Dili Kahawita

Dili Kahawita

Share

Heart writer 💜❤️
Cozy vibe 🍀🌼
Heart full of love , wife full of dreams 💜️

04/08/2026

සමහර ඡායාරූපවල වටිනාකම ඒවායේ පැහැදිලි බවෙන් නෙවෙයි...
ඒවා තුළ සඟවාගෙන තියෙන මතකයන්ගෙන්. ❤️

මේ පින්තූරය ගත්තු දවසේ කවුරුත් හිතන්න නැතුව ඇති...
කාලය මෙච්චර ඉක්මනින් ගෙවෙයි කියලා.

අද මේ ඡායාරූපයේ ඉන්න සමහරු අපි ළඟම ඉන්නවා...
සමහරු දුර ගිහින්...
තවත් සමහරු මතකයන් විතරක් ඉතුරු කරලා සදහටම නික්මිලා.

ඒත් එක දෙයක් වෙනස් වෙලා නැහැ...
මේ ඡායාරූපය බලන හැම සැරේම හිතට එන ඒ උණුසුම් හැඟීම.

ඔබ ළඟත් මේ වගේ පරණ පවුලේ ඡායාරූපයක් තියෙනවා නම්, ඒක අදම බලන්න...
සමහර මතකයන් ජීවිතේ ලොකුම වස්තුව වෙනවා. 🤍

ඔයා ළඟත් මෙහෙම ඡායාරූප එකතුවක් තියෙනවද ??????

Dilini kahawita 💚

03/08/2026

නිහඬ බව ඇතුළෙ තියෙන සැනසීම මේ ලෝක වෙන කිසිම දේකින් ගන්න බෑ ....
දන්නවද ,
නිහඩ වෙලා ඔයා ඔයාගේ ලෝකෙ ඔයාගේ දේවල් වලට වැඩි ප්‍රමුඛතාවයක් දුන්නොත් ඔයාගේ ජීවිතේ නිහඬවම සාර්ථකත්වය කරා යාවි ........

03/08/2026

ජීවිතය විඳින්න ඕනේ මෙහෙමයි කියලා කවුරුත් script එකක් ලියලා නෑ .
ඒක මේ මොහොතේ හිතේ සැනසීමෙන් විඳින්න ඕන එක හැඟීමක් ........!!!!!!!
මට හිතෙන්නේ එහෙම . 🦋

02/08/2026

සමහර තනියෙන් ඉන්න මොහොතවල් වල තියෙන නිදහස ආයි කවදාවත් ගන්න බෑ. ඒක ඒ වෙලාවෙම විඳින්න ඕන හැඟීමක් ...........🌦️🦋

01/08/2026

සුභ අගෝස්තු මාසයක් වේවා .🦋🌼

ඔයාගේ ජීවිතේට negative vibes දෙන මිනිසුන් අත අරින්න චුට්ටක්වත් බයවෙන්න්න එපා .
උදේ අවදි වුණ වෙලාවෙ ඉඳන් රෑ නින්දට යනකම්ම ණය ප්‍රශ්න , අනුන්ගේ දේවල් , තව කෙනෙක් ජීවත් වෙන විදිය , කෙනෙක්ගෙ අඩුපාඩු විතරක්ම දකින මිනිස්සු , .........
මේ වගේ දේවල්ම කතා කරන මිනිස්සු පුළුවන් තරම් ඈත් කරන්න .
අපි ජීවත් වෙන මේ පොඩි කාලේ ඔලුව උඩ මහාමේරුව වගේ අනුන්ගේ ප්‍රශ්න තියාගෙන ජීවත් වෙන්න ඕනම නැහැ .
අනික අපි ප්‍රශ්නවල ඉන්නවා කියලා අපේ මූනෙන් හොඳට බාහිර ලෝකයට පේනවා .....
ඉතින් අනුන්ගේ ප්‍රශ්න අරගන්න එපා..

පුළුවන් තරම් ඔයාගේ සීමාව වටා ඔයාට
Comfortable zone එකක් ගේන මිනිස්සුන්ව විතරක් තියාගන්න ...... හැමවෙලේම සතුටින් , සැනසීමෙන් , ආදරයෙන් ජීවත් වෙන්න ..........

Dili kahawita 💚

31/07/2026

මේ අවුරුද්දෙත් මාස හතක් ගෙවිලා ඉවරයි . තව ඉතිරි මේ අවුරුද්දටම දවස් 153 යි . මේ දවස් ටිකත් ඇති හරියට සැලසුම් කරන කෙනෙක්ට ජීවිතේ වෙනස් කරගන්න...... වැදගත් වෙන්නේ ඔයාගේ සැලසුම . ඒක කොච්චර ප්‍රායෝගිකද කියලා වගේම ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න ඔයා කොච්චර මහන්සි වෙනවද
කියන එකයි.

අදින් අවසන් වෙන ජූලිමාසය ඇත්තටම හරිම ලස්සන මාසයක් වුනා .
හැම අතින්ම හිතට නිදහසක් තියෙන පුදුම සැහැල්ලුවෙන් ගෙවුණු මාසයක් .
හෙටින් ආරම්භ වෙන අගෝස්තු මාසයත්
හැමෝටම සුභම සුභ මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..........

හැමෝටම ආදරය විතරක්ම බෙදන්න ...
ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ ඔයාට මට හිතාගන්නවත් බැරි තරම් හරිම විශාලයි .....

Dili kahawita 💚

Photos from Dili Kahawita's post 26/07/2026

My reading list
Book no - 26

The story teller
කතන්දර කියන්නී

සඟවා ගත් රහස් නැත්තේ කාටද? එහෙත් වසර හැත්තෑවක් පුරා රහස් සඟවාගෙන වෙනත් කෙනෙකු නමින් ජීවත් වෙමින් සිට ලොව හැරදා යාමට පෙර පාපොච්චාරණය කිරීමට සිතෙන්නේ කවුරුන්ද??
ඒ පාපොච්චාරණයක් සත්‍යක්ද ????

Photos from Dili Kahawita's post 24/07/2026

මේ ලෝකයේ ඉන්න කිසිම මනුස්සයෙක් කිසිම දවසක ,
කිසිම හේතුවකට
තනි වෙන්න හොඳ නෑ තමයි .
හැබැයි එහෙම තනි උනා කියල අපිට ඒ තනිවුණු කාලේ ගෙවාගන්න මනුස්සයෙක්ම ඕනේ නෑ ........
ඔයාට පොතක් කියවන්න පුළුවන්....... චිත්‍රයක් අඳින්න පුළුවන්........
ඔයාව සතුටු කරන්න පුළුවන් විදියේ කෑමක් හදන්න පුළුවන්........
තනියම නිදහසේ වාඩිවෙලා සිංදුවක් අහන්න පුළුවන් .......
තනියම පොඩි චාරිකාවක් ගිහින් එන්න පුළුවන් ..........
නිදහසේ වාඩිවෙලා ඉදිරි ජීවිතය ගැන හීන දකින්න පුළුවන් ........
මේ ලෝකේ කවුරුවත් අපිට අනවශ්‍ය බලපැම් කිරීම් , කරදර කිරීම් නොකරනතාක් අපිට අපේ ලෝකවල සතුටින් ඉන්න පුළුවන්........
අනිත් අය ගැන වද නොවි ඔයාගේ ජීවිතය සතුටින් ගෙවන්න........
ඔයාගේ පවුලෙ අයගේ ජීවිත ගැන උනත් ඕනාවට වඩා වද වෙන්න යන්න එපා ............
සමහරක් වෙලාවට කටින් නොකිව්වට මිනිස්සුන්ට ඒක පුදුමාකාර මානසික වදයක් .........
ඔයාට ලැබිලා තියෙන ජීවිතේ ඔයා සතුටින් ගෙවන්න ..........

Dili kahawita 💚

23/07/2026

තාත්තා ♥️
පුරුදු පාරෙන් හැරිලා
ගෙදර පේන මානෙට එද්දී
මම එනකම් එළියට වෙලා
බලන් ඉන්න තාත්තා දැක්කහම ..........
මට හිතුණේ මේ ලෝකේ කෙනෙක්ගෙ හදවතට දැනෙන්නම ඕනේ .......
උණුසුම්ම හැඟීම් වලින් එකක්
ඒක තමයි කියල ......!!!!!!!!!!

Dili kahawita 💚

23/07/2026

මිනිසුන්ට ළං වෙනවට වඩා
ස්වභාදහමට ළං වෙන්න .
සොබාදහමට ආදරය කරන්න .🌼
ඔබේ හිත රිදෙන ප්‍රමාණය ගොඩාක් අඩුවේවි .............
රිදුණු බිඳුණු සිත් සුවපත් කරන්න ස්වභාදහම තරම් හොඳ ඔසුවක් තවත් නැහැ .................💚☘️

Category

Website

Address

Baduraliya
Matugama

Alerts

Be the first to know and let us send you an email when Dili Kahawita posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Matugama.