Shani Fashion

Shani Fashion

Share

🌟 Inspire | Motivate | Achieve
Helping you build confidence, discipline, and success every day.
💛 One step at a time. Win with yourself. Win with life.....🌸🍃💆‍♀

14/07/2026

අනන්ත බුදු ගුණ බලයෙන් සියලුම දෙනාට වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා 🙏 සියලු යහපත් පැතුම් ඉටු වේවා 🤍

12/07/2026

දන්න අය කියන් යමු බලන්න මේ ලස්සන වැවේ නම මොකක්ද.. තියෙන්නෙ කොහේද කියලා...😁🍃🌸❤️

09/07/2026

ජීවිතේ ලස්සනම ගමන, හිතේ සැනසීම සොයා යන ගමනයි. 🌿☸️
බුදු සරණයි හැමෝටම 💛

#රුවන්වැලිමහාසෑය #අනුරාධපුරය #ශ්‍රීලංකාව #බුදුසරණයි #පින්බිම

09/07/2026

සොබාදහමේ සුන්දරත්වය විඳින්න මොහොතක් ගන්න. හිතට නිදහසක් දැනෙනවා. 🍃

ඔබත් මේ වගේ උදෑසනක් අත්විඳලා තියෙනවද? 💬

02/07/2026

විදවන්නෙ නැතිව විදින්න නම්
සොබාදහම තෝරගන්න 🍃🌸💆‍♀❤️

01/07/2026

🌳 ලොකූම ලොකු වනාන්තරයක හිටියා පුංචිම පුංචි ගසක්…
ඒ ගස දුක් වුණා 😭.. අනිත් ගස් වගේ ඉක්මනින් ලොකු වෙන්න බැරිව..
හැම දවසකම උත්සාහ කළා… නැගිටින්න, ඉහළට යන්න…
🌬️ දවසක් ලොකූ සුළඟ ආවා…
ඒක දුෂ්කරයි, තදයි… ගස සෙලවුණා, බිඳෙන්න ලංවුණා.
ඒත් ඒ ගස අත්හැරියේ නැහැ…
🌱 දවසින් දවස…
වැසි, සුළං, කුණාටු ආවා… අනිත් ගස් මෙයාට ''හිච්චියා ''කියලා මහ හයියෙන් හිනා වුනා..
හැම වතාවකම මේ පුංචි ගස තවත් ශක්තිමත් වුණා…
🌳 අන්තිමේදී…
මේ පුංචි ගස හැම කුණාටුවකට , ලොකූ සුළං රැළි වලට හැමදේටම ඔරොත්තු දෙන වනයේ රූස්සම ශක්තිමත්ම ගස බවට පත් වුණා. වනාන්තරයට එන හැමෝම මෙයා යටට ඇවිත් සනීපෙට
සෙවනට හිටියා.. පුංචි සත්තු අම්මා වටේ ඉදන් මෙයා යට සෙවනේ සැනසීමේ සෙල්ලම් කරා..
🐦 දවාලට චූටි බට්ටිච්චෝ… රෑට වව්ල්ලු මෙයාගෙන් කෑම කාලා මෙයාට ස්තූති කලා..හැමෝම මෙයාගේ රූස්ස අත් යට සැනසීමේ ජීවත් වුණා. හැමෝටම
ආහාර දුන්නා… මහ විශාල කුණාටු වලින් , සුළං වලින් ආරක්ෂා කරා..

ඉතින් මේ පුංචි ගස… ඉවසීමෙන්, උත්සාහයෙන්, දරාගැනීමෙන්…
අවසානයේ වනයේ හැමෝටම පිහිට වෙන,
ශක්තිමත්ම ගසක් බවට පත් වුණා.

❤️ ජීවිතයත් එහෙමයි…
දුක, අභියෝග ප්‍රශ්න එන්නේ අපිව බිඳවන්න නෙවෙයි…
අපිව තව තවත් ශක්තිමත් කරන්නයි.. අලුත් පාඩම් උගන්වන්නයි..

ඉතින් මගේ ලස්සන ළමයෝ මේ පුංචි ගස තමන්ගේ ඉවසීමෙන්, දරා ගැනීමෙන් කුණාටු , සුලි සුළං මැඩගෙන රූස්ස ගසක් උනා වගේ.. අපිත් මේ පුංචි පුංචි ප්‍රශ්න , අභියෝග දරා ගෙන ජය ගෙන..ඒ හැම පාඩමක්ම ඉගෙන ගෙන ලස්සන අනාගතයක් හදා ගෙන, මේ පුංචි ගස හැමෝටම පිහිට උනා වගේම... අපිත් අපේ අම්මට තාත්තට අපේ ආදරණීයන්ට සලකන හොදම හොද ලස්සන ළමයෙක් වෙන්න නේද ඕනි.. 🍃💚🌸🌍❤️

Telephone

Website