T & N vibes
Thenuka & Niwarthana moments
🤍🐼 @ m
27/03/2026
Educated couple එකක් කියන්නේ වෙනම level එකක්...
ඇයි දන්නවද මං එහෙම කියන්නේ
අද ගොඩක් සම්බන්ධකම් ඇතුලේ ප්‍රශ්න වෙන්න බලපාන ලොකුම හේතුවක් තමයි මේ උගත්කම..
කොල්ලා උපධිදාරියෙක් වෙලා කෙල්ල නිකම් හිටියොත් එතන ඇති වෙන්නේ මොකක්ද? කොල්ලා රස්සාවක් කරලා දෙන දෙයින් කාලා ඇදලා ඉදම් තමන්ගේ ආසාවල් සීමා කරන් එයාගෙන් යැපෙන්න.. එයාගේ යාලුවොන්ට කෙල්ලව අදුන්නලා දෙන්න කොල්ලට මදි පුංචි කමක් දැනෙනවා ඒවා පිටතින් බලන තරම් සරල නැහැ ඒ දෙයින් සමහර විට ඒ විවාහය පවා දෙදරා යන්න පුළුවන්
ඒ වගේම තමා කෙල්ල උපාධිදාරියෙක් වෙලා කොල්ලා නිකම් සල්ලි හොයන්න ඕනේ හින්දා පොඩි job එකක් කරොත් හොද උසස් රැකියාවක් නොකරොත් මොකද වෙන්නේ ... කොල්ලා හොදට ඉගෙන ගෙන කෙල්ල ඉගෙන නොගෙන සාමාන්‍ය විදියට ජීවත් වෙන සම්බන්ධයකට වඩා වෙනස් දැඩි ඝට්ටනයක් ඇති වෙනවා මේ කෙල්ල උගත් උන කොල්ලා සාමාන්‍ය තත්වෙක ඉන්න සම්බන්ධයක් ඇතුලේ....
සැක කරන්න අඩු හීන මාන ඇතිවෙන්න පටන් ගන්නේ මේ දුරස්ථභාවය හින්දා.. කෙල්ල මොන දේ කරත් එයාගේ තත්වේ යාලුවෝ ආශ්‍රය කරන්න ගත්තාම කොල්ලට ඒක අපහසුවක් වගේ දැනෙන්න ගන්නවා .. කොල්ලා උගත් උන සම්බන්ධයක් ඇතුලෙත් වෙන්නේ මේ දේමයි..
. කෙල්ල campus ගියාම කොල්ලට campus යන්න බැරි උනාම සාමාන්‍යයෙන් වෙන්නේ මොකක්ද ... කෙල්ල වෙනස් වෙනවා වෙන කෙනෙක් හොයාගන්න කියලා කොල්ලා හිතකින් නොවුනත් කියන්න ගන්නවා ඒ ආදර කතාව එතනින් නවතිනවා.. ඇත්තටම එහෙමද වෙන්න ඕනේ අද කාලේ campus ... කියන්නේ එකම option එකද තමන්ගේ education side එක හදාගන්න .. තමන්ගේ path එකට ගැලපෙන තමන් ආස දේකින් ඕනම දෙයක් කරන්න අද හැකියාවක් තියෙනවා...
ඒකට දෙන්නාගෙම උවමනාව ඕනේ එක්කෙනෙක්ට හරිගියාම අනිත් කෙනා අතාරින එකද ආදරය කියන්නේ ... ඒ කෙනා හිතින් වැටෙන්න නොදී එයාවත් හරි තැනකට ගන්න උත්සාහ කරන එක ඒ දුරස්ථභාවය නොදැනෙන්න වැඩ කරන එක ... මේ වගේ හොද තීරණයක් අරම් ජීවීතේ තමන්ගේ ආදරේ රැකගන්න අතලොස්සක් තාමත් මේ සමාජේ ඉන්නවා ... ය
හිතන්න මොන දේ උනත් ගලපගන ඉස්සරහට යන ආදර කතා කොච්චර නම් සුන්දරද ඒවා ඇතුලේ කතා කරන්න පුළුවන් සතුටු වෙන්න පුළුවන් කැපකිරීම් කොච්චර නම් තියෙනවද .. මේක තනියෙන් එක්කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවේ තමන්ගේ ආදරේ කිසිම වෙනසක් නොදැනෙන්න පරිස්සම් කරගන්න නම් මේ උගත්කම හින්දා ඇති වෙන වෙනස නැති කරන්නම ඕනේ..
අද කාලේ ගොඩාක් පවුල් ඇතුලේ සීතල යුද්ධයක් වගේ හිමීට ඇති වෙන මේ නොගැලපීම කවදා හරි නවතින්නේ උසාවියේ නඩු තීන්දුනකින්
ඉතින් ඒ දේ තීරණය කරන්න පුළුවන් ඒ ආදරේ කරන දෙන්නටමයි .. නොගැලපීම් ගලපගෙන ආදරේ පරිස්සම් කරගන්න .. අනිත් කෙනාගේ හීන වලට යන්න උදව් කරන්න ඒක තමා සැබෑ ආදරය කියන්නේ.. උගත්කම හින්දා ඇති වෙන මේ සැකය නම් වරදකාරී හැගීම නැති කර ගන්න නම් අපි දෙන්නට දෙන්නා තේරුම් අරන් එකිනෙකාගේ හීන වලට උදව් කරන්න ඕනේ...
දෙන්නම දවසක එකතු වෙලා තැනකට ඇවිල්ලා ආපස්සට හැරිලා බලන කොට දැනෙන ඒ සතුට ලබන්න නම් අපි වැටෙන තැනදි දෙන්නා එක්කම එකතු වෙලා හරි තීරණ ගන්න ඔනේ .. මොකද උගත්කම කියන්නේ අපි නොහිතනවට වඩා අපේ ජීවිත වලට බලපෑම් කරන්න පුළුවන් දෙයක් ...
මේ ලෝකේ බලපොහොසත්කම්, සල්ලිකාරකම් , ලස්සන රෑපයක් තිබ්බත් , අත පය නැති උනත් , අවලස්සන උනත් , දුප්පත් උනත් ඒ හැමදේම උගත්කමට යටයි Independent මනුස්සයෙක් විදියට සමාජයේ කොන්ද කෙලින් තියම් ජීවත් වෙන්න නම් ඉගෙන ... ගන්න ඒක කවදාවත් අපතේ යන් නෑ..
ජීවිතේ ඔයාට ඕනම තැනකදී ඔයාගේ හෙවනැල්ල වගේ උගත්කමත් ඔයා එක්කම රැදේවී...
ආදරය ඇතුලේ උගත්කම හින්දා ඇතිවෙන පුංචි පුංචි මදිපාඩුකම් හදන් ආදරේ කරන්න ... බැදීමක් ඇතුලේ තියෙන්න ඕනේ නිදහසට කිසිම දෙයක් බාධාවක් කරගන්න එපා...
මොකද ආදරය කියන්නේ විදින්න ඕනේ දෙයක් මිස විදවන්න ඕනේ දෙයක් නොවන නිසා ...
🐼🤍 Ranjula 🐼🤍
🐼
එන්න අපිත් එක්ක දැන් Viral Ice Cream එක Try කරමු 🤍🐼 Thenuka Ranjula T & N vibes Niwarthana Withanage &Niwa
ජිවිතේ හරි අහම්බෙන් වගේ මුණ ගැහුණු අපි දෙන්නා අද වෙද්දි ගොඩාක් දුර හරි ලස්සන ගමනක් ආවා . මේ වෙනකන් අපි දෙන්නට දෙන්නා ඇස් දෙකට නොදැක්කට අපි දෙන්නා පුදුමාකාර විදියට මේ බැදිම හරි ලස්සනට අපි ඉස්සරහට අරන් ගියා . මේ වෙනකන් අපි දෙන්නට වුන හැම ප්‍රශ්නකදිම අපි අපිව අල්ලන් හිටියා පණ , මං වැටුණු හැම තැනකදිම ඔයා හරි ලස්සනට මාව ඒ වැටුණු තැනින්ම ඉස්සරහට අරන් ගියා හරියට තාත්තෙක් තමන්ගේ දුවව බලා ගන්නවා වගේ, කොච්චර දුර හිටියත් ඔයා මට ඒ අඩුව කිසිම තැනක දැනෙන්න දුන්නේ නැහැ , අපි අපිට ගොඩාක් ආදරේ කලා,විශ්වාස කලා,අදින් පස්සේ ඔයා මගේ පෙන මානේ ඉදිවි , මං හරි ආදරෙයි රත්තරන් , ජිවිතේ මට මුණගැහුණු හොදම හමුවිම ඔයා පණ T & N vibes Thenuka Ranjula
Category
Address
Kelaniya
11600