IDS Production

IDS Production

Share

සබ්බං පහාය ගමනීයං

06/09/2026
22/08/2026

සන්බොනට් සු තිරිඟු පිටි නිපදවන සමාගමකි.
තම සමාගමේ පිටි ගෝනි වලින් කාන්තාවන්
ඇඳුම් ,මෙට්ට හා කමිස මසන බව සමාගමේ
අයිතිකරුවන්ට දැනගන්නට ලැබිණ.
දුප්පත් මිනිසුන්ට එම ඇඳුම් මහත් අස්වැසිල්ලක්ද විය.
සමාගමේ පිටි ගෝනි වල මල් මෝස්තර,හා
විසිතුරු රටාද මුද්‍රණය කිරීමට පටන් ගත්හ.
සමාගමේ ලාංඡනය ද ගෝනි මත මුද්‍රණය
කරන ලද්දේ සේදී යන තීන්ත වර්ගයකිනි.
මනුස්සකම් දන්නා මිනිසුන් ලෝකයට කෙතරම් භාග්‍යක්ද?

16/08/2026

පටිච්චසමුප්පාදය නොදැනීම නිසා...

පටිච්චසමුප්පාදය මහා දුක්ඛස්කන්ධයකි. දුඃඛ චක්‍ර‍යකි. එයට හසු වී සිටින්නා වූ සත්ත්වයෝ ජාති - ජරා - ව්‍යාධි - මරණාදි දුඃඛයන්ට හා ආපායික දුඃඛයන්ට ද නැවත නැවත හසු වෙමින් සෙක්කුවේ බඳින ලදු ව එය වටේ කැරකෙන ගවයන් මෙන් භවත්‍රයෙහි කැරකෙති. රෝගයක් ඇති කෙනකුට ඒ රෝගය හොඳින් හැඳින ගන්නා තුරු එයට සෑහෙන ප්‍ර‍තිකාරයක් කරගෙන එයින් මිදිය නො හෙන්නාක් මෙන් ප්‍ර‍තීත්‍යසමුත්පාද සංඛ්‍යාත දුඃඛ චක්‍ර‍ය හෙවත් සංසාර චක්‍ර‍ය හොඳින් හැඳින ගන්නා තුරු අවිද්‍යා තෘෂ්ණා සංඛ්‍යාත සංසාර චක්‍රයේ මූලධර්මයන් ප්‍ර‍හාණය කොට එය සිඳ එයින් මිදී නිවනට නො පැමිණිය හැකිය. එ බැවින් තථාගතයන් වහන්සේ විසින් ආනන්ද ස්ථවිරයන් වහන්සේට -

“ඒතස්ස ආනන්ද, ධම්මස්ස අඤ්ඤාණා අනනුබෝධා අප්පටිවේධා ඒවමයං පජා තන්තාකුලකජාතා ගුළාගුණ්ඨිකජාතා මුඤ්ජබබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තන්ති.” යි වදාරන ලදී.

“ආනන්දය, මේ ප්‍ර‍තීත්‍යසමුප්පාද ධර්මය නො දැනීම නිසා, අවබෝධ නො කිරීම නිසා, ප්‍ර‍තිවේධ නො කිරීම නිසා මේ සත්ත්වයෝ (මීයන් කැපූ) නූල් පන්දුවක් සේ අවුල් වූවාහු රෙදි වියන්නන්ගේ නූල් පන්දුවක් මෙන් අවුල් වූවාහු මුඤ්ජබබ්බජ නම් වූ තණවලින් ඇඹරූ දිරා කැඩී ගිය කඹයක තණකෙඳි මෙන් අවුල් වූවාහු සැපයෙන් පහ වූ දුක්ඛයා ගේ පැවැත්ම ඇත්තා වූ අපාය හා සංසාරය නො ඉක්මවත්” යනු එහි තේරුම ය.

තව ද පටිච්චසමුප්පාදය නො දත් තැනැත්තා නියම ශ්‍ර‍මණයකු හෝ බ්‍රාහ්මණයකු නො වන බව ද ප්‍ර‍ත්‍යක්ෂාත්මභාවයේ ම ලෝකෝත්තර මාර්ගයට පැමිණෙන්නකු නො වන බව ද තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

“යේහි කේචි භික්ඛවේ, සමණා වා බ්‍රාහ්මණා වා ජරාමරනං නප්පජානන්ති, ජරාමරණ සමුදයං නප්පජානන්ති, ජරාමරණ නිරෝධං නප්පජානන්ති. ජරාමරණ නිරෝධගාමිනිං පටිපදං නප්පජානන්ති. -පෙ- න මේතේ භික්ඛවේ, සමණා වා බ්‍රාහ්මණා වා සමණේසු වා සමණ සම්මතා, බ්‍රාහ්මණේසු වා බ්‍රාහ්මණ සම්මතා, න ච පන තේ ආයස්මන්තෝ සාමඤ්ඤත්ථං වා බ්‍ර‍හ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සන්ති.”

“මහණෙනි, යම් කිසි ශ්‍ර‍මණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ජරාමරණය නො දනිත් ද, ජරාමරණ හේතුව නො දනිත් ද, ජරාමරණ නිරෝධය නො දනිත් ද, ජරාමරණ නිරෝධයට පැමිණෙන්නා වූ ප්‍ර‍තිපත්තිය නො දනිත් ද -පෙ- මහණෙනි, ඒ ශ්‍ර‍මණ බ්‍රාහ්මණයෝ ශ්‍ර‍මණයන් අතර ශ්‍ර‍මණය යි සම්මත වූවෝ ද නො වෙති. බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණය යි සම්ම

Want your business to be the top-listed Beauty Salon in Nuwara Eliya Town?
Click here to claim your Sponsored Listing.

Website

Address

Nuwaraeliya
Nuwara Eliya Town