information for your health

information for your health

Share

medicine and treatment

20/12/2025

ආපදා සහන මුදල් ලබා ගැනීමේ දී කල්පනාකාරීව කටයුතු කරන්න - මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

ආපදාවෙන් පීඩාවට පත්වූවන් හට රජයෙන් ලබා දෙන සහනාධාර මුදල් මෙන්ම බැංකු ණය ලබා ගැනීමේදී ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුය.

ඒ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (20) මහනුවරදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එම ණය මුදල් මෙන්ම සහනාධාරද කළමනාකරණය කර ගැනීම මහජනතාවගේ යුතුකමක් ය.

මෙම ආපදා තත්ත්වයේදී සහනාධාර ලෙස විශාල මුදලක් ආපදාවට පත්වූවන් වෙනුවෙන් වෙන් කර ඇත.

ඒ අනුව පුරවැසියන් ලෙස එම සහනාධාර මුදල් ලබා ගැනීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගැනීමේ වගකීමක් සියලු පාර්ශ්ව සතුව පැවතිය යුතු බව ඒ මහතා පැවසීය.

ඒ අනුව තවත් එවැනි සහනාධාර අවැසි පාර්ශ්වයන් වෙත එම මුදල් නිසි කළමනාකරණයක් යටතේ ලබා දීමේ හැකියාව රජයට පවතින බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ලබාගන්නා සහනාධාර මුදල් ද නිසි කළමනාකරණයක් සහිතව භාවිත කළ යුතු බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.

ඒ අනුව ලබා දෙන සහන ණය පවා තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය පරිදි අවශ්‍ය ප්‍රමාණයෙන් පමණක් ලබා ගැනීමෙන් තමන් ණය අර්බුදයකට ගොදුරු නොවන බව මහ බැකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
vigasa.lk

20/12/2025

සුළි කුණාටුවෙන් හානි වූ නිවාස 17,648කට මාස තුනක් 50,000 බැගින් ලබා දෙයි

ආපදාවෙන් හානි වූ මුළු නිවාස 17,648ක් සඳහා මාස තුනකට රු 50,000 බැගින් ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (දෙසැ. 19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පූර්ණ නිවාස හානි 6,282ක්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවසර ලබා නොදෙන අර්ධ හානි වූ නිවාස 4,543ක්, කිසිදු හානියක් නොවූ NBRO අවසර ලබා නොදෙන නිවාස 6,877ක් ඇති බව ද ජනාධිපතිවරයා කීය.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රු. බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම මගින් ජනතාවට හිමිවන සහන පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපේක්ෂා කළේ, ඩොලරයේ අගය නොවෙනස්ව පවත්වා ගැනීමට බව ද පැවසූ ජනාධිපතිවරයා 2026 සැලසුමේ තිබූ ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 500ක් අලුතින් උපයාගැනීම තුළින් ඩොලරයට එන බලපෑම වළක්වා ගත හැකි බව ද කීය.

හදිසි ආපදා තත්ත්වය පහව යෑමෙන් පසුව ආපදාවට ලක්වූ පවුල්වලට නිවාස පිරිසුදු කරගැනීමට රුපියල් 25,000ක් ලබා දීම, නිවාසට හානි වූ හෝ නිවසේ ගෘහ භාණ්ඩවලට හානි වූ නිවාස සඳහා මූලික උපකරණ ලබාගැනීම සඳහා රු 50,000ක් ලබා දීම එම සහන පැකේජයට අදාළ වේ.

vigasa.lk

16/12/2025

අද දිනය අවසන් වනවිට කොළඹ කොටස් වෙලඳපල ඒකක 38.48 - 0.17% කින් අදිප්‍රමානය වී ඇත S&P SL20 INDEX 18.82 - 0.31% අදි ප්‍රමානය වී ඇත

13/12/2025
13/12/2025
09/12/2025
09/12/2025
08/12/2025
08/12/2025
08/12/2025
Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

185 Bulumulla Road
Kandy