Salon Bhagya Matale
Professional Bridal' Hair/Dresser & Beautician👸🌺 Makeup Artist💄
Nail Technician💅
Bhagya Ekanayake🌺👸
~Feel The Difference~ ✍👸👰
professional hair/dresser & beautician
04/10/2026
Salon Bhagya Matale Kandy Branch Opening💃💃❤️😘😘😘🎉🎉🎉🎉🎉🎉🎉
අපගේ නවතම සැලොන් භාග්යා මාතලේ මහනුවර ශාඛාවේ සමාරම්භක උත්සවයට අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන එයට වටිනාකමක් ගෞරවයක් එක් කරමින් සහභාගි වූ ඔබ සියලු දෙනාටම හදවතින්ම ස්තූතිවන්ත වෙමි🙏❤️😘😘😘 සියල්ලන්ගේම ඡායාරූප මෙතන නොමැති වූවත් , පැමිණි සියලු දෙනාටමත්, මෙයට දායක වූ, උපකාර වූ ශක්තියක් වූ ධෛර්යයක් වූ ආශිර්වාදයක් වූ සියලු දෙනාටමත් හදවතින්ම ස්තුතිවන්ත වෙමි ❤️😘🙏🙏🙏🙏🙏🙏
ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ ආදරණීය මනමාලියෝ ඔක්කොම🙏😘 ❤️ ඒ අතරෙනුත් ආදරණීය ප්රාර්ථනා නංගී Prarthana Brides මගේ හැම වැඩකටම ආශිර්වාද කරන කෙනෙක්, සහ හැමදාම අපිත් එක්ක ආදරණීයව ඉන්න කෙනෙක්❤️ අචිනි නංගි ❤️❤️❤️ ආරාධනාව කිව්ව ගමන් කොච්චර දුර උනත් කොහොමහරි එනවා කියලා ඒ ආදරය ඒ ගෞරවය අපිට දුන්න දමිත මල්ලි සහ නංගී 🙏😘😘😘 Thyagi Gunasekara ත්යාංගි නංගි ❤️❤️❤️ නම් සදහන් කරන්න ගියොත් ලැයිස්තුව දිග වෙන හින්දා මගේ සියලුම මනමාලියන්ට මාගේ හද පිරි ස්තුතිය සහ ගෞරවය මෙහෙ මොහොතේ පුද කරනවා 😘❤️❤️❤️🙏🙏🙏🙏🙏
Hair colouring 💃💃💃💃
Salon Bhagya Matale Kandy Branch 😘😘💃💃💃💃
fans Salon Bhagya Matale
ඒ නිදහස අත්විඳලම බලන්න ඕනේ ❤️
Salon Bhagya Matale Kandy Branch💃👰❤️❤️💃💃😘
Real difference that everyone felt😘🙏🙏
Feel the next level experience😘
fans Asanga Ambagaspitiya
Thanks a lot for capturing every single important and perfect moments in our special day
KANDY FILMS Wedding Stories ❤️
#
30/09/2026
හීන කියන්නේ දකින්න විතරක්ම නෙමෙයි සැබෑ කරගන්න ඕන දෙයක් කියලා අපි දෙන්නම හදවතේ මනසේ ගැඹුරින්ම තැන්පත් කරගත්තු දෙන්නෙක්.. ඉතිං ඒ ගමනේ දැකපු ලොකු හීනයක් Salon Bhagya Matale Kandy Branch යන හීනේ 😘 සැබෑ කරගත්ත මොහොතක් මේ.. කාටවත් බරක් නොවී, මුල ඉදන් අග වෙනකම්ම අපි දෙන්නගෙ තනි මහන්සියෙන් සහ අපේ චූටි පුතාලා දෙන්නා ඒගොල්ලන්ගේ කාලෙත් අපිට දීලා, හැබෑ කරගත්ත හීනයක් 🙏❤️💃 ඒ නිසා මේ හීනේ වටිනාකම, ඒ හැඟීම, බැඳීම ,ගෞරවය ගොඩක් වැඩියි. මේ හීනෙ ලස්සන කරගන්න ගොඩනගන්න මේ විදිහට අඩිය තියෙන හැම තැනකම අපි දෙන්නගෙ දාඩිය මහන්සිය කඳුළ , අධිෂ්ඨානය , සතුට තියෙනවා. අපි මේ කරන දේට ශක්තියක් ආශිර්වාදයක් වුණේ මං හම්බු කරපු ධනය වන මගේම ආදීරණීය මනමාලියෝ ටික සහ මගේ ආදරණීය විශ්වාසවන්ත පාරිභෝගිකයන් ටික 🙏❤️ සියල්ල අවසානයේ ප්රතිඵලය අපි හිතපු ආකාරයටම දකින්න විඳින්න හම්බවුනා ❤️
ඉතින් අපේ මේ කතාවේ මේ දවසේ මතකයන් නැවත දකින්න ආවර්ජනය කරන්න ඒ මතකයන් විදින්න ආදරණීය Kingsley Perera චූටි අයියා මේ රූප රාමු වලට පණ පොවලා තියෙනවා 🙏❤️ ගොඩක් ස්තුතියි ඔයාට 🙏❤️
fans Salon Bhagya Matale
29/09/2026
❤️ මගේ ප්රධාන අමුත්තිය… ත්යාංගි නංගි ❤️
My Chief Guest… My Dear Thyagi ❤️
❤️💃💃💃💃💃💃💃💃💃💃
අපේ ජීවිතයේ සමහර සුන්දර අවස්ථාවන් තියෙනවා… ඒවාට “ප්රධාන අමුත්තෙක්” තෝරාගන්නේ ජනප්රියත්වය, තනතුර හෝ නම බලලා නෙවෙයි. හදවතට දැනෙන බැඳීමක්, විශ්වාසයක් සහ අවංක ආදරයක් නිසා.
අපේ Salon Bhagya Matale – Kandy Branch එක විවෘත කිරීමේ සුබ නැකත බලද්දී අපට ලැබුණු එක් විශේෂ උපදෙසක් තිබුණා.
“මුලින්ම වැඩ අල්ලා, පළමු ගනුදෙනුව සිදුකරන්න හොඳ හදවතක් තියෙන, ඔබට හදවතින්ම ආදරය කරන, සුබ සිතින් ආශිර්වාද කරන කෙනෙක් තෝරාගන්න…”
මට ආදරේ කරන කට්ටිය, මට ආදරේ කරන මනමාලියන් , සුන්දර මිනිසුන් ගොඩක් ඉන්නවා ඒ අතරින් මතක් වුණු පළවෙනි නම ❤️❤️❤️
Thyagi Gunasekara නංගි. ❤️
ත්යාංගි කියන්නේ මගේ අතින් හැඩවුණු මනමාලියක් විතරක් නෙවෙයි. පාසල් යන කාලයේ ඉඳන්ම, කවදාහරි දවසක මගේ අතින් මනමාලියක් විදිහට හැඩවෙන්න හීනයක් දැකපු පුංචි නංගියෙක්.
කාලයත් එක්ක ඒ ලස්සන හීනය සැබෑ වුණා. ඇගේ Registration, Wedding සහ Homecoming — ඒ සුන්දර අවස්ථා තුනම මගේ අතින් ඇයව හැඩගන්වන්න මට වාසනාව ලැබුණා.
ඒ දවස්වල අපි දැක්කේ ඇගේ පිටත ලස්සන විතරක් නෙවෙයි. ඇගේ නිහතමානීකම, හොඳ ගතිගුණ, හැමෝටම ආදරයෙන් සලකන විදිහ සහ ඒ හැමදේටම වඩා ඇගේ හදවතේ ලස්සන අපේ හිත්වලට ගොඩාක් දැනුනා,
ඒ විදිහට ආරම්භ වුණු බැඳීම අදටත් හරිම ආදරණීයයි… හරිම ලෙන්ගතුයි. ❤️
ත්යාංගි නංගි විතරක් නෙවෙයි, ඇගේ ආදරණීය අම්මා, තාත්තා, මල්ලි සහ ඇගේ ආදරණීය සැමියා ඇතුළු මුළු පවුලම අපිට හරිම ලෙන්ගතු, ගෞරවනීය සහ ආදරණීය පවුලක්.
ඉතින් නැකත ලැබුණු ගමන්ම නංගිට කතා කරලා මේ විශේෂ ආරාධනාව කළා. ඇය ඒ ගැන ගොඩාක් සතුටු වුණා. ඒ වගේම ඉතාමත් නිහතමානීව අපේ ආරාධනාව පිළිගත්තා.
ඒ මොහොතේ අපේ හිත්වලටත් දැනුණේ පුදුම සැහැල්ලුවක්…
“ඔව්… අපි තෝරාගත්තේ හරිම කෙනාව.” ❤️
විවෘත කිරීමේ දිනය ළංවෙද්දී අපිට ආදරය කරන කිහිපදෙනෙක්, අපේ යහපත වෙනුවෙන්ම, “ජනප්රිය කෙනෙක් ගෙන්වලා මේක විවෘත කළොත් හොඳයි නේද?” කියලත් යෝජනා කළා.
ඒ හැම අදහසක්ම අපි ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගත්තා.
නමුත් ඒ වෙනකොටත් මගේ ප්රධාන අමුත්තිය ත්යාංගි නංගි වෙලා ඉවරයි.
මොකද අපිට මේ අවස්ථාවට අවශ්ය වුණේ ..
අපේ හදවතට ළඟ නමක්.
අපිව විශ්වාස කළ කෙනෙක්.
අපට හදවතින්ම ආදරය කරන කෙනෙක්.
මගේ අතින් මනමාලියක් ලෙස හැඩවුණු, අපේ ගමනේ ලස්සන මතකයක් වූ කෙනෙක්. ❤️
Salon Bhagya හි අලුත් ගමනක් ආරම්භ කරන ඒ සුබ මොහොතේ, මගේ අතින් හැඩවුණු මගේම මනමාලියක් අපේ ප්රධාන අමුත්තිය වීම ,, මටත් අපි හැමෝටමත් විශේෂ අර්ථයක් තිබුණු දෙයක්.
ඒ සුබ දිනයේ ත්යාංගි නංගි ඇගේ ආදරණීය අම්මාත් සමඟ අපි වෙනුවෙන්ම හදපු ලස්සනම ලස්සන, රසවත් කේක් එකක් සහ අලංකාරව නිර්මාණය කළ cupcakes ද රැගෙන පැමිණ...
සුබ නැකත යෙදුණු ඒ මොහොතේම අපිත් එක්ක ඉඳලා, හදවතින්ම ආශිර්වාද කරලා, අපේ අලුත් ගමනේ පළමු මොහොත වෙනුවෙන් ආදරයෙන් සුබ පැතුම් එක් කරා.
ඒ විතරක් නෙවෙයි…
අපි හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණු තරම් වටිනා තිළිණත් අපිට ලබා දීලා, අපේ ආරාධනාවට ඒ තරම් වටිනාකමක් දීලා, අපේ ජීවිතයේ වැදගත්ම මොහොතක් අපිත් එක්ක බෙදාගත්ත. එක අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
ආදරණීය ත්යාංගි නංගි සහ ආදරණීය අම්මේ,
අපේ ආරාධනාව පිළිගෙන, අපේ සුබ මොහොතට පැමිණ, ඔබ දෙපළ අපට ලබාදුන් ආදරයට, ආශිර්වාදයට, ගෞරවයට අපේ හදවතින්ම ස්තුතියි. 🙏❤️
නංගි,
ඔයාගේ ජීවිතයේ තවත් හැම හීනයක්ම, හැම බලාපොරොත්තුවක්ම, හැම ප්රාර්ථනාවක්ම ඒ ආකාරයෙන්ම සැබෑ වෙන්න කියලා අපි හදවතින්ම ප්රාර්ථනා කරනවා. ❤️
Thank you for being more than our Chief Guest.
Thank you for being someone our hearts could choose without a second thought. ❤️
Kingsley Perera Thank you sooooomuch for capturing the true story ❤️🙏🙏
fans Salon Bhagya Matale
Eyelashes extensions 💃
Salon Bhagya Matale Kandy Branch 😘😘💃💃💃💃
fans Salon Bhagya Matale
27/09/2026
Anjali (R)
Beauty Brides by 💃 Bhagya Ekanayake ❤️
Salon Bhagya Matale Kandy Branch 🌸 💃
Feel The Difference ❤️👰👰💃❤️❤️❤️
Salon Bhagya Matale
26/09/2026
Beauty Brides by 💃 Bhagya Ekanayake ❤️
Salon Bhagya Matale Kandy Branch 🌸 💃
Feel The Difference ❤️👰👰💃❤️❤️❤️
Salon Bhagya Matale
fans
26/09/2026
Dress making 💃💃💃
Salon bhagya matale Kandy Branch 🌸 💃
Feel The Difference ❤️👰👰💃❤️❤️❤️
Salon Bhagya Matale
fans
25/09/2026
Registration ❤️💃🌸😘😘
1st Dressing at...⬇️
Salon Bhagya Matale Kandy Branch 🌸 💃
Feel The Difference ❤️👰👰💃❤️❤️❤️
Salon Bhagya Matale
fans
Category
Contact the business
Address
Opening Hours
| Monday | 08:30 - 17:30 |
| Tuesday | 08:30 - 17:30 |
| Wednesday | 08:30 - 17:30 |
| Thursday | 08:30 - 17:30 |
| Friday | 08:30 - 17:30 |
| Saturday | 08:30 - 17:30 |
Alerts
Be the first to know and let us send you an email when Salon Bhagya Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.