Potblock
Welcome to PotBlock
home deco pots buddha statues pahan kanu cement pots
garden benches
different kind of plants.
11/02/2026
මිනිස්සු දෙයක් කරද්දි පොඩ්ඩක් හරි තමුන්ට මේකෙන් වෙන්නෙ මොනාද කියල හරි හිතනව නම්.තමුන්ගෙ උද්ද්ච්චකමට කවෘත් කියන දේවල් අහන්නෙ නැති උනාට කමක් නැ.මෝඩයෙක් නෙමේ නම් මේකෙන් මාත් විනාස වෙනව.ලැජ්ජ ව්ව්නව.මේ කරගන්න දේ ආයෙ ව්ව්නස් කරගන්න බෑ කියල තේරුම් ගන්නව නම්.
තමුන්ගෙ දරුවන්ට පව්ලට විශ්වාසවන්තව ආදරෙන් සතුටින් ඉදලා දියුනු ව්ව්ලා ලස්සනට ජීව්ත් ව්ව්න්න නෙ මිනිස්සු ආස වෙන්න ඕනෙ.සුලු ව්ව්ලාවක සතුටට තමන්ගෙ සැනසීම වැදගත්කම් නැති කරන් සැකෙන් බයෙන් ජීව්ත් වෙන එකද ජීවිතේ.
තමුන්ගෙ පව්ල ඇතුලෙ නැති ප්‍රශ්න ඇති කරන් .කොහෙවත් ඉන්න ජරා ගෑනු ඉස්සරහ බොරු කියල අනුකම්පාව අරන් ජීවත් වෙනවට වඩා හොදයි මැරෙනව.
මේවට වචනෙන් හරි උදව කරන දෙමව්පියො සහෝදරයො යාලුවො ඉන්නව නම් උන්ට වගෙම උන්ගෙ පව්ල් වල හැමෝටම ඒ පව් පලිසන් දෙන ඕනෙ.
අහින්සක දරුවන්ගෙ සැනසීම නැති කරනවට ලස්සන ජීවිත අපායවල් කරනවට දඩුවම් ලැබෙන්නම ඕනෙ.
එහෙම අනුන්ගෙ මිනිස්සු අල්ලන් දගලන ගෑනු හිතන්නෙ මාර ලොකු වැඩක් කියල.හැබයි උන් දන්නෙ නැ ආත්ම ගානකට ඒ පව් ගෙවන්න වෙනව.ඒ දරුවන්ගෙ කදුලුම උන්ට සාප ව්ව්න්න ඕනෙ.ගෑනිට දරුවන්ට අවන්ක නැති මිනිස්සු හොර ගෑනිට අවන්ක වෙයිද.jst use. අන්තිමට බලද්දි උන්ට හැමදේම නැතිවෙලා.තමන්ගෙ මනුස්සය ඩිවොස් කරල උන් අර දරුවො එක්ක තාමත් මනුස්සය එක්ක ජීවත් වෙන ගෑනිට කියනව මිනිහට සලකපම් නැත්තම් දාල යයි කියල.උන්ට ඊලග ආත්මෙ හම්බෙන්න ඕනෙ අර පාරෙ ඉන්න බැ..ලි ආත්ම.එතකොට අමාරුව හොදවෙය්.🌻🌻🌻🌻🌻🌻🌻
26/01/2026
තාත්තේ
අද මාව ඉස්කෝලේ ගිහින් දානවද
කෙල්ල මං ලඟ
දැවටිලා කියන්න හැදුවත්
මං කෙල්ලව පැත්තකට කරා...
වෙනදා
ගිය විදිහට යන්න
මං ටිකක් සද්දෙන් කිව්වා....
අද මට කතාව
මං කියන්නද
කෙල්ල කියද්දිම වගේ
මගෙ පෙම්වතියගෙන්
ගුට් මෝනින්
කෙට් පණිවිඩය ලැබුනා......
කෙල්ලට
අතින් යන්න කියලා
වයිෆුත් ඉන්නවද බලලා
මං හොරෙම කෝල් එකක් ගත්තා...
දරුවව
එක්ක යන්න
වයිෆ් ඇවිත් කියද්දි
මං ඇයට රැව්වා...
වෙනදත්
මං ද එක්ක ගියේ
ත/මුසෙ එක්ක යනවා
මං සැරෙන් කතා කරා....
කෙල්ලව
එයා එක්ක ගිය අතර
මං පෙම්වතියට
ආයිමත් කෝල් එකක් ගත්තා....
වැඩට යන්න
ලෑස්ති වෙන ගමන්
අපි අද යන දිහා ප්ලෑන් කෙරුවා....
බයික් එකේ
මඟ දුරක් එද්දි දැක්කෙ
වයිෆ් පොඩ් පුතාවත් වඩන්
දාඩියත් පෙරන් පයින් එනවා....
කට කොනකින්
හිනාවෙලා
නොදැක්කා වගේ ගියත්
ඉස්කෝලේ ලඟදි
මට ලවුස් පීකර් වලින් ඇහුනේ
කෙල්ල කතා කරනවා...
මං කතා කරන්නෙ
මගෙ තාත්තා ගැන
කෙල්ල කියද්දි
මටත් නොදැන මගෙ බයික් එක නැවතුනා...
මගෙ තාත්තා තමයි
මේ ලෝකෙ ඉන්න
හොඳම තාත්තා...
මටයි
මල්ලිටයි අම්මටයි
ගොඩක් ආදරේ කරනවා...
මේ දවස් වල
අපෙ තාත්තට
ගොඩක් වැඩ තියනවා...
ඒ නිසා
හැමදාම ගෙදර එද්දි
මායි මල්ලියි නිදි
තාත්තා උදේ නැගිට්ටත්
කතා කරන්න වෙලාවක් නැති උනා...
ඉස්සර වගේ
හවසට එද්දි
චොකලට් ගෙනාවේ නැති උනාට
තුරුළු කරගෙන
කතා කරන්නෙ නැති උනාට
මගෙ ලෝකෙ වීරයා තාත්තා....
තාත්තගෙ වැඩ
ඉක්මනින් අඩුවෙලා
වෙනදා වගේ
අපිට ඉන්න ලැබෙන්න කියලා
මං ප්‍රාර්ථනා කරනවා....
මං මගෙ තාත්තට
ගොඩක් ආදරෙයි
කවදා හරි ලොකු උනාම
මං තාත්තා වගේ වෙනවා....
කෙල්ල කතාව
අවසන් කරද්දි
මටත් නොදැනිම
මගේ ඇස් වලින් කදුළු
බල්ලම් බැහැලා තිබුනා....
පෙම්වතියගෙන්
නොනවත්වා එන
කෝල් ගණන් නොගෙන
මං බයික් එක
ආපහු ගෙදර පැත්තට හැරෙව්වා...
දොයි දොයි මගෙ පුතා
ඇය දරුවා නළවන්න
කවි කියනවා වෙනුවට
මඟක් නවත්තලා ආය ඉකි ගහනවා....
මේ කදුළු
පහුගිය මාස පහේම
මේ විදිහටම ගලන්න ඇති
මං වගේ පවුකාර මිනිහෙක්
මං මටම දොස් කියාගෙන
කාමරේට ඇතුළු උනා...
මාව දැකලා
පුදුම වෙලා
ඉක්මනින් කදුළු පිස ගත්තත්
මං ඇයව ගිහින් තුරුළු කර ගත්තා....
මට සමාවෙන්න
මං ඔයාට දරුවන්ට
ගොඩක් වැරදි කරා
ඇයව තුරුළු කරන් කියද්දි
ඇය දිගටම අඬද්දි
පොඩි එකත් ඇහැරලා අඬන්න ගත්තා...
පුතාව
මං කවි කියලා නළවද්දි
ආයිමත් පෙම්වතියගෙන්
කෝල් එද්දි
වයිෆ් ගෙ ඇස් පෝන් එක
දිහාවට හැරුනා....
සිමි එක
ගලවලා කඩලා දාද්දි
ඇය හෙලූ සුසුම
මගෙ වැරදි තව තව තේරුනා ....
කොහෙද යන්නෙ
ඇය ලෑස්ති වෙද්දි
මං ඇගෙන් ආදරෙන්ම ඇහුවා...
කෙල්ලගෙ
ඉස්කෝලෙ අරින වෙලාව
ඒ කිව්ව නිසා
මං බිත්තියේ ඔරලෝසුව දිහා බැලුවා...
යමු
අපි දෙන්නම
මං ඉක්මනින් ලෑස්ති වෙලා
එයාවත් දාගෙන
බයික් එකේම
ඉස්කෝලේ ලඟට ගියා ....
අම්මා,තාත්තා
අපිව දැකපු
කෙල්ලගෙ මූණට මැවුන හිනාව
මං සංසාරෙම පවක්
කර ගන්න හැදුව බව වැටහුනා...
මගෙ රෝස මල
අද හවසට
අම්මයි මායි මල්ලියි ඔයයි
මුහුද බලන්න යන්
මං කියද්දි
ඒ චූටි තොල් මගෙ මූණ පුරා දිව්වා...
මට සමාවෙන්න
මගෙ දුවේ
ආය මේ තාත්තා
ඔයාගෙවත් අම්මාගෙවත්
හිනාව නැතිවෙන කිසිම දෙයක් කරන්නෑ
කෙල්ල ගෙ නළල ඉබින ගමන් හිතුවා...
B.M.N.සඳූ බස්නායක ✍️
ශෙයා කරලා නිර්මාණ ගන්න....
26/01/2026
26/01/2026
ගෙදර ගෑ/ණිට
සද්දෙ දාන
හුඟක් පිරිමි
පිට ගෑ/ණු ලඟ හරි හුරතල් .....
ප්‍රශ්නයක්
මිනිහට කියන්න බෑ
ඇගට කඩන් පනිනවා
හැබැයි වෙන උන්ගෙ ප්‍රශ්න
අහන්නෙ රෑට නිදි වරන්....
අනේ ඔයා පවු
දරුවො එක්ක
කොහොම ද කර ගන්න
පිට ගෑ/ණුන්ට
අනුකම්පා ව දක්වන තරම්..
එතකොට ත්
ගෙදර එ/කී
ළමයා වඩන් උයනවා
වූ පිට එවුන්ට කියනවා
සැනසිලි වදන්....
වතුර එක පවා
ලඟට දෙන
ගෑ/ණි ගැන
උන්ට නෑ කිසිම අගයක්...
අසනීපෙන්ද
කොහෙ හරි
ගෑ/ණියෙ ක් ඇහුවම
වූට හරි ලොකුයි
මූ ඒ ගෑ/ණුන් මවා ගන්නවා
අහිංසකාවියක්....
ගෙදර ගෑ/ණි
යක්ෂණී වෙලා
පිටවුන් අන්තිමට වෙනවා
සුරංගනාවියක්....
ඔන්න ඕකයි
සමහර පිරිමින්ගෙ ගතිය
උන්ට කොයිතරම් කරත්
හොඳ වෙන්නෙ
පිට උන්වමයි කවදත්....
B.M.N.සඳූ බස්නායක ✍️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Opening Hours
| Monday | 08:00 - 17:30 |
| Tuesday | 08:00 - 17:30 |
| Wednesday | 08:00 - 17:30 |
| Thursday | 08:00 - 17:30 |
| Friday | 08:00 - 17:30 |
| Saturday | 08:00 - 17:30 |