්ෂක ක්‍රම පුරුදු කළ යුතුය .
එමෙන්ම පරීක්ෂණ මගින් සොයාගෙන ඇති අන්දමට සායනිකව සුවය ලැබූ පුද්ගලයකුගේ ශුක්‍ර තරලය හරහා මාර්බර්ග් වෛරසය සම්ප්‍රේෂණය වීම සති 7ක් දක්වා සිදුවේ .
මෙම රෝගයෙන් දිවි ගලවාගත් පුරුෂයින් හට රෝගය ආරම්භ වී මාස තුනක් ඇතුළත ශුක්‍රාණු පරීක්ෂණ වැඩසටහන් ආරම්භ කළ යුතුය.
ඉන්පසුව ඔහුගේ ශුක්‍ර තරලය මාර්බර්ග් වෛරසය සඳහා පරීක්ෂණ සිදු කළ යුතුය. මෙහිදී ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාවන් දෙකක් නෙගෙටිව් වන තෙක් තම සහකාරිය සමග සුරක්ෂිත ලිංගික පුරුදු පවත්වා ගත යුතුය.
මේ කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට මෙම වෛරසය වැලඳී සම්පූර්ණයෙන් සුව වූ ස්ත්‍රීන් මෙන්ම පුරුෂයින් සමාජයෙන් මෙන් නොකළ යුතුය.
මාර්බර්ග් වෛරස් රෝගයෙන් සුවය ලැබූ සමහර පුද්ගලයින්ගේ ශරීරයේ විවිධ ස්ථානවල තවදුරටත් මෙම වෛරසය නොනැසී පැවතිය හැකිය . වෘෂණ කෝෂ සහ ඇස් අභ්‍යන්තරය මෙම ස්ථාන වලට නිදසුන්ය .
ඒ වගේම, ගර්භනී සමයේදී කාන්තාවක් මෙම රෝගයට ගොදුරු වූ විට මෙම වෛරසය වැදෑමහ, හා කලලය තුළ ද දැකිය හැකිවේ. එමෙන්ම මව්කිරි ලබා දෙන මවකට ආසාදනය වූ විට මෙම වෛරසය මව්කිරි තුළද පැවතිය හැකිය.
ඒ වගේම කිවයුතු වැදගත් කාරණයක් වන්නේ මෙම රෝගය ආසාදනය වී සුව වූ පුද්ගලයෙකුට නැවත ආසාදනය වූ විට රෝග ලක්ෂණ පෙන්වීමක් සිදු නොවේ. මෙලෙස රෝග ලක්ෂණ නොපෙන්වීමට හේතුව තවමත් නොපැහැදිලි ය.
පරිස්සම් වන්න සියලු දෙනා
08/08/2021
මුහුදට බිලි වීමට ගිය ජීවිත රැක ගත් ඔලිම්පික් පිහිණුම් ශූරී යුවතියකගේ කතාව 🏊
සිරියානු යුද්ධය මැදින් තරග බිමට | life story of Yusra Mardini | Olympic 2020 | Refugee Olympic team hallow my friends this video is about Yusra Mardini who member of the Refugee Olympic Athletes Team. සිරියානු යුද්ධයත් සමග ඡිවන ගමන වෙනස් වන දිරිය යුවතියකගෙ...
යුධ භූමියේ මිතුරා👮️👮️👩✈️
රතු කුරුස සුනඛයා එහෙම නැත්නම් ගිලන් රත සුනඛයා නමින් ප්‍රසිද්ධ මේ මර්සි සුනඛයා(mercy dog ) පලවෙනි හා දෙවන ලෝක යුද්දයේදී පරිපූරක වෛද්‍ය සේවාවක් කරනු ලැබූ සුනඛයෙකි
විශාල යුද්ධයකට පසු පසු මොවුන් මුදාහරින ලබන අතර යුද්ධයෙන් තුවාල ලැබූ යුද භටයන් සොයා යෑමට මොවුන් භාවිතා කර ඇත.
අගල් යුද්ධ සඳහා මෙම සුනඛයන් වඩා යෝග්‍ය වේ.අගල් යුද්ධයක් යනු පළවෙනි ලෝක සංග්‍රාමයේ දී ගොඩබිම සිදුකරන ලද යුද්ධ උපක්‍රමයකි.මෙම යුද උපක්‍රම මගින් සතුරාගේ කුඩා ගිනි අවි ප්‍රහාර වලින් හා කාලතුවක්කු ප්‍රහාරවලින් හොඳින් ආරක්ෂා වීමට හැකිය.
ඉතාමත් දරුණු ලෙස තුවාල ලැබූ යුද භටයන් සඳහා combact ප්‍රතිකාර ලබා දීමටද මෙම සුනඛයින් පුහුණු කර ඇත .
combat ප්‍රතිකාර යනු එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්හි යොදාගත් සටන් වෛද්‍ය සේවාවකි .සටන් පරිසරයකදී පහසුවෙන් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට නොහැකි අවස්ථාවකදී අවශ්‍ය ප්‍රාථමික ප්‍රතිකාර ලබාදීම combact ප්‍රතිකාර ලෙස හඳුන්වයි.
පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයේ දී සුනඛයින් විසිදාහක් පමණ mercy සුනඛයන් ලෙස සේවය කර ඇති බවට ගණන් බලා ඇති අතර ජීවිත දහස් ගණනක් බේරා ගැනීමේ ගෞරවය ඔවුන්ට හිමිවිය.
පසුකාලයේ දී එක්සත් ජනපදය විසින් මෙම Mercy සුනඛයින් කොරියානු යුද්ධයේදී භාවිතා කරනු ලැබීය.
පලවෙනි ලෝක සංග්‍රාමයේ දී සෑම Mercy සුනඛයෙකුම ජලය සහ ප්‍රථමාධාර සැපයූම සහිත සෑදල බෑගයක් පැලද සිටියේය. සාමාන්‍ය රාත්‍රී කාලයේ දී හෝ යුද්ධයකට පසුව මිනිසුන් නොමැති භූමියකට එහෙම නැත්නම් no man's භූමියකට නිශ්ශබ්ද ඇතුළුවීමට රටක එක් එක් හමුදාවට අයත් රතුකුරුස සංවිධානය මගින් මෙම සුනඛයින් පුහුණු කරනු ලබයි.
එමෙන්ම මෙම සුනඛයින් තුවාල ලැබූ මිත්‍ර මුදාව ට අයත් යුද්ධ පටන් හඳුනාගැනීමට හා මියගිය මෙන්ම තුවාල ලැබූ සතුරු හමුදාවට අයත් සොල්දාදුවන් මග හැරීමටද ඔවුන් විශේෂ පුහුණුවක් ලබා ඇත.
මෙම සුනඛයින්ට තුවාල ලැබූ සොල්දාදුවෙකු හමු වූ විට එම සන් දරුවාට ඔහුගේ තුවාලයට අවශ්‍ය වෛද්‍ය සැපයුම් භාවිතා කළ හැකිය. සොල්දාදුවෝ හට තමාටම ප්‍රතිකාර තනිවම සිදු කර ගැනීමට නොහැකි තරමට ඔහුගේ තත්ත්වය දරුනු නම් සුනඛයා සොල්දාදුවාගේ නිල ඇඳුමින් කෑල්ලක් රැගෙන අගල් වෙත ගොස් පරිපූරක වෛද්‍ය වරයකු සොල්දාදුවා වෙත ගෙන යනු ලබයි .තුවාල වූ සොල්දාදුවෙකු සොයා ගැනීමට සුනඛයා අසමත් වූයේ නම් ඒ බව හැඟවීමට සුනඛයා හසුරුවන්නා ඉදිරිපිට වැතිර සිටී.
සමහර සුනඛයින්ට gas වෙස් මුහුදෙ සවිකර ඇති අතර මාරාන්තික ලෙස තුවාල ලැබූ සොල්දාදුවන් මිය යන විට මෙම මර්සි සුනඛයන් විසින් ඔවුන් සනසනු ලැබීම ද සිදුකරනු ලබයි.
හමුදා ශල්‍ය වෛද්‍යවරු පවා පවසන ආකාරයට මෙම සුනඛ හැකියාව ඉතාමත් ප්‍රශංසනීය වේ, වෛද්‍යවරුන් විසින් ජීවතුන් අතර නැතත් අතහැර දැමූ සොල්දාදුවන් වෙත පවා මොවුන් වෛද්‍යවරුන් නැවත රැගෙන යයි.එම හැකියාව හුදෙක් ඔවුන්ගේ ඔහුගේ සහජ බුද්ධිය කාරණයක් වන අතර ඒ මිනිසුන්ගේ තර්කයට වඩා බෙහෙවින් ඵලදායී වේ.
පළමු ලෝක සංග්‍රාමය ආරම්භ වන වනවිට ජර්මනියේ පුහුණු සුනකයින් හය දාහක් පමණ සිටි හත් අට ඔවුන්ගේම බොහෝදෙනකු ගිලන්රථ සුනඛයෝ ය ඔවුන් හැඳින්වූයේ වෛද්‍ය සුනකයින් ලෙසය, දෙපාර්ශවයට අයත් සියලුම සටන්කරුවන් විසින් සුනඛයන් පනස්දාහකට වඩා භාවිතා කර ඇති බවට ගණන් බලා ඇත.
පළමුවන ලෝක සංග්‍රාමය ආරම්භ වූ පසුව බ්‍රිතාන්‍යට හමුදා සුනඛයින් පුහුණු කිරීමේ වැඩ පිළිවෙලක් නොතිබුණි. military සුනකයින් සමග වැඩ කිරීමේ අත්දැකීම් ඇති සහ 1910 සිට හමුදා වැඩපිළිවෙළක් ආරම්භ කිරීම වෙනුවෙන් පෙනී සිටි බ්‍රිතාන්‍ය හමුදාවේ නිලධාරියෙකු වන එඩ්වින් හොටන්විල් රිචඩ්සන් කිහිප කීපදෙනකු ගිලන් රත සුනඛයින් ලෙස පුහුණු කර බ්‍රිතාන්‍ය හමුදාවට ඉදිරිපත් කළේය. බ්‍රිතාන්‍ය හමුදාව එම සුනඛයන් නොපිළිගත් බැවින් ඔහු එම සුනඛයන් බිතාන්‍ය රතුකුරුස සංවිධානයට ලබා දුන්නේය.පසුව ඔහු සිදු කළ සේවාව හේතුවෙන් බ්‍රිතාන්‍ය විසින් බ්‍රිතාන්‍ය යුද සුනඛ පාසලක් නිර්මාණය කොට එඩ්වින් එහි අණදෙන නිලධාරියා බවට පත් කරනු ලැබීය.මෙම පාසල අවසානයේ දී සුනඛයින් දෙසීයකට වැඩි පිරිසක් පුහුණු කරන ලදී.
පළවෙනි ලෝක සංග්‍රාමය අතරතුර ප්‍රංශ සොල්දාදුවන් දෙදාහක් පමණ දැන් ජර්මානු සොල්දාදුවන් හාරදහක් පමණද බේරාගෙන ඇත. මෙම යුද්ධ අතර ප්‍රංශ හමුදාවට අයත් කැප්ටන් නැමැති සුනඛයා විසින් එක් දිනක් තුල සොල්දාදුවන් තිස් දෙනෙකු ද, ප්‍රැස්කෝ නැමැති සුනඛයා විසින් එක් සටනක දේ මිනිසුන් සිය දෙනකු ද සොයාගෙන ඇත. මේ කොහොම වුණත් ප්‍රංශ සුනඛයන් විශාල ප්‍රමාණයක් යුද්ධය අතරතුර මිය ගිය බැවින් මේ වැඩසටහන අතරමග නතර විය.
පළමුව ලෝක සංග්‍රාමයේ දී බොහෝ යුරෝපීය ජාතීන්ට මර්සි සුනඛ වැඩසටහනක් පැවතුනද එක්සත් ජාතීන්ට එවැනි වැඩසටහනක් නොතිබිණි,ඇමරිකානු නායකත්වයට හැඟී ගියේ යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇති බවත් එවැනි වැඩපිළිවෙළක් අනවශ්‍ය බවත් ය. එබැවින් ඇමරිකානුවන්ගේ සුනඛ බොහෝ දෙනෙක් රතුකුරුස සංවිධානයේ සේවය කරනු ලැබීය.
වීරෝදාර ලක්ෂණ පෙන්නුම් කර ඇති මෙම සුනඛයින්ට මිනිස් හැඟීම් හා ලක්ෂණ ආරෝපණය කැර ඇති බවට විශ්වාස කරනු ලබයි. සුවිශේෂී ක්‍රියාකාරකම් පෙන්නුම් කර ඇත ඇතැම් mercy සුනඛයිට ඩිකින් පදක්කම් පිරිනමන ලදි.
මෙවැනි වැදගත් තොරතුරු දැන ගැනීමට දිගටම අප සමග රැදී සිටින්න. ඒ වගේම අපේ චැනල් එකත්
SUBSCRIBE
LIKE
SHARE කරන්න.
පහත LINK එකෙන් ඉහත විස්තරය කියවන්න කම්මලි නම බලන්න පුළුවන් 👩💻✍️✍️✍️
https://youtu.be/P_C9hrmcLD8
29/07/2021
ලක්මැණියගේ නම රනින් ලියවන ලාන්කීය දියනිය .....
The courageous daughter who conquered the world through free education in sri lanka | ජයත්මා Hello friendsThis video is about The courageous daughter who conquered the world through free education in sri lanka | | Jayathma This video includeslife sto...
28/07/2021
තම පෙම්වතිය නොදැක සිටීමෙන් දුකට පත් පෙම්වතෙකු විසින් කල අපූරු නිර්මාණය
වර්තමානයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ දියුණුවත් සමගම නොයෙක් ආකාරයේ විවිධ ඩිජිටල් සොයාගැනීම් අපිට අහන්නත් දකින්නත් තියෙනවා .
ඒ සොයා ගැනීම්වලින් මිනිසාට සිදුවන සේවාවන් බොහෝයි.ඉතින් ඒ ආකාරයේ විවිධ සේවාවන් රැසක් එකවරම ලබා දුන් හරි අපූරු ඇප් එකක් ගැන තමයි මේ අපි කියන්න යන්නේ .
ගොඩක් දෙනෙක් මේ ඇප් එකට කියන නම අහලවත් නැතුව ඇති නමුත් වර්තමානය වන විට නම් මේ ඇප් එක ඔවුන්ට නැතුවම බැරි දෙයක් බවට පත් වී අවසන් .ඒ තමයි මේ දවස්වල වයස් භේදයකින් තොරව සියලුම දෙනා භාවිතා කරන zoom app එක.
ලොව පුරා පවතින තත්වය හේතුවෙන් පරිශීලකයන් විශාල ප්‍රමාණයක් තම අදහස් සහ යෝජනා හුවමාරු කිරීම සඳහා යොදා ගත්තේ මේ අපූරු zoom app එකයි.
වර්ෂ 1970 චීනයේ shandong ප්‍රදේශයේ උපත ලබන එරික් යුආන් නැමැති පුද්ගලයා විසින් ලොව ප්‍රථම වරට බාධාවකින් තොරව අදහස් හුවමාරු කරගැනීමට හැකි මේ zoom app එක හඳුන්වා දෙනවා .
App එක නිර්මාණය කිරීමට මොහුට හේතු වෙන්නේ ඔහුගේ පෞද්ගලික හේතුවක් .ඔහු සහ ඔහුගේ පෙම්වතිය අධ්‍යාපනය ලබා ඇත්තේ වෙනත් ප්‍රදේශවල පිහිටා ඇති කොලේජ් දෙකක .ඉතින් මේ නිසාම මොවුන් දෙදෙනාට අවුරුද්දට දෙවතාවක්වත් හම්බවෙන්න නම් අවස්ථාවක් ලැබිලා නැහැ .
ඒ හේතුව නිසාම මොහු ඇය සමඟ අදහස් හුවමාරු කිරීම සඳහා ,ඒ වගේම ඇයව දිනපතා දැක ගැනීම සඳහා මොනවා හරි ම දෙයක් කරන්න ඕනේ කියන සංකල්පය මොහුගේ හිතට ආවා.ඉතින් මේ අතරතුර කාලයේදී ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු වලින් ඔහුට ඇමරිකාව බලා පිටත් වීමට අවස්ථාවක් උදා වෙනවා .
ඉන්පසු එහි ආයතනයක් සමඟ වැඩ කිරීමට සම්බන්ධ වන ඔහු පාරිභෝගිකයන් නිතර සම්බන්ධ කරගනිමින් විවිධ ආකාරයෙන් කාර්යයන් සිදු කරන්න සිද්ධ වුණා.ඉතින් විවිධ ආකාරයේ පාරිභෝගිකයන් එකම වෙලාවට සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා ඔහු නැවතත් අපහසුතාවයට පත් වෙනවා .
ඉතින් මෙන්න මේ ගැටලු ගැටළු සහගත තත්වයන් නිසා ඔහු තීරණය කරනවා සමාගමෙන් අයින් වෙලා මේ සියල්ලටම සුදුසු විසඳුමක් ඔහු විසින්ම නිර්මාණය කරන්න .
ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි zoom app එක මේ ලෝකයට බිහි වෙන්නේ.මේ නිර්මාණය කළ පසු මුලින්ම බොහෝදෙනෙක් මෙය අත්හදා බලන්න පෙළඹුණේ නැතත් ඔහු මේ ඇප් එක ඔහුගේ දෛනික ක්‍රියාවලින් සාර්ථකව කරගෙන යාම සඳහා යොදා ගත්තා.
මේ වන විට ඔහුගේ ව්‍යාපාර කටයුතුවල නිරත වෙලා සිටින අතර එම ව්‍යාපාර කටයුතු ද ඔහු ඉතාමත් පහසුවෙන් කර ගන්නේ මේ zoom app එක හරහා කියලා ඔහු පවසනවා .
වර්තමානය වන විට විශ්ව විද්‍යාල දේශකවරුන් විසින් පවත්වන දේශනයන්,පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ට අවශ්‍ය පාඩම් මාලාවන් ,අමතර පංති මෙහෙයවන ගුරුවරුන් ,කාර්යාල වැඩකටයුතු ආදී සියලුම දේ සිදුවෙන්නේ zoom app එක හරහායි.
මුල්ම අවස්ථාවේ කිසිවෙකුගේ නෙත නොගැටුණු මේ ඇප් එක වර්තමානය වන විට මිලියන දෙසිය දක්වා පරිශීලකයන් ප්‍රමාණයක් ඇද බැඳ තබා ගැනීමට සමත් වෙනවා .
මුල් පරිශීලකයන් ප්‍රමාණය මිලියන 10 වුවත් එය වර්ෂයක් වැනි කෙටි කාලයක් ඇතුළත මිලියන දෙසිය දක්වා වැඩිවීම මොහුගේ මේ අපූරු නිමැවුමේ සාර්ථකත්වය මැනවින් තහවුරු කරනවා .
කොයි තරම් කාර්යබහුල ජීවිතයක් එරික් ගතකලත් තම පවුලේ සාමාජිකයන් සමග සතුටින් ඉන්න කාලයක් අනිවාරෙන්ම ඔහු වෙන්කර ගන්නවා.ඉතින් මේ සඳහා අවශ්‍ය කාලය සපයාගන්නේ zoom app එක හරහා ඔහුගේ වෙළෙඳ ව්‍යාපාර කටයුතු සිදුකර කාලය ඉතිරි කරගනිමින් .
වර්තමානය වන විට විශාල පරිශීලක ප්‍රමාණයක් zoom app එක google play store හි බාගත කිරීම හේතුවෙන් මේ වන විට ඔහුගේ ආදායම ඩොලර් බිලියන දොළහකට 12 කට අධික මුදලක් දක්වා වර්ධනය වූ බව තක්සේරු කර ඇත.
ඒ වගේම අද වන විට ඔහු ඇමරිකාවේ ධනවත්ම පුද්ගලයන් හාරසිය දෙනා අතරට ද එක් වී ඇති බව විවිධ ආරංචි මාර්ග පවසනවා.
ඉතින් තමන්ගෙ හිතට ආපු පුංචි සංකල්පයෙන් ලොවක් දිනන්නට තරම් හැකියාවක් ඇති අපූරු නිර්මාණයක් හඳුන්වාදුන් එරික් යුආන් නැමැති පුද්ගලයාගේ ජීවිතයෙන් අපේ ජීවිතයට ගත හැකි ආදර්ශ නම් බොහොමයි.එනම් යම්කිසි සංකල්පයක් හිතට දැනුනනම් එය සාර්ථකව අවසන් කරන තුරුම ඒ හා සමග සටන් වැදිය යුතුය යන්න.එවිට විශිෂ්ට ව්‍යවසායකයකු ලෙස ඔබට ලොව දිනන්නට හැකි වේ.
එසේම, ලොවටත් වඩා වටිනා තම උත්තරීතර ප්‍රේමය වෙනුවෙන් කළ නොහැකි දෙයක් නොමැති බව එලෙස යූආන් ලොවට පෙන්වා දුන්නේය.
before use zoom app watch this video | about zoom app in sinhala | zoom and love story of eric yuan hallow friends this video is about zoom app which created by eric yuan. during this video it explain that why yuan made this app. watch until end of the vide...
13/07/2021
ඔයාල කැමති කාටද වැඩියෙන්ම
09/07/2021
😁😁
Click here to claim your Sponsored Listing.