Glitter Glaze By Dili
Beauty Products & wellness products
12/07/2024
Wake Up & Make Up
💄💄💄💄💄💄
14/05/2024
හේතුවක් නැතුව වැඩ කල් දාන එක නවත්වන්නේ කොහොමද...අද කතා කරන්නේ Procrastination ගැන ....
ලබන 25 වැනිදා විභාගයක් නම් ඔයා විසි හතර වෙනකම් ඉන්නවද පාඩම් කරන්න ?
කම්මැලිකමක් ගෑවිලාවත් නැති දවසක ඔයාට හිතෙනවද එක්කෝ අර වැඩේ තව ටිකකින් කරනවා කියලා ?
වැඩ කල් දාන පුරුද්ද කොහොමද ඇත්තටම නවත්වා ගන්නේ..
ඇයි දන්නවද මේ වැඩ කල් දාන පුරුද්ද නිසා අපේ ජීවිතය හිතාගන්න බැරි තරම් පීඩනයන්ට ලක්වෙනවා.
මතක් කරලා බලන්න ඔයා දෙයක් කල් දදා ඉඳලා ඒක අන්තිම මොහොතේ කරන්න ගත්තාම ඔයාට දැනුණු පීඩනය කොහොමද කියලා ...
ඉතින් මේ ටිප්ස් ටික ඔයාට මේ වැඩකල් දැමීමේ පුරුද්ද නවත්වා ගැනීමට....
🌸 ඔයාගේ ජීවිතේ ගෝල් එක තදින්ම ඔයාගේ හිතට ඇතුලත් විය යුතුයි.
ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ තියෙන සිහිනය ඔයාට තදින් දැනෙන තරමට ඔයා කිසිම දවසක වැඩ කල් දාන්නේ නෑ මොකද ඔයාගේ හිත ඇතුලේ තියෙන එකම සිතුවිල්ල මං මගේ හීනයට යා යුතුයි කියන එක.
🌸To Do List
ඔයාට කරන්න තියෙන වැඩ අනිවාර්යෙන්ම උදේට ලිස්ට් එකක් විදියට හදාගන්න. ඒ ඒ දවසට කළ යුතු සියලු දේ වැදගත්කම අනුව පිළිවෙලින් පහළට ලියා ගන්න.
උදාහරණයක් :-
අද දවසට ඔයාට තියෙන වැදගත්ම කාර්යභාරය එසයිමන්ට් එකක් සම්පූර්ණ කරන එකනම් ඔයාගේ මේ ලිස්ට් එක ඇතුලට ඒ දේ මුලින්ම දාගත යුතුයි.
🌸 ඔයාගේ To Do List එක ගැන පුංචි වීඩියෝ එකක් කරන්න. හරියට ව්ලොග් එකක් වගේ.
ඔයා මෙහෙම තව කාට හරි පේන විදිහට වීඩියෝ එකක් කරන්න පුරුදු වුනෝතින් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ වැඩ කටයුතු ටික සම්පූර්ණ කරනවා. මොකද ඔයාට වීඩියෝ කරන්නත් ඕනේ. ඒ වගේම ඔයා මේක ආසාවෙන් කරන්න පටන් ගනීවි. ඒවගේම ඔයාට මේක ආදායම් මාර්ගයක් කර ගන්නත් පුළුවන් යූටියුබ් ඔස්සේ.
🌸 ඔයා ඔයාට තෑගි දෙන්න හෝ වැඩ කල් දාන පුද්ගලයාට තෑගි දෙන්න...
ඒ කියන්නෙ අදාළ කොටස සම්පූර්ණ කළාට පස්සේ ඔයා ඔයාට පොරොන්දුවක් දෙන්න ඔයාට තෑග්ගක් අරන් දෙනව කියල. නැත්නම් ඔයාට පුළුවන් පුංචි ගිෆ්ට් ජා එකක් මෙන්ටේන් කරන්න. ඒ කියන්නේ පුංචි ජෑම් බෝතලයක් අරගෙන ඒකට කොළ කෑලිවල දාලා ලියන්න පුංචි පුංචි තෑගි වල නම්. ඊට පස්සේ ඔයා ට වැඩ කල් දාන්නෙ නැතුව ඔයාගේ කාර්ය භාරයන් ඉෂ්ට කළාට පස්සේ හැමදාම ඔය ජා එකට අත දාලා එක කොලයක් ගන්න පුරුදු වෙන්න. ඒ ජා එකේ කොලේ තියෙන තෑග්ග ඔයාට අරන් දෙන්න ඔයාට පුළුවන්.
මේක ඔයාගේ දරුවෙක්ට උනත් පුරුදු කරන්න පුළුවන් හරි අපූරු ක්‍රමයක්. පුංචි රිවෝඩ් එකක්...
🌸 ඔයාගේ මූඩ් එක දවස පුරා පොසිටිව් විදියට තියාගන්න ඕනේ. ඒ කියන්නේ සතුටෙන් ඉන්න ඕනෙ. වැඩිය බැරෑරුම්ව හිතන්නෙ නැතුව සතුටෙන් දවස ගෙවන්න. අපි සතුටෙන් ක්‍රියාශීලිව ඉන්නකොට අපිට වැඩ කරන්න හිතනවා.
🌸 ඔයා වැඩ කරන තැනට ඔයාගේ ඇඳ පේන්න තියාගන්න එපා. ඔයා දන්නවද ඔයා වැඩ කරන තැනට ඔයාගේ ඇඳ පෙනුනොත් ඔයාගේ හිත හැමතිස්සෙම කියනවා ටිකක් නිදාගමු කියලා. ඉතින් ඔයා වැඩ කරන තැන වැඩ කරන්න ආස හිතෙන තැනක් බවට පත්කරගන්න.
🌸 ධනාත්මක කතාබහක් ඔයා ඔයා එක්කම අරගෙන යන්න. ඒ කියන්නේ ඔයා ඔයාට දනාත්මකව කතා කරන්න. ඔයා ඔයාට ධනාත්මක වචන අහන්න කියන්න..( Positive Self talk )
උදාහරණ :-
මට පුළුවන් !
🌸 දවසකට එක පැයක්වත් සමාජ මාධ්‍යයන්ගෙන් ටිකක් ඈත් වෙන්න. මොකද ඔයා ෆේස්බුක් එකට ගියාට පස්සේ ඔයාට ආයෙත් හැරෙන්න හරි අමාරුයි. අපේ ජීවිතේ ඕනෑ තරම් අත්දැකීම් ඇති අපි ෆේස්බුක් එකට ඇවිත් වැඩ නොකර ඉන්න.
🌸 ඔයාට වැඩ කල් දාන්න හිතෙනවා නම්, ඒ වැඩේ කල් දැම්මොත් ඔයා වැටෙන තත්ත්වය ගැන ටිකක් හිතන්න. ඒවගේම ඔයාට තරඟයට කවුරු හරි ඉන්නවා නම් ඔයාට වැඩ කල් දාන වෙලාවට ටිකක් හිතන්න ඔයාගේ තරගකාරී පුද්ගලයා මේ වෙලාවේ වැඩ කරනවා ඇති එතකොට මම වැඩ නොකළොත් මට මොකද වෙන්නේ කියලා..
🌸Self Discipline
අපි අපි තුළ හික්මීමක් තබා ගත යුතුමය.
🌸 ඔයා ආශ්‍රය කරන යහළුවන් සෑම මොහොතකම ඔයාගේ වැඩ කල් දාන්න හේතුවක් වෙනවා නම් ටිකක් ඔයා ගැන දැන් හිතන්න...
ඒ කියන්නේ යහළුවන් විතරක් නෙවෙයි ඔයා ආශ්‍රය කරන කවුරුන් හෝ ඔයාගේ වැඩ කල් දමන්න අභිප්‍රේරණයක් වෙනවනම් එතනින් ඈත් වෙන්න.
🌸මෙන්න මේ ස්වයං යෝජනා පාවිච්චි කරන්න.
1. මම මට පැවරෙන වගකීම් මැනවින් ඉටු කරමි.
2. කාලය මට උපරිම ප්‍රමාණවත්.
3. මම සතුටින් වැඩ කරනවා.
4. මෙතරම් කාර්යක්ෂම වීම පිළිබඳව මම මටම ස්තුතිවන්ත වෙමි.
5. මම සාර්ථකයි.
6. මම මගේ සියලු අරමුණු ජය ගත්තා.
7. මගේ ජීවිතය සතුටෙන් සහ මානසික සැනසීමෙන් පිරිලා.
ඉතින් මේ පුංචි ටිප්ස්ටික ඔයාගේ වැඩ කල් දානවා ප්‍රශ්නෙට උත්තර ලබා දීලා ඇති දැනටමත්...❤️
- Gumiho's Diary -
12/05/2024
Urbane Beauty Case
60%off
12/05/2024
Hay Watch
60%off
12/05/2024
Classica Sunglasses
12/05/2024
Skincare Toiletry Bag
👝👝👝👝👝👝👝
Keep your skincare essentials elegantly organised with this marble printed bag, featuring a movable divider and a zipped lining pocket for smaller essentials.
Customise your space with the movable inside divider
An inside mesh cover keeps your darlings in place
A zipped lining pocket in the lid neatly secures smaller essentials
Inbox for more details
Glitter Glaze By Dili
🛍️🛍️🛍️🛍️🛍️🛍️
Stock Clearance
Sale
Hurry up Guys this Chance valid till 15th of May
24/04/2024
❤️🏅❤️
The Most Beautiful thing you can wear is Confidence.
-BLAKE LIVELY -
❤️❤️❤️❤️❤️
15/04/2024
Hurry up Guys This Aurudu Mega Sale Valid Today & Tomorrow Only
Place your order Quickly
Glitter Glaze By Dili
🛍️🛍️🛍️🛍️🛍️🛍️🛍️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kaduwela
KORATHOTA