Happy Pill - Daily Dose
Positive Vibes that we need in this world
10/01/2026
ඔබ සොයනා හොද ඔබම වන්න.......
සමහර වෙලාවට අපි හිතනවා අපිට විතරයි හොදක් වෙන්නෙ නැත්තෙ...අනික් අයට හොද දේවල්ම වෙනවා කියලා.ඔව් ......"ඒ මේ ලෝකයට අවශ්‍ය හොදම දේ ඔබ නිසා විය හැකියි"
- තවත් කෙනෙක්ගෙ හිතේ ප්‍රශ්නයක් අහන්න
- පුලුවන් විදියට අසරන කෙනෙක්ට උදව් කරන්න
- අසරන සතෙක්ට ආදරය දෙන්න
- ගෙදර අයට රස කෑමක් හදලා දෙන්න
- තමන් දන්න දෙයක් තව කෙනෙක්ට කියලා දෙන්න
මේ වගේ දේවල් ලෝකයට දෙන්න ඔබ මේ ලෝකයට ඇවිත් ඇති......😍😍❤
31/12/2025
⭕අලුත් අවුරුද්දෙ අලුත් කණ්නාඩියකින් බලමුද?
අපි ගමනක් යද්දි කණ්නාඩියෙන් බලලා තමන්ගෙ රූපය ගැන තමන්ම සෑහීමකට පත්වෙලානෙ ගොඩක් වෙලාවට යන්නෙ. හැබැයි ඇතුලාන්තයෙන් තමන්ට තමන් පේන විදිය ගැන අපි හිතන්නෙම නෑනෙ.
හැමවෙලේම අපි හිතන්නෙ මං මෙහෙම කරොත් අරයා මෙහෙම හිතයි, මං මෙහෙම කීවොත් මෙහෙම වෙයි, මේක කරොත් නම් අරගොල්ලො හිනාවෙයි වගේ දේවල්නෙ.ඕක අඩු වැඩි වශයෙන් අපි හැමෝම කරන දෙයක්.
අනුන් ගැන නොහිතා අපි අපිට ඕනි දෙයක් කරන්න ඇත්තටම බය වෙන්න ඕනිද ? බය වෙන්න ඕනි අපි නීති විරෝධී දෙයක් කරනවා නම්නෙ. ඇත්තටම වැදගත් දේ අපි අපිව දකින විදිය නේද ?
තමන්ට තමන් ගැන තෘප්තිමත් නම්, තමන්ගෙ හෘද සාක්ශිය අනුව තමන් වරදක් නොකරනවා නම් අපි ඇයි තව කෙනෙක්ට ඕනි විදියට ජීවත් වෙන්නෙ ?
-කෙනෙක් ඔයාව ඔයාගෙ රස්සාව අනුව තක්සේරු කරයි.
- තව කෙනෙක් ඔයාගෙ අම්මා තාත්තා අනුව ඔයාව තක්සේරු කරයි.
-සමහරු ඔයාගෙ යාලුවො අනුව ඔයාව තක්සේරු කරයි.
-තවත් පිරිසක් ඔයා ගිය ඉස්කෝලෙ අනුව ඔයාව තක්සේරු කරයි.
-කෙනෙක් ඔයාගෙ වාහනේ අනුව ඔයාව තක්සේරු කරයි.
ඒත් ඒ හැම තක්සේරුවක්ම ඔයා දන්න ඔයාට වඩා වෙනස් නේද?
2026 අලුත් අවුරුද්දකට යන මේ වෙලාවෙ අපි හිතාගමු අපි අපිවම දකින්න....මොකද අපි අපිවම දකින විදිය අනුව තමයි අපේ ජීවිතේ අනාගතේ තීරනය වෙන්නෙ. පුලුවන් හැමවෙලේම පොසිටිව් විදියට හිතන්න.....එතකොට මේ ලබන අවුරුද්ද ඔයාටත් මටත් සුභම සුභ වෙයි....🎉️❤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
20200