Let's Stand
This page which I made on my 29 birthdy for telling some valuable stories to people who like to stan
03/08/2023
අපි හැමෝම බාර්බිලා තමයි - බාර්බි වගේම ඔපන්හයිමත්
ඇත්තක් පෙන්වන සිනමා ෆැන්ටසි
නිර්මාණයක මම දකින අගනාම දෙය වන්නේ ඒ නිර්මාණය ඔස්සේ ජීවිතාවබෝධයට කිසියම් බලපෑමක් කිරීමයි. බාර්බි සිනමාපටය සැබැවින්ම ඒ අවබෝධයට අපූරු බලපෑමක් කරනවා. කුඩා දැරියන් ඉතාම ආදරය කරන සෙල්ලම් බඩුවක් වන බාර්බි ඉතා අපූරුවට වැඩිහිටි සිනමා අත්දැකීමක් බවට පත් කරන්න නිර්මාණකරුවන් සමත්වෙලා තියෙනවා.
බාර්බි කිහිප අතකින්ම අපගේ ජීවිතය ස්පර්ෂ කරනවා. බාර්බි වෙනුවෙන් සිදු කරන අලෙවිකරණ ව්‍යාපෘතිය ඔස්සේ සිනමා ශාලාවෙන් පිටත උන්මාදය හැදිලා තියෙන්නේ එය දරුවන් සහ නව යෞවනය ඔස්සේ දිවෙන විනෝදජනක හෝ රොමාන්තික සිනමාපටයක් ලෙසයි. සිනමාපටය බලන්න එන පිරිසගෙන් වැඩි පිරිසක් රෝස පාට ඇඳුම් ඇදගෙන පැමිණීමෙන්ම ඊට දක්වන උනන්දුව පෙනෙනවා. නමුත් එය ඊට හාත්පසින්ම වෙනස් සිනමාපටයක්. එය එක අතකින් මට නම් සොෆිගේ ලෝකය කෘතියේ රසවත්ම පිටු කිහිපයක් වගේම දාර්ශනිකයි.
සියල්ල කෙටියෙන් මෙන්න මෙහෙමයි. බාර්බිලන්තයේ ජීවත් වෙන බාබි නම් ජනප්‍රිය බෝනික්කාට අවස්ථාවක් ලැබෙනවා සැබෑ ලෝකයට එන්න. ඒ කියන්නේ මේ අපි ජීවත් වෙන ලෝකයට. හැමදේම රෝස පැහැයෙන් යුත් බාර්බිලන්තයේ ඉතාම පරිපූර්ණ යැයි සැළකෙන ජීවිතයක් ගත කරන බාර්බිට එහි ඒකාකාරි ජීවිතය එපා වෙනවා. අපි හැමෝටම වගේ ඉතිං ඇයටත් වෙනසක් අවශ්‍ය වෙනවා. ඒ වෙනස සොයා ගෙන සැබෑ ලෝකයට යන්න ඇය පියවර ගන්නවා. ඇයගේ ගමනට කෙන් කියන පිරිමි බෝනිකාත් එකතු වෙනවා.
ඔවුන්ට සැබෑ ලෝකයට පැමිණි පසුව යථාර්තය සුන්දර බාර්බිලන්තයට වඩා කටුකයි කියලා වැටහෙනවා. බාර්බිලන්තයේ නිතරම වෛරයෙන් ක්‍රෝදයෙන් තොරව සිනාමුසු මුහුණින් ඉන්න බෝනිකන් වෙනුවට සැබෑ ලෝකයේ දුක, වේදනාව, සතුට, වයසට යැම, කෲරත්වය, රාගිකත්වය ආදී සියල්ල සමඟ මුසු වුණු සැබෑ මිනිසුන් හමුවෙනවා.
බාර්බි වගේම අනිත් සියලුම බාර්බිලා බාර්බිලත්තයේදී පෙනි සිටින්නේ ස්ත්‍රිවාදය, කාන්තාවන් බලගැන්වීම වගේ සංකල්ප වෙනුවෙන්. නමුත් බාර්බිලන්තයේදී ඔවුන්ට ඒ වෙනුවෙන් කරන්න දෙයක් තිබුණේ නැහැ. මන්දයත් බාර්බිලන්තයම ස්ත්‍රින් මුලික කරගත් ලෝකයක්. එහි ඉන්න කෙන් ඇතුළු පිරිමි බෝනික්කන් පිරිසත් එම කාන්තාවන්ට අනුව හැසිරෙන නිසා සැබැවින්ම ඒ තුළ බාර්බිලන්තයේ ස්ත්‍රිවාදය සංකල්පයක් පමණයි.
කොහොමහරි ඇත්ත ලෝකයට ආවට පස්සේ බාර්බිට වැටහෙනවා බාර්බි ඇතුළු කාන්තා සෙල්ලම් බඩු හදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයම පිරිමි කියලා. ඒ වගේම ඇත්ත ලෝකය තුළ ඇය බලපෑමක් රහිත ධනවාදය නිර්මාණය කළ තවත් සෙල්ලම් බඩුවක් පමණක් බව ඇය වටහා ගන්නවා. ධනවාදය තුළ ස්ත්‍රිවාදය විකිණෙන නිසා ඇය විකිණෙන බව වැටහෙනවා. ඒ සත්‍යය ඇය කණගාටුවට පත් කරනවා. ඇය වටහා ගන්නවා කාන්තාවන්ගේ බොහෝ ආශාවන් පිරිමින්ගේ යටි සිතේ ෆැන්ටසි කියලා. වානිජමය වශයෙන් පෙනෙන කාන්තා බල ගැන්වීම්, කාන්තා ඇඳුම් වගේම කාන්තා විරෝධතා රැසක් පිරිමින්ගේ යටි සිතේ ෆැන්ටසි තමයි. මට මෙය වඩාත් දැනුනේ මම රචනා කර 2017දී ප්‍රකාශයට පත් කළ පර්සෝනා නවකතාව ඔස්සේද ඉහළ පන්නයේ කාන්තා යට ඇඳුම් නිෂ්පාදන කර්මාන්තය පදනම් කරගෙන සංවාදයට බඳුන් කළේ මෙම කරුණමයි.
පර්සෝනා නවකතාවේ සටහනත් මෙය තහවුරු කරන්න මම සම්බන්ධ කරනවා. “පිරිමි නෙත්වලට කාර්යාලය, මහ මඟ, බස් රථය, අවන්හල, පන්සල, පල්ලිය සහ වීදිය අන්ත:පුරයක් ලෙස දිස් වෙමින් යන කාලයක් නිසා ගිනිසිළු වැනි ශ්‍රී ලාංකේය ස්වාධීන කාන්තාවන්ගේ අනුරාගී සුන්දරත්වය පිරිමින්ට රස විදින්න පුළුවන් ඇඳුම් පැළඳුම් නිර්මාණය කිරීමේ කටයුත්ත පර්සෝනා කණ්ඩායම අති සාර්ථකව කරගෙන ගියා.
කාන්තාවකට වස්ත්‍රයෙන් උපරිම නිදහස දීම මගින් ඇයගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමේ දිගු කාලීන පුළුල් දැක්ම යටතේ පර්සෝනා ක්‍රියාත්මක වන බව සෙලීනා මාධ්‍යයට අභිමානයෙන් ප්‍රකාශ කළා. බටර් වගේ පාද, චිස් වගේ බෙල්ල, තැඹිලි වගේ පියයුරු, ෆුට් බෝලයක් වගේ පස්ස සහ සිහින් ඉණ යන ශරීර අංග මනාව නිරූපණය වෙන විලාසිතා නිර්මාණය වෙලා තිබුණත් තවමත් කාන්තාවන්ගේ නාභිය මනාව ප්‍රදර්ශනය නොවීම තුළ ලාභදායි ව්‍යාපාරික අවස්ථාවක් පර්සෝනා කණ්ඩායම හඳුනා ගත්තා.” පර්සෝනා නවකතාවේ උපුටා ගැනීම අවසන්.
වත්මන් පරිභෝජනවාදී ලෝකය තුළ ක්‍රියාත්මක වුණත් නැතත් එම සංකල්පයෙන් යහපතක් වුණත් නැතත් සංකල්පයක් කියන්නේම සල්ලි මවන යන්ත්‍රයක්. බාර්බි සිනමාපටයේ අවසානයට බාර්බි රෝස පාට ඇඳුම් වෙනුවට සරල ඇඳුමක් ඇඳගෙන, අඩි උස සපත්තු ගලවා, පැතලි සපත්තු පැළඳ පොලොවට සැබෑ ලෙසම පය තබා ජීවත් වීමට තීරණය කරනවා. නමුත් බාර්බි සිනමා කරුවන්ට හැකිවෙනවා නරඹන්නන්ට සරාගී රෝස පාට ඇඳුම් අන්දවන්න. එහි අපූරුම දේ වෙන්නේ අපිට සමිප කරන යාථාර්තයේම පාරිභෝගිකයා බවට නොදැනුවත්ව පත්වෙන්න අපිට සිද්ධ වෙනවා.
පිරිමි ලෝකය සහ ගැහැණු ලෝකය එකිනොට වෛර කරමින් සම අයිතිවාසිකම් ඉල්ලුවත් ඔවුන් වෙනස් ලෝක දෙකක් බව අපුරුවට පෙන්වන්න සිනමාපටය සමත් වෙනවා.ඒ ලෝක තුළ එකිනෙකාටම අනන්‍ය වේදනාවක් තියෙනවා. ඒ වගේම බාර්බිලන්තමය ප්‍රේමය තුළ ඔවුනොවුන්ගේ අනන්‍යතා අහිමිවීම, අපි කවුද යන්න අපිවත් තේරුම් නොගැනීම නිසා සිදු කරන සටන, නිතර සටනටම සුදානම් වුණ නියම පිරිමියැයි සැළකෙන බොළඳ තිරිසන් පිරිමි ස්වභාවය ගැන බාර්බි අපටත් නොදැනීම ඉතා ලස්සනට ස්පර්ෂ කරනවා.
අවසානයට සිනමාපටය මෙන්ම මෙහෙම දෙයක් සරාංශ කරලා කියනවා. අපි හැමෝම ජීවත් වන්නේ බාර්බිලන්තයක වගේ සෙල්ලම් ලෝකයක. අපි නටවන්නේ මොන බලවේගයද යන්න අපි දන්නේ නැහැ. එය විශ්ව විඥාණයද, දෙවියන්ද, දේශපාලඥයන්ද, ආගමද නැත්නම් වෙළෙඳපොළ ඇතුළු මේ සියල්ලමද? නමුත් කෙනෙක්ට මේ පෙනෙන සෙල්ලම් ලෝකයෙන් මිදිලා යථාර්තයට ගමන් කරන්න අවශ්‍ය වන්නේ ප්‍රබල සිතිවිල්ලක් සහ දැනීමක් පමණයි. ඒ සඳහා තමයි ඇත්තටම ආත්ම විශ්වාසය අවශ්‍ය වන්නේ. එහෙම එහෙම නැතුව ඒ සෙල්ලම් ලෝකයේ නීති රීති හෝ ඒ සංස්කෘතියට අනුව ලස්සනට නටන බෝනික්කෙක් වෙන්න නෙවෙයි.
නියම බාර්බි කෙනෙක් වෙන්න නම් ලෝකයට ඕන විදියට රෝස පාට අදින්න එපා. ඔයාගේ බර සැහැල්ලු කරන්න ස්වභාවයට ආදරය කරන්න. එය පවත්වාගෙන යන්න.
කැලුම් වැලිගම
05/07/2023
Thank you very much Sri Lanka cricket
My team mates, coaches, my family and friends.
One team
One nation
05/07/2023
Today we celebrate the life and legacy of Bob Proctor. Bob would have turned 89 today, and our gratitude has become so much greater for having Bob in our lives.
Each of us has found our path to peace, while coming together in loving Bob and how he left us better humans.
Bob taught us to embrace the world around us, the beauty inside each soul. He believed we could do absolutely anything we set our mind to, and to always strive for better in every aspect of life.
Bob taught us to see life and all its beauty, and gave us the power and belief we needed.
We are blessed to have Bob as a friend, partner, teacher, coach, mentor, lover of life and inspiration. We are forever better.
We are spiritual beings having a physical experience. We're gifted with an intellect, and spirit is always for expansion and fuller expression. ✨
Happy birthday, Bob!
Join us in celebrating by sharing your most cherished lesson, photo, or moment with Bob Proctor using the
01/11/2020
මුනිබා මසාරි,
පාකිස්තානයේ ඉපදුන ඇය අසාර්ථක විවහා ජීවිතයක් අතර තුර සිදු වූ රිය අනතුරකින් තම පාද සම්පූර්ණයෙන් අක්‍රිය තත්වයට පත් වෙනවා, හැකියාව ඇති චිත්‍ර ශිල්පය පවා කරගෙන යෑම අහිමි විය. ජීවිතයේ තමා අත්දුටු අමිහිරිම අත්දැකීම ලැබූ ඇය සම්පූර්ණයෙන් බිද වැටී තිබූ තම දිවියට චිත්ත දෛරියෙන් මුහුන දී රෝද පුටුවේම සිට චිත්‍ර ශිල්පිනියක්, නිරූපිකාවක්, අභිපේරණ කතිකයෙක් ලෙස මුලුමහත් ලෝකයේම ගෞරවණීය සම්මානයෙන් පිදුම් ලබා ඇත. පාකිස්තානයේ පමනක් නොව මුලුමහත් ලෝකයේම ළමා හා කාන්තා ක්‍රියාකාරිනියක් ලෙස ඉමහත් ගෞරවයට පාත්‍ර වී සිටින ඇය ලොව ජය ගත්තෙ බිද වැටීම් ගොන්නක සිට තම දෙපා වාරුවද නොමැතිවයි. ඉතිං ඔබට මට මොනවද අහිමි. හිතන්න දිනන්න බැරි යමක් වේද?
(TA)
31/08/2020
28/08/2020
කවුරු නැති උනත් ඔබට ඔබ සිටිය යුතුමය.
29/07/2020
අපි අසා ඇති උපරිම පරාසය වශ්වීය ලෙස සැලකුවහොතින් ඔබ මම සියලු ජීවින්, මහ වනාන්තර, මහ සාගර, රටවල්,සියලු ග්‍රහලෝක, මෙන්ම මිනිසා විසින් නිර්මානය කල ඇල්පෙනෙත්තේ සිට සියලු දේවල් මෙකී විශ්වය තුල කොහේ හෝ පවතින බව නැවත නැවත කිය යුතු නොවේ.
බොහෝ දෙනා දන්නා කරුනකි. සියලු දේ වල මූලිකම තැනුම් ඒකකය පරමානුවයි. පරමානුවක ඇති ඉලෙක්ට්‍රෝන පරමානුක න්‍යෂ්ටිය වටා සැරිසරමින් හා එකි ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමෙන්, එක්වීමෙන් අපි මිහිමත දකින සමස්තය විවිධ වේශයන් ගෙන ඇති බව විද්‍යාත්මක සත්‍යයකි.එබැවින් මිනිසුන් විසින් ප්‍රෙභේද කොට ගෙන විවිධ වටිනාකම් ලබා දුන්නද මිනිසා ඇතුලු සියලු ජීවීන්,වගේම සියලු ස්භාවික ,කෘතිම සියලු දේ වල මූලීක ඇරඹුම එකම එක දෙයකි. එහෙයින් අරයට පුලුවන් මට බෑ කියන්නේ ඇයි කව්රුත් විශේෂ නෑ සම්භවයේදීම.
අනික් පසින් ලෝකයම පමනක් නොව මුලු විශ්වයම දුවන මූලිකම දේ ශක්තියයි. කම්පනය නැමති සංසිද්ධිය ප්‍රපංච කොට උපදින ශකිතිය මූලිකවම ශබ්ධය ලෙසින්ද, කම්පනය වඩා තීව්‍ර වන විට එය තාපය ලෙසින්ද පිට වී අති තීව්‍ර මට්ටම් කරා පැමිනෙන විට ආලෝක තරංග ලෙසින්ද ඉන් එහාට ගිය විට විවිද අතිශ්‍යය තීව්ර වූ රේඩියෝ තරංග වැනි මට්ටම් දක්වා විකාශනය වේ. නූතන විද්‍යාව තුල ඇති නූතන පුරෝකතනයන්ට අනුව හදුනා නොගත් විස්වාස කල නොහැකි කම්පන තරංග ඕන තරම් මේ නිදහස් අවකාශය තුල තිබිය හැක.
මේ නොතේරෙන විද්‍යාව තුල තේරුම් ගත යුත් අමුතුම දෙයක් ඇත. නිරන්තරයෙන් අප වෙතින් සිතුවිලි තරංග ඉපිද ගුවන් විදුලි මධ්‍යස්ථානක් සේ සැම අත විහිදුවයි ඒවා මේ නිදහස් අවකාශයේ ඔබ මොබ සැරිසරයි. හිතමු වේදිවකාවක නැග කතාවක් කරන අයෙකුට මානසික ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් එය ප්‍රභලය.
ඉදින් මෙකී විශ්වීය තරංගයන් හරියට යොදා ගතහොත්... පවුලේ සියලු දෙනා එකම හොද අරමුනක් ගැන සිතුවොත්, ගමේ හැමෝම එක හොද සාර්තක අරමුනක් ගැන හිතුවොත්, රටම ශක්තිමත් මනසින් සුභවාදි සිතුවිලිම විශ්වයට මුදා හැරියොත් ජාලගත සුභවාදි තරංග ගොනුවක් නිර්මානය වෙන බව කිවයුතුමයි. හරියට ඉන්ටනෙට් එක වගෙ ඊටත් එහා ගිය සුපිරි මට්ටමක්. ජපානය වගේ රටවක් සංවර්ධනය උනේ ඔහොමයි, වැටුනා දා සිට හැමෝම එක විදිහට හිතුවා ජයග්‍රහණය ගැන. ලොව ප්‍රකට සමාගම් ලෝකය දිනුවේ ඔහොමයි. එකම අරමුනකට ජාලගත සිතුවිලි සමූහයක් තුලින්. ඒ වගේමයි අසුභවාදි චින්තනයක් තනිවම මෙන්ම සමාජයක් ලෙසත් අවකාසයට එක් වූ තැන තියන මට්ටමිනුත් පහලට වැටෙනවා. හිතන්න වැඩිපුරම තියෙන්නෙ ඔය වගේ උදාහරන ....... එහෙනම් අපිත් හිතමු සංවර්ධිත පවුලක්,ගමක්,රටක් ගැන.... Let's stand .....
(TA)
15/07/2020
නොපෙනෙන ආශිර්වාදය
2020 මාර්තු මාසය බොහෝ දෙනෙකුට අමතක නොවිය හැක මන්ද යත් කොරෝනා නමින් ලෝ පතල වූ covid 19
වෛරස ව්‍යාප්තිය නිසා මුල් වරට රට තැනින් තැන සිට මුලුරටම දක්වා වසා දැමූ වකවානුව එය බැවින්. බොහෝ දෙනා අපේක්ෂා නොකලත් එය දින 100ක පමන දීර්ග කාලයක් විය, සාධනීය ලෙස බොහෝ දෙනා එම අවස්තාව උපයෝගි කොටගෙන පුරන් වී ගිය කුඹුරු අස්වැද්දීම,වත්තේ පිටියේ බටු පැලයක් මිරිස් පැලයක්වත් රෝපනය කිරීම ආදිය සිදු කිරීමට යෙදිනි.එසේ ක්‍රමානුකූලව එකී කාලය අවසන් විය. බොහෝ දෙනා නුදුටු නමුත් මෙසමය තුල අප කොයිකාටත් නොමිලේ ලැබුනු දෙයක් විය. එය අන් කාල වල අපට නොලැබුනු තරම් කාලමය නිදහසක්,
හිතමු....
මේ තරම් හොද කාලයක් තියනවද නිදහසේ ජීවීතය සැලසුම් කිරීමට.
මේ තරම් හොද කාලයක් තියනවද තම වෘත්තීය දක්ෂතා ඔප මට්ටම් කිරීම්ට, නව දැනුම සොයා ගැනීමට.
හිතෙනවා ඇති පසුගිය කොරෝනා නිවාඩුව අපතේ ගියා යැයි. නමුත් දෙවන වරත් යම් නිවාඩුවක් ලැබීමේ අවස්තාවක් ඇත. නිසි ලෙස සැලසුම් කර දැනුමෙන් හැකියාවෙන් පරිනත වීමට මෙම කාලය නිසි ලෙස කළමනාකරණය කරගැනීමට දැඩි අවදානය යොමු කලහොත් නිවාඩුවෙන් පසු. අරමුණු වලට සීඝ්‍රගාමි ලෙස ලගා වීමට නිසැකවම හැකි වේවි. ඉතින් ....Let's stand
(TA)
Click here to claim your Sponsored Listing.