Choicemart.lk

Choicemart.lk

Share

#1 ChoiceMart.lk is your go-to food vlog for all things delicious in Sri Lanka.

29/12/2023

🛑එළැඹෙන 2024 ජනවාරි 01 වැනිදා සිට VAT නොහොත් එකතු කළ අගය මත බද්ද, 15% සිට 18% දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීම පසුගිය දිනවල කතාබහට ලක් වූ කරුණක් විය.🤯

මෙම බද්ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ සහ බෙදාහැරීමේ ජාලයේ සෑම අදියරකදී ම එකතුවන අගය මත අයකරන අදියර කිහිපයකින් සමන්විත බද්දකි.
බද්ද අවසාන වශයෙන් පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයා විසින් දරනු ලබයි. එය වක්‍ර බද්දක් වන අතර නිෂ්පාදනය හා බෙදාහැරීමේ ජාලයේ සියලු අතරමැදි සැපයුම්කරුවන් හරහා අවසන් පාරිභෝගිකයා විසින් ගෙවනු ලබන බද්දෙහි වටිනාකමට සමාන වටිනාකමක් අවසානයේ දී රජයට ලැබේ.

මම මිලදී ගන්නා භාණ්ඩයක මිලට VAT අගය එකතු වන්නේ කොහොමද?🤔

සරලවම ඔබ මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයකට ඔබ එය මිල දී ගන්නා අවස්ථාවේ දී VAT ගෙවීමට සිදු වේ. භාණ්ඩයේ අවසාන මිල ගණනය කර ඇත්තේ VAT එකතු කිරීමෙන් ය. එමෙන් ම අදාළ භාණ්ඩයේ සැපයුම් ජාලයේ අවසාන පාරිභෝගිකයා වන්නේ ඔබ නම් බද්දේ අගය ගෙවන්නේ ඔබයි.

භාණ්ඩයේ මිල සමඟ තිබෙන සම්බන්ධය
ඔබ සාමාන්‍යයෙන් වෙළඳපොළෙන් මිල දී ගන්නා යෝගට් නිෂ්පාදනයක් මේ සඳහා උපකල්පිත උදාහරණයක් ලෙස ගනිමු.

යෝගට් නිෂ්පාදනය සඳහා යෝගට් නිෂ්පාදකයාට පළමුව ප්ලාස්ටික් යෝගට් කෝප්ප අවශ්‍ය වේ. ප්ලාස්ටික් යෝගට් කෝප්ප නිෂ්පාදන කරන නිෂ්පාදකයාට පළමුව ඒවා නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලට ගැනීමට සිදු වේ.
එක් යෝගට් කෝප්පයකට අවශ්‍ය ප්ලාස්ටික් මිලට ගැනීමට අවශ්‍ය වටිනාකම රුපියල් 10ක් ලෙස සැලකුවහොත් 18%ක VAT සමඟ ඔහුට එය මිලට ගැනීමට සිදුවන්නේ රුපියල් 1 සත 80ක බද්දක් සමඟ රුපියල් 11 සත 80කටයි.

ඉන්පසු ප්ලාස්ටික් නිෂ්පාදකයා අමුද්‍රව්‍ය භාවිත කර ප්ලාස්ටික් යෝගට් කෝප්පයක් සකසයි. ඔහු එම එක් කළ වටිනාකම රුපියල් 15ක් ලෙස සටහන් කරයි. එවිට බදුරහිත නිෂ්පාදනයේ වටිනාකම රුපියල් 25කි.
යෝගට් කර්මාන්තශාලාව විසින් එවිට මෙම ප්ලාස්ටික් යෝගට් කෝප්පයක් මිලදී ගන්නේ රුපියල් 25කටයි. එම රුපියල් 25ට අමතරව 18%ක බද්දක්, එනම් රුපියල් 4 සත 90ක් ද එක් යෝගට් කෝප්පයක් වෙනුවෙන් දැරීමට යෝගට් කර්මාන්තශාලාවට සිදු වේ.

යෝගට් සාදා එම ප්ලාස්ටික් කෝප්පයේ ඇසුරුම් කරන ක්‍රියාවලියේ අගය රුපියල් 50ක් ලෙස උපකල්පනය කළහොත් මෙම නිෂ්පාදනයේ මේ වන විට සම්පූර්ණ වටිනාකම රුපියල් 75කි. එය පාරිභෝගිකයා විසින් මිල දී ගන්නා විට නැවත 18%ක බද්දක් එකතු වේ. ඒ අනුව අවසන් යෝගට් නිෂ්පාදනය ඔබට මිලට ගැනීමට සිදුවන්නේ රුපියල් 88 සත 50කට යි.

ඒ අනුව VAT ප්‍රතිශතය සෑම විටම භාණ්ඩයේ අවසන් මිල තීරණය කරයි.
ඔබ මිල දී ගන්නා භාණ්ඩවල නිෂ්පාදකයන් VAT ගෙවීමට ලියාපදිංචි වී ඇති අය නම් ඔබට ඉහත පෙන්වා දුන් ආකාරයේ මිල සැකසුම් ආකෘතියකට අනුව භාණ්ඩ මිලට ගැනීමට සිදු වේ.

නමුත් යම්හෙයකින් ඔබ මිලදී ගන්නා භාණ්ඩයේ නිෂ්පාදන ක්‍රියාවලියේ එක් ස්ථානයක VAT සඳහා ලියාපදිංචි නොවූ සැපයුම්කරුවෙකු සිටී නම් භාණ්ඩයේ මිල ඉහත පෙන්වා දුන් ක්‍රමයට වඩා මිල අධික විය හැකිය.

යෝගට් කෝප්පයක වටිනාකම රුපියල් 25ක් ලෙස උපකල්පනය කළ නිසා එම කෝප්ප 100හි සැබෑ වටිනාකම රුපියල් 2500කි. කර්මාන්තශාලාකරුවා රුපියල් 450ක අමතර මුදලක් බදු ලෙස ප්ලාස්ටික් නිෂ්පාදකයාට ගෙවා තිබේ. ප්ලාස්ටික් නිෂ්පාදකයාට අමුද්‍රව්‍ය මිලට ගැනීමට රුපියල් 180ක බදු මුදලක් දැරීමට සිදු වූ නිසා එම රුපියල් 450ක බදු මුදලෙන් ඔහුට මුල් අවස්ථාවේ ගෙවීමට සිදු වූ ආදායම අඩු කර ඉතිරි මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු ය.

මීළඟ අදියරේ දී රුපියල් 75ක් වටිනා අවසන් යෝගට් නිෂ්පාදනය VAT අගය සහිතව පාරිභෝගිකයා වෙත එන මිල වන්නේ රුපියල් 88.50කි. යම් පාරිභෝගිකයෙකු යෝගට් 100ක් මිල දී ගත්තේ නම් කර්මාන්තශාලාකරුවාට රුපියල් 1350ක අමතර ආදයමක් හිමි වේ.

එහි දී ඔහු මුල් අවස්ථාවේදී ඔහුට වියදම් වූ රුපියල් 450ක බදු මුදල එම මුදලෙන් අඩු කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු වේ. නිෂ්පාදනය හා බෙදාහැරීමේ ජාලයේ සියලු අතරමැදි සැපයුම්කරුවන් හරහා අවසන් පාරිභෝගිකයා විසින් ගෙවනු ලබන බද්දෙහි වටිනාකමට සමාන වටිනාකමක් අවසානයේ රජයට හිමි වනු ඇත.

නිෂ්පාදකයන් VAT සඳහා ලියාපදිංචි වී සිටින්නේ නම් VAT අගය නිෂ්පාදකයාට බලපෑමක් වන්නේ ඉතා අඩු වශයෙන් ය. සාමාන්‍යයෙන් මහා පරිමාණ ව්‍යාපාර සියල්ලම පාහේ ඒ සඳහා ලියාපදිංචි වී තිබේ. අවසානයේ දී භාණ්ඩය මිල දී ගත් පාරිභෝගිකයාට එය සෘජුව බලපාන්නේ එය භාණ්ඩයේ අවසාන මිල තීරණය කරන නිසාය.

ඔබ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකු නම් හෝ නව ව්‍යවසායකයෙකු නම් ඔබට VAT වලින් ඇති බලපෑම මොකක්ද?🤔

අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අයගේ වාර්ෂික පිරිවැටුම (වාර්ෂික ආදයම) රුපියල් මිලියන 1.2ට වඩා බොහෝ විට අඩු වීමට ඉඩ තිබේ.

එවිට ඔවුන් අනිවාර්යයෙන්ම VAT සඳහා ලියාපදිංචි විය යුතු නොවේ. බොහෝ එවැනි ව්‍යාපාර කරන්නන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ VAT ගෙවීමට ලියාපදිංචි වී නොමැති නිසා ඔවුන්ට තම නිෂ්පාදන සඳහා දැරීමට සිදු වූ VAT අගය ආපසු ගෙවීමක් සිදු නොවේ.

එනිසා ඔවුන්ට ගෙවීමට සිදු වූ බදු මුදල ද දරාගැනීමට සිදු වේ. එය එම නිෂ්පාදකයාගේ වියදමකි.
එනිසා අවසන් නිෂ්පාදනයක් වෙළඳපොළ වෙත නිකුත් කිරීමේ දී අවසන් මිල තීරණය වන්නේ එම බදු මුදලත් සමගය. එය බොහෝ විට සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට තරගකාරී මිලක් පවත්වාගෙන යාමට බාධා පමුණුවයි.

මෙම බදු ඉහළ දැමීම සෘජුව පාරිභෝගිකයාට සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපෑමක් ඇති කරන නමුත්, එය රාජ්‍ය බදු ආදායමේ වැදගත් ආදායම් මාර්ගයකි.

Copied
LuckyMart

23/11/2023

😋😋

Follow Us : Choicemart.lk 🍕🍟
Join With : රසම කෑම | ASMR SL 🍔🍜

©️𝑨𝒍𝒍 𝒄𝒓𝒆𝒅𝒊𝒕 𝒈𝒐𝒆𝒔 𝒕𝒐 𝒓𝒆𝒔𝒑𝒆𝒄𝒕𝒊𝒗𝒆 𝒐𝒘𝒏𝒆𝒓 𝒂𝒏𝒅 𝒕𝒉𝒆 𝒑𝒉𝒐𝒕𝒐𝒈𝒓𝒂𝒑𝒉𝒆𝒓 📸

13/07/2023

කෑවට Soan Papdi හදන විදිය දැකලා තියෙනවද?
Making Soan Papdi in Factory 😱
Choicemart.lk

03/07/2023

😋😋

Follow Us : Choicemart.lk 🍕🍟
Join With : රසම කෑම | ASMR SL 🍔🍜

©️𝑨𝒍𝒍 𝒄𝒓𝒆𝒅𝒊𝒕 𝒈𝒐𝒆𝒔 𝒕𝒐 𝒓𝒆𝒔𝒑𝒆𝒄𝒕𝒊𝒗𝒆 𝒐𝒘𝒏𝒆𝒓 𝒂𝒏𝒅 𝒕𝒉𝒆 𝒑𝒉𝒐𝒕𝒐𝒈𝒓𝒂𝒑𝒉𝒆𝒓 📸

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Address

Kandy