Fair A Original
This range of products to care for the skin and enhance the beauty
18/05/2026
✨ වසර 12ක නොබිඳුණු විශ්වාසය. රන්වන් පැහැති Dream Skin එකක් සඳහා "Fair 'a'" ✨
වසර 12ක් පුරාවට දහස් ගණනක් රූමත් මනාලියන්ගේ සහ යුවතියන්ගේ රහස වූ Fair 'a' ආලේපනයකට එහා ගිය, ඔබේ සමේ ස්වාභාවික දීප්තිය මතු කරන සැබෑම රූපලාවණ්‍ය සත්කාරයකි.
✨ ඔබ Fair 'a' තෝරාගත යුත්තේ ඇයි?
වෙළඳපොළේ ඇති ක්ෂණික ප්‍රතිඵල ලබාදෙන, බ්ලීචින් හෝ මර්කරි අඩංගු අහිතකර නිෂ්පාදනවලට ඔබ රැවටුනාද? ඉක්මනින් ලැබෙන දේ ඉක්මනින්ම නැති වී යනව. නමුත් Fair 'a' ඔබට ලබා දෙන්නේ සුරක්ෂිත සහ ස්ථිර වෙනසක්.
🌼 Fair 'a' කියන්නෙ ස්වභාවික සත්කාරයක්: මෙහි බ්ලීචින්, මර්කරි හෝ කිසිදු හානිකර රසායනික ද්‍රව්‍යයක් අඩංගු වෙන්නෙ නැහැ.
✨ඔබට රන්වන්, පැහැපත් මුහුණක්: ඔබේ සමේ ස්වභාවික පැහැය රැකදෙමින්, සති 2-3ක් අතර කාලයකදී මුහුණේ රන්වන් පැහැති දීප්තිමත් වෙනස ආරම්භ වෙනවා.
🦉මේක සම්පූර්ණයෙන්ම රාත්‍රී සත්කාරයක්: කුරුළෑ, අඳුරු ලප සහ පිග්මන්ටේෂන් (Pigmentation) නිට්ටාවටම දුරු කර, සම ඒකාකාරීව පැහැපත් කරන රාත්‍රී සත්කාරයක්.👸🧚♀️
✅ සහතික කළ විශ්වාසනීයත්වය: මෙය රාජ්‍ය සුවඳ විලවුන් හා ආලේපන මණ්ඩලයේ සහතික ලත් නිෂ්පාදනයක් නිසා බයවෙන්න කිසිම හේතුවක් නැහැ.
සැබෑ සුන්දරත්වය සඳහා ඉවසීම සහ කැපවීම අවශ්‍යයි. දින කිහිපයකින් සම සුදු කරනවාට වඩා, ඔබේ සම නිරෝගීව පෝෂණය කරමින් ලබාගන්නා ඒ රන්වන් පැහැය සදාකාලිකයි.😍😍😍
🚚 දැන්ම ඇණවුම් කර වෙනස අත්විඳින්න!
දැන් ලංකාවෙ කොහේ හිටියත් ඔබේ නිවසටම Fair "A" නිෂ්පාදනය ගෙන්වාගන්න පුළුවන්.
📦 ඇණවුම් කිරීමට: ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය whatsapp කරන්න. (071- 977 24 46)
⏰ කාලය: දින 2ක් ඇතුළත ආරක්ෂිතව ඔබේ නිවසටම!
ඔබත් අදම Fair 'a' වලට මාරුවෙන්න, ඔබේ සමට අලුත් ජීවයක් ලබා දෙන්න! 👸✨🌻
14/04/2026
ඔබට රුව, ගුණ, නැණ සපිරි සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා! 🌞🙏🏻
29/03/2026
මේ දවස් වල හැමෝගෙම කතාබහට ලක්වෙන්නෙ සුප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් ජයසිංහ මහතාගේ අලුත්ම වෙනස ගැන. ඒ මෑතකදී ඔහු ශරීරය සිහින් කරගැනීමේ අදහසින් Bariatric Surgery (ආමාශය කුඩා කිරීමේ සැත්කම) කට මුහුණදුන් නිසා. ඒත් එක්කම, සමාජ මාධ්‍ය වල මේ පිළිබඳ විවිධ මතවාද මතු වුනා. සමහරුන් ප්‍රශංසා කරද්දි , තවත් අය ප්‍රශ්න කළේ “මෙච්චර ස්වාභාවික ක්‍රම තිබියදී ඇයි සැත්කමකට යන්නේ?” කියල. මේ ගැන අපි වැඩිදුරටත් කතා කරන්න හිතුවා.
❓Bariatric Surgery කියන්නෙ මොකද්ද?
Bariatric Surgery කියන්නෙ ආමාශයේ ප්‍රමාණය සැත්කමක් මගින් අඩු කිරීමෙන් හෝ ආහාර ජීර්ණ පද්ධතිය නැවත සකස් කිරීමෙන් බර අඩු කරන විශේෂ වෛද්‍ය ක්‍රමයක්. ශ්‍රී ලංකාවේ මෙවැනි සැත්කමකට රුපියල් ලක්ෂ 10 සිට 20 දක්වා හෝ ඊට වැඩි මුදලක් වැය වෙනවා.
✅ මුලින්ම මෙහි තිබෙන වාසි ගැන අපි කතා කරමු.
∙ ඉක්මනින් බර අඩු කිරීම.
∙ දියවැඩියාව, අධි රුධිර පීඩනය පාලනය කිරීමට උදව් වීම.
∙ තරබාරු ශරීර ඇති අයට ජීවිතය බේරාගත හැකි වීම වැනි කාරණා.
❌අවාසි හා අවදානම් තියනවද? ඒ මොනවාද?
∙ සැත්කමේ අවදානම් තියනවා. ඒවා සංකූලතා හෝ ආසාදන ලෙස එළියට එන්න පුළුවන්.
∙ ජීවිත කාලය පුරාම විශේෂ ආහාර රටාවකට බැඳී සිටීමට සිදුවෙනවා.
∙ විටමින් හා ඛනිජ ලවණ ඌනතා ඇතිවෙන්න පුළුවන්.
∙ මානසික සෞඛ්‍යයටද බලපෑම් ඇතිවිය හැකියි.
∙ මේ සැත්කම සදහා ඉහළ වියදමක් දැරීමටද සිදුවෙනවා. මේ තමයි මෙහි තිබෙන අදුරු පැත්ත.
🍃දැන් අපි සොයාබලමු ශරීරය සිහින් කරගැනීමේ යහපත් සෞඛ්‍ය පුරුදු ගැන.
මේවා වඩා ආරක්ෂිත හා වඩා දිගුකාලීන විසදුම්. ස්වාභාවිකව බර අඩු කර ගැනීමේ ක්‍රම ඉතා සරලයි වගේ පෙනුනත්, ඒවා අනුගමනය කිරීමට දැඩි කැපවීමක් හා ඉවසීමක් අවශ්‍ය වෙනවා. ප්‍රතිඵල ලබන්න නම් ටික කාළයක් බලන් ඉන්න වෙනවා. හැබැයි zero cost / zero side effects. 💪🏻
1. 🏋️ ව්‍යායාම (Gym / Home Workout)
දිනකට විනාඩි 45-60 ක් ව්‍යායාම කිරීමෙන් මාස 6-12 තුළ සැලකිය යුතු බර අඩු කිරීමක් කළ හැකිය. Gym එකට යාම ජනප්‍රිය වුවද, නිවසේදීම Bodyweight exercises (Push-ups, Squats, Planks) වැනි දෑ කිරීමෙන් ද ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.
2. 🏃 දිනපතා Jogging / ඇවිදීම.
දිනකට කිලෝමීටර 3-5 ක් අතර දුරක් ඇවිදීම හෝ jogging කිරීම හදවතේ සෞඛ්‍යය වැඩිදියුණු කරන අතර, කැලරි දහනය ද ඉහළ නංවනවා. මෙය අපිට සම්පූර්ණයෙන්ම නොමිළේ කළ හැකි ක්‍රමයක් නේද?
3. 🥗 සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව (Diet Plan)
∙ සීනි හා processed food අඩු කිරීම.
∙ හොඳ ප්‍රෝටීන් (මාළු, කුකුල් මස්, රනිල කුලය) කෑම වේලට ඇතුළත් කිරීම.
∙ එළවළු හා පලතුරු ටිකක් වැඩිපුර ආහාරයට ගැනීම.
∙ රාත්‍රී 8 න් පසු ආහාර නොගැනීම පුරුද්දක් කරගැනීම.
∙ ජලය ප්‍රමාණවත් ලෙස පානය කිරීම (දිනකට ලීටර් 2-3)
4. 😴 ප්‍රමාණවත් නින්ද හා මානසික සෞඛ්‍යය.
මේක තමයි වැදගත්ම දේ. පැය 7-8 ක සුවදායී නින්දක් ලබාගැනීම අපේ ශරීරයේ හෝමෝන සමතුලිතතාවය රකිනවා.ඒ වගේම Stress (ආතතිය) අඩු කිරීම ද බර නිසි ලෙස පාලනය කිරීමට වඩාත් ඉවහල් වෙනවා. හොද නින්දකට පුළුවන් අපේ ශරීරය අලුත්වැඩියා කරන්න. ඒ නිසා නින්ද නම් මගහරින්නම එපා.
මේ ක්‍රම දෙකම ගැන හොද අවබෝදයක් ඔබට දැන් තියනවා. අවසාන වශයෙන් අපිට මොනවද හිතන්න පුළුවන්?
චන්දිමාල් ජයසිංහගේ තේරීම ඔහුගේ පෞද්ගලික තීරණයක්. එය විවේචනය කිරීම නොව, එයින් අප ගත යුතු පාඩම නම් සෞඛ්‍ය සම්පන්න ශරීරයක් ලබා ගැනීමට “කෙටිමං” (shortcuts) සොයනවාට වඩා, ජීවන රටාව ක්‍රමයෙන් වෙනස් කිරීම වඩාත් ආරක්ෂිත සහ සදාකාලික විසඳුමක් නේද?
“ශරීරය යනු ඔබ ජීවිත කාලය පුරාවටම ජීවත් වන ආත්මීය නිවසයි. එය හදවතින්ම රැකගන්න.”
ව්‍යායාම කරන්න. හොඳ ආහාර රටාවකට හුරුවෙන්න. ප්‍රමාණවත් නින්දක් ලබාගන්න. එවිට ඔබටත් නොදැනීම ඔබට නීරෝගී හැඩකාර සිරුරක් ලැබෙන බව ස්ථිරයි.
ඔබ අපිව Follow කරල නැත්තන් අපි ආයෙ හමුවෙන එකක් නෑ. ඒ නිසා ඔබත් ලස්සනට ඉන්න, මේ වගේ වටින දේවල් දැනගන්න කැමති කෙනෙක් නම් ආයෙත් හමුවෙන්න, අපිව Follow කරන්න.
23/03/2026
🇳🇿නවසීලන්තයේ ජීවත්වෙන ඔබට සුභ ආරන්චියක්. වසර 14ක පාරිභෝගික විශ්වාසය රැන්දූ Fair "A" ✨ නිශ්පාදන දැන් ඔබට නවසීලන්තයෙන් මිළදී ගන්නත් පුළුවන්. විස්තර සදහා පහත අංකය ඔස්සේ සම්බන්ද වන්න. ☎️
Fair 'A' හැමදාමත් ඔබ වෙනුවෙන්මයි! 🌻
08/03/2026
🌸 ජාත්‍යන්තර කාන්තා දිනය අදයි!
පවුලක ආදරය රැකගන්නා මවක් ලෙසත්, දරුවන්ගේ අනාගතය ගොඩනගන ගුරුතුමියක් ලෙසත්, සමාජය ඉදිරියට ගෙනයන නායිකාවක් ලෙසත් කාන්තාවන් විවිධ භූමිකාවන් ඉටු කරති. අද ලෝකය තුළ කාන්තාවන් අධ්‍යාපනය, ව්‍යාපාර, දේශපාලනය, විද්‍යාත්මක ක්ෂේත්‍ර වැනි බොහෝ අංශවල විශිෂ්ට ජයග්‍රහණ ලබා ගනිමින් සිටින යුගයකි.
ජාත්‍යන්තර කාන්තා දිනය අපට නැවතත් මතක් කරවන්නේ කාන්තාවන්ට සමාන අවස්ථා, ගෞරවය සහ ආරක්ෂාව ලබාදීම සමාජයේ මහගු වගකීමක් බවයි.
🌷 කාන්තාවක් ශක්තිමත් වූ විට, පවුලක් ශක්තිමත් වේ. පවුල ශක්තිමත් වූ විට, මුළු සමාජයම ශක්තිමත් වේ.
එම නිසා, මේ ගෞරවය ලෝකය වෙනස් කරන සියළුම කාන්තාවන්ටයි.
"ඔබට සුභ කාන්තා දිනයක් වේවා!" 💛🌻
- Fair 'A' Original -
01/01/2026
New Year. New Glow. New Confidence ✨
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Rajagiriya
227/1A