Ayurvahi by Dr. Ahinnsa Welarathne
Ayurvahi by Dr Ahinnsa Welarathne (Wadduwage Weda Gedara).7th generation Ayurveda physician frm a traditional healing family.
General Ayurveda Physician |Snake Bite (spl)| Diploma in Panchakarma. Personalized treatments for all diseases body, mind & soul
26/02/2026
Official Announcement – AYURVAHI
Dear friends and well-wishers,
To serve you better and to continue sharing authentic Ayurvedic knowledge with a focused Sri Lankan audience, we have officially moved to a new page.
This new page will be the only active and official platform for:
Ayurvedic health education
Clinic updates
Patient awareness posts
AYURVAHI announcements
We kindly invite you to follow and support our official page here:
https://www.facebook.com/share/18AoNWGbEB/
Your trust and support mean a great deal to us as we continue our journey toward complete well-being, naturally.
With respect,
Dr. Ahinnsa Welarathne
AYURVAHI – Your path to complete well-being, naturally
Ayurvahi by Dr Ahinnsa Welarathne Ayurvahi by Dr Ahinnsa Welarathne(වාද්දුවගේ වෙද ගෙදර)|7th generation Ayurveda physician from a traditional healing family. General Ayurveda Physician |Snake Bite (spl)| Diploma in Panchakarma. Personalized treatments for all diseases body, mind & soul.
⚠️ ඔබේ දරුවාගේ උරහිස් දෙක සමානද?
⚠️ කොන්ද සෘජුව පෙනෙනවාද — නැත්නම් පැත්තකට වක්‍ර වෙලාද?
බොහෝ අවස්ථාවල පැතිකුදය (Scoliosis) මුල් අවධියේ වේදනාවක් නොදේ.
එබැවින් එය නොදැනී වර්ධනය විය හැක.
පැතිකුදය (Scoliosis) යනු කුමක්ද?
Scoliosis යනු කොඳු ඇට පෙළ පැත්තකට අසමාන ලෙස වක්‍ර වීමයි.
වෛද්‍ය විද්‍යානුසාරයෙන් පැති වක්‍රය 10° හෝ ඊට වැඩි වූ විට එය පැතිකුදය ලෙස සලකයි.
බහුල වශයෙන්:
වයස 10–14 අතර
වර්ධන වේගය ඉහළ යන කාලයේ
ගැහැණු ළමුන් අතර
දරුණු වක්‍ර වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පෙනේ.
ආයුර්වේද දෘෂ්ටි කෝණයෙන් විග්‍රහය
ආයුර්වේදය අනුව කොඳු ඇට පෙළ අයත් වන්නේ:
අස්ථි ධාතුව
මජ්ජා ධාතුව
පැතිකුදයේ මූල හේතු ලෙස සලකා බැලෙන්නේ:
වාත දෝෂ ප්‍රකෝපය
අස්ථි ධාතු ක්ෂය
මජ්ජා ධාතු දුර්වලතාව
මාංශ පේශි අසමතුලිතතාව
වාතය “චල” (චලනය) හා “රුක්ෂ” (වියළි) ගුණ සහිත බැවින්,
එය සන්ධි සහ අස්ථි තුළ අසමතුලිත වක්‍රතාව ඇති කිරීමට හැකියාව ඇත.
වාතය උද්දීපනය වීමට හේතු:
දිගුකාලීන වැරදි ඉරියව්
අධික බර ඉසිලීම
එක් පැත්තක බර රැගෙන යාම
අනතුරු
ජානමය ස්වභාවය
වර්ධන අවධියේ ධාතු දුර්වලතාව
පැතිකුදයේ වර්ග
1. ව්‍යුහාත්මක (Structural)
Idiopathic
Congenital
Neuromuscular
Degenerative
2. ව්‍යුහාත්මක නොවන (Functional)
සෑම වර්ගයකම වක්‍රයේ ස්වභාවය, ප්‍රගතිය හා ප්‍රතිකාරය වෙනස් වේ.
මුල් ලක්ෂණ හඳුනාගන්න
උරහිස් උස අසමාන වීම
උකුල් මට්ටම වෙනස් වීම
ඉළ ඇට පැත්තකට මතු වීම
හිස මධ්‍ය රේඛාවෙන් බැහැලා පෙනීම
දිගුකාලීන පිටුපස වේදනාව
දරුණු අවස්ථාවල හුස්ම ගැනීමේ අපහසුතා
⚠️ සංකූලතා
දරුණු වක්‍රතාවයේදී:
ඉළ ඇට කූඩුව ඇඹරී
හෘදය හා පෙනහළු පීඩනයට ලක් විය හැක
ශාරීරික පෙනුමේ වෙනස්කම් නිසා:
මානසික ආතතිය
ආත්මවිශ්වාස හිඟය
ද ඇතිවිය හැක.
වක්‍ර මැනීම
වෛද්‍ය විද්‍යානුසාරයෙන් වක්‍රයේ ප්‍රමාණය මැනීමට Cobb angle ක්‍රමය භාවිතා කරයි.
ආයුර්වේද කළමනාකරණය
ප්‍රතිකාරයේ අරමුණ:
වාත සමනය
අස්ථි–මජ්ජා ධාතු පෝෂණය
මාංශ පේශි සම්‍යතාවය
සන්ධි ස්ථායිභාවය
අභ්‍යන්තර ඖෂධ
කෂාය
ගුලි
කල්ක
ලේහ
තෛල
බාහිර ප්‍රතිකාර
තෛලාභ්‍යංග
පිණ්ඩ ස්වේද
වාලුකා ස්වේද
කටී වස්ති
ග්‍රීවා වස්ති
පිචු
තැවිලි පොට්ටනි
ප්‍රතිකාර රෝගියාගේ:
වයස
Cobb angle මට්ටම
වාත ප්‍රකෘතිය
ධාතු තත්ත්වය
අනුව විශේෂයෙන් සැලසුම් කළ යුතුය.
වැදගත් කරුණක්
කුඩා වයසේදී හඳුනාගෙන නිවැරදි කළමනාකරණය කළහොත්:
වක්‍ර වර්ධනය මන්දගාමී කළ හැක
සංකූලතා අවම කළ හැක
ශල්‍යකර්ම අවශ්‍යතාවය ද අඩු කළ හැක
කොඳු ඇට පෙළ ශරීරයේ මධ්‍ය ස්ථම්භයයි.
එය රැකගැනීම වාත සම්‍යතාව රැකගැනීමයි.
AYURVAHI – Your path to complete well-being, naturally
✍️Dr. Ahinnsa Welarathne
කොඳු ඇට පෙළ ස්නායු තෙරපීම ආයුර්වේද දැක්ම
AYURVAHI | Dr. Ahinnsa Welarathne
කොඳු ඇට පෙළ ස්නායු තෙරපීම කශේරුකාවේ විවිධ ප්‍රදේශ වලදී සිදුවිය හැක: Cervical Spine, Thoracic Spine, Lumbar Spine...
ආයුර්වේදයට අනුව වාත දෝෂය අසමතුලිත වී, Snayu (ස්නායු) සහ Mamsa (පේශී) දුර්වල වීමෙන් ඇතිවන වේදනාවකි.
මෙම ස්නායු තෙරපීම ඇති ස්ථානය අනුව වර්තමාන වෛද්‍ය නාමයන් මෙසේ වේ:
Cervical Spine → Cervical Radiculopathy ග්‍රීවා කශේරැකා ස්නායු තෙරපීම
Thoracic Spine → Thoracic Radiculopathy පෘෂ්ඨික කශේරැකා ස්නායු තෙරපීම
Lumbar Spine → Lumbar Radiculopathy / Sciatica ලුම්බිම් කශේරැකා ස්නායු තෙරපීම
දෛනික ජීවන රටාවේ සැලකිලිමත් විය යුතු කරුණු
රෝග පාලනය ඉතා වැදගත් වේ.
ආයුර්වේදය පවසන්නේ: “රෝගී වීමට පෙර නිරෝගී පුද්ගලයා නිරෝගී බව ආරක්ෂා කළ යුතුය.”
බර ඉසිලීම, ඇවිදීම, අසුනක වාඩිවීම, නිදා ගැනීම වැනි දේවල් නිවැරදි ලෙස සිදු කිරීමට අවධානය යොමු කරන්න.
දිගු කාලයක් එකම ආකාරයෙන් වැඩ කිරීමෙන් වාත දෝෂය අසමතුලිත වීම සහ ස්නායු ශක්ති අඩුවීම ඇතිවිය හැක.
ශරීර බර පාලනය කිරීම, සමබර ආහාර වේල, විවේක සහ සුමට ව්‍යායාම ඉතා වැදගත් වේ.
දෛනික ව්‍යායාම – ඇවිදීම, පිහිනීම, හා විශේෂිත යෝග ආසන (Pawanmuktasana, Bhujangasana) – ස්නායු ශක්තිමත් කිරීම සඳහා උපකාරී වේ.
ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම
ප්‍රතිකාරය රෝගියාගේ ලක්ෂණ සහ දෝෂ අනුව වෙනස් වේ.
වෙනත් කෙනෙකුගේ ආයුර්වේද ඖෂධ හෝ තෙල් හිතුමතේ භාවිතා නොකළ යුතුය.
අභ්‍යංග (Oil massage ), පංචකර්ම, කෂාය (Herbal decoctions) – වාත ශමනය කිරීම, ස්නායු ශක්තිමත් කිරීම, මාංශ පේශි හා මෘදු පටක (soft tissues) සුව කිරීම සඳහා.
යෝග ව්‍යායාම – විශේෂිත stretching poses, ස්නායු ආතතිය අඩු කිරීම සඳහා.
තෙල් ආලේපය වෛද්‍ය උපදෙස් අනුව පමණක් කරන්න. සෑම තෙල් වර්ගයක්ම වේදනාව සඳහා ගුණදායක නොවේ.
නවීන වෛද්‍ය පරීක්ෂණ.
CT scan, MRI මඟින් හඳුනාගත හැක.
ඔබට මේ තත්ත්වයෙන් පීඩා විඳියි නම් සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී, නිරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාගන්න.
ඔබේ වේදනාව cervical, thoracic, lumbar region වලින් ආරම්භ වුණාද කියලා ඔබ හඳුනාගත්තාද?
ඔබේ අත්දැකීම් comment කරන්න.
✍️Dr. Ahinnsa Welarathne
#ස්නායුගතවාත
දිනචර්යාවේ වැරදි නිසා ඉක්මනින් වයසට යාම
AYURVAHI | Dr. Ahinnsa Welarathne
අප බොහෝ දෙනා “වයසට යාම” යන්න වයස වැඩිවීමක් ලෙස සිතනවා.
නමුත් ආයුර්වේදය අනුව —
වයසට යාම යනු ධාතු ක්ෂයය සහ ඔජස් අඩුවීම වේගවත් වීමයි.
අද කාලයේ තරුණ වයසින්ම:
හිසකෙස් සුදු වීම
මුහුණේ රැලි
ශක්ති අඩුව
මනෝඅවස්ථා අස්ථිර වීම
ලිංගික ශක්ති අඩුව
මෙවැනි තත්ත්ව බහුලව දැකිය හැක.
ඒකට ප්‍රධාන හේතුව —
අපගේ දිනචර්යා විනාශ වීමයි.
ඉක්මන් වයසට යාමට හේතු වන දිනචර්යා වැරදි
1. රාත්‍රී 11 – 12 පසු නිදාගැනීම
2. උදේ ප්‍රමාදව අවදි වීම
3. උදේ ආහාරය මඟ හැරීම
4. අධික තිර භාවිතය (mobile / laptop)
5. නිසි ලෙස ආහාර ජීර්ණ නොවීම
6. දිගු කාලීන මානසික ආතතිය
ආයුර්වේද දෘෂ්ටියෙන්
අනියමිත නින්ද සහ ආහාර පද්ධතිය:
> වාත දෝෂය ප්‍රකෝප කරයි
> අග්නි දුර්වල කරයි
> ආම සංකලනය කරයි
> රස → රක්ත → මාංස → ශුක්‍ර දක්වා ධාතු පෝෂණය අඩු කරයි
අවසානයේ —
ඔජස් අඩුවීම සිදු වේ.
ඔජස් අඩුවීම =
ප්‍රභා අඩුවීම + ප්‍රතිශක්ති අඩුවීම + වයසට යාම වේගවත් වීම
දිනචර්‍යාව නිවැරදි කිරීම
1. රාත්‍රී 10 ට පෙර නිදාගන්න
2. උදේ 5–6 අතර අවදි වන්න
3. උණු ජලය පානය
4. නිසි විරේචන ක්‍රියාව
5. සරල, උණුසුම් ආහාර
6. දිනපතා මද ව්‍යායාම
7. සන්සුන් මනසක්
වයසට යාම නවත්වන්න බැහැ.
නමුත් ඉක්මන් වයසට යාම වැළැක්විය හැක.
ඔබගේ දිනචර්යාව ඔබගේ වයස තීරණය කරයි.
✍️Dr. Ahinnsa Welarathne
#
අල්සරේටිව් කොලයිටිස් යනු මහා බඩවැලේ (Colon) සහ ගුද මාර්ගයේ ඇතුළු ශ්ලේෂ්මල පටලයේ දීර්ඝකාලීන ප්‍රදාහය සහ තුවාල ඇති කරන රෝගී තත්ත්වයකි. මෙය “ප්‍රදාහජනක බඩවැල් රෝග” (Inflammatory Bowel Disease – IBD) ගණයට අයත් වේ.
මෙය සාමාන්‍ය පාචන ගැටළුවක් නොව, දිගුකාලීන වශයෙන් ශරීරය සහ මනස දෙකම බලපාන රෝගයකි. ඒ නිසා නිසි අවබෝධය සහ නිවැරදි ප්‍රතිකාර අත්‍යවශ්‍ය වේ.
ප්‍රධාන රෝග ලක්ෂණ:
රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි අතර, සමහර කාලවල උත්සන්නව (flare-up) පෙන්වයි.
1. ලේ සහිත පාචනය – මළපහ සමඟ රුධිරය හෝ සෙම පිටවීම
2. බඩේ කැක්කුම – විශේෂයෙන් මළපහ කිරීමට පෙර ඇතිවන වේදනාව
3. Tenesmus – මළපහ කළත් නැවත අවශ්‍යතාවයක් දැනීම
4. අධික තෙහෙට්ටුව සහ දුර්වලතාව
5. බර අඩු වීම, උණ (රෝගය උග්‍ර අවස්ථාවල)
රෝගයට හේතු (Modern View)
විද්‍යාත්මකව නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැති නමුත්,
1. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අසාමාන්‍ය ප්‍රතිචාර
2. ජානමය බලපෑම්
3. ආතතිය සහ ජීවන රටාවේ අසමතුලිතතාව
යන කරුණු සම්බන්ධ වේ.
රෝග හඳුනාගැනීම
වෛද්‍යවරයා විසින් පහත පරීක්ෂණ සිදු කළ හැක:
1. ලේ සහ මළපහ පරීක්ෂණ
2. කොලනොස්කොපි (Colonoscopy)
3. බයොප්සි (Biopsy)
මෙවැනි පරීක්ෂණ මගින් නිශ්චිත තත්ත්වය තහවුරු කරගත හැක.
ආයුර්වේද දෘෂ්ටියෙන්
ආයුර්වේදයට අනුව මෙම රෝගය “රක්තජ අතීසාරය” (Raktaja Atisara) හෝ “ග්‍රහණි” (Grahani) තත්ත්වයන්ට සමාන වේ.
මෙහි මූලික හේතුව ලෙස අධික වූ පිත්ත දෝෂය, දුර්වල වූ අග්නි (ජීර්ණ ශක්තිය) සහ රක්ත දූෂණය සැලකේ.
ඒ නිසා ප්‍රතිකාරයේ අරමුණ වන්නේ:
1. පිත්ත සමනය කිරීම
2. රක්ත ප්‍රසාදනය
3. අග්නි ශක්තිය යථා තත්ත්වයට ගෙන ඒම
4. බඩවැල් ශ්ලේෂ්මල පටලයේ තුවාල සුව කිරීම
ප්‍රධාන ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම
1 දීපන – පාචන චිකිත්සා
ජීර්ණ ශක්තිය සකස් කිරීම මූලික පියවරයි.
2. පිච්ඡා බස්ති (Piccha Basti)
ගුද මාර්ගයෙන් ඖෂධීය දියර ඇතුළු කිරීම මගින් බඩවැල්වල තුවාල සුව කිරීම. මෙය ඉතා සාර්ථක සහ විශේෂිත චිකිත්සාවකි.
3. ශමන චිකිත්සා
කෂාය, ගුලි, චූර්ණ ආදිය මගින් අභ්‍යන්තර දැවිල්ල සහ රක්ත දූෂණය පාලනය කිරීම.
4. අවශ්‍ය අවස්ථාවල පංචකර්ම චිකිත්සා ක්‍රම සලකා බලනු ලැබේ.
නිවසේදී කළ හැකි උපකාරක ක්‍රම (වෛද්‍ය උපදෙස් මත)
1. ඉදුණු හෝ අමු බෙලි ගැට යුෂ (මුදවපු කිරි සමඟ)
2. මුදවපු කිරි / තක්කලි (Buttermilk) – හිතකර බැක්ටීරියා වර්ධනයට
3. දෙළුම් යුෂ – රක්ත ස්ථාපනයට සහ පිත්ත සමනයට
4. සැහැල්ලු කැඳ වර්ග – පොල්කිරි රහිතව
⚠️ වළක්වා ගත යුතු දේ
අධික සැර, මිරිස්, අබ, අච්චාරු
රතු මස්
මත්පැන්, දුම්පානය
අධික මානසික ආතතිය
* යෝග, භාවනා, සහ නිවැරදි දිනචර්යා පිළිපැදීම රෝග පාලනයට අත්‍යවශ්‍ය වේ.
මතක තබා ගන්න
මෙය දිගුකාලීන රෝගයක් වුවත්, නිවැරදි ආහාර රටාව, මානසික සමාධිය සහ සුදුසු ආයුර්වේද ප්‍රතිකාර මගින් රෝග ලක්ෂණ සාර්ථකව පාලනය කළ හැක.
AYURVAHI –
Your path to complete well-being, naturally.
✍️ Dr. Ahinnsa Welarathne
#ආයුර්වේද #ග්‍රහණි #රක්තජඅතීසාරය
වර්තමානයේ බොහෝ දෙනෙකු අතර දක්නට ලැබෙන බෙල්ලේ සිට අත දිගේ විහිදෙන වේදනාව, හිරිවැටීම සහ දුර්වලතාවය සඳහා ප්‍රධාන හේතුවක් වන්නේ Cervical Radiculopathy යන තත්ත්වයයි.
මෙය සරලව කියනවා නම් –
👉 බෙල්ලේ (Cervical spine) කශේරුකා අතරින් පිටවන ස්නායු මූල (nerve root) මත පීඩනයක් ඇතිවීම.
නවීන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම.
අපේ බෙල්ලේ කශේරුකා 7ක් (C1–C7) පවතී. මේවා අතර ඇති intervertebral discs සහ අස්ථි වටා ඇති සන්ධි ව්‍යුහයන් කාලයත් සමඟ වෙනස් වීම හෝ ආබාධයකට ලක් වීම නිසා ස්නායු පිටවන foramen පටු විය හැක.
ප්‍රධාන හේතු
1. වයසත් සමඟ ඇතිවන වෙනස්කම් – Cervical Spondylosis
වයසත් සමඟ:
Disc dehydration
Disc height අඩුවීම
Osteophytes (bone spurs) ඇතිවීම
මෙවැනි වෙනස්කම් ස්නායු මත mechanical compression එකක් ඇති කරයි.
2. Herniated Disc
Disc එකක annulus fibrosus බිඳී nucleus pulposus පිටතට නෙරා එමින් ස්නායු මූලය මත පීඩනයක් ඇති කිරීම.
3. වැරදි ඉරියව් (Text Neck Syndrome)
පැය ගණනාවක් ජංගම දුරකථනය දෙස පහළට නමා බැලීමෙන් cervical spine මත 20–30kg පමණ වැඩි බරක් යෙදෙන බව අධ්‍යයනවලින් පෙන්වා දී ඇත.
4. Whiplash Injury
Whiplash injury – වාහන අනතුරු වලදී බෙල්ල ඉදිරි–පසු අධික වේගයෙන් ගැටීමෙන් ligament, muscle හා disc වලට හානි සිදුවීම.
ආයුර්වේද දෘෂ්ටියෙන් විශ්ලේෂණය
මෙම තත්ත්වය ආයුර්වේදයේ "ග්‍රීවා ගත වාත" (Greeva Gata Vata) ලෙස විස්තර කළ හැක.
Samprapti(රෝගය ඇතිවීම)
අධික වාත ප්‍රකෝපක හේතු (අධික වැඩ, අධික සිත, නින්ද අඩුව, වියළි ආහාර)
අස්ථි හා මජ්ජා ධාතු ක්ෂය (Asthi–Majja dhatu kshaya)
සන්ධි ශුෂ්කභාවය
ස්නායු මාර්ග සංකෝචනය
වාත දෝෂය වායු සහ ආකාශ මහභූත වලින් යුක්ත බැවින්, එය ශුෂ්ක, ලඝු, චල ගුණ සහිතය.
Disc degeneration = Vata vriddhi + Dhatu kshaya ලෙස සම්බන්ධ කර විස්තර කළ හැක.
එබැවින් මෙය සරලව "nerve compression" එකක් පමණක් නොව
Degenerative + Vata aggravation syndrome එකක් ලෙස ද දැකිය හැක.
රෝග ලක්ෂණ
1.වේදනාව
බෙල්ලෙන් ආරම්භ වී උරහිස, බාහුව, ඇඟිලි දක්වා විහිදෙන වේදනාව
විදුලි සැරයක් වැනි shooting pain
හිස හැරවීමේදී වැඩිවීම
2. හිරිවැටීම (Numbness / Tingling)
Dermatomal pattern එකකට අනුව fingers වල වෙනස් වීම
"Pins and needles" දැනීම
3. මාංශ පේශි දුර්වලතාව
Myotome pattern අනුව muscle weakness
Grip strength අඩුවීම
4. අනෙකුත්
Occipital headache
Limited neck mobility
දුර්ලභ අවස්ථාවල balance issues
ආයුර්වේද චිකිත්සා මූලධර්ම
මෙහි ප්‍රධාන ඉලක්ක 3කි:
1.වාත ශමනය
2. ස්නායු පෝෂණය
3. සන්ධි ස්ථායිකරණය
බාහිර ප්‍රතිකාර
ග්‍රීවා අභ්‍යංග (medicated oil massage)
නස්‍ය කර්ම
පත්‍ර පොට්ටලී ස්වේද
ග්‍රීවා බස්ති
කටි බස්ති (ඇඳී ඇති spinal imbalance තිබේ නම්)
අභ්‍යන්තර ප්‍රතිකාර
වාත ශමන ඖෂධ
Asthi–majja poshaka යෝග
Rasayana therapy
ජීවන රටා සංශෝධන
නිවැරදි ඉරියව්
ergonomic support
උස කොට්ට වලින් වළකින්න
ප්‍රමාණවත් නින්ද
මානසික ආතතිය පාලනය
⚠️ විශේෂ අවධානය
පහත ලක්ෂණ තිබේ නම් වහාම වෛද්‍ය උපදේශය ලබාගත යුතුය:
අතේ දැඩි දුර්වලතාව
පාලනය නොවන වේදනාව
මල/මුත්‍රා පාලනයේ වෙනස්කම්
දුර්වල ගමන් කිරීම
සාරාංශය
Cervical Radiculopathy යනු
නවීන වෛද්‍ය විද්‍යාත්මකව nerve root compression එකක්
ආයුර්වේදයෙන් Greeva Gata Vata තත්ත්වයක් ලෙස විස්තර කළ හැකිය.
එය හඳුනාගෙන, නිවැරදි චිකිත්සා සහ ජීවන රටා සංශෝධන සමඟ ප්‍රතිකාර කළහොත්, සම්පූර්ණ සුවය ලබාගත හැක.
✍️Dr. Ahinnsa Welarathne
#ස්නායුගතවාත
ග්ලූටියස් (තට්ටම්) ප්‍රදේශයේ වේදනාව කියන්නේ සරල මස්පිඩු ඇදීමක් වශයෙන් පටන්ගෙන ස්නායු සම්බන්ධ ගැටලු දක්වා විහිදෙන ලක්ෂණයකි. නමුත් ආයුර්වේද දෘෂ්ටියෙන් බලද්දී මෙය බොහෝවිට වාත දෝෂයේ අසමතුලිතතාවයක් ලෙස දක්නට ලැබේ — විශේෂයෙන් කටිගත වාත, ගෘධ්‍රසී (Gridhrasi), ස්නායුගත වාත වැනි තත්ත්වයන් සමඟ සම්බන්ධ වේ.
මෙවැනි වේදනාවට හේතු විය හැකි ප්‍රධාන තත්ත්ව කිහිපයක් පහතින් සරලව විස්තර කරමි:
1• Piriformis Syndrome
තට්ටම් ප්‍රදේශයේ ගැඹුරින් පිහිටි පිරිෆෝමිස් පේශිය තදවීම හේතුවෙන් ඒ අසලින් ගමන් කරන Sciatic ස්නායුව තෙරපේ.
• වාඩි වී සිටින විට වේදනාව වැඩි වීම
• කකුල දිගේ විහිදෙන ඇදෙන හැඟීම
👉 ආයුර්වේදයෙන් මෙය ස්නායුගත වාත වර්ගයකට අයත් වේ.
2• Sciatica (ගෘධ්‍රසී)
කොන්දේ කශේරුකා අතර ඇති තැටි (discs) ලිස්සා යාම හෝ තෙරපීම නිසා Sciatic ස්නායුව ආසාදනය වීම.
• තට්ටමේ සිට කකුල දිගේ පහළට විහිදෙන වේදනාව
• හිරිවැටීම, දැවීම, හුස්ම ගැසීම වැනි හැඟීම්
👉 ආයුර්වේදයේ ගෘධ්‍රසී රෝග ලක්ෂණ ලෙස හඳුන්වයි.
3• Muscle Strain (පේශි ඇදීම / තුවාල)
අධික ව්‍යායාම, බර ඉසිලීම, වැරදි ඉරියව්, දිගු කාලයක් වාඩි වී සිටීම වැනි හේතු නිසා Gluteus පේශි (Maximus, Medius, Minimus) ඇදීමකට ලක් විය හැක.
• ස්ථානික වේදනාව
• ස්පර්ශයට වේදනාකාරී බව
👉 මෙය මාංසගත වාත තත්ත්වයක් ලෙස දැකිය හැක.
4. Bursitis
උකුල් ඇටය හා පේශි අතර ඇති දියර පිරුණු කුඩා බෑග් (Bursae) ප්‍රදාහයට ලක් වීම.
• ඉදිමීම
• ස්පර්ශයට වේදනාව
• පැත්තකින් නිදාගැනීම අපහසු වීම
👉 ආයුර්වේදයෙන් මෙය ශෝථ සහිත වාත පිත සම්බන්ධ තත්ත්වයක් ලෙස සලකයි.
5. Sacroiliac Joint Dysfunction
කොන්දේ පහළ කෙළවර සහ උකුල් ඇටය සම්බන්ධ වන SI සන්ධියේ ප්‍රදාහය හෝ අසමතුලිතතාව.
• තට්ටම් ප්‍රදේශයේ ගැඹුරු වේදනාව
•දිගු වේලාවක් සිටීම හෝ වාඩිවීම අපහසු වීම
👉මෙය කටිගත වාත සමඟ සම්බන්ධ වේ.
⚠️ ඔබ සැලකිලිමත් විය යුතු ලක්ෂණ
1) වේදනාව සමඟ කකුල් හිරිවැටීමක් තිබේද?
2) දිගු වේලාවක් වාඩි වී සිටීම අපහසුද?
3) වේදනාව කකුල දිගේ පහළට ගමන් කරයිද?
4) උදෑසන හෝ රාත්‍රීයේ වේදනාව වැඩි වේද?
මෙවැනි ලක්ෂණ දිගටම පවතින්නේ නම්, එය සරල මස්පිඩු වේදනාවක් නොව ස්නායු සම්බන්ධ ගැටලුවක් විය හැක.
ආයුර්වේද ප්‍රතිකාරයේදී
* වාත සමනය කිරීම
* ස්නායු පෝෂණය
* ශෝථ නාශනය
* ඉරියව් හා දෛනික චරියාව සංශෝධනය
යන කරුණු මූලික කරගනිමින් පරිපූර්ණව රෝගියා පරීක්ෂා කර ප්‍රතිකාර සැලසුම් කළ යුතුය.
AYURVAHI – Your path to complete well-being, naturally
✍️Dr. Ahinnsa Welarathne
#තුනටියේ_වේදනාව #ගෘධ්‍රසී #කටිගතවාත #ස්නායුගතවාත
Cervical Spondylosis – ගෙල කශේරුකා ගෙවීයාමේ රෝග තත්වය
ගෙල ආශ්‍රිතව දිගුකාලීන වේදනාව, තද ගතිය, අත් දිගේ හිරිවැටීම වැනි ලක්ෂණ පවතින විට, එය සරල “බෙල්ල කැක්කුමක්” ලෙස නොසලකා බැලීම වැදගත්ය.
මෙවැනි අවස්ථාවල බහුලව හඳුනාගන්නා තත්වයක් වන්නේ Cervical spondylosis ය.
Cervical Spondylosis කියන්නේ මොකක්ද?
අපගේ ගෙල කොඳු ඇට (Cervical spine) කශේරුකා 7කින් සමන්විත වේ. ඒවා අතර ඇති intervertebral discs නම් මෘදු තැටි shock absorber ලෙස ක්‍රියා කරයි.
වයසට යාමත් සමඟ:
මෙම discs වල ජල ප්‍රමාණය අඩුවේ
නම්‍යශීලී බව අඩුවේ
උස (disc height) අඩුවේ
අස්ථි අගවල degenerative වෙනස්කම් සිදුවේ
මෙය ස්වභාවික වයස් ගතවීමේ ක්‍රියාවලියේ (aging process) කොටසක් වුවත්, සමහර පුද්ගලයන්ට එය ලක්ෂණ සහිත රෝග තත්වයක් බවට පත්වේ.
රෝගය ඇති වීමට බලපාන ප්‍රධාන හේතු
1. වයසට යාම
ප්‍රධානතම හේතුව මෙයයි. Degenerative changes 40 ඉක්මවූ පිරිස් අතර වැඩිව දක්නට ලැබේ.
2. Bone Spurs (Osteophytes)
Disc degeneration සමඟ සිරුර ස්ථායීභාවය රැකගැනීමට අමතර අස්ථි වර්ධනය කරයි. මේ osteophytes ස්නායු මාර්ග සංකුචිත කර ස්නායු පීඩනය (nerve compression) ඇති කළ හැක.
3. Disc prolapse / bulging
Disc එක පිටතට තල්ලු වීමෙන් spinal cord හෝ nerve roots පීඩනයට ලක්විය හැක.
4. වැරදි ඉරියව් (Poor posture)
දිගු වේලාවක් බෙල්ල නමාගෙන ජංගම දුරකථන භාවිතය (“text neck”), පරිගණක ඉදිරියේ වැරදි Ergonomics — මේවා cervical spine මත අධික යාන්ත්‍රික පීඩනයක් ඇති කරයි.
5. රැකියා ස්වභාවය
බර ඉසිලීම, vibration exposure, හෝ repetitive neck movements.
6. කලින් සිදුවූ අනතුරු
Whiplash injuries හෝ ගෙල ආබාධ පසුකාලීනව degenerative changes වේගවත් කරයි.
7. පරම්පරාගත සාධක
Genetic predisposition ද බලපායි.
8. දුම්පානය
දුම්පානය (Smoking) නිසා disc tissue වලට ලැබෙන පෝෂණය අඩුවී degeneration වේගවත් වේ.
ප්‍රධාන රෝග ලක්ෂණ:
✔️ බෙල්ලේ දිගුකාලීන වේදනාව
✔️ තද ගතිය හා චලනය සීමා වීම
✔️ අත් දිගේ හිරිවැටීම (cervical radiculopathy)
✔️ හිසරදය (occipital region)
✔️ අතේ බලය අඩුවීම
ඉතා දුර්ලභව, කශේරැකා මත පීඩනය (Cervical myelopathy) ඇති වුවහොත්, අත් දෙකම හිරිවැටීම, අත්-පා coordination අඩුවීම වැනි ගැඹුරු ලක්ෂණ දක්නට ලැබේ.
වැදගත් වෛද්‍ය සටහන:
සියලුම බෙල්ලේ වේදනා Cervical spondylosis නොවේ.
Muscle strain, Inflammatory conditions, Metabolic causes, හෝ Systemic රෝගද සලකා බැලිය යුතුය.
ලක්ෂණ දිගුකාලීනව පවතින්නේ නම්, හෝ අත්-පා වල බලය අඩුවේ නම්, නිවැරදි වෛද්‍ය පරීක්ෂාවක් අත්‍යවශ්‍යය.
ඔබට මෙම ලක්ෂණ පවතිනවාද?
එයට කළ හැකි වෛද්‍ය / ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනගැනීමට කැමති නම් පහතින් සඳහන් කරන්න.
✍️වෛද්‍ය. අහින්සා වේලාරත්න
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kesbewa
10300
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |