Dew Fashion

Dew Fashion

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dew Fashion, Health/Beauty, wadduwa, .

28/04/2026
23/03/2026

| අලුත් සතියට | ❤️

🍋 : දවස ප්ලෑන් කරමු..

උදේම කොලයක් අරන් දවසේ ඔයාට කරන්න තියන ලොකු පොඩි වැඩ ඔක්කොම ලියාගමු. ඊටපස්සෙ ඒව ආයෙත් චූටි චූටි පියවර බෙදලා ආයෙත් ලස්සනට ලියාගත්තා නම් තවත් ශෝක්..🥳 මොකද එතකොට "ආපෝ මේවා ලොකු වැඩනේ" කියලා ඔයාට කම්මැලි හිතෙන්නෙ නෑනේ..😌

🍋 : දවසේ top goals හොයාගමු..

අර ඔයා ලියාගත්තු වැඩ ටික තියනවානේ. අන්න ඒකෙන් "අද දවසේ මගේ වැදගත්ම වැඩ තුන මොනාද" කියලා හොයලා ඒවා රවුම් කරගන්න. එතකොට ඒවා කල් දාන්නෙ නැතිව ස්ට්‍රෙස් වෙන්නෙ නැතිව කරලා ඉවර කරන්න පුලුවන්නේ!🥳

🍋 : සෙල්ෆ් කෙයා..

උදේම ඔයාගෙ සෙල්ෆ් කෙයා වෙනුවෙනුත් චූටි ගෝල් එකක් තියාගමු!😘 අද මං වතුර ගොඩක් බොනවා! අද මං පැණිරස කන්නෙ නෑ! ඔන්න ඔහොම.. ඒක ආසාවෙන් කරන්න පුලුවන් වෙන්නත් ලස්සන‍ දේවල් හොයාගන්න. වතුර බොන්න ලස්සන‍ cute බෝතලයක් අරන් බලන්නකෝ. ඔයාට ඒකෙන් වතුර බොන්න ආස හිතෙනවා!🥳

🍋 : ෆෝන් එක අඩුවෙන්..

උදේ නැගිට්ට ගමන් ෆෝන් එක ඔබන එක, දවල්ට චූටි විනාඩි පහේ විවේකයෙත් ෆෝන් එක ගන්න එක, රෑ නින්ද යනකම්ම ෆෝන් ඒක ඔබන එක, ඕපදූප බලන එක ඒවා ටිකක් අඩු කරමු. එහෙම ඕන්නෑනේ ඔයාට!😏 ස්ක්‍රීන් එකෙන් මෙහා වෙන ලස්සන‍ දේවල් තව තියනවානේ ඔයාට රිලැක්ස් වෙන්න!🥳

🍋 : හැමදාම me time එකක්..

ඔයා කොච්චර වැඩ කළත් හැමදාම ඔයාටම කියලා චූටි වෙලාවක් අරගමු. විනාඩි දහයක් උනත් කමක් නෑ. අඩුම මුකුත් නොකර ටිකක් වාඩිවෙලා ඇස් පියන් ඉන්න. නැත්තම් ඔයා ආස දෙයක් කරන්න. එහෙම කාලයක් ගන්නකොට ඔයාට සතුටු හිතෙනවා!🥳

🍋 : healthy choice..

ඔයාට perfect diet එකක් කරන්න බැරි උනාට කමක් නෑ. පුලුවන් නම් ඔයාට කරන්න පුලුවන් දේවල් ටික කම්මැලි නොවී කරන්න! පැණිරස, Processed food අඩු කරන්න! පලතුරු එලවලු වැඩිපුර කන්න! වතුර ගොඩක් බොන්න! ඔය බලන්නකො ඔයාට ගොඩක් දේ කරන්න පුලුවන්නේ! 🥳

ඉතිං සතුටින් වැඩ කරන සතුටු දේවල් කරන ලස්සන‍ අලුත් සතියක් වේවා!😘✨️

22/03/2026

| ඔයා වෙනුවෙන් පැයක් | 🥳

මේ ලස්සන‍ ඉරිදාවේ පුංචි පැයක් ඔයා වෙනුවෙන් වෙන් කරගෙන ඒකේ චූටි චූටි සතුටු දේවල් කරමුද!🥳

ඔයා ලස්සනටම ඉන්නෝනේ..😘
පෙනුමින් වගේම කායිකව මානසිකව ආධ්‍යාත්මිකව ඔය හැමවිදියකින්ම සමබරව!✨️

ඉතිං අද පුංචි පැයක් වෙන් කරගමුද ඔයා වෙනුවෙන්......🥳

Happy Self - care Sunday 🦋🦋🦋🦋🦋

10/03/2026

පළමු පියවර කොහොම හරි තියමු !!! හොඳ ආරම්භයක් ගමු !!! ඊට පස්සේ , සාර්ථකත්වයට යන්නට තවත් ලේසියි !!! ඔයාට අනිවාර්යෙන්ම පුළුවන් දිනන්න !!!! 💪

07/03/2026

"අද ඔයා උත්සාහ කරපු මොනාමහරි දෙයක් අසාර්ථක උනා නම්..."

අපි ආයෙමත් උත්සාහ කරමු..😘

ඒත් අසාර්ථක උනොතින්..?

ඉතිං මොකද..අපි ආයෙම වතාවක් උත්සාහ කරමූ..😘
කලින්ට වඩා වෙනස් අලුත් ක්‍රම හොයාගෙන උත්සාහ කරමූ..😘
ඒක මීට කලින් උත්සාහ කරපු අයගෙන් අහමු..
දිනපු මිනිස්සු දිහා බලමු.. ඉගෙනගමූ..😘
අඩුපාඩු හදාගමූ.. උදව් ඉල්ලමූ..
ඔයාගෙ උපරිමය ඒකට දෙමූ..😘

ඉතිං..
හෙටත් උත්සාහ කරමු !!
"දිනනකල්ම" 😘
මොකද දන්නවද.. ඔයා ඉපදිලා ඉන්නෙ දිනන්නනේ !! 😘❤️💪

04/03/2026

"ඔයා අදත් නැගිටියේ, තවම කතාව ඉවර නැති නිසා."
​සමහර දවස්වලට අපිට හිතෙනවා
ජීවිතේ හැමදේම එපා වෙලා කියලා.
ඒත් අද උදේත් ඔයාගේ ඇස් ඇරුණේ
ඔයාගේ ජීවිතේ ලියැවෙන ලස්සන කතාවේ
තවත් එක ජයග්‍රාහී පරිච්ඡේදයක් ඉතිරි වෙලා තියෙන නිසයි. ✨
​පසුබෑමක් කියන්නේ අවසානයක් නෙවෙයි,
ඒක අලුත් ආරම්භයකට ලැබුණු විරාමයක් විතරයි.
ඔයාගේ හීන, ඔයාගේ බලාපොරොත්තු
තවමත් ඉටු වෙන්න බලාගෙන ඉන්නවා.
​ඒ නිසා අද දවස ගැන සතුටු වෙන්න.
වැටුණු තැන්වලින් නැගිටලා,
නොනැවතී ඉදිරියටම යන්න.
මොකද ඔයාගේ කතාවේ වීරයා ඔයාමයි! 🏆
​හුස්මක් ගන්න,
විශ්වාසයෙන් අඩියක් පෙරට තියන්න,
ඔයාගේ කතාව ලස්සනට ලියන්න අදත් ඔයාට අවස්ථාව ලැබිලා තියෙනවා. 🌿🌸

28/02/2026

"හැමදේම හරියනවා!
හරිම වෙලාවට,
අපි හිතාගෙන ඉන්නවටත් වඩා ලස්සනට.."

ඔයා බලාපොරොත්තුවෙන් ඉන්න ලස්සන දවස් ඉක්මනින්ම එනවා!
විශ්වාසයෙන්, සතුටින් ඉන්න.... ❤️

27/02/2026

ඔයාගේ ජයග්‍රහණ වල හොඳම රසිකයා ඔයා වෙන්න.!

දවසින් දවස අපි ජීවිතේ මහන්සියෙන් ලබා ගන්න පුංචි ජයග්‍රහණ
උපරිමයෙන් විඳින්න.

මහන්සියෙන් හම්බකරලා ගන්න පුංචි රුපියලක සතුට පවා ලොකුවට හිතින් විඳින්න.

උදේ හවස අපි හැබෑ කරගන්න දකින හීන තවකෙනෙකුට කිසිම වටිනාකමක් නැති වෙන්න පුලුවන්.
දැනටමත් බොහෝ අය ඒ හීන හැබෑ කරගෙන වෙන්න පුලුවන්.
අපි වයස 35 දි හැබෑ කරගන්න හීන තව කෙනෙක් 18 දි හැබෑ කරගන්නවා වෙන්න පුලුවන්.

හැබැයි කවදහරි එන දවසක් වෙනුවෙන් හීන හයියෙන් අල්ලන් ඉන්න.
හිනා වෙන මිනිස්සු හිනා වෙයි. " ඕවා මහ ලොකු දේවල්ද කියන අය ඉඳීවි. විවේචනය කරාවි.

කවදහරි ගන්න හිතාගෙන හිටපු දෙයක්,
කරන්න ආසාවෙන් හිටපු අලුත් විලාසිතාවක්
යන්න හිතාගෙන හිටපු ගමනක්, තැනක් මේ ඕනම දෙයක් දවසක හැබෑ වෙද්දි ඒ දැනෙන සතුට උපරිමයෙන් විදින්න.

මොකද,
කවුරු මොනවා කිව්වත්, තමන් දකින හීන වල බර දන්නෙ තමන්ම විතරයි! 🌻❤️🦋

Telephone

Website