Blossom saloon

Blossom saloon

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Blossom saloon, Beauty Salon, kandy Road, Kadawata.

14/12/2025
11/12/2025

Hi Girls 🥰 ඔන්න කාලෙකට පස්සෙ ආයෙම ඔයාලට Post ගේන්න හිතුවා ...
එහෙනම් අද අපි කතා කරමු කරදරකාරී බ්ලැක් හෙඩ්ස් නිවසේදීම ඉවත් කරගන්නෙ කොහොමද කියලා...
එහෙනම් මගහැරගන්නැතුව කියවන්න ලමයි 🫰✅

ඔබට තෙල් සහිත සහ මිශ්‍ර සමක් තිබෙනවා නම් ඔබේ සම මතුපිට බ්ලැක් හෙඩ්ස් දක්නට ලැබීම සාමාන්‍ය දෙයක්. සමහර අයගේ සම මතුපිට ඉතා ඉක්මනින් black heads ඇතිවන අතර ඒවා ඉවත් කිරීම ද අපහසු වෙනවා. ඔබේ සම ස්වාභාවිකවම තෙල් නිෂ්පාදනය කරන අතර අතිරික්ත තෙල් විවෘත සිදුරක් බවට පත් වී ඔක්සිකරණය වී කළු පැහැයට හැරෙනවා. මෙම සිදුරු ඔබේ සමෙන් පිටවන කුඩා ගැටිති මෙන් දිස්වනවා. බ්ලැක් හෙඩ්ස් ලෙස හඳුන්වන මේවා ඉවත් කර ගැනීම සඳහා අපට රූපලාවන්‍යාගාරයක් වෙතම යාමට අවශ්‍ය නැහැ.

🎈 නිවසේදීම blackheads ඉවත් කර ගන්න පුළුවන් ක්‍රම මොනවද ?

Egg mask 🥚

black heads සඳහා අතිශයින්ම ඵලදායි පිළියම් අතර ප්‍රධානතම තැනක් ගන්නා පිළියමක් ලෙස මෙය සැලකෙනවා. එය ඔබේ සම ගැඹුරට කා වැදී එහි තැන්පත් වී ඇති තෙල් සහ කුණු ඉවත් කරනවා. ඒ වන විටත් ඇතිවී තිබෙන බ්ලැක් හෙඩ්ස් ඉවත් කරමින් නැවත බ්ලැක් හෙඩ්ස් ඇති වීමද මෙම මාස්ක් එක මගින් පාලනය කරනවා.

මාස්ක් එක භාවිතා කරන ආකාරය ✅

බිත්තර සුදු මදයක් ගෙන හොඳින් බීට් කර ගන්න. එයට ලෙමන් යුෂ බින්දු දෙකක් හෝ තුනක් එකතු කර ගෙන නැවත බීට් කරගන්න. ටිෂූ කඩදාසියක් ගෙන ඔබේ මුහුණේ බ්ලැක් හෙඩ්ස් ඇති තැන තබා ෆේශල් බ්‍රෂ් එකක් ආධාරයෙන් සකස් කරගත් බිත්තර සුදු මදය ආලේප කරන්න. එය විනාඩි පහළොවක් පමණ වියළීමට තබා සම තද බව දැනෙන විට ටිශූ කඩදාසිය ඉවත් කරන්න. ඉන්පසුව මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ටෝනර් එකක් ආලේප කරන්න.

__________________________________________________

Green tea mask 🌿

green tea වලින් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ බොහෝමයක් තිබෙන බව ඔබ දන්නවා.මෙය බ්ලැක් හෙඩ්ස් සඳහා ප්‍රතිකාර කිරීමටද යොදා ගන්නා බව බොහෝ දෙනා දැනුවත් නැහැ. ග්‍රීන් ටී ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් වන අතර එය අතිරික්ත තෙල් සහ අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීමට බෙහෙවින් උපකාරී වනවා.

මාස්ක් එක භාවිතා කරන ආකාරය ✅

උණු වතුර කෝප්පයක් ගෙන එයට ග්‍රීන් ටී බෑගයක් බහා විනාඩි තිහක් හතළිහක් අතර කාලයක් තබන්න. තේ බෑගය ඉවතට ගෙන එය සිසිල් වීමට ඉඩ හැර විවෘත කරන්න. බෑගය තුළ ඇති තේ කොළ වලට මී පැණි ස්වල්පයක් එකතු කර මිශ්‍රණයක් සකස් කරගන්න . මෙය පිරිසිදු කර ගත් සම මත හොඳින් ආලේප කර විනාඩි දහයක් පහළොවක් අතර කාලයක් තබන්න. ඉන්පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හැර ටෝනර් එකක් ආලේප කරන්න. සතියකට දෙවතාවක් පමණ මෙම සත්කාරය සිදු කරන්න.
__________________________________________________

Turmeric and honey mask 🫚

කහ සහ මී පැණි යනු ඔබේ සම අභ්‍යන්තරයෙන්ම පිරිසිදු කරමින් සමට පෝෂණයක් ලබා ගත හැකි අමු ද්‍රව්‍ය දෙකක්. ඒ වගේම කහ මගින් සමේ විවිධ තත්ත්වයන් වලට ප්‍රතිකාර කිරීමට සිදු කරනවා.විශේෂයෙන්ම සමයේ අතිරික්ත තෙල් නිෂ්පාදනය පාලනය කිරීමටත් කහ වලට හැකියාව තියෙනවා.

මාස්ක් එක භාවිතා කරන ආකාරය ✅

කහ කුඩු මේස හැඳි එකකට මී පැණි මේස හැඳි එකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.මෙහි ඝණත්වය අඩු කර ගැනීම සඳහා ඔබට මද උණුසුම් ජලය බිංදු කිහිපයක් එකතු කරගත හැකියි. ෆේශල් බ්‍රශ් එකක් ආධාරයෙන් මෙම මිශ්‍රණය පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර ගන්න. එය විනාඩි දහයක කාලයක් මුහුණේ තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කර ටෝනර් එකක් ආලේප කරන්න.

_________________________________________________

Cinnamon an honey mask 🎗️

පිරිසිදු කිරීමෙහි සහ ප්‍රතිබැක්ටීරිය ගුණවලින් පොහොසත් කුරුඳු සම මත නිෂ්පාදනය වන අතිරික්ත තෙල් වලට සහ අපිරිසිදුකමට එරෙහිව සටන් කරනවා. මී පැණි මගින් සම ගැඹුරින් පෝෂණය කර සමට තෙතමනය එකතු කරනවා. බ්ලැක් හෙඩ්ස් සඳහා භාවිතා කළ හැකි ෆේස් මාක්ස් වලින් හොඳම ප්‍රතිඵල ගෙන දෙන ෆේස් මාස්ක් එකක් එකක් ලෙස මෙය සැලකෙනවා.

මාස්ක් එක භාවිතා කරන ආකාරය ✅

කුරුඳු කුඩු මේස හැඳි එකක් සහ මී පැණි මේස හැඳි තුනක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.එය පිරිසිදු කරගත් මුහුණ මත ආලේප කරන්න.කුරුඳු කුඩු කම්මුල අවට සහ ඇස් අවට ප්‍රදේශයේ ආලේප කිරීමෙන් වළකින්න. එය මුහුණේ වැඩි වශයෙන් තෙල් නිෂ්පාදනය කෙරෙන T ප්‍රදේශයේ ආලේප කරන්න. විනාඩි දහයකට පමණ පසුව පිරිව ඇති අපරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මඳ උණුසුම් ජලයෙන් මුහුණ තෙත් කර රවුම් චලිත ආකාරයෙන් මුහුණ සෝදා ගන්න.

මෙවැනි සරල පිළියම් මගින් ඔබේ මුහුණේ ඇති වන කරදරකාරී black heads ඉවත් කර ගන්න ඔබට පුළුවන්. ඔන්න එහෙනම් ඔයාලත් ට්‍රයි කරලා බලන්න.

එහෙනම් පෝස්ට් එක කියවලා කරන්න .යාලුවන්ටත් දැනගන්න කරන්න. අලුත් අලුත් බියුටි ටිප්ස් දැනගන්න page එකත් # # Follow කරන් යන්න ඕනි හරිද සුදූලා 😘

Auvella Beauty ✍️ Follow me

උපුටා ගැනීම හෝ උපුටා නැවත පල කිරීම තහනම්❌❌❌

28/03/2025
28/03/2025

See the Results

27/03/2025

Contour
Concealer

Photos from Uñas Manos y Pies's post 05/11/2022
Photos from Blossom saloon's post 04/08/2022

Reebonding # # Loreal
before after

Photos from විශ්ව දැනුම's post 25/06/2022
Photos from Hair and Fashion's post 15/02/2022
10/02/2022

යක්කල ප්‍රදේශයේ අලුතින් ආරම්භ කරන රූපලාවන්‍ය ආයතනයක් සදහා රූපලාවන්‍ය ශිල්පිනියන් අවශ්‍යයි. පලපුරුද්ද මත ඉහල වැටුප් හා දීමනා.
වැඩි විස්තර සදහා 0715617103 -ෂෙරීන්

Want your business to be the top-listed Beauty Salon in Kadawata?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Kandy Road
Kadawata
11850

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00