pavithra_peiris
I'm a Sri Lankan Entrepreneur, Makeup Artist & a Content creator. I have launched "TALK TO SKIN", my own Sri Lankan Ayurvedic Skincare brand in 2024.
15/03/2026
🥰
15/03/2026
30/09/2025
💚💚💚💚
22/09/2025
නිවසට කොඩිවින කිරීමට පිටස්තර අය අවශ්‍ය නැත .... නිවැසියන් අතින්ම දරුණු කොඩිවින තම නිවසට සිදු කරගන්නා අවස්ථා තිබේ.
මේ කතා කරන්නේ එවන් කොඩිවින අවස්ථා කිහිපයක් ගැනයි...
🎇 උදේ අවදි වී කට සෝදන ලද වතුර ජනේලයෙන් ඉවතට විසි කිරීම සමහර අයගේ සිරිතකි. ඔබ දන්නවාද මෙය නිවසට කොඩිවිනයක් බව.....
මෙවන් ක්‍රියාවන් හේතුවෙන් නොයෙක් අසුභ ගුප්ත බලපෑම් ඔබ නිවසට එල්ල විය හැකිය. ඒ අතරට යක්ෂ ප්‍රේත භූතාදී බලපෑම් වේ. මෙවන් ගුප්ත බලපෑම් හේතුවෙන් නිවැසියන් රෝගී වීම, නිවසේ සමගිය අතුරුදහන්වීම, නිවැසියන්ගේ මනස අවුල් වීම වැනි අහිතකර විපත් සිදුවිය හැකිය.
🎇 නිවසේ ප්‍රධාන දොරටුව තුළින් කුණු කසල බඳුන් රැගෙන යාම ඉතාම අසුභයි අසුබයි.
ඒවගේම ප්‍රධාන දොරටුව යටින් මස් මාංශ නිවසට රැගෙන ඒමත් ඉතා අසුභයි.
ප්‍රධාන දොරක් ගොඩක් කොණ්ඩය පීරීම හිසකෙස් කැපීම නියපොතු කැපීම කෙළ ගැසීම වැනි දේ අසුභයි.
මෙවන් දේ කිරීම තුළින් නිවසට කැටිය නොහැකි තරම් කොඩි විනකාරී දෝෂයන් බලපානු ඇත.
🎇 රාත්‍රියේ ආහාරපාන ගෙන අවසන් වූ වලන් පිඟන් සියල්ල පිරිසිදු කර ඒවා නියමිත ස්ථානයන් තුළ තබන්න. එසේ නොමැති ව ඉඳුල් සහිත බඳුන් උදැසන දක්වා තබා ගැනීමෙන් ඒවටා අසුභ ගුප්ත බලපෑම් එකතු වෙයි. මේ ගුප්ත බලපෑම් නිවැසියන්ගේ මානසික සහනය අහිමි කිරීමටත්, නිවැසියන් රෝගී කිරීමටත් හේතු වෙයි.
ගෙදර වැඩිමහල් දරුවා කෙල්ලෙක් උනාම 😃 ゚viralシfypシ゚viralシal
20/09/2025
17/09/2025
බුදුරදුන්ට සිදු කළ මී පැණි පූජාවේ අනුසස්.
මී පැණි පූජාව ඉහළ අග්‍රගණ්‍ය පූජාවක්. අතීතයේ අත්ථදස්සී නමින් බුදුන් වහන්සේ නමක් ලොවේ පහළ ව විශාල සඟ පිරිසක් පිරිවරාගෙන මහ මඟ වැඩම කළා. මෙය දුටු එක්තරා උතුමෙක් (ගෞතම බුද්ධ ශාසනයේ මෝඝ රාජ රහතන් වහන්සේ) අත්ථදස්සී බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට අසිරිමත් ස්තූති පූජාවක් සිදු කළා.
චිත්ත ප්‍රසාදයෙන් සිදු කළ මෙම පූජාව ‘සංසාර ගමන සුවපත් ව ගමන් කරන්නට ලැබේවා’ පැතුමෙන් ගොටුවක් සකසා එයට මී පැණි යොදා පූජා කරනු ලැබුවා.
මී පැණි පූජාව පිළිගත් අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ අහසේ ම වැඩ සිට දේශනාවක් සිදු කළා. තථාගතයන් වහන්සේට, මහා සංඝයාට චිත්ත ප්‍රසාදයෙන් ස්තූති පූජාව ද, මී පැණි පූජාව ද සිදු කිරීමෙන් මේ තැනැත්තා කිසිම දවසක දුර්ගතියකට පත් වුණේ නැහැ. දුගී දුප්පත් අසරණ වුණේ නැහැ. අන්ධයෙක්, බිහිරෙක්, ගොළුවෙක්, මන්ද බුද්ධිකයෙක් වුණේ නැහැ. මේ තැනැත්තා මී පැණි පූජා කිරීමේ පිනෙන් වාර දාහතරක් දෙව් ලොව රජක සක්‍ර භවනේ ද, වාර අටසියයක් පොළොවට රජකම ද, වාර පන්සියයක් සක්විති රජකම ද, ප්‍රදේශයේ කුඩා රාජ්‍ය ගම්වල නායකත්වය ද ලැබුවා.
මනුස්ස සම්පත්, දිව්‍ය සම්පත්, විඳ අනාගතයේ පහළ වන ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි, මෝඝ රාජ නම් රහතන් වහන්සේ නමක් වන බව ද, ත්‍රිවිද්‍යාවෙන් අග තැන්පත් ව ශාන්ත ලක්ෂණ නිවනට පත් වන බව ද එදා අත්ථදස්සී බුදුන් වහන්සේ වදාළා. එසේනම්, මී පැණි පූජාව කෙතරම් ඉහළ පූජාවක් ද යනුවෙන් සිතන්න. දඹදිව රාජ්‍ය කළ ධර්මාශෝක අධිරාජ්‍යතුමාට ද දඹදිව අග්‍ර රජ බවට පත් වෙන්නට හේතු වුණේ මී පැණි පූජාව යි.
🌷පිරිසුදු සිත ඉතා වැදගත්
පරිනිර්වාණයට පත් වුණු ලොව්තුරා බුදුන් වහන්සේ නමකට හෝ ජීවමාන බුදුන් වහන්සේ නමකට මී පැණි පූජාව සිදු කිරීමෙන් සංසාර ගමන කවදාකවත් දුකකට පත් වන්නේ නැහැ.
සෑම දෙනාම උක් පැණි පූජාවක්, මී පැණි පූජාවක්, කිතුල් පැණි පූජාවක් වැනි මිහිරි දෙයක් පූජා කළ යුතු යි. එය සිත, ගත නිවා සනසන පූජාවක් වෙනවා. ඒ පූජාව ම සංසාර ගමන සුවපත් වීමට හේතු වනවා. කවදාකවත් දුකකට පත් වන්නේ නැහැ. එලෙස කල්පනාවෙන් මේ ලොවුතුරා බුදු කෙනෙකුට කරන පූජාවක් යනුවෙන් සිතාගෙන ගෞරවයෙන්, ප්‍රණීතයෙන් පූජා කළ යුතු යි.
‘අධිවාසේ තුනොභන්තෙ මධුපාණිතං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං’
යනුවෙන් පූජාකළ යුතු යි. මී පැණි ‘මධුපාණිතං’ යනුවෙන් හඳුන්වනවා. එය බොහොම වාසනාවන්ත, ප්‍රණීතම පූජාවක්.
තමන්ගේ ජීවිතයට මිහිරි දෙය ලබන්න, ප්‍රණීත දෙයක් ලබන්න, හේතු භූත වන්නේ ප්‍රණීත දෙයක් පූජා කිරීමයි. එය මී පැණි පූජාවෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. බුද්ධාදී උතුමන්ට මෙවැනි පූජාවක් සිදු කිරීම කෙතරම් අගේ ඇති වටිනා පූජාවක් වෙනවා ද? ගෞතම බුදුරජාණන් වහන්සේට වනාන්තරයේ සිටි වඳුරෙකුත් මී පැණි පූජාවක් සිදු කළා. එය ඒ සතාට වුව ද කෙතරම් සැප විපාක වන්නට ඇති ද? ඒ නිසා මී පැණි පූජා කිරීම තිරිසන් ගත සතාට වුව ද තමාගේ සිත අනුව විපාක වැඩි වෙයි.
සිත පිරිසුදු නම් එහි ආනිසංස වැඩි වෙයි. මේ ගැන කල්පනාවෙන් කවුරු වුණත් පිනක් මහත්ඵල මහානිසංස දායක වීමෙන් හේතු සාධක කල්පනා කර බැලිය යුතු යි.
🌷පූජාවේ පින මහත්ඵල වීමට
අලෝභ (තණ්හාව නැහැ) ද්වේෂ (තරහ, වෛර, ක්‍රෝධ නැති මෛත්‍රීය) අමෝහ චේතනා (මෝඩකම නොහොත් මෝහය නැති බව) පූජාවක දී හෝ වන්දනාවක දී පහළ වූවා නම්, පින බොහොම මහත්ඵල වෙයි. එහෙම නම්, අත්ථදස්සී බුදුරජාණන් වහන්සේට මී පැණි පූජාව කළේ අලෝභ, අද්වේෂ අමෝහ චේතනාවන් මුල් කරගෙනයි. මේ චේතනා ඉතාම පිරිසුදුව තම සිතෙහි පහළ වුණොත්, ඒ අනුසාරයෙන් චෛතසික ධර්ම රාශියක් පහළ ව සිත ප්‍රබෝධමත් ව චෛතසිකයත් පිරිසුදුවෙ යි.
පිනට නිග්‍රහ කරන්න එපා, අනුන් කරන පින්කම් හෙළා දකින්න එපා. පින්කම්වල සිත පහදවා ගෙන අතහිත යොමු කරන්න. සාධු නාද නඟන්න පුරුදු වන්න. තමන් ද ඒ පින්වල යෙදිය යුතු යි. ලොව්තුරා බුදුවරු ලොවේ සැමදා නැහැ. බුද්ධ ශාසනයත් අපට ලැබුණේ අපේ පිනට යි. ඒ තමාගේ ගුණ ධර්ම දියුණුවෙන් කරන පින්කම්වල විපාක අනේක ජාතික සංසාරයේ සත සහශ්‍රයන් හි ලැබෙනවා.
කවදාකවත් දුකක්, පීඩාවක් නැහැ. ආයු වර්ණ, සැප, බල, ඥාන, භෝග සම්පත්, පරිවාර සම්පත්, සුගති සම්පත් ආදී සියලුම සම්පත් ගෙන දීමට සමත් වෙනවා. පූජාවෝ, වන්දනාවෝ සාර්ථක වන්නේ පූජාව නිසා නොවෙයි. සිතේ පැහැදීම නිස යි. එය අග්‍ර ගණ්‍ය පූජාවක්, වන්දනාවක් බවට පත් වෙනවා.
🌷දුප්පත්කම දුරලීමට - සම්පත් උදා කර ගැනීමට
මේ ගැන සිතා කල්පනාවෙන් කවුරුත් ගුණ ධර්ම දියුණුවෙන්, සීල, සමාධි ප්‍රඥාවෙන් අපේ පින මහත්ඵල මහත් ආනිසංස කර ගන්න. කිසිම දෙයකින් අඩු පාඩුවක් කරදරයක් වන්නේ ම නැහැ. සිත දියුණු කළ විට කෙතරම් වටිනවා ද? ලොවේ කවර තැනක උපන්නත් එවැනි සැනසුමක් ලබන්නට බැහැ. ලංකාවේ උපන් අයට ඕන වේලාවක, ඕනෑ තරම් පින් දහම් කළ හැකි යි.
ලොවේ අන් අය එලෙස නැහැ. කෙනෙකුට යමක් පරිත්‍යාග කිරීමට, කරුණා, මෛත්‍රීය උපදවා ගැනීමට පුළුවන්. නමුත් පන්සිල් රැකීමක්, පොහොය අටසිල් රැකීමක්, බණ ඇසීමක්, භාවනාවක් නැහැ. ඒ අනුව අප කෙතරම් ම වාසනාවන්ත ද? දුගී දුප්පත්කම තුරන් කරන්නට, සියලු සැප සම්පත් උදාපත් කරගන්න, දුක් කරදර කම්කටොළු යට කරගන්න හේතු වන්නේ පින යි.
ජීවිතය වාසනාවන්ත වන්න, ජීවිතය ආලෝකවත් වන්න , දුකෙන් නිදහස් වන්නේ පිනෙන් පමණයි. බුද්ධාදී උතුමෝ වර්ණනා කළේ දාන, සීල, භාවනා පින්කම් පමණ යි. එසේම ලොවේ යම්තාක් පින්කම් ඇතිනම්, ඒ සියල්ල දාන, සීල, භාවනා පින්කම්වලට අයත් වෙයි.
🌷පවිටු සිතිවිලි සංසිඳුවා ගන්න
සිතේ තණ්හාව, තරහව, වෛරය, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, පවිටු චේතනාවෝ වැඩි යි. ඒවා සංසිඳුවා ගන්නට බුදු දහමෙන් දන්දීම, සිල් රැකීම, භාවනාව, බුද්ධ වන්දනාව, මල් පහන් පූජාව ආදිය උගන්වනවා. එය පාපී සිතිවිලි නැතිකර ගැනීමට උපකාරී වනවා. ඒ නිසා කොයි කවුරුත් ගුණ ධර්ම දියුණුවෙන් සිත ගත නිවා සනසා ගත යුතු යි. කරදර, කම්කටොළු, බාධක යටපත් කරගත යුතු යි.
එවිට කිසිවකින් කරදර, පීඩාවක් නැතිව තමන්ගේ සංසාර ගමන හොඳට යන්න පුළුවන්කම තියෙනවා. දුක් විඳින්න අවශ්‍ය නැහැ. යහපත් උපතක් ලබා, යහපත් සිතෙන් මරණයට පත් ව, නැවත හොඳින් උපත ලබා හොඳින් මරණයට පත් වීම පිනේ ස්වභාව ය යි. රහතන් වහන්සේලාගේ චරිත වලින් ඉහත ආත්ම භාව කල්ප ලක්ෂයක් අපායෙන් නිදහස් වී සිටීම කෙතරම් වටිනවා ද?
එසේ නම් අපත් අපායෙන් නිදහස් ව සිටියොත් කෙතරම් අගේ ද? සුගතියක ම වාසයෙන් අපට මේ සංසාර ගමන දුක් සහිත වුව ද එහි කෙළවරක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා වෙහෙස මහන්සි නොබලා ගුණ ධර්ම දියුණු කළ යුතු යි. එය කුමන දෙයකින්වත් කරදර, කම්කටොළු, බාධක නොමැතිව මෙලොව පරලොවට මෙන්ම සංසාර ගමන යහපත් ව ගමන් කර, සසර දුකෙන් නිදහස්වීමට හේතු වෙනවා.
බුදුන් වහන්සේ අනුදැන වදාළ දස පාරමිතා සැපිරිය යුතු යි. නිවැරැදිව කළොත් පාරමිතා දහයම සම්පූර්ණ වෙයි. මෙලෙස පාරමිතාවෝ හොඳින් දියුණු තියුණුවෙන් සිත ගතත් නිවා සනසා ගෙන, බුද්ධ ශාසනයත් රැකගෙන පාරමී ගුණ, සති, සමාධි, ඥාන දියුණුවෙන් තම මෙලොව ජීවිතය හොඳින් සකසාගෙන පරලොවත් සුගතිගාමී ව බුද්ධාදී උතුමන් නිවී සැනසුණු අමා මහා නිවන් පසක් කර ගැනීම සඳහා සියලු පින් හේතු වාසනා වේවා.
තෙරුවන් සරණයි ..!
(උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න )
උපුටා ගැනීමකි
See translation
Click here to claim your Sponsored Listing.
08/03/2026