Ceylon Ayurvedic Natural Beauty

Ceylon Ayurvedic Natural Beauty

Share

මේ ඩොක්ටර්ස්ලා තමයි Health Tea එකේ නිශ්පාදන කටයුතු, ගුණාත්මක භාවය, පිලිබඳව කටයුතු කරන්නේ ඒ වගේම ඒ පිළි

හිසකෙස් ගැලවීයාම වැලක්වා වර්ධනය කිරීම, පැහැපත් සමක් ලබාදීම, නියපොතු ශක්තිමත් කිරීම ඇතිකරවන; ග්‍රීන් ටී, කුරුඳු, ආමන්ඩ් ඇට සාරය, බ්ලැක් ටී, දෙහි සාරය සපිරුනු මෙම ස්වාභාවික තේ පානය ඔබව නීරෝගී-රුවැත්තියක් කරවයි.

වෙළඳපොලේ දැනටමත් ඇති ආනයනය කරන ලද අධික මිල ඇති කැප්සියුල්ස් වෙනුවට; ආයුර්වේදයේ සඳහන් ඖෂධ අඩංගු Health Tea Natural Beauty; ඔබගේ ශරීර අභ්‍යන්තරය පිරිසිඳු කර සැමදා පවතින රූමත් බවක් ලබාදේ.

19/05/2025

ඔබගේ විශේෂ සෞඛ්‍ය උපදෙස් අවශ්‍යතා සඳහා වෛද්‍ය සී. රාජපක්ශ මහත්මිය “පාරිභෝගික සේවා වෛද්‍යවරිය” ලෙස කටයුතු කරනු ලැබේ.

ඔබ අප ආයතයනයෙන් ලබාගත් ඖෂධ භාවිතා කරන අතරතුර, අතිරේක ප්‍රතිකාර උපදෙස් හෝ පුද්ගලීකෘත උපදේශන අවශ්‍ය වූ විට, ඔබට සෘජුවම වෛද්‍යතුමිය සම්බන්ධ කර ගත හැකි වේ.

ගුණාත්මක, විශ්වාසදායක සහ පාරිභෝගික-අවධානයෙන් යුත් සේවාවක් ඔබ වෙත ගෙන ඒම අපගේ මූලික අරමුණ වේ.

Dr. Ms. C. Rajapaksha
M. Sc. in Pharmaceutical Botany (UoP- SL)
BAMS (UoC- SL)
B. Sc. in Cosmetology (AUGP, USA- SL)
CCHRM (CIPM- SL)
Ad. Dip. in Psychotherapy (MHF- SL)
Dip. in Counseling Psychology (MHF- SL)

10/06/2023

🌀🌀නට්ස් වර්ග අතරින් ඉතාමත් ප්‍රසිද්ධ ආමන්ඩ් ඇට ශරීරයේ අත්‍යාවශ්‍ය කෘත්‍යන් රැසක් සිදු කිරීමට දායක වන පෝෂක අඩංගු පෝෂ්‍ය ගබඩාවක් ලෙස හදුන්වන්න පුලුවන් .
ආමන්ඩ් ඇට වල ශරීරයට අත්‍යාවශ්‍ය ලිපිඩ,විටමින් ,ප්‍රෝටීන. හා තන්තු ද ස්වල්ප වශයෙන් මැග්නීසියම් ,මැංගනීස්,කොපර් හා පොස්පරස් අඩංගු වෙනවා.
ආමන්ඩ් ඇට රොස්ට් කර හෝ අමු ආමන්ඩ් ඇට ලෙස වෙළදපලේ දක්නට ලැබෙනවා.
ඒ වගේම ආමන්ඩ් ඇට වලින් සාදන ආමන්ඩ් කිරි, ආමන්ඩ් බටර් , ආමන්ඩ් පිටි , ආමන්ඩ් තෙල් ලෙස ආමන්ඩ් ඇටය ආශ්‍රිත සෞඛ්‍ය සම්පන්න නිශ්පාදන ‍රැසක් අද වන විට හදුන්වා දීලා තිබෙනවා.

ආමන්ඩ් ඇට ආහාරයට ගතයුතු ඇයි?

1. ආමන්ඩ් ඇට වල ප්‍රතිඔක්සිකාරක බහුලව තිබෙනවා . එමගින් ඔක්සිකාරක ආතතිය, ශරීරයේ ප්‍රතිදාහක තත්ත්වයන්( inflammatory conditions ), පිලිකා සෛල නැසීම , සෛල වයස් ගත වීම ප්‍රමාද කීරීම වැනි වාසී ආමන්ඩ් ඇට අනුභවයෙන් ලබා ගන්න පුලුවන්.

2. ආහාර අතරින් විටමින් E අඩංගු හොදම ප්‍රභවයක් ලෙස ආමන්ඩ් ඇට හදුන්වනවා.විටමින් E පැවතීම නිසා ආමන්ඩ් ඇට අනුභවයෙන් සමට නිසි පෝෂණයක් ලබා ගන්න පුලුවන්.ඒ වගේම පිළිකා සෛල වර්ධනය අඩාල කිරීමද, හෘදයේ නිරෝගී පැවැත්මටද , ඇල්සයිමර් රෝගයෙන් වැළකී සිටීම වැනි වාසි රැසක් ලබා ගන්න පුලුවන්

3. රුධිරගත සීනී මට්ටම පාලනය කල හැකි ගුණ ආමන්ඩ් ඇට වල පවතින බව සොයාගෙන තිබෙනවා . ආමන්ඩ් ඇට වල කාබෝහයිඩ්‍රේට් අඩුවීම, හිතකර ලිපිඩ, ප්‍රෝටීන හා තන්‍තු වැඩිපුර පැවතීම නිසා දියවැඩියා රෝගීන් සදහා ඉතාමත් ගුණදායකයි.

4.ආමන්ඩ් ඇට වල මැග්නීසියම් අඩංගු බැවින් රුධිර පීඩනය යාමනයට ද දායක වනවා.

5. ආමන්ඩ් ඇට අනුභවයෙන් හෘද රෝග වලට ගොදුරු වීමේ අවධානම අඩු වෙනවා

6. මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමටත් ආමන්ඩ් ඇට දායක වෙනවා

7. නිරෝගී හා දිප්තීමත් සමක් ඔබට ලබා ගන්න පුලුවන්

8. ආමන්ඩ් ඇට ඇල්කලයින් ඝනයට අයත් ආහාරයක්.එනම් ශරීරයේ ph අගය අඩු කිරීමට දායක වෙනවා.ශරීරයේ ph අගය අඩු වීමේදී ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා ඒ වගේම ආහාර ජිරණ ක්‍රියාවලිය නිවැරදිව සිදු වෙනවා

9. ආමන්ඩ් ඇට වලින් ලැබෙන්නාවු ප්‍රතිලාභ අතරින් ප්‍රසිද්ධම ප්‍රතිලාභය වනුයේ ශරීරයේ බර අඩු කර ගැනීමට දායක වීමයි.

ආහාර පාලනය කරන අය දෛනිකව ලබා ගත යුතු ආමන්ඩ් ඇට ප්‍රමාණය ග්‍රෑම් 30ක් පමණ වනවා

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න www.healthtea.lk

21/04/2023

☀️නිතරම උණු වතුර පමණක් පානය කරන්න.

⭕ඒ මියගිය සුදු රුධිරාණු එක්රැස් වීමෙන් සෑදෙන ශ්ලේෂ්මල හෙවත් සෙම ස්වාභාවික උණුසුම හමුවේ දියවේ,

⭕චතුවේ සිටින සයනසයිට්ස් උත්සන්න කරන ක්ෂුදු ජීවත් වර්ග බොහොමයක් උණුකරන විට විනාශ වේ.

⭕එබැවින් නිතරම් උණු වතුර පානය කිරීමෙන් මෙයට ඉක්මන් සුවයක් ලබා ගත හැක.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

20/04/2023

🟠නෙළුම් අල

නෙලුම් අල යනු කාන්තාවන්ට දරු සම්පත් ලබා දෙන ඖෂධයක් ලෙස හදුන්වයි

රුධිරය වඩවා ශක්තිය වඩවයි

ශාකමය තන්තු අන්තර්ගත නිසා රුධිරය පිරිසිදු කරයි √ ශරීරය සිසිල් කරවන ආහාරයකි.

පුලුල්ව විහිදී ගිය ගුණයන්ගෙන් සපිරි නිසා මෙතෙක් සිරුරට අහිත කර වන අවස්තා සොයාගෙන නැත

ආයුර්වේද ක්‍රමයේදී රුධිරගත රෝග සුව කිරීමට නෙලුම් අල යොදා ගනී ප්‍රතිශක්ති මට්ටම ඉහල නංවා පිළිකා සෛල නසා මුලු සිරුරම නිරෝගී කරවයි

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

19/04/2023

බිත්තර වැඩියෙන් කන එක ශරීරයට හිතකර ද?

🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣

ගොඩක් මිනිසුන්ගේ මතයක් වෙන්නේ බිත්තරවල කොලෙස්ට්‍රොල් අධික ලෙස අඩංගු බැවින් වැඩියෙන් බිත්තර ආහාරයට ගැනීම සුදුසු නෑ කියලයි.

හැබැයි දැන් හොයාගෙන තියෙන ආකාරයට බිත්තරවල මොළයේ වර්ධනයට සුදුසු වර්ගයේ කොලෙස්ට්‍රොල් අඩංගු වෙනවා.

දැනට සොයාගෙන තියෙන ආකාරයට දවසකට බිත්තර තුනක් කන්න පුළුවන්නම් ශරීර්යට හොඳයි.

බිත්තර ආහාරයට ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන තමයි මේ.

🐣 ඇස් පෙනීම වැඩි වීම

බිත්තරවලින් ඇස් පෙනීම වර්ධනය කර ඇසේ සුද තත්වය ඇතිවීම වැළැක්වීමටද උදව් වෙනවා.

🐣 මස් පිඩු වර්ධානයට

මස් පිඩු වර්ධනය කිරීමට බිත්තර හුඟක් උදව් වෙනවා. කාය වර්ධනය කරන තරුණයන්ටනම් මේවා ගොඩක් වටිනවා.

🐣 බිත්තරවල ඇති පෝෂ්‍ය පදාර්ථ

බිත්තරවල අඩංගු වෙනවා විටමින් A, E, B-12, යකඩ, මැග්නීසියම්, තයමින්පොස්පරස් වැනි ශරීරයට බොහෝ වටිනා පෝෂ්‍ය පදාර්ථ.

🐣 අස්ථි වර්ධනයට

ශරීරයේ අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම්, විටමින් D බිත්තරවල බහුලව තියෙනවා.

🐣 ශරීරයේ බර අඩු කරගැනීමට

බිත්තරවල අඩංගු වෙන්නේ අඩු කැලරි ප්‍රමාණයක් හින්දා බිත්තර ආහාරයට ගත්තම බර පිරෙනවා. බර අඩු කරගන්න Diet කරන කට්ටියට මේක හොඳ ආහාරයක්.

18/04/2023

ලුණුවිල - (Bacopa monnieri)

මතක ශක්තිය ගෙන එන වටිනා ඖෂධීය ශාක ලෙස සැලකෙන තල, ගොටුකොළ, නිවිති හා එක පෙළට සිටින තවත් ශාකයක් ලෙස ලුණුවිල හැඳින්විය හැකියි.
ජලාශ්‍රිත පෙදෙස්වල මනාව වැවෙන කුඩා පැළෑටියක් වන ලුණුවිල මඳක් තිත්ත රසයෙන් යුක්තයි. වාත හා සෙම් රෝගවලට ගුණදායක ලෙස සඳහන් වන අතර ශාකයේ සියලු කොටස් ඖෂධ සඳහා යොදා ගැනෙනවා.

මොළයේ පටක වර්ධනය කිරීමේ ශක්තිය ඇති ලුණුවිල මානසික දුර්වලතා දුරලන්නක්. මතක ශක්තිය වැඩීමට, බුද්ධි වර්ධනයට , මානසික ඒකාග්‍රතාව රැකීමට මෙන් ම උන්මාද හා ශීර්ෂ රෝග සුව කිරීමට ද සුවිශේෂ දායකත්වයක් ලබා දෙනවා. මලබද්ධ‍ය දුරු කිරීමට හා සිරුරේ විෂහරණයටත් හේතුවනවා. මුත්‍රකාරකයක් හා මෘදු විරේචකයක් ලෙසත් ක්‍රියාත්මකවනවා. මනස සුවපත්කර නින්ද ත් ලබා දෙනවා.
ඒ හැරුණුවිට බලය ජවය වර්ණය හා ප්‍රතිශක්තිය සිරුරට කැඳවන්නක් , හදවත ශක්තිමත් කරන්නක් , ලිංගික හැකියාවන් උද්දීපනය කරන්නක් ලෙසත් හැඳින්වෙනවා.
එය පෙණහළු , අපස්මාර, ස්නායු රෝග මැඩලන්නක්. බරපතල ස්නායු ආබාධයක්වන පාකින්සන් රෝගයට සුදුසු ඖෂධයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. එසේ ම සෙම් වාත ඉදිමුම් වේදනා කැසීම් චර්ම රෝග ආම දෝෂ මල බද්ධ කුසගිනි මදිකම් දුරලන්නක් සේ සැළකෙනවා
* දරුවන්ට කුඩාකාලයේ සිටම ලුණුවිල යුෂ ස්වල්පයකට සමග මීපැණි බිඳුවක් දෙකක් මුසුකොට උදෑසන දෙන්නේ නම් ඔවුන්ගේ ඉගෙනුමට පලදායක වනවා.
*කතාකිරීමට පමාවන දරුවන්ට කතාකිරීමේ හැකියාව ඉක්මන් කර දෙන ඖෂධයක් ලෙසත් ලුණුවිල සැළකෙනවා. ඒ සඳහා
*ලුණුවිල රතුලූනු හෝ එළඟිතෙල් සමග මිශ්‍ර කර දෙනු ලබනවා.

*බිළිඳුන්ට රන් කිරි කට ගෑමේ දී මවුකිරට ලුණුවිල යුෂ ස්වල්පයක් මුසු කොට දෙන්නේ ස්මෘතිය බලය ආයු වර්ණ සම්පත් ලබා දීමේ අපේක්ෂාවෙන්.
කිරි දෙන මවුන්ට නොයෙක් ආකාරයෙන් ලුනුවිල ආහාරයට සකසා දෙන්නේත් දරුවාගේ යහපත් වර්ධනය උදෙසායි.
දරුවන්ට පමණක් නොව වියපත් වන්නන්ටද ලුනුවිල මගින් වටින මෙහෙයක් ඉටුවෙනවා. ඒවායේ ඇති සුවිශේෂ සංයෝග මගින් මොළයේ නව සෛල ජනනයට උත්තේජන සපයමින් මහලුවියේ මොළයේ ඇතිවන අඩපණවීම් වළකාලනවා. තරුණකම දිගු කර දෙනවා.
* වියපත්වීමේ දී ඇතිවන මතක අඩුවීමට දිනපතා උදය ලුණුවිල යුෂ බිංදු කීපයක් පානය කිරීම සුදුසුයි.

ලුණුවිල වේදනා නාශකයක් ලෙසත් ක්‍රියාකාරීවන බැවින් නොයෙකුත් ශරීර අපහසුතා සඳහා ආහාරයක් විලස ලබාදෙනවා. එය වණ කුෂ්ට් කැසීම් වැනි චර්ම රෝගවලට ත් ප්‍රතිචාර දක්වනවා.
* සිරුරේ ඉදිමුම් රතුවීම් වේදනා ඇතිවූවිට කොළ යුෂ ගෑමෙන් සහන අත්වෙනවා.
* උදෑසන හිස්බඩ ලුණුවිල කොළ යුෂ ස්වල්පයක් පානය කිරීම හෝ ලුණුවිල කොළ තුනක් සපාකා වතුර බීම මතක වැඩීමට උදව් වන්නක්.
*ලුණුවිල කොළ යන්තමින් වියළා කුඩුකර තේ පානයක් සේ සකසා ගත හැකියි.
*ලුණුවිල කුඩු තේ හැන්දක් එළකිරි සමග උදෑසන බීමෙන් රුධිරය පිරිසිදුවනවා . නොයෙකුත් අසාත්මිකතා නිසා ඇතිවන ලේ විෂවීම් වලටත් එය ප්‍රතිකාරයක් .
* කුඩු චූර්ණයක් සේ සකසා ඉන් තේ හැඳි දෙකක් ඇල්වතුර සමග බීමෙන් මානසික ආතතිය නිසා නොලැබෙන නින්ද ලබා ගැන්මට හැකිවන බව සඳහන්.
* උගුරේ අමාරුවලට කට හඬ දුර්වල වීමට ලුණුවිල කොළ එළඟිතෙලෙන් මලවා කෑම ගුණදායකයි . ඉන් කටහඬත් මිහිරිවනවා.
*ලුණුවිල අරළු හා තම්බා දීමෙන් මල බුරුල් වනවා.

* අක්මාවේ අධික වෙහෙස හා විෂ දුරලීමට ලුණුවිල කෂායකර දෙනු ලබනවා

* නිරෝගී සුව සහන සඳහා ලුණුවිල ශාකය සහ මුලින් ගෙන කොළ කැඳ සකසාගත හැකියි. තැම්බුමක් සේත්, වෑංජනයක් සේත් කොළ මැල්ලුමක් සේත් , සම්බෝලයත් සේත්, තෙම්පරාදුවක් සේත් සකසාගෙන ආහාරයට ගත හැකියි. සුප්වලටත් යොදා ගත හැකියි.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

17/04/2023

🌿සිරුරේ මේදය දහනය කරන කරපිංචා සතු ගුණ☺️

🌿කරපිංචා යනු විටමින් A, B, C, සහ B2, කැල්සියම් සහ යකඩ වලින් පොහොසත් ප්‍රභවයකි. මේ නිසාම කරපිංචා රෝග රැසක් සඳහා ගුණදායක වේ. ඇත්තෙන්ම එය බර අඩු කර ගැනීමේ සිට දියවැඩියාව පාලනය කිරීම දක්වා සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අපට ලබා දේ. ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්නේ කරපිංචා භාවිතයෙන් අපට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවයි.

1. බැක්ටීරියා සහ සෛල හානි වලින් ඔබව ආරක්ෂා කරයි.

2. තුවාල, සමේ පිපිරීම් සහ පිළිස්සුම් සුව කරයි.

3. බර අඩු කර ගැනීමට සහාය වේ.

4. දියවැඩියාව පාලනය කරයි

5. ඇස් පෙනීම වැඩි දියුණු කරයි.

වෙනත් ප්‍රතිලාභ

6. ශරීරයේ ඇති විස නැසීමට උපකාරී වේ

7. පාචනය,මලබද්ධය වැනි උදරාශ්‍රිත රෝගයන් සමනය කිරීමට කරපිංචා සාරය උපකාරී වේ.

8. ගර්භනී කාන්තාවන්ට ඇතිවන ඔක්කාරය,වමනය ආදී විවිධ අපහසුතා දුරු කිරීමට කරපිංචා සාරයට හැකිය.

9. මතක ශක්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

🌿කරපිංචා පරිභෝජනයෙන් බොහෝ ප්‍රතිලාභ ලබා ගත හැකි බව දැන් ඔබට පැහැදිලිය. ඉතින් ඔබත් කරපිංචා භාවිතා කර ඉහත ප්‍රතිලාභ අත් විදින්න.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

13/04/2023

🎀🎀අලුවා

තෙලේ බදින්නෙ නැතිව වැඩිපුර මුදල් වියදම් නොකර අවුරද්දට හදාගන්න පුළුවන් රස කැවිලි වර්ගය අලුවා.

🎀අවශ්‍ය ද්‍රව්‍ය

සුදු කැකුළු හාල් පිටි කිලෝ එකක්

සීනි කිලෝ එකක්

කජු ග්‍රෑම් 100 ක්

කරදමුංගු කුඩු ටිකක්

ඉඟුරු ඉස්ම තේ හැන්දක්

ලුණු කුඩු තේ හැඳි 1 ක්

වතුර කෝප්ප 2 ක්



සාදාගන්නා අන්දම

සුදු කැකුළු හාල් දියේ දමා නිවෙසේදී ම හෝ මෝලකින් කොටා ගන්න. මුලින් ම හාල්පිටි ටික හරිම ප්‍රවේශමෙන් බැදගන්න. නිතරම හැඳිගාමින් අඩිය අල්ලන්නේ් නැතිව පිටි ටික බැද ගන්න.

සීනි ටික පාටක් නැතිව උණු කර ගත යුතුයි. සීනි වලට වතුර එක්කර ළිප තබා පැණි පදමට උණුකරගන්න. (නූල් ඇදෙන පදමට) මේ පැණි ටික නිවෙන්න හරින්න. ළිපේ තිබියදීම පිටි දැමීමෙන් පැණිවලට බැදගත් පිටි ඔක්කොම මිශ්‍ර වෙන්න උත්සාහ කරනවා. මේ දෙකම වැරැදියි.

පැණි ටික නියම විදිහට උණුකර ගත්තේ නැත්නම් අලුවා හදන්න බැරි වෙනවා. නිවැරැදි ක්‍රමය හොඳින් උණුකරගත් පැණි ටික තරමක් නිවෙන්නට හැර එයට මුලින්ම කජු, සුවඳ කුඩු, ලුණු, ඉඟුරු ඉස්ම එකතු කරන්න. ඊට පසුව බැදගත් පිටි ටික ටික එකතු කරමින් මිශ්‍ර කරන්න. මේ කටයුත්ත බොහොම කඩිනමින් කළ යුතුයි.

පිටි මිශ්‍ර කිරීමට පෙර ලෑල්ලක් මතට පිටි අතුරා කෙසෙල් කොළ කෑල්ලක්, පිහියක් සූදානම් කරගෙන පැණි භාජනයට පිටි එක් කළ යුතුයි. මෙය ක්ෂණිකව කළ යුතුයි. අනාගත් පිටි පැණි මිශ්‍රණය ලෑල්ලට දමා කෙසෙල් කොළ කෑල්ලෙන් ඉක්මණින් තුනී කර කෑලි සඳහා ලකුණු කරන්න. ඝණ වූ පසුව කෑලි වෙන්කර ගන්න පුළුවනි. ශක්තිමත්ව තදට අළුවා ටික හදා ගත්තොත් පදම හරියටම හරි.
👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

12/04/2023

සෞඛ්‍යට වැදගත් කරුණු 7ක්

දුරකථනය වම් කණේ තබා ගෙන පිළිතුරු දෙන්න.

ඖෂධ සීතල ජලය සමග පානය නොකරන්න.

සවස 5 න් පසු බර ආහාර ලබා නොගන්න.
උදෑසන වැඩිපුර ජලය පානය කරන්න, රාත්‍රියට අඩුවෙන් ජලය පානය කරන්න.

නින්දට හොදම කාලය රාත්‍රී 10ත් අළුයම 4ත් අතර කාලයයි.

ඖෂධ ලබාගත් පසු ඉක්මනින්ම වැතිරිමෙන් වලකින්න.

බැටරිය අන්තිම කට්ටට බැස ඇති මොහොතේ දුරකතනයට පිළිතුරු නොදෙන්න. එම මොහොතේ විකිරණ පෙරට වඩා දහස් ගුණයකින් ප්‍රබලය.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

11/04/2023

රස වෑහෙන ඇඹරැල්ලා චට්නි
______



💁 අවශ්‍ය ද්‍රව්‍ය -

👉 ඇඹරැල්ලා ගෙඩි 5ක් 6ක්
👉 සීනි 100g
👉 විනාකිරි ටිකක්
👉 සුදු ලූනු
👉 බැදපු මිරිස් කුඩු ටිකක්
👉 ලුණු ටිකක්
👉 රම්ප
👉 කරපිංචා
👉 කුරුදු
👉 කරාබුනැටි
👉 එනසාල්
👉 උණු වතුර

💁 සාදන ක්‍රමය -

☞︎︎︎ මුලින්ම ඇඹරැල්ලා ගෙඩි ටික සුද්ද කර සෝදා කැලි වලට කපා ගන්න..

☞︎︎︎ දැ⁣න් වෙනම බාජනයක් ලිපේ තියලා ඒකට සීනී ටිකක් දාලා කැරමල් වී ගෙන එද්දි උණු වතුර දමා ඒකටම ඉතුරු සීනි ටිකත් දාලා දිය කරගන්න.

☞︎︎︎ දැන් ඒකටම කපා ගත් ඇඹරැල්ලා, එනසාල්, කරාබුනැටි, කුරුදු, ලුණු කුඩු ටිකත් දාලා කලවම් කර වසා තම්බා ගන්න.

☞︎︎︎ මේ ටික තැම්බීගෙන එද්දි ඒකටම අර බැදපු මිරිස් කුඩු ටික දාගන්න රස අනුව.

☞︎︎︎ ඇඹරැල්ලා ටික හොදට තැම්බිලා උකු වී ගෙන එද්දි මේකට විනාකිරි චුට්ටක් එකතු කරන්න..

☞︎︎︎ රස බලා අනෙකුත් අඩුපාඩුත් දමා පස්සේ වෙනම බාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා රත් වූ විට,

☞︎︎︎ අබ ටිකක්, තලා ගත් සුදු ලූනු, රම්ප, කරපිංචා දාලා කර කර අර ඇඹරැල්ලා චට්නි එකට දාලා කලම් කර ලිපෙන් බා ගන්න...

✪ ඔන්න අපේ රස ම රස ඇඹරැල්ලා චට්නි එක ලෑස්තී..😍🤤😋👌👌🔥🔥 👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

10/04/2023

රණවරා කැඳ

🧡සම පැහැපත් කර චර්ම රෝග දුරු කරයි.

🧡 පිත් රෝග සමනය කරයි.

🧡මුත්‍රා රෝග සඳහා වඩාත්ම ගුණදායකයි.

🧡සෙම් රෝග නසාලයි.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

Want your business to be the top-listed Beauty Salon in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Pangiriwatta Mawatha
Nugegoda
10250