Mihiri with AIA

Mihiri with AIA

Share

protect your life - nothing is more valuable

06/05/2026

අපේ රටේ රජයේ රෝහල් පද්ධතිය ඉතා හොඳයි. නමුත් අද වෙනකොට පුද්ගලික සෞඛ්‍ය වියදම් ඉතා වේගයෙන් වැඩිවෙමින් පවතිනවා.

📊 නවතම දත්ත අනුව, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වියදම් වලින් 40% කට වැඩි ප්‍රමාණයක් මිනිසුන් තමන්ගේ pocket එකෙන් ගෙවනවා.
👉 ඒ කියන්නේ, බරපතළ රෝගයක් ආවොත් එක වරක්ම ඔබේ සම්පූර්ණ සමුච්චිත මුදල් අවසන් වෙන්න පුළුවන්.

💰 අද private hospital එකක:

- ICU දිනකට ලක්ෂ ගණන්
- Surgery එකකට ලක්ෂ 3 – 10+
- Scan / Tests දහස් ගණන් සිට ලක්ෂ දක්වා

👉 මේවා එකතු වෙද්දී, එක් illness එකක් නිසා ජීවිත කාලය පුරාවට හදුනාගත් savings පවා නැතිවෙන්න පුළුවන්.

📈 2025ට සෞඛ්‍යයට රජය වෙන් කරලා තියෙන්නේ රු. බිලියන 479ක්.
👉 එත්, රටේ ජනතාවගේ demand එක වැඩිවෙද්දී, private sector dependence එකත් වැඩිවෙනවා.

🫀 අද Sri Lanka තුළ මරණවලින් 80%කට අධික ප්‍රමාණයක් Non-Communicable Diseases (Diabetes, Heart disease වගේ) නිසා වෙනවා.
👉 ඒ කියන්නේ, ඔබට හෝ ඔබගේ පවුලේ කෙනෙකුට ලොකු medical cost එකක් දවසක හමුවෙන්න ඉතා වැඩි අවස්ථාවක් තියෙනවා.

---

✅ ඒ නිසා Health Insurance කියන්නේ luxury එකක් නෙවෙයි — අවශ්‍යතාවයක්.

✔ Unexpected medical bills වලින් ආරක්ෂාව
✔ Family එකට financial security
✔ හොඳ private treatment ලබාගන්න හැකියාව
✔ Savings & investments ආරක්ෂා කරගැනීම

---

💡 අද සලස්වන්න… හෙටට සුරක්ෂිත වෙන්න.

ඔයා insurance එකක් නැත්තම්,
👉 “මට රෝගයක් නොවෙයි” කියන විශ්වාසයට වඩා
👉 “රෝගයක් ආවොත් මම ready ද?” කියන ප්‍රශ්නය අහන්න.

🛡️ Health Insurance = ඔබගේ ජීවිතයේ financial shield එක

AIA Insurance Sri Lanka 30/04/2026

AIA Insurance Sri Lanka 65 likes, 9 comments. "AIA හෙල්ත් පාස්පෝට් - අසමසම හෙල්ත් ඉන්ෂුවරන්ස්. සැපවත්, සුවපත්, දිගුකල් දිවියකට."

Photos from Mihiri with AIA's post 30/04/2026

Life insurance දානවනම් මතක තියා ගන්න. 🤔

මූල්‍ය සැලසුම්කරණය ගැන කතා කරද්දී අපිට කිසිසේත්ම මඟහැරෙන්න බැරි අංගයක් තමයි ජීවිත රක්ෂණය. ගොඩක් අය මේක අමතර වියදමක් විදියට දැක්කට, ඇත්තටම ජීවිත රක්ෂණයක් කියන්නේ අපේ හදිසි අවස්ථාවකදී පවුලේ අයගේ සහ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන ප්‍රධානතම පලිහයි. ධනය ගොඩනැගීම වගේම ඒ ගොඩනගන ධනය ආරක්ෂා කරගන්නත් අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ.

ජීවිත රක්ෂණයක් නිවැරදිව භාවිතා කරන්න අනුගමනය කරන්න පුළුවන් ප්‍රායෝගික පියවර කිහිපයක් මෙන්න.

• ඔබේ සැබෑ අවශ්‍යතාවය හඳුනාගන්න
හුදෙක් රක්ෂණයක් ගන්නවාට වඩා, ඔබට අවශ්‍ය ආයෝජනයක් ද නැතිනම් ජීවිත ආරක්ෂණයක් පමණක් ද යන්න තීරණය කරන්න. ඔබේ ණය බර, දරුවන්ගේ අධ්‍යාපනය සහ පවුලේ මාසික වියදම් ආවරණය වන පරිදි නිවැරදි රක්ෂණ මුදලක් (Sum Assured) තීරණය කිරීම අත්‍යවශ්‍යයි.

• සෞඛ්‍ය ආවරණ වලට ප්‍රමුඛත්වයක් දෙන්න
ජීවිත රක්ෂණයකට අනිවාර්යයෙන්ම රෝහල්ගත වීමේ සහ බරපතල රෝග ආවරණ එකතු කරගන්න. හදිසි ලෙඩ රෝගයකදී ඔබ මහන්සියෙන් එකතු කරපු ඉතුරුම් සහ ආයෝජන එකවර නැතිවෙලා යන එක නවත්වගන්න මේක ලොකු උදව්වක් වෙනවා.

• තරුණ කාලයේදීම ආරම්භ කරන්න
රක්ෂණයක් ගන්න හොඳම කාලය තමයි ඔබ තරුණ සහ නිරෝගීව ඉන්න කාලය. කලින්ම පටන් ගත්තම ගොඩක් අඩු මාසික වාරිකයකින් විශාල ජීවිත ආවරණයක් ලබාගන්න ඔබට පුළුවන් වෙනවා.

• කාලෙන් කාලෙට ආවරණය වෙනස් කරන්න
ඔබේ ආදායම වැඩි වෙද්දී, අලුතින් වාහනයක් හෝ නිවසක් ගනිද්දී, එහෙමත් නැත්නම් පවුලට අලුත් සාමාජිකයෙක් එකතු වෙද්දී ඔබේ මූල්‍ය වගකීම් වෙනස් වෙනවා. ඒ නිසා වරින් වර ඔබේ ජීවිත රක්ෂණ ආවරණය ඔබේ වර්තමාන ජීවන තත්වයට ගැලපෙන විදියට යාවත්කාලීන කරගන්න අමතක කරන්න එපා.

• ප්‍රතිලාභියා නිවැරදිව නම් කරන්න
ඔබට යම් හදිසියක් වුවහොත් මෙම මුදල් ලැබිය යුත්තේ කාටද යන්න පැහැදිලිව සඳහන් කරන්න. විශේෂයෙන්ම පවුලේ තත්වයන් වෙනස් වන විට (උදාහරණයක් ලෙස විවාහ වීම හෝ දරුවන් ලැබීම) මෙම ප්‍රතිලාභීන්ගේ නම් යාවත්කාලීන කිරීම ඉතා වැදගත්.

ජීවිත රක්ෂණයක් කියන්නේ වියදමක් නෙවෙයි, ඒක ඔබේ පවුලේ ආර්ථිකයට කරන ලොකුම ආයෝජනයක් වගේම ආදරණීයයන් වෙනුවෙන් ඉටුකරන යුතුකමක්. නිවැරදි මූල්‍ය තීරණ අරගෙන අනාගතය ජයගන්න.

17/10/2025

1. අදම පටන් ගන්න...

ඔබ දකින සිහින හෙටට කල් නොදමන්න. සාර්ථකත්වයේ පළමු පියවර වන්⁣නේ අදම සහා දැන්ම පටන් ගැනීමයි. ඔබේ බලාපොරොත්තු එක් කුඩා පියවරකින් ආරම්භ කරන්න. එය කුඩා දෙයක් වුවත්, ඔබ ඔබගේ සිහිනයට එක් පියවරකින් හෝ ළඟා වීමට මහත් රුකුලක් වනු නොඅනුමානය.🤗💪

2. අසාර්ථකත්වයෙන් සාර්ථකත්වයට...

අසාර්ථක වීම යනු අවසානය නොවේ. එයින් අදහස් කරන්නේ ඔබ නව දෙයක් ඉගෙන ගෙන ඇති බවයි. වැරදීමක් සිදු වූ විට එයින් අධෛර්යමත් නොවී, ඔබගේ වැරදි වලින් පාඩම් ඉගෙනගෙන නැවත උත්සාහ කරන්න. ඔබගේ සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය ධෛර්යය හා අධිෂ්ඨානය ඔබ තුළ ඇති කර ගන්න.😊💪

3. ඔබ ඔබව විශ්වාස කරන්න...

මේ ලෝකයේ ඔබව පහත් කිරීමට උත්සාහ කරන අය සිටිය හැකියි. නමුත්, ඔබේ සිහින හා හැකියාවන් විශ්වාස කරන්න. ඔබ වෙනුවෙන් කතා කරන්න. ඔබේ මනස ශක්තිමත් නම්, ඔබට ඕනෑම අභියෝගයක් ජය ගත හැකියි. ඔබේ ශක්තිය විශ්වාස කරන්න, එවිට මුළු ලෝකයම ඔබ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.🤗💪

• "අභියෝග වලට මුහුණ දෙන්න, එවිට ඔබ කෙතරම් ශක්තිමත්දැයි ඔබට වැටහේවි.

ඒ නිසා අදම පටන්ගන්න.🤗💪❤️

11/10/2025

ජීවිතයේ උදාවන හැම මොහොතකම,
අතීතය කිසි දිනෙක හමු වී නෑ.
අනාගතයේ දී නැවත උදාවන්නේත් නෑ.
උදා වූ මේ මොහොතේ උපරිම ප්‍රයෝජන ගන්න.

one positive thought in the morning can change your whole day 🌞👍🙂

Dream and Do!

08/09/2025

සතුටු සෘතුවේ ආරම්භය අදයි ! සශ්‍රීකත්වයේ ආරම්භය අදයි ! සාර්ථකත්වයේ ආරම්භය අදයි..
ඔව් ! අද ජීවිතේ හොඳම ආරම්භයයි !!!

26/08/2025

අලුත් දවසක් කියන්නේ ජීවිතේ ලැබෙන හොඳම තෑග්ග !
ඔයාට හැමදේම අලුතෙන් පටන් ගන්න පුළුවන් !
ඔයාට හැමදේම වෙනස් කරන්නට අලුත් අවස්ථාවක් !
අලුතෙන් හිතන්න ...අලුතෙන් පටන් ගන්න...
අලුතෙන් ජීවිතේ ජීවත් වෙන්න...
තවත් අවස්ථාවක් !
ඉතිං අදත් ඔයාට අලුත් දවසක් !
රහසක් කියන්නද ...
අද හැමදේම සාර්ථක වෙන ආරම්භයක් !

-Mihi beauty-

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kandy