Salon Senu

Salon Senu

Share

Hari Dresser 💇‍♀️💇‍♂️Beautician 👩🏻‍🦰👩🏻‍🦰 Bridal Dresser👰👰 NVQ Level 4

27/04/2026

🎁 “මේ ලස්සන Gift Box එකේ තියෙන ඔක්කොම items ටික අද විශේෂ offer එකකට 💥 1500/- විතරයි! 😍
🚚 Cash on Delivery (COD) available – order කරන්න දැන්ම!”

24/09/2025
20/09/2025

゚viralシviralシfypシ゚viralシalシ

***බිත්තර වල සැගවුණු රුපලාවන්‍ය රහස්***

👉👉බිත්තර කිව්වාහම අපිට එක පාරටම මතක් වෙන්නේ මොකක් හරි රස විදිහකට හදාගෙන බිත්තරේ කන එක ගැන. හැබැයි අපි අද කියන්න යන්නේ බිත්තර වලින් කොහොමද ලස්සන වෙන්නේ කියලා. ගොඩක් අය බිත්තර වල තියන පිලී ගඳ හින්දා වැඩිය බිත්තර කොන්ඩේ මුණේ එහෙම ගාන්න කැමති නෑ . හැබැයි බිත්තර වලට ඔයාලව ලස්සන කරන්න පුළුවන් විදිහ දන්නවනම් එහෙම ඔයාලා කවදාවත් මේ දේවල් නොකර ඉන්න එකක්නම් නෑ.

👉👉බිත්තර සුදු මද මාස්ක්
මේ මාස්ක් එක හදා ගන්න අපිට ඕනේ කරන්නේ බිත්තරයක සුදු මදයයි මී පැණි තේ හැන්දකුයි විතරයි. බිත්තර සුදු මදෙයි මී පැණි ටිකයි හොඳට කලවම් කරලා මුහුණේ හා බෙල්ලේ ආලේප කරන්න. මේ පේස්ට් එක හොඳට වේලෙනකන් මුණේ තියලා මද උණුසුම් වතුරෙන් හෝදලා දාන්න.

👉👉කුරුලෑ සහ බ්ලැක් හෙඩ්ස් ඉවත් කර ගැනීමට
බිත්තරයක් දෙහි ගෙඩියක ඉස්ම එක්ක හොඳට කලවම් කරන්න. මේ මිශ්‍රණය මුහුණේ ගාලා හොඳට වේලෙනකන් මුණේ තියන්න. ඊට පස්සේ මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න. කුරුලෑ සහ කළු ලප ඉවත් වෙනකන් සතියකට වරක් මේ ප්‍රතිකාරය කරන්න.

👉👉මුළු ඇගේම ගාන්න පුළුවන් බොඩි ස්ක්‍රබ් එකක්
මේ ස්ක්‍රබ් එක හදා ගන්න ඕනේ කරන්නේ හොඳට තම්බපු බිත්තර 05ක විතර බිත්තර කටු ටිකයි, මී පැණි ටිකකුයි, ලුණු ටිකකුයි. ඉස්සෙල්ලම බිත්තර කටු ටික හොඳට කුඩු වෙනකන් බ්ලෙන්ඩර් කර ගන්න. ඊළගට මී පැණි මේස හැඳි දෙකකුයි, ලුණු ටිකකුයි එක්ක මේ බිත්තර කටු ටික හොඳට ඝන පේස්ට් එකක් වගේ වෙනකන් කලවම් කර ගන්න. මේ පේස්ට් එකෙන් ටිකක් ලුෆා එකකට දාලා නාන වෙලාවට හොඳට ඇග අතුල්ලන්න. මේ ප්‍රතිකාරය ඔයාලාට මැරුණු හා වියලි සම ඉවත් කරලා දිදුලන සමක් ලබා ගන්න උදව් වෙනවා.

👉👉නියපොතු ලස්සන කර ගන්න
ඔයාලටත් තියෙන්නේ ඉක්මනට කැඩිලා යන දුර්වල නියපොතුද? එහෙනම් මෙන්න ඒකට නියම විසදුම. බිත්තර කහ මදේ උණුසුම් කිරි කෝප්ප කාලක් එක්ක කලවම් කරලා ඔයාලාගේ නියපොතු විනාඩි 10ක් විතර මේ මිශ්රණේ දාගෙන ඉන්න. ඊට පස්සේ සීතල වතුරෙන් දෑත් සෝදා හරින්න. මේ ප්‍රතිකාරයෙන් ඔයාලාට ශක්තිමත් හා දීප්තිමත් නිය පෙළක් ලබා ගන්න පුළුවන්.

👉👉හිස කෙස් වැටීමට හා හිස්හොරි වලට හොඳම විසදුම
අධික ලෙස හිස කෙස් ගැලවී යාමේ හා හිස්හොරි ප්‍රශ්නය තියන ඔයාලාට බිත්තර වලින් සහනයක් ලබා ගන්න පුළුවන් කියලා. ඔයාලා දැන ගෙන හිටියද? බිත්තර 02ක සුදු මද අරගෙන හොඳට බීට් කරලා ඒකට පිරිසිදු පොල් තෙල් මේස හැඳි 04ක් කලවම් කරන්න. මේ මිශ්රණේ බ්‍රෂ් එකක් ආධාරයෙන් තෙත කොන්ඩේ හා හිස් කබලේ හැම තැනම ආලේප කරන්න. පයක් විතර මේ විදිහට තියෙන්න ඇරලා මද රස්නේ වතුරෙන් සෝදා හරින්න. බිත්තර වල තියන ෆැටි ඇසිඩ් හා අනෙකුත් අත්‍යවශ්‍ය ප්‍රෝටීන් වලින් හිස් කබල පෝෂණය කරලා නිරෝගී හා දිගු කෙස් කලබක් ලබා ගැනීමට උපකාරී වෙනවා.

👉👉මුහුණට හොඳ ස්ක්‍රබ් එකක්
මුහුණේ තියන ලප කැළැල්, අදුරු ලප, ඇස් යට කළු වීම හා මුහුණ අවපැහ ගැන්වීම අවම කරන ස්ක්‍රබ් එකක් ලෙස බිත්තර සුදු මදය යොදා ගන්න පුළුවන්. බිත්තර සුදු මදය මුහුණේ හා බෙල්ලේ හැම තැනම අලේප කරලා පැයක් විතර වේලෙන්න තියන්න. ඊළගට සීතල වතුරෙන් සෝදා හරින්න. බිත්තර සුදු මදේ තියන විටමින් හා ප්‍රෝටීන් මුහුණට අවශ්‍ය පෝෂණය ලබා දීලා පැහැපත් මුහුණක් ලබා ගන්න උදව් වෙනවා.

👉👉ස්ක්‍රැච් මාර්ක් (Scratch Mark) ඉවත් කර ගන්න
ස්ක්‍රැච් මාර්ක් අපේ සමට හරිම අවලස්සන පෙනුමක් ගෙන දෙනවා. අපිට ස්ක්‍රැච් මාර්ක් තියනවනම් අපි ගොඩක් වෙලාවට ඒ ප්‍රදේශය වැහෙන්න තමයි ඇදුමක් උනත් අදින්නේ. බිත්තර සුදු මදේ ආමන්ඩ් බින්දු කීපයක් එක්ක මිශ්‍ර කරලා ස්ක්‍රැච් මාර්ක් තියන ප්‍රදේශය විනාඩි 05ක් විතර හොඳට මසාජ් කරන්න. තවත් විනාඩි 10ක් විතර ආලේපනය මේ විදිහටම ඇගේ තියලා මද රස්නේ වතුරෙන් සෝදා හරින්න. මේ ප්‍රතිකාරය නිරන්තරයෙන් කිරීම මගින් ඔයාලට ස්ක්‍රැච් මාර්ක් වලට සාර්ථක විසදුමක් ලබා ගන්න පුළුවන්.

👉👉තෙල් සහිත සමේ තෙල් ගතිය අඩු කර ගන්න
ඔයාලාට තියෙන්නේ තෙල් සහිත සමක් නම් බිත්තර සුදු මදයට දෙහි යුෂ තේ හැඳි 03ක් එකතු කරලා මුහුණේ ගාන්න. විනාඩි 15කට විතර පස්සේ සෝදලා හරින්න. මේ ක්‍රමයෙන් ඔයාලාගේ මුහුණේ තියන තෙල් ගතිය අඩු කර ගන්න පුළුවන්.

👉👉හිස කෙස් වලට හොඳ කන්ඩිෂනර් එකක්
වෙළද පලේ තියන එක එක කන්ඩිෂනර් ගානවාට වඩා ඔයාලට බිත්තර පාවිච්චි කරලා හොඳ කන්ඩිෂනර් එකක් ගෙදරදීම හදා ගන්න පුළුවන්. බිත්තර සුදු මදය එක්ක යෝගට් කෝප්ප 1/4 යි ඔලිව් තෙල් තේ හැඳි 02යි මිශ්‍ර කරලා හිස කෙස් වල ආලේප කරලා විනාඩි 45ක් විතර හිසේ තියලා සෝදා හරින්න. ඔයාලට සිනිදු දීප්තිමත් කෙස් කළඹක් ලබා ගන්න මේ සත්කාරය ඉතා වැදගත් වේවි.

👉👉අකීකරු කෙස් කළඹ කීකරු කර ගන්න
ඔයාලටත් තියෙන්නේ අකීකරු කෙස් කළඹක් නම් මේ සත්කාරය කරලා බලන්න. මයෝනිස් මේස හැඳි 01ක් බිත්තර 02ක් එක්ක හොඳට කලවම් කරන්න. හිස කෙස් මුල සිට අගට යනකන්ම මේ මිශ්‍රනේ අලේප කරන්න. ෂවර් කැප් එකකින් හිස කෙස් වහලා විනාඩි 20ක් විතර තියන්න. ඊට පස්සේ ඔයාලා භාවිතා කරන ෂැම්පු එකෙන් හිස කෙස් හොඳට සෝදා හරින්න.

20/09/2025

゚viralシviralシfypシ゚viralシalシ

සෑම කාන්තාවකගේම පැතුම සුන්දර රුවක් හිමිකරගැනීම.ඉතින් ලොකු මුදලක් වියදම් කර මිලදී ගන්නා කෘතීම ආලේපන කොතරම් දුරට රුව රැක දෙනවාද කියන එක විවාද සම්පන්න මාතෘකාවක්.ඉතින් සොබා දහම අපට තිලිණ කරන ස්වාභාවික සත්කාර කිහිපයක් ඔබට හඳුන්වා දෙන්නයි අපේ මේ සූදානම. එදිනෙදා ගෙදරදොර හමුවන මේ ස්වාභාවික ද්‍රව්‍ය ඖෂධීය ගුණයෙන් පිරිපුන් වගේම අතුරු ආබාධ වලිනුත් තොරයි.ඒ වගේම මුදලුත් ඉතිරිවෙනවා.

[කොහොඹ]
👉රුව ලස්සන කරන ප්‍රතිකාර අතර ඉදිරියෙන්ම ඉන්නේ කොහොඹ. කොහොඹ ගහේ ඕනෑම කොටසක් රුපලාවන්‍ය කටයුතු සඳහා යොදාගත හැකිවීම විශේෂත්වයක්.

[කුරුලෑ වලට ]
👉කොහොඹ කොළ ටිකක් අරගෙන උණුවතුරෙන් තම්බා ගන්න. නිවුණු පසු එයට පුළුන් ගුලියක් දමා, එය ජලයෙන් පොඟවාගෙන මුහුණ පුරා ආලේපකරන්න. කොහොඹ, පිපිඤ්ඤා ෆේස් පැක් එකක් භාවිතා කිරීමෙනුත් මුහුණේ තෙල් ගතිය ඉවත් කල හැකියි.

[කෙස් වලට ]
👉කොහොඹ තෙල් ටිකක් ඇඟිලි තුඩුවලට අරගන්න. ඒවා ආලේප කරමින් හිස්කබල හොඳින් සම්බාහනය කරන්න.

[හිස් හොරි වලට ]
👉කොහොඹ කුඩු වලට ජලය දමා,තලපයක් සාදාගෙන හිසේ ආලේපකර පැයක් පමණ තබා සෝදා හරින්න. ඉන්පසු ෂැම්පු කරගන්න.

[කුංකුම]
👉කුංකුම සමේ පැහැය වැඩි කරවන ස්වාභාවික ද්‍රව්‍යක්. කුංකුම රෝස වතුර සමඟ මිශ්‍ර කර ගන්න. මඳ වේලාවක් තබන්න. ඉන්පසු පුළුන් ගුලියක් පොඟවා මුහුණේ ආලේප කරගන්න.

[කුංකුම]
👉එළකිරි සමඟ මිශ්‍රකර පැය භාගයක් පමණ තියන්න.සඳුන් කුඩු තේ හැන්දක් එම මිශ්‍රණයට දමන්න.මුහුණේ ආලේප කර විනාඩි 15 -20 පමණ තබා සෝදා හරින්න.

[මී පැණි]
👉පහසුවෙන් ලබා ගත හැකි මී පැණි ඉතාමත් ජනප්‍රිය සත්කාරයක්. මී පැණි මඟින් සමට තෙතමනය වගේම කැළැල් ඉවත් කිරීමටත් යොදා ගන්න පුළුවන්. පිළිස්සුම් හෝ වෙනත් තුවාල කැළලක් මත නොකඩවා මී පැණි ආලේප කිරීමෙන් ඉක්මනින් කැළල මකා ගන්න පුළුවන්.

[නෙල්ලි]
👉නෙල්ලි කුඩු හෝ යුෂ ගෙන ඒ ප්‍රමාණයටම දෙහි යුෂ එකතු කරන්න. හොඳින් මිශ්‍ර කර හිස් කබලට ආලේප කරන්න.වියලෙන්නට හැර මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.

[කහ]
👉කහ රුපලාවන්‍ය කටයුතු සඳහා නැතිවම බැරි දෙයක්. සමෙහි රැළි අඩුකරගැනීමට කහ බෙහෙවින්ම උපකාර වෙනවා.

[සහල් කුඩු කරගන්න]
👉එළකිරි සහ තක්කාලි යුෂ ගෙන මේ සියල්ල කහ සමඟ මිශ්‍ර කරන්න.එවිට හැදෙන උකු මිශ්‍රණය සමෙහි ආලේප කර වියලෙන තුරු තබන්න. පසුව සෝදා හරින්න.

[කකුල් පැලෙනවාට ]
👉කහවලට පොල්තෙල් මිශ්‍ර කරන්න.ස්නානයට පෙර පාදයේ පැලුම් ස්ථාන වල ආලේප කර විනාඩි පහළවක් පමණ තබා සෝදා හරින්න.

[සඳුන් ]
👉සඳුන් වලට අමුකිරි මිශ්‍ර කර,එය මුහුණේ තවරා,විනාඩි විස්සක් පමණ තබන්න. ඉන්පසු සෝදා හරින්න.

12/09/2025

ලස්සනට ඉන්න වියදමක් නැතුව කල හැකි දේවල් රැසක් තිබෙනවා .මේ ඉන් කිහිපයක් .

දිනපතාම මුහුනට අයිස් කැට සාත්තුවක් ලබාදෙන්න .අයිස් කැට දියව යනතුරු ඒවායින් මුහුණ තවන්න.ඉන් ඔබේ මුහුණේ මුහුණේ රැලි සහ අවපැහැය ඉක්මනින්ම මග හරවනවා .

සතියකට වතාවක් කෙස් කළඹේ විනාකිරි ගල්වන්න .ඉන් සුවච කීකරු සුසිනිඳු කෙස් කළඹක් ඔබට ලැබෙනවා.ගැල්වූ විනාකිරි සීතල ජලයෙන් සෝදා සෝදා හරින්න අමතක කරන්න එපා .

වැලමිට අව පැහැය වළක්වා ගැනීමට දිනපතාම මී කිරි සහ දෙහි එකට මිශ්‍ර කර ආලේප කරන්න .

ඇස් යට අවපැහැයට අර්තාපල් පෙති තබන්න.පැය භාගයක් පමණ ප්‍රමාණවත් .

මේකප් ඉවත් කිරීමට බොඩිලෝෂන් යොදාගන්න. මේකප් රිමූ වලට වඩා එය ගුණාත්මකයි .සමට පෝෂණයක් එක්කරන අතරම ඒවා මේකප් ඉවත් කිරීමට පහසු කරවනවා .

දින 2කට වරක් අනිවාර්යයෙන්ම මී පැණි සහ සීනි කැට වලට දෙහි යුෂ ටිකක් දමා දෙතොල් ස්ක්‍රබ් කරන්න .අවපැහැ දෙතොල් වලට කදිම සත්කාරයක්.

දිදුලන කෙස් කළඹක් සඳහා තේ කොළ තැම්බූ ජලය ජලයෙන් හිස කෙස් සෝදන්න. නැතිනම් කරපිංචා තැම්බූ ජලයෙන් හිස කෙස් සෝදා හරින්න .

කන්ඩිශනර් හිසට පමණක් නොව අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී ආලේප කිරීමටත් ඉතාමත් සුදුසුයි. සමටද සෞම්‍ය බවක් ලබා දෙනවා . ゚viralシviralシfypシ゚viralシalシ

09/09/2025

Salon Senu Hokandara
0704677286

09/09/2025
Want your business to be the top-listed Beauty Salon in Malabe?
Click here to claim your Sponsored Listing.

Website

Address

511/C Hokandara Uthura Hokandara
Malabe

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00