Ahinsaka tharu

Ahinsaka tharu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ahinsaka tharu, Health/Beauty, Kandy.

02/12/2025
Photos from Gallery's post 06/07/2024
17/06/2024

Work, Travel, Save, Repeat. 🔄🔄🔄
📸 Image Credit to owner

17/06/2024

Pilgrimage Tours of Sri Lanka 🙏🙏
📸 Image Credit goes to respective owner

22/11/2023

🙏🙏🙏

22/11/2023

Boat Safari in Sri Lanka😍🦚🌊 🇱🇰
📸 Photo Credit to owner

22/11/2023

මිනිසුන්ට ඇති උත්තම වස්තුව ප්‍රඥාවයි. “පඤ්ඤා නරානං රතනං” සතර සම්මග් ප්‍රදානයන්ට ද ප්‍රඥාව අයත් ය. ත්‍රි ශික්ෂාවට ද ප්‍රඥාව අයත් ය. දස පාරමිතාවන්ට ද ප්‍රඥාව අයත් ය. හුදෙක් ම දැනුම ඉලක්කකර ගැනීමෙන් පමණක් ප්‍රඥාව තේරුම් ගත නොහැකි ය. ඇසට පෙනෙන දෙයට වඩා යමක් දකින්නට, බලන්නට තේරුම් ගන්නට, අවබෝධ කර ගන්නට ප්‍රඥාව ඉවහල් වන්නේ ය. ඇහෙනවාට වඩා යමක් අසා ඒ දේ තුළ ඇති යථාර්ථය වටහා ගැනීම ප්‍රඥාවයි. ප්‍රඥාව නිවන් දකින තුරු පාරමිතාවක් බවට පත්කර ගත යුතු ය.

සාමාන්‍ය දැනීමට වඩා උසස් දැනීමකින් යුතුවීම ද ප්‍රඥාවයි. පින, පව, හොඳ, නරක, කුසල්, අකුසල් මේවා තේරුම් ගන්නේ ප්‍රඥාව අනුවයි. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවේ ප්‍රතිමූර්තියයි. ඒ මහා ප්‍රඥාව අසම සම වේ. සම්මුති දේශනා හා පරමාර්ථ දේශනාවන් වටහා ගැනීමට ද පුද්ගලයාට ප්‍රඥාව තිබිය යුතු ය. ප්‍රඥාව ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වෙයි.

ලෞකික ප්‍රඥාවතුළින් මිනිසා විවිධ දේ සොයා ගනිති. පරිගණක, අන්තර් ජාල, ෆේස්බුක් සම්බන්ධතා හා නූතන දියුණුව ලෞකික ප්‍රඥාව ලෙස සැලකිය හැකි ය.

ලෝකෝත්තර ප්‍රඥාව නම් ස්කන්ධ ආයතන ධාතු වශයෙන් සම්මුතියෙන් බැහැරව පරමාර්ථ වශයෙන් අබබෝධ කර ගැනීමයි. සෝවාන් ආදී මාර්ගඵලවලට පත්වීමෙන් ලබාගන්නා ලෝකෝත්තර ප්‍රඥාව නිවන කරා යොමු කරයි.

සම්බුදුපදවිය ලබනු පිණිස පාරමිතා පිරූ බෝසතාණන් වහන්සේ ප්‍රඥා පාරමිතාවෙන් දුකට පත් වූ ලෝ වැස්සන්ට පිහිට වූ ආකාරය ජාතක කතාවන්ගෙන් මොනවට පැහැදිලිවෙයි. උම්මග්ග ජාතකයේ දී මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥාව හා ඒ අනුව වූ ක්‍රියාකාරකම් ගැන විස්තර වෙයි.
අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ධර්මයන් අවබෝධ කර ගැනීමට ඉවහල් වන්නේ ද, ප්‍රඥාවම ය.
ප්‍රඥාව දියුණු කිරීමෙහි ලා පහත සඳහන් හේතු සාධක බලපාන්නේ ය.

** ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ඇති බව,
** ප්‍රඥාව ප්‍රාර්ථනා කරමින් පින් කිරීම,
** අංග සම්පූර්ණ ශරීරය හා නිරෝගී බව,
** නුවණ මෙහෙයවා කරන කටයුතු,
** අතීත අකුසල කර්ම නැති වීම,
** නානා ශිල්ප ශාස්ත්‍ර දැනගෙන තිබීම,
** දහම් ඇසීම හා දෙසීම,
** ගැඹුරු ධර්ම සාකච්ඡා කිරීම,
** පණ්ඩිත ආශ්‍රය හා ඔවුන් සමඟ සාකච්ඡා කිරීම හා මෝඩයන් හා වාසය නොකිරීම යනුවෙනි.

ප්‍රඥාව දියුණු කර ගැනීමට පංචනීවරණ ධර්ම බාධා ගෙන දෙයි. නිවරණ අතර ද, කාමඡන්ද හා ව්‍යාපාදය ප්‍රඥාවට විශාල වශයෙන් බාධා ගෙන දෙයි.

මාර්ග ප්‍රඥාවේ පළමු පියවරේ දී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, දෙක ප්‍රහනය කළ යුතු වේ. ඉතිරි සංයෝජනවන සීලබ්බත, පරාමාස, කාමරාග, පටිඝ දුරු කිරීම ප්‍රඥාව සම්පූර්ණ වීමට අයත් වේ. සකෘදාගාමී හා අනාගාමී අවස්ථාවල කාමරාග හා පටිඝ තුනීවෙයි. අනාගාමී හා අර්හත් මාර්ග ප්‍රඥාව ප්‍රත්‍යක්ෂ වීමෙන්, කාමය හා පටිඝය අවසන්වීමෙන් ප්‍රඥාවේ දියුණු ම අවස්ථාව වන නිර්වාණය උදා කර ගත හැකි ය.

එහෙත් මේ දිගු සසර ගමනේ අප වෙත නොතිබී එකම අධිෂ්ඨනය වන්නේ ද එම ප්‍රඥාව ය. ඒ අධිෂ්ඨානය ගෙවාගෙන ආ සංසාරයේ තමන් තුළ ඇති කර ගත්තා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට කල්පනා කරතිබුණේ නම්, මේ වනවිටත් අප සියලු දෙනාට සතර අපායේ වැටි වැටී යන මේ භයානක සංසාර ගමනින් නිදහස් වෙන්නට තිබුණි.

තිරිසන් සතෙකුගේ ජීවන රටාව අධ්‍යනය කරන්න. ඒ තිරිසන් සත්වයින්ටත් ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන පිහිටා තිබේ. ඒ ආයතනයන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සිතුවිලි ආදී බාහිර අරමුණු ගෝචර වේ. තිරිසන් සතුන් නිදාගනියි. මිනිස්සුන් ද නිදාගනියි. තිරිසන් සතුන් ආහාර ගනියි. මිනිසුන් හරි හම්බ කරගෙන ආහාරපානගෙන ජීවත් වෙයි. සතුන්ට භය, තැති ගැනීම තිබේ. මිනිසාට ද භය තැති ගැනීම දැනේ. තිරිසන් සතා තමන්ට සුදුසු ආකාරයේ වාසස්ථානයක් සාදා ගනී. කුරුලු කූඩුවක් එසේත් නැතිනම් නැතිනම් තුඹසක්, බෙනයක්, ගුහාවක් ආදී ලෙස ය.
මිනිසුන් දුක් මහන්සි වී හරි හම්බකර ගෙන ගෙයක් දොරක් හදා ගනියි. තිරිසන් සතුන් තමන්ගේ වර්ගයා බෝ කරයි. පැටවුන් පෝෂණය කරයි. මිනිසුන් කරන්නේ තමන්ගේ දරු මල්ලන් හදා වඩාගෙන ඒ දරුවන් සමඟ සතුටු වෙමින් ජීවත් වීමයි. මෙහි අවධානයට ගතයුතු දෙයක් තිබේ. දුර්ලභව ලද මනුෂ්‍ය ජීවිතයේ අර්ථය දකින්නේ මේ ලෙසින් පමණක් නම්, ඒ කියන්නේ මිනිස් ජීවිතයක් ලද කෙනෙක් කන බොන දේ ගැන විතරක් ම සිතනවා නම්, ගෙවල්, දොරවල් සෑදීම ගැන පමණක් ම, දරු මල්ලන් හැදීම ගැන පමණක් ම සිතනවා නම්, එවැනි ප්‍රාර්ථනා ගොඩක් පොදි බැඳගෙන රැකියා කරමින් දුක් මහන්සි වී හම්බ කරමින් ගොඩ ගසාගෙන සතුටු වීම පමණක් ම කර තිබෙනවා නම්, මුලින් සඳහන් කළ තිරිසන් සත්ත්වයන්ගේ ජීවිතයේත් මිනිස් ජීවිතයක් ලැබූ පුද්ගලයාගේ ජීවිතයේත් වෙනසක් නැත.

මිනිසත් බව ලැබීම බොහෝ දුර්ලභ කරුණකි. මේ නිසා අප ලද මනුෂ්‍ය ජීවිතය සාර්ථක කරගෙන සතර අපායේ උපත කරා නොයන ආකාරයට හසුරුවා ගන්නට නම් ධර්මය අවබෝධ කර ගත යුතු වේ. සුගතියක උපත කරා යන ආකාරයට මේ මිනිස් ජීවිත දියුණු කර ගන්නට නම් දරුමල්ලන් හදාවඩාගෙන, රැකී රක්ෂා කරගෙන, ගිහි ජීවිතය තුළ අනෙකුත් කටයුතු සියල්ලක්ම ඉටු කරන අතරේ දී ම ධර්මය අවබෝධ කරගැනීම අවශ්‍ය වේ. එලෙස ම තමන් ප්‍රඥාවන්තයකු හැටියට ජීවත් වෙනවා කියන අධිෂ්ඨාන සිත් තුළ අධිෂ්ඨාන කර ගත යුතු වේ.

තෙරුවන් සරණයි!
පූජ්‍යපාද විතාරන්දෙණියේ මේධානන්ද හිමි.

05/10/2023

කිරිවෙහෙර චෛත්‍යයරාජයාණන්වහන්සේ..!

05/10/2023

Temple of the Tooth, Kandy,,Sri Lanka 😍🦚🌊 🇱🇰
📸 Photo Credit

,

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kandy