ASN Pharmacy , Ampitiya

ASN Pharmacy , Ampitiya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ASN Pharmacy , Ampitiya, Health/Beauty, No: 14, 3rd Mile post , Ampitiya, Kandy.

06/07/2024
03/05/2024

ලොකු පොඩි කාටත් නැතුවම බැරි පැරසිටමෝල්, උනක් වේදනාවක් ආවම හැමෝටම මතක් වෙන පැරසිටමෝල් ගැන හරියටම දැන ගනිමු ද.?

මොනවද මේ පැරසිටමෝල් කියන්නේ..?
පැරසිටමෝල් කියන රසායනික සංයෝගය මුලින්ම නිශ්පාදනය කරන්නේ ඇමරිකානු ජාතික මහාචාර්යවරයෙක් වන Harmon Northrop Morse විසින්. 1878 දී නිශ්පාදනය කලත් මේ ඖෂධය බහුලව භාවිතා කරන්න ගත්තේ 1949 සිට. දැනට උණට සහ වේදනාවට බහුලව භාවිතා කරන ඖෂධය තමයි මෙන්න මේ පැරසිටමෝල්. බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් පැරසිටමෝල් කියලා හැඳින්නුව ද ඇමරිකානු ඇතුලු සමහර රටවල් හඳුන්වනු ලබන්නේ Acetaminophen ලෙසයි.

ශ්‍රී ලංකාව තුල පැනඩෝල්, රැපිසෝල්, පැසිඩෝල් යන වෙළඳ නාම වලින් හඳුන්වනු ලබන්නේත් මෙන්න මේ පරසෙටමොල් ම තමයි.

මොනවද පැරසිටමෝල් පවතින ආකාර..?
පැරසිටමොල් පෙති, සිරප්, suppository (ගුද මාර්ගයෙන්ඇ තුලු කරන ) ඉන්ජෙක්සෙන්(infusion) යන ආකාර වලින් පවතී.

මොනවටද මේ පැරසිටමෝල් භාවිතා කරන්න පුලුවන්..?
පැරසිටමෝල් ලබා ගෙන විනාඩි 15-30 අතර කාලයකදී ක්‍රියා කිරීමට පටන් ගනු ලැබේ.
1. උණ
2. සුළු හා මධ්‍යයම ප්‍රමාණයේ වේදනා
3. ඔසප් වේදනාව
4. දත් කැක්කුම
5. අස්ථි සන්ධි ප්‍රදාහය (osteoarthritis)

ප්‍රතිඵලයක් ලැබීමට නම් ලබා ගත යුතු මාත්‍රාව කොපමණ ද..?
වැඩිහිටි පුද්ගලයන් සඳහා - දිනකට උපරිම 4g ලබා ගත හැක ( සෑම පැය 6 කට වරක්ම 1g බැගින් ).
ළමුන් සඳහා - එක් වාරයක් සඳහා බර 1kg කට පැරසිටමෝල් 15mg බැගින් ගනණය කර ලබා දිය යුතුය,(පැය 6 න් 6 ට මෙම මාත්‍රාව ලබා දිය හැකිය).

අක්මා රෝගී තත්ව තුලදී මාත්‍රාව අඩු කර දිය යුතුය.

මොනවද එන්න පුලුවන් අතුරු ආබාධ
1. ඕක්කාරය සහ වමනය
2. ආසාත්මිකතා ( ඉතාමත් කලාතුරකින් )
3. මාත්‍රාව අධික ලෙස භාවිතා කිරීම මගින් අක්මා රෝග

මොනවද සැලකිලිමත් ව පැරසිටමෝල් භාවිතා කල යුතු අවස්ථා..?
1. අක්මා රෝගී තත්ව
2. වකුගඩු රෝගී තත්ව
3. ඇල්කොහොල් ( මධ්‍යාසාර ) භාවිතා කර ඇති අවස්ථා ( මෙවැනි අවස්ථාවක පැරසිටමෝල් භාවිතා කිරීම අක්මාවට හානි විය හැක. එම නිසා වඩාත් සුදුසු වන්නේ මධ්‍යාසාර භාවිතා කර පැය 24 කට පසු පැරසිටමෝල් භාවිතා කිරීමයි).

පැරසිටමෝල් ශරීරයට අහිතකර විය හැකි මාත්‍රා මොනවද..?
වැඩිහිටි පුද්ගලයෙක් දිනකට පැරසිටමෝල් 4g වඩා ගැනීම අහිතකර විය හැක.
දිනකට 10g වඩා ගැනීම අක්මාවට ඉතාමත් අහිතකර විය හැකිය.

අධික මාත්‍රාවක් ශරීර ගත වූ විට කුමක් කල යුතුද..?
මෙවැනි අවස්ථාවක නිවැරදි ප්‍රතිකාර ඉක්මනින්ම ලබා දිය යුතු බැවින් ළගම ඇති රෝහලට රැගෙන යන්න..

Rasika Gamage
SLMC Registered Pharmacist,
B.Sc.(UOJ) , Certificate of efficiency as Pharmacist.

Copied

04/04/2024

ප්‍රතිජීවක ඖෂධ (antibiotics) නිසා වන හානි අවමකර ගැනීමට ඔබ දැන ගත යුතු දේ...
=============================

ශ්‍රී ලංකාව යනු ප්‍රතිජීවක ඖෂධ අවභාවිතාව (antibiotic misuse) වැඩිම රටවල්වලින් එකකි.

ප්‍රතිජීවක වැරදි ලෙස භාවිතය නිසා රෝගියාට අත්විය හැකි ඉරණම් කීපයක් මෙසේ දැක්විය හැක...
(මෙසේ සිදුවන්නේ බොහෝ විට වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිතාවෙනි)

1. ප්‍රතිජීවක අදාළ නොවන අවස්ථාවක දී (වෛරස අසාදන හෝ බෝ නොවන රෝගයක් වැනි අවස්ථාවකදී ) අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක භාවිතාවෙන් අතුරු අබාධ ඇති වීම සහ රෝගයට නිසි ප්‍රතිකාර නොමැති වීමෙන් රෝගය උත්සන්න වීම.

2 . බැක්ටීරියා අසාදනයක දී වැරදි ප්‍රතිජීවකයක් භාවිතා කිරීමෙන් ඒ කාලය තුළ අදාළ බැක්ටීරියාව අවහිරයකින් තොරව වර්ධනය වී රෝගය ඉතා උත්සන්න වීම සහ පාලනය අසීරු වීම.

3. නිවැරදි ප්‍රතිජීවකය වුවද මාත්‍රාව නිවැරදි නොවූ විට...

මාත්‍රාව අඩු නම් අදාළ ප්‍රතිජීවකය සඳහා බැක්ටීරියා ප්‍රතිරෝධය වර්ධනය වී ඖෂධය අක්‍රිය වී එම බැක්ටීරියාවම ශක්තිමත් ලෙස අසාදනය වීම...ඇතැම් විට මෙය මාරාන්තික විය හැක.

මාත්‍රාව වැඩි වූ විට බැක්ටීරියාව පාලනය වුව ද අතුරු ආබාධ ඇති වී සිරුරට හානි සිදුවීම...ඇතැම් විට මාරාන්තික හානි සිදුවීම හෝ මරණය අත්වීම...

4. නිවැරදි කාල පරාසය තුළ භාවිතා නොකිරීම නිසා ඖෂධය පල රහිත වීම හෝ විෂවීම....

5. වෙනත් ක්ෂුද්‍ර ජීවී අසාදන තත්වයන්ට ලක්වීම....

උදා: ප්‍රතිජීවක අවභාවිතය නිසා ශරීරයට හිතකර බැක්ටීරියා මිය යාමෙන් ඇතිවන ඉඩ කඩෙහි ශරීරයට අහිතකර වෙනත් බැක්ටීරියා හෝ වෙනත් ක්ෂුද්‍රජීවීන් වර්ධනයට ඉඩ ලැබීම.

6. වැරදි භාවිතය සඳහා කාලය සහ මුදල් වැය කොට රෝගය සුව වීම වෙනුවට උත්සන්න වීම තුළින් තව දුරටත් මුදල් සහ කාලය නිකරුණේ වැය කිරීමට සිදුවීම සහ ඇතැම් විට මරණයෙන් කෙළවර වීම.
-------------------------------------------------------------

මීට අමතරව ප්‍රතිජීවක අවභාවිතය නිසා සමාජයට සහ ආර්ථිකයට සිදුවිය හැකි හානි මෙසේ දැක්විය හැකි ය.

1. ප්‍රතිජීවක සඳහා බැක්ටීරියා ප්‍රතිරෝධය (bacterial antibiotic resistance) වර්ධනය වීම නිසා බොහෝ ප්‍රතිජීවක ඵලරහිත වීම.

උදා: ක්ලෝරොම්පෙනිකෝල් වැනි ඖෂධය භාවිතාවෙන් ඉවත් වී ඇත්තේ කිසිදු බැක්ටීරියාවක් ඉන් විනාශ නොවන තරමට ප්‍රතිරෝධය ඇතිවීම නිසාවෙනි.

2. එක් රෝගියෙකුගේ අවභාවිතාව නිසා ඇතිවන ප්‍රතිරෝධය වර්ධනය කළ බැක්ටීරියා සමාජගත වීම සහ
එවැනි බැක්ටීරියා තවදුරටත් ප්‍රතිජීවක වර්ග සඳහා ප්‍රතිරෝධය වර්ධනය කර ගැනීමෙන් විවිධ ඖෂධ ප්‍රතිරෝධී බැක්ටීරියා ආසාදනයන් (multi drug resistance bacterial infection) සමාජයෙන් හමුවීම.

3. නව සොයාගැනීම් සඳහා වැයවන කාලය සහ මුදල් අපතේ යාම.

4. වෛද්‍යවරුන් යාවත්කාලීන වීම සිදු වුව ද දත්ත වැරදි විය හැකි වීම.

5. වෛද්‍ය කණ්ඩායම්වලට පවා නිර්ණායක හඳුනා ගැනීමට අසීරු වන අසාදිතයින් හමුවීම.
-------------------------------------------------------------

ප්‍රතිජීවක ඖෂධ අවභාවිතයෙන් එසේ සිදුවිය හැකි නමුත් නිසි දැනුමක් ඇති නිවැරදිව ක්‍රියා කරන වෛද්‍යවරයෙකුගේ නිර්දේශය සමඟ නීත්‍යානුකූලව ක්‍රියා කරන ඖෂධවේදීයෙකුගේ අධීක්ෂණය යටතේ ලබා ගැනීමෙන් සහ නිසි උපදෙස් සමඟ භාවිත කිරීමෙන් අතුරු අබාධ අවමයෙන් ඉතා හොඳින් බොහෝ අසාදනයන් පාලනය කළ හැකි ය.

ඉහත සියලු ම කරුණු සැලකිල්ලට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතිජීවක ඖෂධ භාවිතාව සඳහා නියමයන් 3 ක් හඳුන්වා දී ඇත.

ප්‍රතිජීවක භාවිතය සඳහා පළමු නියමය වන්නේ,

1. Try to avoid antibiotics
(හැකිතාක් දුරට ප්‍රතිජීවකවලින් වැළකී සිටින්න)

දෙවන නියමය වන්නේ

2. If necessary, use the most appropriate antibiitic for the particular infection
(අත්‍යාවශ්‍ය විටකදී අදාළ ආසාදනය සඳහා වඩාත්ම සුදුසු ප්‍රතිජීවකය භාවිත කරන්න)

තුන්වන නියමය වන්නේ

3. Use only the correct dose for most recommended period only.
(නිවැරදි මාත්‍රාව පමණක් සුදුසුම කාල පරිච්ඡේදයක් සඳහා භාවිත කරන්න)
------------------------------------------------------------

සෑම රටකම පාහේ ප්‍රතිජීවක ඖෂධ සඳහා වෛද්‍ය නිර්දේශය අවශ්‍ය වේ.. වෛද්‍යවරයෙක් ප්‍රතිජීවක නිර්දේශ කළ යුත්තේ ඉහත සඳන් නියමයන්ට යටත්වයි....

නමුත් ශ්‍රී ලංකාවේදී ප්‍රතිජීවක ඖෂධ මේ කිසිවක් නොමැතිව ලබා ගැනීමට හැකි නම්.... පළමුව මා වරද මා පටවන්නේ ඖෂධවේදීන්ටයි....

ඖෂධවේදීන් තම වගකීම හරියට ඉටු නොකරන්නේ නම් සහ ඒ සඳහා ඔවුන්ගේ හඬ අවදි නොකරන්නේ නම්, කූට වෙළඳුන් ඊට මැදිහත්ව කටයුතු කොට අවභාවිතය සිදුවීම වැළැක්විය නොහැකි බව ඖෂධවේදීන් තේරුම් ගත යුතුව ඇත...

දෙවනුව මා වරද පටවන්නේ වෛද්‍යවරුන්ටයි...

තම දැනුම නිසි ලෙස භාවිත කරමින්, නිවැරදිව ක්‍රියාකරමින් රෝගීන් සහ සමාජය දැනුවත් කිරීම වෛද්‍යවරුන්ගේ වගකීමයි....

තෙවනුව මා වරද පටවන්නේ නිසි බලධාරීන්ටයි....

ප්‍රතිජීවක ඖෂධ නිවැරදි භාවිතය සඳහා සියලු ම නීති ප්‍රතිපාදන තිබියදීත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවන ආකාරය ඉතාම පිළිකුල් සහගත ය. ඇතැම් වෛද්‍යවරුන්ගෙන් පටන් ඇතැම් ඖෂධවේදීන් හරහා බොහෝ රෝගීන් දක්වා වූ සෑම දෙනම මේ අවභාවිතාවේ යෙදෙනවා කීවොත් මා නිවැරදි ය.
බොහෝවිට මේ සියල්ල හමුවේ බලධාරීන් ද නිහඬ ය.

අවසන මා වරද පටවන්නේ සාමාන්‍ය සමාජයේ ඔබටයි....

ඔබ ගැන සහ ඔබගේ ආදරණීයයන් ගැන ඔබ මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි...මන්දයත් හානිය සිදුවන්නේ වෛද්‍යවරුන්ට, ඖෂධවේදීන්ට හෝ වෙළදුන්ට නොව ඔබට හෝ ඔබේ ආදරණීයන්ටයි...

මේ තත්වයෙන් මිදීමට නම්
ජනතාව දැනුවත් කිරීමෙන් පටන්ගෙන නිවැරදි පරිහරණයට තමන්ද යොමුවී දැනට පවතින නීති ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම ඇරඹීම වෞද්‍යවරුන් සහ ඖෂධවේදීන්ගේ මෙන්ම නිසි බලධාරීන්ගේ වගකීම වේ.

නමුත් තමා සහ තම ආදරණීයයන්ගේ ජීවිත ගැන වගකීම තමා සතුවේ. එබැවින් වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධවේදීන් හෝ ඖෂධ වෙළඳසැල් කරා ගොස් ප්‍රතිජීවක ඖෂධ ඉල්ලා සිටීමෙන් වලකින්න...

-- ප්‍රසාද් ජයසූරිය
(ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඖෂධවේදී - ලි.ප්.අ. 4729)

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

No: 14, 3rd Mile Post , Ampitiya
Kandy

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00