J-Talk

J-Talk

Share

Join us to learn Japanese in new way✨

අළුත් විදිහට ඉක්මණට මුල ඉදලම ජපන් ඉගෙන ගන්න 💖

30/11/2024

🇯🇵🇯🇵ජපන් භාෂාව🇯🇵🇯🇵

"2025 සදහා නව ජපන් භාශා පන්ති ආරම්භය"‼️

JLPT/NAT/N5 නව කන්ඩායම් පන්ති ආරම්භක දිනය දෙසැම්බර් මස 08 වෙනි ඉරිදා ......👆

JLPT/NAT N5 & SPOKEN CLASSES

සම්පුර්න පාඨමාලා කාලය "මාස 06"

2025 ඔක්තොබර් student visa සහ ssw visa. Job visa , training visa

යන කුමන වීසා වර්ගයකින් හො ජපානයට යැමට අදහස් කරන ඔබ සදහා මුල සිට පවත්වන ජපන් භාෂා පන්තිය.

JLPT N3 qualified අත්දැකීම සහිත ගුරුවරියක් යටතේ ජපන් භාෂාව ඉගෙන ගැණීමට එන්න

කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ..❗️

පාථමාලා කාලය මාස 7යි , සතියට දවස් 2ක් දවසට පැය 3කට වැඩි ඉගැන්වීම කාලයක් ආවරනය කිරීම..❗️

සරළ සිංහල බසින් වියාකරන,කන්ජි,සවන්දීම සහ කථනය යන සියලුම කොටස් ආවරනය කිරීම..❗️

සෑම සිසුවෙක් කෙරෙහිම විශේෂ අවදානයක් යොමුකිරීම සඳහා එක් පන්තියකට සිසුන් 15ක් පමණක් බඳවා ගැනේ ..❗️

මසකට වරක් සිසුන්ගේ දැණුම පරික්ශා කිරීමේ විභාග..❗️

ජපන් භාෂා විභාග ඉලක්ක කර ගත් අනුමාන ප්‍රශ්ණපත්‍ර හා පහුගිය විභාග ප්‍රශ්ණපත්‍ර සාකච්චා කිරීම..❗️

රැකියා නියුතු ඔබ සදහා සෙනසුරාදා ඉරිදා දින පංති වලට සහභාගී වීමේ හැකියාව..❗️

වැඩි විස්තර දැනගැනීම සදහා පහත දුරකතන අංක හරහා අපව අමතන්න එසේත් නැතිනම් J-Talk අප පිටුවට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

"ජපන් යන්න හරි තැනින් භාශාව ඉගෙනගන්න"

🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯????????🇵🇯🇵🇯🇵??🇵??🇵🇯??🇯🇵🇯??

-talk

#ජපන්වීසා #ජපන්පන්ති

#ජපන්භාශාව



#ජපන්තොරතුරු #ජපන් #ජපානයේතොරතුරු

30/11/2024

Photos from J-Talk's post 30/11/2024

ජපානෙ ඔයාලා ඉන්න තැන් වල බලන්න ලස්සන තැන් 🪄💖

09/10/2021

🥰🙏

Photos from J-Talk's post 15/09/2021

හැමදාම beauty products ගේන නිසා අද ලස්සන Bridal Hair styles ටිකක් ගෙනාවා🥰🥰

බලන්නකො ඔයාලට match වෙන එවා තියනවද කියලා 😍

(අයිතිය මුල් අයිතිකරුවන් සතුයි)

Photos from J-Talk's post 03/04/2021

ලස්සන සාරි ජැකට් ඩිසයින්❤️❤️

Photos from J-Talk's post 08/09/2020

Kandyan Bride කෙනෙක්ට ලස්සන Hair style 😍❤️

Photos from J-Talk's post 21/08/2020

ඇත්තටම ස්වාභාවික රහසක් ගෙනාවා.එකක් නෙමෙයි රහස් ගොඩක්.☺️
රූපලාවණ්‍ය රහස් අමුද්‍රව්‍යයක් වන රෝස මල් පෙති පවුඩර් 😍😍😍....ස්වභාව ධර්මයෙ ලස්සනම,මනබදින සුවදින් පිරී ඉතීරී ගිය සුන්දරම කුසුම රෝස මල කියල අපි හැමෝම දන්නවා.කෙටියෙන්ම කිව්වොත් ග්ලොවින් ස්කින් එකකට කියාපු මැජික් එකක්.අත්දැකීමෙන්මයි කියන්නෙ❣️😍.
▪️සමේ පැහැපත් බව වැඩි කරයි
▪️දුර්වර්න සම ඉවත් කරයි
▪️තද කැලැල් ඉවත් කරයි
▪️ස්නායූ ප්‍රබෝධමත් කරයි
▪සම ආසාදනය වීම වලක්වයි
▪️සමට සිසිල දෙයි
▪️වියපත් වීම නිසා ඇතිවන එල්ලා වැටීම් අවම කරයි
▪️සම ලයිට කරයි
එකී මෙකී නොකී දේවල් රෝස පෙති පවුඩර් වලින් අපිට ලබගන්න පුලුවන්.
ඉතිං කැමති නම් ලොවක් වටින රූපලාවණ්‍ය රහස් අමුද්‍රව්‍යයක් වන රෝස පවුඩර් මිලදී ගන්න පුලුවන් 100%ක් ස්වාභාවික සහ 100%ක් පිරිසිදු බවට තහවුරු කරනවා. 😍😍
☑️භාවිතා කරන ආකාරය =
▪️රෝස පෙති පවුඩර් තේ හැදි 1යි
▪️වියලි හෝ සාමන්‍ය සම නම් යෝදය සහිත කිරි/යෝගට්,
▪️ඔයිලි සම නම් වතුර
▪️මී පැනි තේ හැදි 2යි
▪️හාල් පිටි තේ තේ හැදි 1ක් දැම්මොත් වඩා හොද ප්‍රතිඵලයක් තියෙනවා
මෙ සියල්ල මිශ්‍ර කරල පිරිසිදු කරගත් මිහුනේ ආලේප කර විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න පුලුවන්.ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නවත් බැරිවෙයි.අත්දැකීමෙන්මයි කියන්නෙ.සතියට දින 3/4ක් භාවිතා කරන්න පුලුවන්.😍
Price - 1200

21/08/2020

ඒක දැක දැක නොකියවා යනවා නම්.. ඔබ ඔබටම කරන්නේ ලොකු වැරැද්දක්.
මේ ලිපිය ලංකාවේ සෑම කෙනෙක්ම කියවනවා නම් ඉතාම වටිනවා.. මොකද ඒ තරමට මේක වටිනා ලිපියක්.. අනිවාර්යයෙන්ම කියවන්න.. share කරන්න..

පිළිකා කාරක තොග පිටින් දැන් කඩවල් වලින් අහුවෙන්න පටන් අරන්.. මේකප් සම්බන්ධයෙනුත් නව නීති ගේන්න යනවා කියනවා

රූපලාවණ්‍ය ආලේපන භාවිත කිරීමේ ප්‍රධාන අරමුණු ලෙස සම පිරිසිදු කිරීම හා ශරීරයේ හැඩයට හෝ අභ්‍යන්තර ක්‍රියාවලින්ට හානියක්‌ නො වන අයුරින් යමකු ගේ පෙනුම සිත්ගන්නාසුලු කිරීම දැක්‌විය හැකි ය. දැනට ලොව පුරා පවතින රූපලාවණ්‍ය නිෂ්පාදන ප්‍රධාන අංශ පහකට (05) වෙන් කර දැක්‌වෙන අතර, ඒවා නම් චර්ම ආරක්‌ෂක (Skin care), කේශ ආරක්‌ෂක (Hair care), අංග රචක (Makeup), පිරිසිදුකාරක (Tolietries) හා සුවඳ විලවුන් (Cosmetics) වේ. පසුගිය වර්ෂ කිහිපය තුළ ලෝක ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක්‌ රූපලාවණ්‍ය නිෂ්පාදන තුළින් ලැබී ඇති බව වාර්තා වී ඇත. රූපලාවණ්‍ය ආශ්‍රිතව දිනෙන් දින දියුණු වන නව තාක්‌ෂණික නව්‍යකරණයන් තුළ සම වියපත් වීමට අදාළ ජාන පෙළගැස්‌ම පිළිබඳ අත්හදා බැලීම් ද ඇතුළත් වේ.

මේ වන විට යුරෝපීය රටවල් රූපලාවණ්‍ය නිෂ්පාදන ලෝක ආර්ථිකයේ පළමු තැන ගෙන ඇති අතර, ආසියාතික රටවලට හිමි ව ඇත්තේ එහි දෙවැනි ස්‌ථානයයි. කෙසේ වුව ද ආසියාතික රටවල තරුණ කාන්තාවන් අතර සම රැකගැනීමේ හා දීප්තිමත් සමක්‌ ලබාගැනීම පිණිස වූ රූපලාවණ්‍ය සම්බන්ධව පවතිනුයේ දැඩි නැඹුරුවකි.

ලෝකයේ අනෙකුත් රටවල් මෙන්ම ශ්‍රී ලංකාවේ ද වෙළෙඳපොළ තුළ ස්‌වාභාවික ශාකවල, එහි ඇති විවිධ කොටස්‌, පලතුරු, කොළ, මුල්, මල් සහ සමහර අවසථාවල මුළු ශාකය ම ශාක සාර නිෂ්පාදන සඳහා යොදාගනී. මේ නිෂ්පාදනයන්හි ශරීරයේ විවිධ ක්‍රියාකාරීත්වයන්ට අදාළ වන ලයිකෝපීන්, බීටා කැරොටින් වැනි ස්‌වාභාවික අමුද්‍රව්‍ය ද වේ. උදාහරණයක්‌ ලෙස Arbutin හා විටමින් C සතු ව සම පැහැපත් කිරීමේ හැකියාව ඇති අතර අත්‍යවශ්‍ය මේද (Essential oil) හා ටර්පීන (Terpene), කල්තබාගැනීමේ ස්‌වාභාවික අමුද්‍රව්‍ය ලෙස භාවිත කරයි.

වාර්තා වන පරිදි 2006 වර්ෂයේ යුරෝපීය වෙළෙඳපළ තුළ ස්‌වාභාවික හා කාබනික රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවිය යුරෝ බිලියන 1.1ක්‌ වූ අතර වර්තමානය වන විට මේවා ලෝක වෙළෙඳපළ තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 7කට වැඩි ප්‍රමාණයක්‌ හිමි කරගැනීමට සමත් ව ඇත. කෘත්‍රිම නිෂ්පාදන අභිබවා ස්‌වාභාවික ශාක සාර නිෂ්පාදනවල පවතින සුරක්‍ෂිතතාව හා හිතකර බව පිළිබඳ වූ දැඩි විශ්වාසය මේ වෙළෙඳපොළ වර්ධනයට බලපා ඇතැයි සමීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

ආයුර්වේද හෝ ශාකසාර සම පැහැපත් කිරීමේ ආලේපනවල රසායනික ද්‍රව්‍ය අඩංගු නො වන බවට මතයක්‌ වර්තමාන සමාජය තුළ පවතී. එහෙත් සත්‍ය වශයෙන් ම එම නිෂ්පාදනවල නිසග ගුණාත්මක බව, ස්‌ථායිතාව, කල්පැවැත්ම වැනි ගුණාංගයන් සාක්‍ෂාත් කරගැනීමට රසායනික මාධ්‍ය භාවිත කරනු ලැබේ. මේ රාසායනික මාධ්‍ය රූපලාවණ්‍ය නිෂ්පාදන ක්‍රියාවලියේ දී ඇති වන අතුරුඵල සමග මිශ්‍ර වී තිබීමට හැකි අතර එමගින් පිළිකාකාරක සහ වෙනත් සෞඛ්‍ය ගැටලු මතු වීමේ අවදානමක්‌ පවතී. එවැනි උදහරණ කිහිපයක්‌ විමසා බලමු.

1) 1, 4 -dioxane යනු ඛනිජ තෙල් ආශ්‍රිත ව නිපදවන පිළිකාකාරක රසායනික සංයෝගයක්‌ වන අතර, ශාක ආශ්‍රිත රසායනිsක අමුද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලියේ දී ඇති වන අතුරුඵලයක්‌ ලෙස නිෂ්පාදන තුළ අඩංගු විය හැකි ය.

2. N-nitrosoethanolamine (NDELA) මේ රසායනිකය 1979 - 1980 කාලයේ දී රූපලාවණ්‍ය නිෂ්පාදනවල අඩංගු වූ හානිකර අපවිත්‍ර කාරකයක්‌ ලෙස හඳුනා ගන්නා ලදී.

3. Ethyl droxide යනු ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍යවල අඩංගු විය හැකි තවත් අපවිත්‍රකාරකයක්‌ වන අතර එයින් සමට හා ශ්වසන පද්ධතියට අහිතකර බලපෑම් ඇති විය හැකි ය.

4. බැර ලෝහ

- නිෂ්පාදන ක්‍රියාවලියෙහි දී භාවිත වන බඳුන් හා උපකරණ ආශ්‍රිත තුළට බැර ලෝහ මිශ්‍ර විය හැකි ය.

- ජලයෙන් රසානික පොහොර, දිලීර හා කෘමිනාශකවලින් අපවිත්‍ර වූ පස්‌ හා ජලය ආශ්‍රිත බැවින් ශාක අමුද්‍රව්‍ය සඳහා යොදා ගැනීමේ දී ඒවායේ බැර ලෝහ අන්තර්ගත වීමේ අවදානමක්‌ පවතී.

- නිෂ්පාදනයන්ට යොදාගන්නා ශාක හා වෙනත් අමුද්‍රව්‍යවල බැර ලෝහ මිශ්‍ර වී තිබීමේ හැකියාවක්‌ පවතී. ඉතා වැදගත් ම කරුණ වන්නේ රසදිය වැනි බැර ලෝහ එහි විවිධ ප්‍රතික්‍රියාවන් නිෂ්පාදනයට අඩංගු කිරීමේ අදහසින් මිශ්‍ර කිරීම දැකිය හැකි වීමයි.

සමෙහි වර්ණය නිර්ණය වන්නේ සමෙහි අන්තර්ගත වන මෙලනින් (Melanin) වර්ගය හා ඝනත්වය මත වන අතර, සම පැහැපත් කිරීමේ දී සිදු වන්නේ මෙලනින් ඝනත්වය කෘත්‍රිමව අඩු කිරීමයි. මෙලනින් වර්ණකයේ ප්‍රධාන වර්ග 02කි. මෙහි Eumelanin වර්ණකය වඩා සුලබ වන අතර සම දුඹුරු හෝ තද පැහැ වීමට එය හේතු වේ. Pheaeomelanin වර්ණය එතරම් සුලබ නො වන අතර කහ හෝ රතු පැහැයක්‌ සඳහා හේතුකාරක වේ.

මෙලනින් වර්ණකය නිෂ්පාදනය වීම ඉහළ යැම හේතුවෙන් සමේ රෝග විශාල ප්‍රමාණයක්‌ (Hyperpigmentation) ඇති වීමේ අවදානමක්‌ පවතින බව රස පරීක්‌ෂණ මගින් අනාවරණය වී ඇත. එබැවින් මුල් අවධියක දී සම පැහැපත් කිරීමේ සංයෝග, Hyperpigmentation වැනි තත්ත්ව සඳහා බහුල ලෙස යොදාගන්නා ලදී. සම වඩා පැහැපත් කරගැනීමට ඇති ආශාව හේතුවෙන් මෙවැනි සංයෝග සුලබව භාවිත කිරීමට මිනිසුන් පෙළඹී ඇති අතර එමගින් සිදු විය හැකි අතුරු ප්‍රතිඵල පිළිබඳ අවධානය අඩු වී ඇත.

අතීතයේ සිට රසදිය සම පැහැපත් කිරීමේ සංයෝගයක්‌ ලෙසත්, දිලීර නාශක සඳහාත්, දත් බෙහෙත් කුඩුවල සහ කල් තබාගන්නා ද්‍රව්‍යයක්‌ ලෙසත් භාවිත කර ඇත. රසදිය ප්‍රධාන ප්‍රභේද තුනක්‌ ලෙස සුලබව පවතියි. මෙයින් අකාබනික රසදිය සංයෝග රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා බහුලව භාවිත වේ.

සමෙහි මෙලනින් වර්ණකය නිපදවීමේ ක්‍රියාවලිය සඳහා Tyrosinase නම් එන්සයිමයට Tryrosme නම් සංයෝගය හා ස්‌වසන ක්‍රියාකාරීත්වය සඳහා Cu2+ අයන උපකාරී වේ. සිරුරේ රසදිය (Hg) පවතින විට, Cu2+ වලට වඩා රසදිය, එන්සයිමයේ ක්‍රියාකාරී ස්‌ථානය සමග ස්‌වාධීන ලෙස සම්බන්ධ වීම නිසා එන්සයිමයේ ක්‍රියාකාරීත්වය අඩාළ වීමත් එමගින් සමෙහි මෙලනින් වර්ණකයේ නිෂ්පාදනය අඩාළ වීමත් සම පැහැපත් වීමත් සිදු වේ.

සම පැහැපත් කිරීමේ විවිධ ආලේපනවල අන්තර්ගත රසදිය සම මගින් අවශෝෂණය වීම නිසා මිනිස්‌ සිරුරට ඇතුළු වේ. දැනට කරන ලද පරීක්‍ෂණවලට අනුව සම මත ගල්වන රසදිය ක්‌ලෝරයිඩ් (HgCl) ප්‍රමාණයෙන් 8%ක්‌ පැය 5ක්‌ ඇතුළත සිරුර තුළට අවශෝෂණය වේ. ඒ අනුව රසදිය සිරුර තුළට අවශෝෂණය වීම දිගු කාලීන ක්‍රියාවලියක්‌ වන අතර, මේ අකාබනික රසදිය සංයෝග අක්‌මාව හා බඩවැල ආශි්‍රතව අනතුරුදායක තත්තAව ඇති කිරීමට හේතුකාරක වන බවට තහවුරු වී ඇත.

ස්‌නායු පද්ධතියට අදාළව රසදිය මිශ්‍ර වීමෙන් සිරුරේ දැකිය හැකි රෝග ලක්‍ෂණ ලෙස අධික මහන්සිය, අධික හිස කැක්‌කුම, මතකය හීන වීම, මුඛය තුළ ලෝහ වැනි රසයක්‌ දැනීම, නොසන්සුන් බවක්‌ ඇති වීම වැනි ලක්‍ෂණ දක්‌විය හැකි ය. රසදිය කාරක ආලේපන භාවිතයේ අතුරුඵලයක්‌ ලෙස ආලේපන සාන්ද්‍රගත ව තැන්පත් වූ ප්‍රදේශ තද පැහැයක්‌ ගැනීම සිදු වන අතර මේ තත්ත්වය Ochronosis ලෙස හඳුන්වයි.

මෑතක දී කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස රසදිය අඩංගු රූපලාවණ්‍ය ආලේපන මාස 03ක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ භාවිත කිරීමෙන් සිරුරට රසදිය විෂ වීම පියවි ඇසට දැකගැනීමට තරම් ප්‍රමාණවත් බව හඳුනාගෙන ඇත. රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා භාවිත කළ හැකි උපරිම රසදිය ප්‍රමාණය නිෂ්පාදන කි. ග්‍රෑමයකට මිලි ග්‍රෑම් 1ක්‌ ලෙස ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය මගින් දක්‌වා ඇත. එහෙත් යුරෝපා සංගමය සහ බොහෝ අප්‍රිකානු රටවල් රසදිය අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදන තුළ ඇතුළත් විය හැකි උපරිම රසදිය ප්‍රමාණය ලෙස 3 ppm (parts per million) දක්‌වා ඇති අතර ඔවුන් ප්‍රකාශ කරන පරිදි රූපලාවණ්‍ය නිෂ්පාදන තුළ බැර ලෝහ යම් ප්‍රමාණයක්‌ අන්තර්ගත වීම නො වැළැක්‌විය හැකි අතර අඩංගු විය හැකි බැර ලෝහ ප්‍රමාණය උපරිම වශයෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු ය.

ශ්‍රී ලංකාව තුළ ඇති නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය අනුබද්ධ විශේෂ තොරතුරු ප්‍රමිති ආයතනයේ SLS 457 : 2 වැනි කොටස යටතේ සඳහන් කර ඇත. වර්ණකාරක හා වර්ණ කිරීම සඳහා වන අනෙකුත් සංයොAගවලට අමතරව භාවිත කෙරෙන වෙනත් අමුද්‍රව්‍ය ආරක්‍ෂාකාරී නො වන බව හඳුනාගෙන ඇත. ඒ අනුව රසදිය හා රසදිය ආශ්‍රිත වෙනත් සංයෝග ප්‍රමිති ආයතනයේ “GNRAS" තොරතුරු ලේඛනයෙහි, සාමාන්‍යයෙන් ආරක්‍ෂාකාරී ලෙස හඳුනා නො ගත් අමුද්‍රව්‍ය ලෙස ඇතුළත් කර ඇත. එම ලේඛනයේ ඇතුළත් වන සංයෝග ඇතැම් විට කිසිසේත් භාවිතයට සුදුසු නො වන හෝ ඇතැම් තත්ත්ව යටතේ භාවිතයට සුදුසු වන, ආදී වශයෙන් වර්ගීකරණය කර ඇත.

කැඩ්මියම් (Cd) හා ආසනික්‌ (As)ල වර්ණකාරක හෝ අනෙකුත් නිෂ්පාදන තුළ අන්තර්ගත විය හැකි අතර එම උපරිම සීමාව 5 ppm ලෙස නිර්දේශ කර ඇත. Cd යනු කහ සිට තැඹිලි වර්ණය දක්‌වා යොදාගන්නා වර්ණකාරක සංයෝගයක්‌ වන අතර, තෙල් ආලේපන හා පුයර (Face powder) සඳහා බහුලව භාවිත වේ. Cd සිරුරේ කෙරටින් සංයෝග සමග සම්බන්ධ වේ. සම හරහා වන Cd අවශෝෂණය තරමක්‌ අඩු වුව ද සාන්ද්‍රගත Cd සහිත ආලේපන සම සමග දිගු කාලයක්‌ සම්බන්ධ ව පැවතීම චර්ම රෝග ඇති වීමට හේතුකාරක වීමේ අවදානනමක්‌ පවතී. 'As' සමට, නියට හා හිසකෙස්‌වලට ඇති ආකර්ෂණය අවම වේ. එම නිසා සම හරහා අවශෝෂණය අවම වීම හේතුවෙන් As මගින් ඇති විය හැකි සෞඛ්‍යමය ගැටලු අවම වුව ද එහි අනතුරුදායකත්වය As පවතින රසායනික සංයෝගයේ ස්‌වභාවය මත තීරණය වේ. අකාබනික As සංයෝග කාබනික As සංයෝගවලට වඩා අහිතකර පිළිකාකාරක තත්ත්ව ඇති කිරීමට හේතු වේ.

රූපලාවණ්‍ය ආලේපන තුළ අන්තර්ගත බැර ලෝහ පිළිබඳ ඇතැම් රටවල් කරන ලද පර්යේෂණවලට අනුව එම ආලේපන භාවිතය සාපේක්‍ෂව හිතකර නමුත් ඔවුන් ගේ නිගමනවලට අනුව මේ නිෂ්පාදන දීර්ඝ කාලීනව භාවිතය සිරුර තුළ ඇති බැර ලෝහ ප්‍රමාණය ඉහළ නැංවීම හේතු විය හැකි ය. ශ්‍රී ලංකාව තුළ කරන ලද පර්යේෂණහි දී වෙළෙඳපොළේ තෝරාගත් සම පැහැපත් කිරීමේ ආලේපන 16ක්‌ ඇත. රසදිය ප්‍රමාණ විශ්ලේෂණයේ දී (Atomic Absorptron Spectroscopy මගින්) ඉන් එක්‌ නිෂ්පාදනයක අඩංගු රසදිය ප්‍රමාණය ඉතා ඉහළ වූ අතර තවත් නිෂ්පාදන දෙකක සැලකිය යුතු ඉහළ රසදිය ප්‍රමාණ අන්තර්ගත වී ඇති බව වාර්තා වී ඇත.

දැනට වාර්තා වී ඇති බොහෝ පර්යේෂණවලට අනුව, ශාක සාර රූපලාවණ්‍ය ආලේපන (Herbal Fairness cream) තුළ ඇතුළත් වී ඇති බැර ලෝහ ප්‍රමාණ පාලනය කිරීම පිළිබඳ පර්යේෂණවල ඇති වැදගත් බව තහවුරු වී ඇත. ඒ අනුව නිෂ්පාදන ක්‍රියාවලි හා විශ්ලේෂණ සම්බන්ධව නිර්මිත නිර්දේශ හා නීති මාලාවන් පැනවීම කළ යුතු ය. කෙසේ වුව ද තමා භාවිත කරන නිෂ්පාදන හා ආලේපන තුළ අන්තර්ගත අමුද්‍රව්‍ය පිළිබඳ පැහැදිලි දැනුවත් බවක්‌ පාරිභෝගිකයා සතු ව පැවතිය යුතු අතර එමගින් එම නිෂ්පාදන හා ආලේපන වර්ග භාවිතයෙන් තමාට සිදු විය හැකි හානිය අවම කර ගත හැකි ය.

ආචාර්ය බී. ඒ. පෙරේරා
රසායන විද්‍යා අංශය

තව කෙනෙක්ගේ ආරක්ෂාව උදෙසා බෙදාහරින්න අමතක කරන්න එපා..🙏❤️☣️

Photos from J-Talk's post 16/08/2020

ඔයාලා ආසම Victoria Secrets Perfume Range එකම පහසු මිලට අපෙන් ලබා ගත හැක ❤️

Photos from J-Talk's post 12/08/2020

ආයෙත් ගන්න පුළුවන් 😍

100% pure Black seed Oil -30ml

බලාගෙන ඉද්දි කොණ්ඩෙ වැවෙන සුදු කෙස් කළු කරන විශ්මිත කේශ වර්ධකය.

අද වන විට ලෝකය පුරාම හිසකෙස් සදහා භාවිතා කරන ප්‍රසිද්ධ වගේම මිල අධික රහස තමා Black seed oil නැත්නම් කළුදුරු තෙල්.

ඔයාලා ගොඩක් අය කිව්වා හිසකෙස් සම්බන්ධ සියළුම ප්‍රශ්න වලට විසදුමක් දෙන්න කියලා.

මෙහි ප්‍රධාන ප්‍රතිලාභය වන්නේ කළු දුරු වලට ආවේණික ගුණය නිසා ඉතා සිහින් කෙස් ගස් නැවත වර්ධනය කරමින් පිරිපුන් කෙස් කළඹක් ලබා දේ.
එමෙන්ම,

👉හිස කෙස් ඉතා ඉක්මණින් වර්ධනය වීමට
👉සූදු කෙස් ගස් (Gray Hair) ස්වභාවිකවම කළු පැහැ කිරීමට
👉උකුණන් ලේඩින් මර්ධනය කරමින් හිස් කබල පිරිසිදු වීමට
👉හිසරදය හා මානසික ආතතිය දුරු කිරීම මෙන්ම රුධිර පීඩන තත්වය අවම කිරීමට
👉රීබොන්ඩින්ග්, රිලැක්ස් , කලර්ස් වැනි රසායනික විපර්‍යාස නිසා කෙස් කළඹට ඇති උන හානිය 100%ක් යථා තත්වයට පත් කිරීම
👉හිස් හොරි, හිස් කබල අධිකව වියළීම දුගද ඇතුළු සියළුම හිස් කෙස් රෝග සදහා ඉතාමත් සාර්ථකම ප්‍රථිකර්මය කීවොත් නිවැරදියි..

ඔබ මීට පෙර Blackseed Oil භාවිතා කලත් ඔබට ප්‍රථිඵල ලැබී නැති වෙන්නට පුළුවන් .

එයට හේතුව අද දින විට වෙළදපළ තුළ 100% කළුදුරු වලින්ම නිස්සාරණය කරන ලද තෙල් සොයා ගත නොහැකි වීමයි.

දහස් ගණන් දී මිලදී ගන්නා තෙල් එක තුළ බොහෝ විට ඇත්තේ සුදු පොල් තෙල් සමග double boil කල කළුදුරු ස්වල්පයක් අඩංගු තෙල් වර්ගය.

නමුත් අපගෙ නිශ්පාදනය අතට ගත් විටම ඔබට වෙනස වටහා ගන්නට හැකි වේ

100%ක් black seed අඩංගු තෙල් වර්ගයෙහි විශේෂත්වය වන්නෙ මෙය පානය කිරීමට හැකි වීමයි.

එයින් ශරීරයේ මේදය දහනය කරනවා පමණක් නෙමේ අභ්‍යන්තරයෙන්ම සම පෝෂණය කරමින් ඒකාකර පැහැයක් සමගින් ලප කැළැල් (Stretch Mark) දුරලයි.

අනුකරණ වලින් මෙම ප්‍රථිලාභ ලබා ගත නොහැකි බවත් පානය කිරීමෙන් අහිතකර ප්‍රථිඵල ලැබිය හැකි බවත් කරුණාවෙන් සලකන්න.

ඇණවුම් කිරීම සදහා අපිව සම්බන්ධ කරගන්න ❤️
දිවයින පුරා බෙදාහැරිමෙ සේවය ක්‍රියාත්මකයි

Photos from J-Talk's post 10/08/2020

සැෆ්‍රන් බොන්නේ කොහොමද කියලා ඔයාලා නිතරම අහනවානේ..

මෙන්න කුංකුම භාවිත කරන සාර්ථක ක්‍රම කීපයක්

❤️පොල් වතුර /තැඹිලි වතුර එක්ක බොන්න
සැෆ්‍රන් භාවිතා කරන දැනට තියන සාර්තකම ක්‍රමයක් තමයි මේක.. විශේෂයෙන් ප්‍රථිඵල ලැබෙන්න පරක්කු අයට , ඇග ගොඩක් උෂ්ණ අයට වගේම ගර්භණී ඔබටත් නිර්දේශ කරන්න පුළුවන් හොදම ක්‍රමය තමා මේක.
පොල්වතුරට සැෆ්‍රන් රේණු 3-4ක් එකතු කරලා විනාඩි 7-8ක් වගේ තියලා බොන්න.
ඇග උෂ්ණ කෙනෙක්ට දවස දෙකකට සැරයක් වගේම ගැබිණි කාන්තාවන්ට සතියට දෙපාරක් භාවිතා කරන්න පුළුවන්.

❤️කිරි එකක් කුංකුම බොන්න
සමාන්‍යයෙන් සැෆ්රන් පානයක් විදිහටත් ආලේපනයක් විදිහටත් ඔයාට භාවිත කළ හැකියි. ඉතිං පානයක් විදිහට සැෆ්රන් බොනකොට කිරි එකකට සැෆ්රන් රේණු 04 ක් 05 ක් එකතු කර ගන්න වෙනවා. උණුසුම් කිරි කොප්පයක් තමයි ඔයා මේ සඳහා භාවිතා කරන්න ඕන වෙන්නේ. ඔයා දන්නවාද අපි ඔයාට කිරි එක්ක සැෆ්රන් බොන්න කියන්නේ ඇයි කියලා. සමාන්‍යයෙන් සැෆ්රන්වල ටිකක් විතර ඌෂ්ණය තියෙනවා. කිරි එක්ක ඔයා මිශ්‍ර කර ගත්තට පස්සේ කිසිම ගැටළුවක් නැතුව ඔයාට සැෆ්රන් බොන්න පුළුවන්. ඉතිං උණුසුම් කිරි වීදුරුවකට සැෆ්රන් එකතු කරලා විනාඩි 05 ක් විතර තියලා බොන්න. සති 03 ක් 04 ක් යනකොට මේ වෙනස හොඳින් ඔයාටම වටහා ගත හැකියි. ඔයාට මේ සඳහා පිටි කිරි හෝ එළ කිරි වුණත් භාවිත කළ හැකියි.

❤️උණු වතුර එක්ක
ගොඩක් දෙනෙක් උණු වතුර එක්කත් සැෆ්රන් බොන්න පුරුදු වෙලා ඉන්නවා. කලින් කිව්ව විදිහට ඔය උණුවතුර වීදුරුවකට සැෆ්රන් රේණු 04 ක් 05 ක් එකතු කරලා වතුර වීදුරුවේ පැහැය වෙනස් වුණාට පස්සේ පානය කරන්න. මේ විදිහට සතියට දින දෙකක් 03 ක් විතර විතර පානය කළාම ඔයාටම ඔයාගේ සමේ වෙනස හොඳින් වටහා ගන්න පුළුවන්.

❤️පැක් එකක් විදිහට
පානයක් විදිහට විතරක් නෙමෙයි පැක් එකක් විදිහටත් ඔයාට සැෆ්රන් දැන් භාවිත කළ හැකියි. ඔයා දන්නවාගේ යෝගට්වලින් ඔයාගේ සමට ප්‍රෝටීන් හොඳින් ලබා දෙනවා කියලා. මුහුණේ මළානික බව වියළි බව අඩු කර ගන්නත් සමට පැහැදිළි පෙනුමක් ලබා ගන්නත් යෝගට් ඔයාට උපකාරී වෙනවා. වෙනදා ඔයා යොගට් මුහුණට භාවිත කළේ නිකම්මනේ. ඔන්න දැන් ඔයාට පුළුවන් යෝගට් පැක් එකට කුංකුම රේණු කිහිපයක් එකතු කර ගන්න. එයින් ඔයාගේ සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා. ඉතිං සතියකට එක් වතාවක් හරි ඔයා යෝගට් ටිකකට මේ විදිහට කුංකුම රේණු කිහිපයක් එකතු කර ගන්න අමතක කරන්න එපා.

❤️කෝමාරිකා ජෙල් වලට කුංකුම මිශ්‍ර කර ගන්න
ගොඩක් දෙනෙක් කෝමාරිකා ජෙල් භාවිත කරනවානේ මුහුණ පැහැපත් කර ගන්න. විශේෂයෙන්ම කෝමාරිකාවල ගුණය නිසා ඔයාගේ සමේ වියළි බවට වගේම කුරුළෑ ලප කැළැල් නැති කරගෙන සමේ තෙතමනය ආරක්ෂා කර ගන්නවා. ඉතිං ඔයා කෝමාරිකා ජෙල් භාවිත කරනවා නම් මේ ජෙල් එකට කුංකුම රේණු කිහිපයක් එකතු කරන්න අමතක කරන්න එපා. මෙයින් ඔයාගේ මුහුණට දීප්තිමත් කහ පැහැයක් ලබා ගත හැකියි.

❤️කුංකුම-කිරි-ඔලිව් ඔයිල් එකට මුසු කර පැක් එකක් සකස් කර ගන්න
ඔයාට ඉහතින් සඳහන් කළ අමුද්‍රව්‍යවලට අමතරව සීනි සහ වතුර ස්වල්පයක් එකතු කර ගත හැකියි. මේ සියල්ල එකට මිශ්‍ර කර ගත්ත ට පස්සේ ඔයාට තියෙන්නේ පිරිසිදු පුළුන් කැබැල්ලක් අරගෙන මුහණේ සහ ගෙල අවට හොඳින් ආලේප කිරීමයි. කුංකුම වතුරට එකතු කරලා විනාඩි 20 ක් විතර තියන්න. ඊට පස්සේ සීනි හා ඔලිව් ඔයිල් එකතු කරන්න. ඔලිව් ඔයිල් නැතිනම් පිරිසිදු පොල් තෙල් භාවිත කරන්න. පසුව ඔයාට කරන්න තියෙන්නේ මේ සියලු අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර ගැනීමයි. මේ විදහට ඔයා සකස් කර ගන්න මිශ්‍රණයක් සතියකට එක් වතාවක් විතර ඔයාට භාවිත කළ හැකියි. දින කිහිපයක් ගත වුණාට පස්සේ ඔයාගේ මුහුණට පැහැපත් බවක් එකතු වෙනවා වගේම ඔයාගේ මුහුණේ අඳුරු පැහැය අඩු වෙලා යන්න පටන් ගන්නවා. සිරුරේ ඌෂ්ණය වැඩිපුර තියෙන කෙනෙක් කුංකුම පානය කරනවාට වඩා කුංකුම මේ විදිහට බාහිර ආලේපනයක් විදිහට භාවිත කරීම තමයි වඩාත් යහපත් වෙන්නේ.

❤️ක්‍රීම් එකට කුංකුම එකතු කර ගන්න
ඕනෑම කෙනෙක් දිනපතා ක්‍රීම් එකක් භාවිත කරනවානේ. ඉතිං මේ විදිහට ඔයා භාවිත කරන ක්‍රී‍ම් එකට කුංකුම රේණු 04 ක් 05 ක් එකතු කරලා ක්‍රීම් එකක් විදිහට භාවිත කළ හැකියි. ඔයා භාවිත කරන day හෝ night ක්‍රීම් එකකට මේ විදිහට කුංකුම එකතු කරගෙන භාවිත කරලා බලන්න. එයිනුත් ඔයාට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.

❤️මීට අමතරව යෝගට්/මුදවපු කිරි/විවිධ ෆේස් පැක් වර්ග /බොඩි පැක් වර්ග/ සලාද වර්ග/බත් වර්ග/රස කැවිලි /ලැසි වර්ග/කරී වර්ග /අතුරු පස සදහා මේ කුංකුම භාවිතා කරන්න පුළුවන්

සුදු වෙන්න සැෆ්රන් බොන්නේ මෙහෙමයි😊😊

ඔයාගේ සම ලප කැළැල් වලින් බහුල නම් ඇත්තටම ඔයාට ඕන වෙන්නේ ඔයාගේ සම පැහැපත් කර ලප කැළැල් අඩු කර ගන්නනේ. ඉතිං ඔයාට අපි මේ කියන පැක් එක සැෆ්රන්වලින් සකස් කර ගන්න පුළුවන්. සුද හඳුන් වලට හෝ අමු කහ වලට සැෆ්රන් රේණු කිහිපයක් එකතු කරලා සතියකට එක් වරක් විතර ආලේප කරලා බලන්න. කිහිප සැරයක් මේ සත්කාරය කරනකොට ඔයාගේ සමට දීප්තිමත් පැහැයක් එකතු වෙලා තිබුණු ලප කැළැල් ඉවත් වෙලා සුමුදු සමක් ලැබේවී.

වැදගත්ම දේ වෙන්නේ ඔයා කුංකුම භාවිත කරනකොට ඔයාගේ සිරුරේ ඌෂ්ණය ගැන සැළකිලිමත් වීමයි. සිරුරේ උණුසුම් ගතිය වැඩි නම් හොඳම දේ වෙන්නේ ඔයා ආලේපනයක් විදිහට කුංකුම භාවිත කිරීමයි. එහෙම නැති නම් ඔයාට පානයක් විදිහටත් කුංකුම භාවිත කළ හැකියි. ඉතිං ඔයා තීරණය කරලා ඔයාට ගැළපෙනම විදිහට කුංකුම භාවිත කරලා සාරථක ප්‍රතිඵල අත්කර ගන්න.

උපුටා ගැනීම තහනම්
-Saffron Sl-

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Negombo