Mysterial Herbs

Mysterial Herbs

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mysterial Herbs, Health/Beauty, Behind the shool, Wattala.

15/05/2021

🌼🌷🌱🌼🌷🌱🌼🌷🌱🌼🌷🌱🌼🌼
ලස්සන වෙන්න කැමති ඔබට....
නොමිලේ සම්බන්ධ වන්න....මෙන්න කදිම අවස්ථාවක්.

🌺🍃ශ්‍රී ලාංකීය අභිමානය ලොවට ගෙන යන සොබාදහම් දායාදයන් කැටිකර ගත් "Herb Line" ආයතනයේ සාමාජිකයෙකු වන්න.🍃🌺

අප රටට නොගැලපෙන පිටරට ආලේපනයන්ට තිත තබමු. එමඟින් අප රටේ සල්ලි පිටරටට යාම වලක්වාගත හැකිය.

🍃ඔබට අවශ්‍ය කරන දේ වට්ටම් සහිතව ලබා ගන්න.
🌼රූපලාවණ්‍යගාර පවත්වාගෙන යන අයට විශේෂයි
🍃 නොමිලේ වැඩසටහන්.
🌼වටිනා තෑගි.
🍃 විදේශ සංචාර.

🌼ඉක්මන් කරන්න.
🌼මෙම අවස්ථාව මග නොහරින්න.

14/05/2021

ශ්‍රී ලාංකීය අභිමානය ලොවට ගෙන යන Herbline ආයතනයට සාමාජිකයන් බඳවා ගැනේ.

රු.50 000 ට වැඩි ආදායමක් උපයන්න

රූපලාවණ්‍ය නිශ්පාදන වට්ටම් මුදලට ගන්න

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ අයට ඉතා ගැලපේ

විදේශ සංචාර

නිසි පුහුණුව

මේ සියල්ල තුලින් සිහින සැබෑ කරගන්න අදම මැසේජ් කරන්න.

ලියාපදිංචිය නොමිලේ

13/05/2021

😍🌼🌼 🌼🌼😍
🌼🌼 Happy Customer Results 🌼🌼

12/05/2021

Ready for Dilivery 🚚🚚🚚🚚🛍️🛍️🛍️
____________________________________________

අපව විශ්වාස කර ආදරණීය ඔබ ලබා දුන් ඕඩර්ස් මෙලෙසින් ඔබ වෙත එවීමට සූදානම්
ස්තූතියි අපව විශ්වාස කර ඕඩර්ස් ලබා දුන්නාට... ☺️🙏

දැන් ඔබේ පහසුව සඳහා Cash on Dilivery පහසුකම ඔස්සේ භාණ්ඩ ලබා ගත හැක. විශ්වාසනීය සේවයක් සඳහා Mysterial Herbs අප සමඟ රැඳෙන්න.

වැඩි විස්තර සඳහා ඉන්බොක්ස් මගින් පමණක් විමසන්න.

08/05/2021

පුද්ගලයෙක් ලස්සන බාහිර සහ අභ්‍යන්තර කියල කොටස් 2ක් තියෙනවා. අභ්‍යන්තරයෙන් ලස්සනයි කියන්නෙ කෙනෙක් සිතන පතන, හැසිරෙන විදිය අනුවයි.

ඔයා සමාජයේ ජීවත්වෙද්දි දැනගන්නෝන සමහර discipline (උපුටා ගැනීමකි)

1. එකදිගට දෙපාරකට වඩා කිසිම කෙනෙක්ට ph calls ගන්න එපා. එයාලා ඔයාගෙ call එක answer නොකරන්නෙ වැදගත් වැඩක එයාලා ඉන්න නිසා කියල හිතන්න.

2. ඔයා ණය⁣ට ගත්ත මුදලක් හෝ වෙන දෙයක් කුඩයක්, පෑනක් වගේ පොඩි දෙයක් වුනත් අයිතිකාරයා ආය ඒක මතක් කරන්න කලින් හරි ඒක ඉල්ලන්න කලින් හරි ඔයා දෙන්න පුරුදු වෙන්න..ඒක ඉතාම හොද මහත්මා ගතියක්

3. කෙනෙක් ඔයාට lunch එකක් හරි dinner එකක් හරි මොනයම් හෝ කෑම වේලක් අරන් දෙද්දි menu එකේ තියෙන ගනන් වැඩිම කෑම ඇනවුම් කරන්න එපා.ඒක ඒ මනුස්සයා අපහසුතාවයට පත්වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්.

4. 'තාම බැන්දෙ නැත්ද, තාම බබාලා නැත්ද කියන අතිශය පෞද්ගලික දේවල් මිනිස්සුගෙන් කිසිම ලැජ්ජාවක් නැතුව අහන්න පුළුවන් වෙන්⁣න එපා.ඒක ඉතාමත් කැත පුරුද්දක්

5. හැමතිස්සෙම ඔයාට පිටිපස්සෙන් එන කෙනාට දොර අරින්න පුරුදු වෙන්න..පිටිපස්සෙන් එන්නෙ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද ඔයාගෙ සර්ද නැත්නම් ofc එක අතුගාන කෙනාද කියන එක අදාල කරගන්නෙපා.කවුරැ වුනත් ඒක කරන්න..වාහනේක ඔයා ගෑනු ලමෙක්ව එක්කන් යනවනම් එයාට car එකේ දොර අරින එක පවා ඉතාමත් වටින මහත්මා ගතියක්..

6. ඔයා යාලුවෙක් එක්ක taxi එකක යන්න කතාවෙලා එයා ඒකට බිල ගෙව්වනම් ඊලග සැරේ ඔයා ගෙවන්න අමතක කරන්න එපා.

7. විවිධ මතවලට ගරැ කරන්න පුරුදු වෙන්න..ඔයා 25 න් බැදලා බබාලා හදන්න ආසාවෙන් හිටියට තව කෙනෙක් අවුරුදු 25 කදි ලෝකේ වටේ ඇවිදින්න ආස වෙන්න පුළුවන්..ඒ නිසා හැමෝගෙම මත වලට ගරැ කරන්න පුරුදු වෙන්න..

8. කෙනෙක් කතාකරද්දි මැද්දෙන් පැන පැන ඒකට බාදා කරන එක හරිම කැතයි..ඒ කෙනා කියන දේට ඉස්සෙල්ලා ඇහුම්කන් දිලා පස්සේ ඔයා කියන දේ ඉදිරිපත් කරන්න..එතකොටයි ඒක ලස්සන

9. කෙනෙක්ට විහිළු කරද්දි එයා ඒ විහිළුවට කැමති නැත්නම් ඒක දිගටම කරන්නෙපා..අනික කෙනෙක්ගෙ දක්ෂතාවයක් ලස්සනක් දැක්ක තැන පුශංසා කරන්න දෙපාරක් හිතන්නෙපා..ඒ අගය කිරීම එයාට ලොකු ධෛර්යක් ශක්තියක් වෙයි..

10. කෙනෙක් ඔයාට උදව් කරද්දි ඒකට ස්තූතියි හෝ thanks කියල කියන්න මැලි වෙන්නෙපා..හැම තිස්සෙම thank you කියනවට වඩා ගොඩක් පිං කියල කියන එක ලස්සනයි..අනික අපි සිංහල නිසා thanks කියනවට වඩා ස්තූතියි කියද්දි හිතට දැනෙනවත් වැඩියි..ඒ නිසා ඒ වචනෙ පුරුදු වෙන්න..

11. ඔයාට කෙනෙක්ව පුශංසා කරන්න ඕන්නම් ඒක පුසිද්ධියෙ කරන්න..කට්ටියක් ඉස්සරහ එයාව අගය කරන්න..ඒ වගේම කෙනෙක්ගෙ අඩුපාඩුවක් වැරැද්දක් ඔයාට පෙන්නලා දෙන්න ඕන්නම් කට්ටිය ඉස්සරහ ඒ මනුස්සයව ලැජ්ජ නොකර පෞද්ගලිකව එයාට ඒක කියල හදාගන්න.

12. කෙනෙක්ගෙ ශරීරය ගැන කතා කරන එක හරිම කැත පුරුද්දක්..එයා මහත වුනාම අපෝ එයාගෙ මහත කියල ඒ මනුස්සයව ලැජ්ජා කරන්නනෙපා කට්ටියක් ඉස්සරහ..ඒ වගේම කෙට්ටු අයටත් ඒ ගැන නිතරම කියල මානසිකව ඒ මනුස්සයව වට්ටන්නෙපා..හම්බුනාම කෙනෙක්ගෙ අඩුපාඩු ගැන කතා නොකර අගය කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරනවනම් ඒක ගොඩක් වටිනවා..

13. කෙනෙක් ඔයාට එයාගෙ ph එකෙන් photo එකක් පෙන්නද්දි එහාට මෙහාට කර කර අනිත් පිංතූර බලන්නෙපා..ඒ වගේම දෙයක් බලන්න එයාගෙ ph එක දුන්නම ඒක නැතුව වෙන වෙන app වලට ගිහින් msg අරව මේවා බලන එකනම් ඉතාම පහත් වැඩක්..ඒ නිසා ඒ පෙන්වන එක විතරක් බලලා එයාට ph එක දෙන එකෙන් එයා වුනත් ඔයා වැදගත් කෙනෙක් කියල හිතනවා.

14. කෙනෙක් ඔයාට කිව්වොත් මං දොස්තර කෙනෙක්ව හම්බවෙන්න ටිකක් ගිහින් එන්නම් කියල.. ඒ ගැන හාර හාර අවුස්ස අහන්නෙපා ඇයි ඔයා යන්නෙ, මොකද්ද අසනීපෙ කියල..එයාට කැමතිනම් ඒ ගැන ඔයා අහන්න කලින් කියයි..ඒත් එයා ඒක ඔයාට කියන්න අකමැති අසනීපයක් නම් ඔයා අහන එකෙන් එයා සෑහෙන්න අපහසුතාවයට පත් වෙන් පුළුවන්..ඒ නිසා ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න..

15. මං ඉස්සෙල්ලත් කිව්වා වගේ තමන්ගෙ boss ට වඩා හොදට ofc එක අතුගාන මනුස්සයට සලකන්න..මොකද ඔයාට ඉහලින් ඉන්න අයට ගෞරව කරන එක ගැන කවුරුත් පුදුම නොවුනට ඔයාට වඩා පහලින් ඉන්න කෙනෙක්ට සලකන විදියෙන් මිනිස්සු ඔයා ගැන හොද පුතිරෑපයක් මවාගන්නවා..ඒ නිසා හැමතිස්සෙම තමන්ට වඩා පහල මට්ටමේ රැකියා කරන අයට හොදින් සලකන්න..

16. කෙනෙක් ඔයාට කතා කරකර ඉන්න වෙලාවට ඔයා ph එ⁣ක දිහා බලන් ඉන්නවනම් ඒක හරිම කැත පුරුද්දක්..මංනම් සාමාන්‍යයෙන් වාහනේ ඉස්සරහ sheet එකේ යනවනම් කවදාවත් ph එක use කරන්නැ..ඒ ඉන්න කෙනා එක්ක කතා කරකරමයි යන්නෙ..ඒ නිසා කෙනෙක් ඔයාට අවදානයක් දුන්නම ඔයා ඒක නොසලකලා ph එක දිහා බලන් ඉන්නවනම් ඒකෙන්ම ඔයාගෙ disipline ගැන කියන්න පුළුවන්..

17. ඔයාගෙන් කෙනෙක් දෙයක් ගැන උපදෙසක් ගන්න අහනකල් ඔයා ඒ දේ ගැන බන දේශනා කරන්න යන්නෙපා..එයා ඇහුවොත් විතරක් ඔයා ඒ ගැන දන්නවනම් උපදෙසක් දුන්නට කමන්නැ..

18. කිසිම වෙලාවක කෙනෙක් එක්ක කතාකරද්දි එයාට ඒ ගැන කතාකරන්න ඕනන්ම් මිසක් නැතුව ඔයා වයස ගැනවත් salary එක ගැනවත් කතා කරන්න යන්නෙපා..ඒක සාමාන්‍යයෙන් අපි අහන්නෙ නැති දේවල් දෙකක් තමයි ඒ.

19. පිටදේවල් ගැන හිතන්න කලින් ඔයාගෙ දේවල් ගැන හිතන්න..අරය බැන්දෙ කාවද, මෙයා ඩිවෝස් වෙලාද කිය කිය ඕපදූප හොය හොය ඉන්න කලින් ඔයාගෙ job එක ගැන ඔයාගෙ business එක ගැන හිතන්න..

20. ඔයා කාත් එක්ක හරි කතාකරනවනම් හැම තිස්සෙම sunglasses ගලවලා කතා කරන්න..ඒක ඒ කතා කරන කෙනාට කරන ගෞරවයක්..

21. සල්ලි නැති මිනිස්සුත් එක්ක ඔයාගෙ වත්කම් ගැන කිය කිය ලොකුකම් පෙන්නන්න යන්නෙපා..ඒ වගේම වැදගත් දෙයක් තමයි බබාලා නැති අය එක්ක ඔයාගෙ ලමයි ගැන කතා කරන්නෙපා..අපි නොහිතුවට ඒ මනුස්සයා හිතින් ඒ ගැන ගොඩක් දුක්වෙනවා ඇති.

හැමතිස්සෙම හිතන්න මිනිහෙක්ට දෙයක් කියද්දි කරද්දි අපි ඒ වෙලාවට මුහුන දුන්නනම් මොකද කියල..මොකද කොච්චර කියෙව්වත් පුශ්නය කමන්ගෙ වෙනකල් පිලිතුර දාර්ශනිකයිලුනෙ

ඒ නිසා හොද විදියට හැදිලා හොද disipline තින හොද මිනිහෙක් විදියට ඉන්න ♥️ සුවද හමන මලක් වෙන්න 🌸

පියුමි🖤🌸

07/05/2021

🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌼🌷🌼🌷

අප සමඟ එක් වූ තවත් ආදරණීය පාරිභෝගිකාවක්. ඇය ඕඩර් එක ලබා ගත් පසු අලංකාර වීඩියෝවක් අප වෙත ලබා දුන්නා.

බෙහෙවින් ස්තූතියි ශෂී මහත්මිය 😍🙏

05/05/2021

ස්තූතියි ඔබට...! ඔබේ විශ්වාසය අපේ සතුටයි
😍😍😍😍😍
____________________________________________

පහත දක්වා ඇත්තේ අපව විශ්වාස කර අප වෙත ඇණවුම් ලබා දුන් ආදරණීය පාරිභෝගිකයන්ගේ ඕඩර්ස් ය.

බොහොම ස්තූතියි අපව විශ්වාස කර අප හා එක්වීම ගැන. බොරු රැවටිලි නැති විශ්වසනීය, ප්‍රමිතියෙන් උසස් බ්ලීචින් අතුරු ආබාධ රහිත බව සහතික කල නිශ්පාදන ලබා ගැනීමට අප හා එක් වන්න..

ඔබේ වඩාත් පහසුව සඳහා (භාණ්ඩ ලබා ගැනීමෙන් අනතුරුව ගෙවීමට Cash on Dilivery) පහසුකම (රු.1000ට වැඩි ඕඩර්ස් සඳහා පමනී) ඔස්සේ නිශ්පාදන ලබා ගත හැකියි.

ඇණවුම් ලබා දීමට අපේ පිටුව වෙත ඉන්බොක්ස් මැසේජ් පමණක් කරන්න.

Photos from Umanga's post 04/05/2021

උපතින් ඔබට ලැබුණු සමට ආදරය කරන්න. එය වෙනස් කිරීමට කෘතිම, සෞඛ්‍යයට අහිතකර ක්‍රම භාවිත නොකරන්න. සැම විටම ස්වාභාවික වන්න. ස්වභාව ධර්මයට ලං වන්න. 🌺🌼🌼🌼🌼🌼🌱🌱🌱🌱🌱🌱
______________________________________________

https://m.facebook.com/story.php?story_fbid=3051720545058555&id=1543535289210429

29/04/2021

සමේ තරුණ පෙනුම දිගුකාලීනව තියා ගන්න නම් අනිවාර්‍යෙන් සමට සත්කාරයක් කල යුතුමයි. ඉතින් හැමෝටම සැලෝන් යන්න තියෙන අපහසුව එක්ක අපි හිතුවා ඔයාලට තනියම ගෙදරදිම ක්ලීනප්/ ෆේෂල් එකක් කරන්න පුලුවන් නිශ්පාදන පෙලක් හඳුන්වා දෙන්න. 😍

මේකෙන් ඔයාට සැලෝන් වලට යන ලොකු වියදමක් ඉතිරි කරගන්නත් පුලුවන් 😁😁

ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කර නිපදවා ඇත. බ්ලීචින් කිසිවක් අඩංගු නැති බව විශ්වාසයෙන් කියමි.

🌼 පලමු භාවිතයෙන් ස්වාභාවික එලියක් මුහුණට ලැබේ.
🌼මුහුණේ ඇති දද කුෂ්ට ඇලජි ස්වාභාවයන් ඉවත් කරයි.
🌼බ්ලීචින් ආසාධන සුව කරයි (මෙවැනි ගැටලු අය විශේෂයෙන් අපව දැනුවත් කර පැක් එකලබා ගන්න)
🌼 මුහුණේ බැලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඉවත් කරයි.
🌼 මුහුණේ අඳුරු පැහැය ක්ෂණිකව ඉවත් කරයි.
🌼 තනිවම දෙපාර්ශවයටම භාවිත කල හැකියි.
🌼 පැක් එක මාස 6කට වඩා භාවිත කල හැකියි.
🌼පැක් හි අඩංගු නිශ්පාදන සියල්ල එකවර හෝ වෙන වෙනම ලබා ගත හැක.
🌼පැක් එක ලබා ගන්නා ඔබට, ඔබ වෙනුවෙන් සහය වන රූපලාවණ්‍ය උපදේශකවරයෙකු ඔබට හිමි වේ.

⭕ ඔබේ සමේ වර්ගය අනුව ෆේෂල් පැක් ලබා ගන්න.

නිවසටම ගෙන්වා ගන්න අපට අමතන්න. ඉක්මන් සේවාවක් ලබා ගන්න අපේ පේජ් එකට ඉන්බොක්ස් මැසේජ් එකක් කරන්න

(කොමෙන්ට් නොකරන්න. මෙහි එන අදහස් හා ෆොටෝස් උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි).

Photos from Mysterial Herbs's post 26/04/2021

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
🌷🌷🌷🌷🌷

බ්ලීචින් ක්‍රීම් වලින් එන තම්බපු සුදක් නැතිව ඔබ සිහින දකින රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න මෙමගින් පුලුවන් 😍

🌼vitamin E, B5,B3
🌼Bearberry & Mulberry extract,
🌼Licorice Root extract
🌼Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්

🌺 ප්‍රතිපල සතියෙන් නොලැබේ (රසායන, බ්ලීචින් අඩංගු නැති නිසා) විශ්වාසනීය ප්‍රතිපල සෙමින් ඔබට දැකිය හැකි වේ. සති 2න් ඇරඹී මාස 3න් උපරිම ප්‍රතිපල අත් විඳිය හැකියි. 😍😍😍

🌼සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌼සමෙහි තද පැල්ලම් මකා දමයි
🌼සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🌼සම පෝෂණය කරයි
🌼සමෙහි රැලි ගතිය නැති කරයි
🌼සමට ඒකාකාරී පැහයක් ලබා දේ
🌼ඕනෑම සමකට ගැලපේ.

⭕ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

අපගේ නිශ්පාදන වල ඇති ස්වාභාවික අමුද්‍රව්‍යවල ස්වභාවය පලමු ආලේපන වාරයෙන් ම දැනගත හැකියි.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each) මාස 3කට වඩා භාවිත කල හැක.

🌼🌼🌼🌼🌼🌼🌼🌼
Gluta saffron fairness body lotion 200 ml - 795/=
🌼🌼🌼🌼🌼

Gluta saffron fairness Face wash 120 ml - 345/=

Cash on delivery ඇත. ඩිලිවරි ගාස්තු 150 /=.
077 89 333 64 Whatsapp.

ලංකාවේ දේශීය අමුද්‍රව්‍ය භාවිත කර නිපදවා ඇත.

සැ.යු: (මෙම පෝස්ටුව තුල කතෲගෙ අදහස් ඇතුලත් බැවින් අනවසරයෙන් උපුටා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි)...

Photos from Mysterial Herbs's post 24/04/2021

අපේ නිශ්පාදන වලින් හොද ප්‍රතිඵල ලැබෙන නිසා ගොඩක් අය හිතනව අපි බ්ලීචින් තියෙන නිශ්පාදන අලෙවි කරනවා මේක සැලොන් එකක cream මිශ්‍ර කරලා හදන cream එකක් වෙන්න ඇති කියලා.

ඉතින් ගොඩක් දෙනා ගේ ඉල්ලීම මත අපගේ සහතික මේ ආකාරයට ඉදිරිපත් කරනවා. අප ඔබ වෙත ඉදිරිපත් කරන්නේ රජයෙ නීත්‍යානුකූල අනුමැතිය ලබා ලියාපදිංචි වූ සමාගමක් නිපදවන ලද ආයුර්වේද නිශ්පාදන බව ඉතා වගකීමෙන් දැනුම් දී සිටිමි.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

"මුහුන යනු ඔබේ ශරීරයේ ඇති සංවේදිම කොටසකි. ඒවාට ආලේප කරන නිශ්පාදන තෝරා ගැනීමේදී දෙවරක් නොව දහවරක් වත් සිතන්න. ප්‍රමිතියෙන් බාල බ්ලීචින් අඩංගු නිශ්පාදන වලට ඔබේ පවතින ලස්සන වුව ද විනාශ කල හැකියි.

නිශ්පාදන මාලාවක් තෝරා ගැනීමේදී බුද්ධිමත්ව කටයුතු කරන්න."

22/04/2021

Mysterial Herbs අපේ කාර්‍ය භාරය ....???
🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱
___________________________________________

අද අප තම රැකියාව, පවුලේ වගකීම් වැනි විවිධතා හමුවේ කාර්‍යබහුල වී ඇත. එය කෙසේද යත් තමාට තමාගෙ පෞද්ගලික නිරෝගී තාව හා තම රූපලාවණ්‍ය පිලිබඳ අවධානය පවා ගිලිහී ගොසින්‍ ය. 😫

ඊට අමතරව කාලගුනික සාධක වලට සම අනාරක්ෂිතව ගැටීම නිසා විවිධ සමේ රෝග, රූපලාවණ්‍ය සම්බන්ධ ගැටලු වලට මුහුන දෙමින් පවතී. මේ අතරින් සම වයසට යාම බරපතල ගැටලුවකි. තම වයසට වඩා සම වියපත් වීම මෙහි ප්‍රතිඵලයකි.

කෙසේ නමුත් සමේ ගැටලු සඳහා අද බොහෝ දෙනෙකු මේ සඳහා විවිධ රූපලාවණ්‍ය නිශ්පාදන වලට යොමු වී ඇති අතර ප්‍රමිතියෙන් තොර බ්ලිචින් විෂ රසායනික නිශ්පාදන භාවිත කිරීම නිසා බ්ලීචින් ආසාදන හා අනෙකුත් අතුරු ආබාධ වලට භාජනය වීම නිරන්තරයෙන් අසන්නට ලැබීම කණගාටුවට කරුනකි. ජනතාවගේ නොදැනුවත් භාවය නිසා සමේ පිලිකා දක්වා තත්ත්වය බැරෑරුම් වීම ශෝකජනකය 😌.

අතීතයේ පාරම්පරික ඔසු පිළිබඳ ඥානයක් තිබූ අපට දේශීය නිශ්පාදන භාවිතයෙන් සම සහ රූපය ස්වාභාවිකව අතුරු ආබාධ වලින් තොරව ලස්සන කර ගැනීමට හැකියාව තිබූ අතර Mysterial Herbs අප ඔබට හඳුන්වා දෙන්නේ ශී ලංකා භූමියෙන් උකහා ගන්නා 100%ක් දේශීය අමුද්‍රව්‍ය බව ඉතා ආඩම්බරයෙන් කියා සිටිමු.

එමෙන්ම ඔබේ සමේ ගැටලු වලට නොමිලයෙ උපදෙස් ලබා ගැනීමට අවුරුදු ගණනාවක අත්දැකීම හා පුහුණුව ලත් රූපලාවණ්‍ය උපදේශක මණ්ඩලයක් ඔබට හිමි වේ.

ඉතින් ඔබේ ලස්සන නිරෝගී බව වැඩිකර ගැනීමට Myseterial Herbs අප සමඟ රැඳී සිටින මෙන් ආදරයෙන් මතක් කර සිටිමු. 🙏🙏

Want your business to be the top-listed Beauty Salon in Wattala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Behind The Shool
Wattala
1300