Ashi Cosmetics
🦋⃝ Come and let's be beautiful with Ashi
19/03/2026
🌼දිනකට හිසකෙස් 10 - 15 ගැලවීයාම සාමාන්‍යයි.නමුත් මීට වඩා වැඩි ප්‍රමාණක් ගැලවී යනවා නම් එක සැලකිය යුතු තත්ත්වක්.
🌼මෙයට හේතු වන සරල කරුණු කීපයක් බලමු ද?
⭐.පෝෂණය අඩුවීම.
(ඔබ ගන්නා ආහාර වල පෝෂණ ගුණය හා පානය කරන ජල ප්‍රමාණයේ අඩුබව මෙයට බලපානවා)
⭐.අවශ්‍ය ප්‍රමාණයට නින්දක් නොලැබීම.
(දිගටම නිදිමනවා නම් එයත් මෙයට බලපානවා)
⭐.මානසික ආතතිය.
(ඔබ කුමන හෝ ගැටලුවක් නිසා පීඩා විදිනවා නම් එයද මෙයට හේතුවක් )
⭐.හිසකෙස් වලට අහිතකර රසායනික ද්‍රව්‍ය පාවිච්චි කිරීම.
(හිස්කබලට සැර ෂැම්පු , කන්ඩිෂනර් භාවිතය හා හිසකෙස් පාට කිරීමට යොදා ගන්නා කෙමිකල් වර්ග ද හේතු වේ)
⭐ජානමය හේතූ
(ආරෙට යනවා කියන්නේ මෙන්න මේ හේතුව තමයි)
💐සෞඛ්‍යයට හිතකර හොඳ පුරුදු හා උසස් නිෂ්පාදනයන් භාවිතා කරමින් ඔබගේ හිසකෙස් නීරෝගී කර ගන්න.
19/03/2026
19/03/2026
🧄මී පැණි වල ගිල්වපු සුදු ළූණු වල ඇති අරුම පුදුම ගුණ ගැන ඔබ දන්නවද?
🌼මී පැණි වල ගිල්වපු සුදුලූණු එහෙමත් නැත්නම් Garlic Honey කියන්නේ අපේ රටේ වැඩිය ජනප්‍රිය නැති උනත් සමහර රටවල් වල නම් ඉතාම ජනප්‍රිය කෑමක්.
🌼මී පැණි වල ගිල්වපු සුදුළුණු කියන්නේ කෑමකට අමතරව බොහෝ රෝග වලට ඖෂධයක්
🌼විටමින්, යකඩ, කැල්සියම්. සින්ක්, පොටෑසියම් වගේ පෝෂ්ය පදාර්ථ ගණනාවකින් පරිපුර්ණ වෙන මී පැණි ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයක්ද වෙනවා.
🌼ඒ වගේම මී පැණි වලට අපේ ශරීරයේ ඕනෑම නාලයක් තුලින් ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. මේ නිසාම සමහර ඖෂධ මී පැණි සමඟ මිශ්‍ර කර ලබා ගන්නෙ කියන්නෙ ඒකයි.
මී පැණි වල ගිල්වූ සුදුළුනු වලින් බික් එක බැගින් උදෑසන හිස් බඩ ආහාරයට ගැනීමෙන්
❤️අධි රුධිර පීඩනය
❤️අධික කොලෙස්ටරෝල් පාලනයට විශාල උපකාරයක් ලැබෙනවා.
❤️ඇස් වල පෙනීම වැඩි කරනවා
❤️මලබද්ධය වගේ තත්වයන් වලක්වනවා
❤️තරබාරු පුද්ගලයන්ගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරනවා
19/03/2026
🌼බෙලි මල් කියන්නේ වටිනා ඖෂධයක් කියලා අපි හැමෝම දන්නවනේ.
බෙලි වල වටිනාකම මෙතෙකැයි කියන්න බෑ. බෙලි ගසේ පංචාංගය ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රයෝජනයට ගන්නවා.
ලස්සන ගැන හිතන ඔයාට දිනපතා බෙලි මල් කෝප්පයක් බීම බෙලි ජුස් එකක් බීම ඉතා ගුණදායකයි.
බෙලි ආහාරයට ගැනීම මගින්,
🍀 සම පැහැපත් කරයි
🍀 සමේ රැලි ඇතිවීම වළකයි
🍀 දහදිය දුර්ගන්ධය නැති කරයි
🍀 රුධිරය පිරිසිදු කරයි
🍀 ගැස්ට්‍රික් රෝගය සඳහා ඉතා ගුණදායකයි
🍀 ඇඟේ උෂ්ණය අඩු කරයි
🍀 උදාසීන බව නැති කරයි
🍀 ඇස් පෙනීම වර්ධනය කරයි
🍀 දියවැඩියාව පාලනය කරයි
🍀 ආහාර අරුචිය නැතිකරයි
🍀 හදවත් රෝග පාලනය කරයි
🍀 ශරීර අභ්‍යන්තරයේ විෂ නසයි
බෙලි ගෙඩිය තන්තු බහුල ආහාරයක්.බෙලි ගෙඩි වල මදය ගෙන ජුස් එකක් විදියට හදලා බොන්න පුළුවන්. ඒ වගේම බෙලි ගෙඩිවල කටුව තම්බා බීම ගැස්ට්‍රික් රෝගින්ට ඉතා හොඳයි.
අපි බාහිරින් සමට කරන සත්කාර වලට වඩා වැඩි ප්‍රතිඵලයක් ශරීර අභ්‍යන්තරයට කරන දේවල් වලින් ලැබෙනවා.
19/03/2026
🌼මුහුණ තරමටම අපේ දෑතත් ලස්සන වෙන්න ඕන.ඒත් දෑත් අවපැහැ වීම බොහෝ දෙනෙකුට ඇත්තටම ගැටලුවක් ඒ වගේම මුහුණට , කොණ්ඩයට බොහෝ සත්කාර කරන අපිට දෑත් අමතක වී යනවා.
දෑත් අවපැහැ ගැනීම වළක්වා ගන්න කළ හැකි සත්කාර ගැන අපි හොයලා බලමු.,
1. අව්වේ වැඩ කරද්දී සහ අධික ලෙස ජලය භාවිතා කරද්දී ග්ලවුස් භාවිතය.
මේ තුලින් ඔබේ දෑත් වල සම ආරක්ෂා වේවි.
2. එලවලු කපන විටදී දෑත්
සමහර එලවලු කැපීමෙන් ඔබේ දෑත් වල කහට ගතියක් රැඳෙනවා.එවිට දෙහි බෑයක් ගෙන එහි ලෙල්ලෙන් ඔබේ දෑතේ අවපැහැ ස්ථාන හොඳින් පිසදාන්න.
ඒ වගේම පලා වර්ග කපන විට අතේ ඇඟිලි කැපෙනවනම් මහපට ඇගිල්ලට ආවරණයක් දාගන්න ඔයාට පුලුවන්
3. සතියකට සැරයක් වත් ස්වභාවික ස්ක්‍රබ් එකකින් දෑත් හොඳින් ස්ක්‍රබ් කරල moisturizer ක්‍රීම් එකක් ආලේප කරන්න.
මේ විදිහට දෑත් අව පැහැ ගැන්වීම වළක්වා ගන්නා මෙන්ම අවපැහැ දෑතට ස්වභාවික සත්කාර කරන්න පුළුවන්. අපි ඒ ගැන ටිකක් කතා කරලා බලමු.,
1. හොදින් දෑත් සම්බාහනය කිරීම
*දෙහි බෑයක යුෂ හෝ බිලිං ඉස්ම වලින් අත් හොඳින් සම්බාහනය කරන්න.
*කෝමාරිකා ඉස්ම වලින් සම්බාහනය කරන්න.
ඇඟිලි වටේ කරකමින්, දෑත් උඩ සිට පහළට පිරිමදිමින් සම්බාහනය කර ගන්න.
2. ස්වභාවික ස්ක්‍රබ් එකක් නිවසේදීම කිරීම
දෙහි බෑයක යුෂ සහ සීනි එකට මිශ්‍ර කර අත් දෙක ස්‍ක්‍රබ් කරන්න
3. පැක් එකක් දැමීම.
කහ දොඩම් ලෙල්ලක් වේලා කුඩු කර ඉන් තේ හැන්දක් බේකින් සෝඩා තේ හැන්දක්, කඩල පිටි තේ හැන්දක් සමඟ ෆ්‍රෙෂ් මිල්ක් මිශ්‍ර කර හොඳින් අනා අත් වල විනාඩි විස්සක් ගල්වා තබන්න.
මේ සත්කාරවලින් ඔබේ දෑත් නැවත ලස්සන කර ගන්න ඔබට හැකි වේවි.
19/03/2026
🌼ඔයත් කැමතිද ඔයාගේ ඇහි බැම ඝනව වවාගන්න.
අපි බලමු මොනාද කරන්න පුළුවන් කියලා
කෘත්‍රිම ව ඇහිබැමි නිර්මාණය කිරීමට විශාල මුදලක් වැය නොකර ගෙදරදී ම ඇහිබැමි වර්ධනය කර ගැනීමේ ස්වභාවික සත්කාරයක් කරමු.නිවැරදිව මෙය සිදු කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.
🌹අවශ්‍ය දේවල්
🍀ඇලෝජෙල් මේස හැන්දක්
🍀එඬරු තෙල් මේස හැඳි තුනක්
🍀තේ කොළ තේ හැඳි කාලක් පමණ
🍀ලැවැන්ඩර් තෙල් බින්දු දෙකක්
🌹සාදාගන්නා ආකාරය
එඬරු තෙල් ටික කුඩා භාජනයක දමා ඩබල් බොයිල් ආකාරයෙන් රත් කර, එයට තේ කොළ එක් කරන්න. පැහැය වෙනස් වන තුරු කලවම් කරමින් රත් කරන්න. ඉන්පසු එය පෙරා ගන්න. දැන් එය නිවුණු පසු ඉතිරි ද්‍රව්‍ය එක් කරන්න. මෙය වියළි බඳුනක දමා භාවිතා කරන්න.
🌹භාවිතා කරන ආකාරය
රාත්‍රියේ නින්දට පෙර මුහුණ සෝදා හොඳින් තෙත මාත්තු කර සකසා ගත් සීරම් එකෙන් බින්දුවක් ගෙන ඇහි බැමි දෙක මත ආලේප කර හොඳින් උරාගන්නා තුරු තත්පර තිහක් පමණ මෘදු ව මසාජ් කරන්න.පසු දා උදෑසන සෝදා හරින්න.
මෙම සත්කාරය මාස දෙකක් පමණ නොකඩවා සිදු කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kalutara