Healthy Plate

Healthy Plate

Share

Eat wise.

19/06/2026

ආදරේ කාල බලන්න..
fridge එක ඇරියම අතට අහුවෙන දෙයක් උයනවට වඩා හෙට උයන්නෙ මොනවද කියල ප්ලෑන් කරන්න පුරුදු වෙන්න..එකිනෙකට වර්න රස ගලපගත්ත මෙනුවක් ප්ලෑන් කරන්න..ගුන ගලපන්න,රස ගලපන්න..පිරිසිදුව,සිහියෙන් උයාගන්න වගේම ආදරෙත් චුට්ටක් දාන්න අමතක කරන්න එපා..ඒ කියන්නෙ කැමැත්තෙන් ඕනෙ කමෙන් උයන්න..මතක් කරල බලන්න තරහෙන් උයාපු දවසක කෑම පිගාන..මැල්ලුම තැම්බිලා පාට වෙනස් වෙලා..කරවල බැදුම කරවෙලා..දෙල් මාලුවට ලුනු වැඩිවෙලා..බත රොස් වෙලා..එහෙම දවස් තිබිල නැත්තෙනැතුවම නෙවෙයි නෙ?

අද මෙනුව..
බීට් සලාද
පරිප්පු මිරිසට හින්දල
අඹ මාලුව
බාගෙට සුවද හිටින්න මලවපු ජපන් බටු මැල්ලුම
කීරමීන් කරවල බැදුම

25/05/2026

වෙල්ලස්සෙ මැල්ලුම්

සිරිගලට මුල්ම පත්වීම ලැබීමත් එක්ක අලුත්ම පරිසරයක ,බස්නාහිරකොන මිනිසුන්ට වඩා ලෙන්ගතු හිත් තිබ්බ මිනිස් හිත්වල වගේම අලුත් ආහාර රටාවක අත්දැකීම් ලබන්න පුලුවන් වීම මම ජීවිතයේ ලබපු එක භාගයක් ,මොනරාගල පොලේ සතියකට සැරයක් යෑම මගේත් නදීරාගේත් විනෝදාංශයක්..මටම කියල වාහනයක් නොතිබ්බ ඒ කාලෙ අපි පොලේ ගියාම එන්නෙ අතින් කටින් සහ පුලුවන්න්ම් කකුල් වලිනුත් බඩු මලු උස්සගෙන ත්‍රීවීලර් එකක ,ඒකෙ ඔබා ගන්න බැරි තරමටම බඩු මලු අපේ අත්වල තිබ්බ මට මතකයි..අපි අනිවර්‍යෙන්ම ගන්න දෙවල් අතරෙ වැවුමාලු,කොල වර්ග කීපයක්,තුඹ කරවිල කෙසෙල් දොඩම් වගේ ගම්ගොඩේ ආච්චිල ගෙනල්ල විකුනන පලතුරු වර්ග ,එමින් ගමන් ගන්න මී කිරි හට්ටියක් හැමදාම වගේ තිබ්බ..අපරාදෙ කියන්න බෑ අපි ගමේ සරුවට වැවුන එලවලු පලතුරු ඒ කාල හිත, බඩ පිරෙන්න හොදට කෑව..

පොලේ යද්දී මට මතකයි මඤ්ඤොක්කා කොලයි තිත්බටුයි එකට විකුනන්න තියෙනව..මට පුදුමත් හිතුන,මේ ගම්ගොඩේ වැට මායිමටත් මයියොක්ක කෝට්ටක් ඉන්දන රටේ මයියොක්ක කොල සල්ලිවලට ගන්න අයත් ඉන්නවද කියල..පස්සෙ දවසක අපිට මයියොක්ක කොලයි තිතිබටුයි කොච්චි කොටල තෙම්පරාදු කරල හදපු මැල්ලුමක රස බලන්න ලැබුන,පොල් එකතු නොකල ඒ මැල්ලුමේ තිබ්බෙ වෙල්ලස්සට ආවේනික රසක්..

වෙල්ලස්ස කැරැල්ල කාලෙ කෑමට ගන්න පුලුවන් දේ අඩුවෙද්දි අල විතරක් කාපු මයියොක්ක ,කොලත් කෑමට එකතුඋනා කියල ජනප්‍රවාද වල කියෙවෙනව..මයියොක්ක කොල-තිත්බටු-කොච්චි කොටල තෙම්පරාදුවක් දාපු මැල්ලුමක් එක්ක වල් ඌරුමස් මිරිසට හින්දල කොල්ලු වැන්ජනයක් කියන්නෙ වෙල්ලස්සටම ආවෙනික මෙනුවක් ...වල් ඌරුමස් වෙනුවට කලුවට හින්දපු කුකුල්මස් වෑන්ජනයක් එක්ක ඔය මෙනුව රසබැලුවෙ දැන් අවුරුදු 8කට වගේ කලින්..

මඤ්ඤොක්කා කොල හීනියට කපල වන්ගෙඩියෙ කෙටුවෙ නැත්නම් කොල ටිකක් රලුනිසා කන්න අමාරුයි,එහෙම හදාගත්ත කොල වලට පොලේ දාල තෙම්පරාදුවක් දාන එක තමයි මගේ ක්‍රමය ...

පිසූ කොළ 100gකට
කැලරි: 35–60 kcal
ප්‍රෝටීන්: 3–6 g
කාබෝහයිඩ්‍රේට්: 5–8 g
ෆයිබර්: 2–4 g
මේදය: ඉතා අඩුය

විටමින්
විටමින් A (බීටා කැරොටීන්) – ඇස් සහ ප්‍රතිශක්තියට
විටමින් C
ෆෝලේට් (විටමින් B9)

ඛනිජ ලවණ
අයන්
කැල්සියම්
පොටෑසියම්
මැග්නීසියම්
ෆොස්ෆරස්

වෙනත් ප්‍රයෝජන
ඇන්ටිඔක්සිඩන්ට් අඩංගුයි
බොහෝ කොළ වර්ගවලට වඩා ප්‍රෝටීන් වැඩියි
හොද ෆයිබර් ප්‍රභවයකි

24/05/2026
Photos from Healthy Plate's post 23/05/2026

කැවිලි උන..

Photos from Healthy Plate's post 23/05/2026

දොඩම්ගොඩ ආච්චිඅම්ම කියන්නෙ මගේ මතක පොතේ රසම මතක පිටු... මම පුන්චි කාලෙ රස බලපු ගොඩක් කැවිලි වර්ග හැදුනෙ ආච්චි අම්මගෙ අතින්..දැන් වගේ නෙවෙයි අවුරුදු කැවිලි හදනව කියන්නෙ එකම යුද්දයක්..පිටි කොටන්න ගත්තම ආච්චිට එක එක නීති ,කැවුම් වලට රතු හාල් ,මුන් ඇට කැවුම් වලට රතු හාල් දිය දාන්න ..කොකිස් වලට සුදු හාල්,ආස්මී වලට සුදු හාල් හුලගෙ යන හීනියට වන්ගෙඩියෙ හවස්වෙනකන් කොටනව..ඒ කොටන පිටි හීනියට හලන්න වෙනමම සාරි පෙනේරත් ආච්චිට තිබුන...කැවිලි බැදිල්ලට ආච්චි පොල්කොල ඉපල් එහෙම වෙන වෙනම කැවිලි වර්ග අනුව එකතුකරනව ලිප පත්තුකරන්න..ඒක එකම යුද්දයක්..ලිපේ දර කෝටු ලන්කරන්න ආච්චිට ඕනෙ පොඩි පොඩි උදව් කරන්න පොඩි බන්කුවක වාඩිවෙලා ඉන්නව මට තවම මතකයි ..ඔය ඉන්න ගමන් බැදපු කැවිලි එක දෙක අතුරුදහන් වෙනව කියල ආච්චිත් දන්නව අපිත් දන්නව.. ..ඔය යුද්දෙ ඉවරවුනාම අපේගෙවල් වලට අයිති අවුරුදු කැවිලි පන්ගුව අපේ අතට ලැබෙනව..ඕව තමයි ඉතින් ඉස්සර රස මතක ...
මට කැවිලි හදන්න තියෙන අත්ගුනේ නැත්නම් කැවිලි උන, දොඩම්ගොඩ ආච්චිගෙන් ලැබිච්ච දෙයක් කියල මම හිතන්නෙ..කොච්චර වැරැදි වැරදි හරි අන්තිමේටම කන්න පුලුවන් ගානට ගොඩ දාගන්න සාස්තරෙත්,හිතුනොත් හදලම බැලිල්ලත් එහෙමම ලැබිච්ච ..
මේ පහල තියෙන්නෙ මෙදා පාර අවුරුද්දට මගේ අතින් හැදිච්ච කැවිලි...කොන්ඩ කැවුමෙ කොන්ඩෙ මේ තරමින්වත් වවාගන්න අවුරුදු 30අගබාගේ වෙනකන්ම ඉන්න උන එක තමයි වැඩේ.. හැම කැවිල්ලක්ම හදල තියෙන්නේ කඩේ විකුනන්න තියෙන වියලි හාල්පිටි වලින්..දැන් ඉස්සර වගේ වරුගනන් පිටි කොටන්න නහින්න ඕනෙ නෑනෙ ඉතින්..
රස වගේම තමයි මේවයෙ කැලරිත් ඉතින්..

23/05/2026
23/05/2026

Count calories

2 slices of pineapple: ~40–60 kcal

1 scoop vanilla ice cream: ~130–180 kcal

Small slice vanilla cake (~30 g): ~100–130 kcal

Total estimated calories:
~270–370 kcal

22/05/2026

Mouth watering lunch menus

16/05/2026

පාට වලට කෑම එකතුකරන්න..
බටට කලින් හිත පිරෙන්න..

16/05/2026

උදේට
Breakfast එකක්නම් හදාගන්න ලේසි වෙන්න ඕනෙ,දැක්ක්ම කන්න හිතෙන්න ඕනෙ..අත්‍යාවශ්‍ය පෝශක අවශ්‍ය තරමින් අඩුපාඩුවක් නැතිව තියෙන්නඕනෙ..

කඩල කියන්නෙ ශාක ප්‍රෝටීන වැඩියෙන් අඩන්ගු ශාක ප්‍රෝටීනයක්..මම කඩල තම්බන්නෙ ප්‍රෙශර් කුකර් එකේ නිසා වැඩිකරදරයක් නැතුව තම්බගන්න පුලුවන්වෙනව..කඩල වැහෙන ගානටවගේ වතුර දාල විසිල් 10ක් වැදුනම කඩල හොද ගානට තැම්බිලා..මේකට ඕනෙ තරම් ලුනු දාල වතුර ටික හිදෙනකන් මම පියන ඇරල තම්බගන්නව.රතුලූනු ටිකක් හීනියට කපල අමුමිරිස් කරල් කීපයක් එක්ක බටර් ටිකකුත් දාල කවලම්කරල රස්නෙ පිටින් කඩල ටිකවෙලාවක් වහල තියල තමයි අද කඩල හදලතියෙන්නෙ..
තාම්බපු බතල fiber content වැඩිම කෑමක්..ඒකෙන් ජීර්නය පහසු කරනව..පොල් වලින් මේදය,බත් 50g වගේ තියෙන්නෙ..මේ හැමදේම රසකරන්නෙ ලුනු මිරිස් ඇබුල් ගානට වැටුන ලුනුමිරිස ...

Want your business to be the top-listed Beauty Salon in Ratnapura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Ratnapura