Nilupa products

Nilupa products

Share

supplying healthy food & beauty items

24/06/2026
13/03/2026

දක්ෂ භික්ෂූන් වහන්සේලාට පෙරට එන්න දැවැන්ත ශක්තියක්
භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සමාජ මාධ්‍ය වැඩමුලුවක් 🙏
ධර්ම ප්‍රචාරයට සාසන අභිවෘද්ධියට සමාජ මාධ්‍ය යොදැගීමට අදාළ ප්‍රායෝගික දැනුම සහ නිර්මාණාත්මක භාවිත වෙනුවෙන් හන්තාන සඳගිරි සෑ විහාරාධිපති මම පවත්වන්නට අදහස් කලෙමි. ඒ පලිබඳව දැනුවත් කිරීමට සහ උපදෙස් ලබාගැනීම සඳහා ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නායක ස්වාමින් වහන්සේද බැහැ දුටිමි. උන් වහන්සේගේ අවවාද අනුශාසන ලබාගතිමි. නායක ස්වාමින් වහන්සේට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමි. කවිබණ කියන ධර්ම දේශනා කරන විවිධ දක්ෂතා තියෙන ස්වාමින් වහන්සේලාට මම සමාජ මාධ්‍ය භාවිතයට අදාළ දැනුම ලබාදෙන මෙම සමුලුව සදහා ලංකාවේ ඕනෑම පලාතක තුන් නිකායේම අවුරුදු 16 ත් 55 ත් අතර ස්වාමින් වහන්සේලාට සහබාගි විය හැකිය. පැමිණෙන ස්වාමින් වහන්සේලා ලියාපදිංචියට ගෲප් වෙත ඇඩ්වීම සඳහා පහත වට්සප් අංකයට ඔබ වහන්සේගේ ඡායාරූපය, නම, ලිපිනය දැන්ම යොමු කරන්න. 0714962050
ඔබ වහන්සේලාට මෙම වැඩපිලිවෙළ මහත් පිටු වහලක් වේවි. 💪 හිතවත් අනෙක් ස්වාමින් වහන්සේලාව ත් දැන්ම දැනුවට්ග් කරන්න. ☸️🙏💪❤️💐🇱🇰

Photos from Nilupa products's post 07/03/2026

කිරිකැද සහ තෙල්කහ
මගේ අම්මගේ ලොකු අක්කා අපේ ලොකු ලොකු අම්මා කවදාවත් කට්ටිය ඉස්සරහා කොණ්ඩේ පීරනවා අපි දැකලා නෑ.මේ ලෝකෙන් යන මොහොත වෙනකම්ම ලොකු අම්මට තිබුණේ දිගම දිග කොණ්ඩයක්.ලොකු අම්මා අපේ අම්මා ඇතුළු අම් මගේ සහෝදරියෝ හැමෝටම දිග කොණ්ඩ තිබුනා.
ගෙදර වංගෙඩියයි මෝල් ගහයි දකිද්දී මට මගේ අම්මා මතක් වුණා.පොල් ගොඩක් ගාලා තම්බලා මේ වංගෙඩියෙන් කොච්චර නම් පොල් කොටලා ඇද්ද?හැමදාමත් අම්මා අම්මගේ වගේම අපේ ඔළුවෙත් ගෑවේ අතින් හිදපු තෙල්.පොල් මිරිකලා පැහෙන්න තියලා හදන තෙල් හිල් පොල් කට්ටෙන් බේරලා ගන්නවා බලන් ඉන්න ආසයි.තෙල් අරගෙන ඉතිරි වෙන ඒවා කිරිකැද.දැන් ඉන්න අයනම් කිරිකැද වල රස දන්නෙත් නෑ.
මෙහෙම ගන්න තෙල් ආයෙත් ලිපේ තියලා රත් කරනවා.තෙල් ගත්තම අඩියේ ඉතිරි වෙන ඒවා තෙල් කහ.අල්ලපු හෙදර මල්ලී තෙල්කහ හොරෙන් කන්න රුසියා.
පිරිසිදුවට අතේ හිදින තෙල් එකට දේශීය ඖෂධ වර්ග දාලා හොද සුවදට හදන තෙල් එක තමයි අපේ ඔළුවේ ගාන්නේ.ඉතින් කොණ්ඩේ වැවෙන එක අහන්නත් දෙයක්ද?අම්මා ලෙඩ වෙනකම් ම අපි ඔළුවේ ගෑවේ අම්මා අතේ හිදින මේ තෙල් එක.අම්මත් එක්කම තෙල් එක වගේම අපේ කොණ්ඩෙත් අභාවයට ගියා.
මේ ළගදී දවසක කොණ්ඩේ යනවා,සුදු වෙනවා කියලා මම මැසිවිලි නගද්දී අපේ මාමා කීවා අපි මේ තෙල් එක හිදිමු කියලා.
පිරිසිදු පොල්තෙල් වලට දේශීය ඖෂධ වර්ග 17ක් දාලා ඔළුවේ ගාන්න තෙල් එකක් අපි හැදුවා.
ගෘහස්ථව හදන මේ තෙල් එක දැන ඔයාලටත් අපෙන් මිලදී ගන්න පුලුවන්.
හිසකෙස් ගැලවීම,සුදුවීම,හිසරදය වැනි රෝග වලින් ඔබත් පීඩා විදිනවා නම්
ඔබටත් මේ ශීර්ෂලාදී තෙල් භාවිතා කළ හැකියි.
මිලදී ගැනීමට 0779070706 whatsapp අංකයට පනිවිඩයක් යොමු කරන්න.

Photos from Nilupa products's post 23/02/2026

කුරක්කන් ගල හා රාජභෝජන

මස්,මාළු,කිරි බිත්තර කවදාවත් කෑවේ නැති මගේ කිරිඅම්මා හරිම ලස්සනයි.එළවළු වර්ග වලින් විතරක් පිරුණු එයාගේ කෑම පිඟානත් හරිම සුවඳයි,රසයි.ඒ කෑම එක කාලා කිරිඅම්මා කියනවා රාජභෝජන වගේ කියලා.
රාජභෝජන,රජෙක් වගේ කනවා යන කියමන් වලින් අදහස් වෙන්නේ බඩ කට පිරෙන්න මහා බත් පිඟානක් කනවා යන්න නොවේ.ඉතිහාසයේ එවැනි කතාවක් පටබැඳී ඇත්තේ ඖෂධීය ගුණයෙන් යුතු ශක්තිය වඩන නීරෝගිමත් කෑම වේලක් ගන්නවා යන්නටයි.
ගෙදර වත්තේ තියන කුළුබඩු වර්ග කිහිපයක් එකතු කරලා රන්වන් පාට වෙන්න බැදලා කුරක්කන් ගලේ අඹරලා කිරිඅම්මා හදන රස කාරකයන් දැම්මම මට නම් ගෙදර හදන කෑම වලට රාජභෝජනත් පරාදයි.ග්‍රයන්ඩර් නැති ඒ කාලේ ධාන්‍ය වර්ග,කුළුබඩු කුඩු කර ගත්තේ කුරහන් ගලේ අඹරලා.ආහාර රස ගැන්වීම කලාවක්.
කෘති රසකාරක වෙනුවට අපේ මුතුන් මිත්තෝ ආහාරය රස ගැන්වූයේ සූප කලා සාහිත්‍යයට අනුව සකස් කලින් දේශීය රස කාරකවලින්.
නීරෝගිමත් ජීවිතයක් උදෙසා සූප කලා සාහිත්‍යයක හරය අදටත් වැදගත් බව සිතීම ද වැදගත්ය.
සූප කලාවේදය අනුව සකස් කර ගුණය,රසය හා සුවඳ රැකෙන පරිදි කෙසෙල් කොළයේ ඇසුරුම් කරන ලද දේශීය රස කාරක මිලදී ගැනීමට ඔබත් whatsapp පනිවිඩයක් ලබා දෙන්න.
නූඩ්ල්ස්,රයිස් ,කොත්තු වැනි ආහාර රස ගැන්වීමට විශේෂයෙන් නිර්දේශිතයි.

18/02/2026

ඔබත් ගොදුරක් ද?
අපේ අහවලා නැති වෙලා,මගේ පුතාට සනීප නෑ,මගේ මහත්තයට සනීප නෑ,අපේ අම්මට ගොඩක් අමාරුයි.සතියට මේ වගේ කී දෙනෙක් නම් කියනවද?
ඇයි? මොකද?වුනේ,අනේ පිළිකාවක්.............
කැස්ස හෙම්බිරිස්සාව තරමට පිළිකාව පැතිරිලා.
හේතුව :කෘතිම රසකාරක හා විෂ සහිත වැරදි ආහාර පරිදි පරිභෝජන රටාව.
ඔබත් ඔබේ දරුවාත් පිළිකා මාරයාට ගොදුරු වෙනවාද?
දේශීය කුළුබඩු වලින් සකස් කරන ලද රසකාරක භාවිතයෙන් පිළිකාවට අභියෝග කරමු.
රසවත් ආහාර නැතිවම බැරි ඔබට ගුණාත්මක ,වස විෂෙන් තොර දේශීය රසකාරක අපෙන්......
සුප් කැට ආදේශක දේශීය රසකාරකය
# ආහාර රුචිය වඩවයි.
# වඩාත් ප්‍රණීත රසයක් එක් කරයි.
# සුවදක් මෙන්ම පෝෂණයක් එක් කරයි
# අතුරු ආබාධ වලින් තොරයි.
# ජීර්ණය පහසු කරයි.

ඖෂධීය සුවද කුඩු
# ව්‍යංජනය සුවඳවත් කරයි.
# ශරීරයේ ස්නායු පද්ධතිය පිරිසිදු කරයි.
# ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රමවත් කරයි.

කළුකුඩු
# ශරීරයේ අපහසුතා දුරුකරයි.
# ශරීරය සමතුලිතතාවය රැකදෙයි.
# ශරීරයා බර පාලනය කරයි.
# ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කරයි.

සියලුම රසකාරක වර්ග ගුණය හා සුවද රැකෙන පරිදි කෙසෙල් කොළයේ ඇසුරුම් කර ඇත.

දේශීයත්වයෙන් - නීරෝගීත්වයට
ඉහත රසකාරක ඔබටත් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඔබේ ඇණවුම 077- 9070706 whatsapp අංකයට ලබා දෙන්න.

17/02/2026

අවසන් වයබ වැඩමුලුව හෙට 🇱🇰💪 share කරමු
වයඹ සමුලුවට ඇවිත් තාම ගෲප් වලට ඇඩ් වුනේ වැඩමුළුවට දිනයක් නොලැබුණු අය සමුලුවට ආපු සෙල්ෆි එක 074 383 4465 අංකයට වට්සැප් කරන්න. ඉක්මනින් ඇඩ් වෙන්න. හෙටින් අවසන්.

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kurunegala