Dr Chamari Adihetti
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Chamari Adihetti, Chiềng Khoa, Vân Hồ, Son La.
ඔබට බිරිඳ නැතුව ජීවත් වෙන්න පුළුවන් වුණත්... ඇය ඉතිරි කර ගිය මහත් වූ ආදරණීය හිස්කම සැමදා ඔබේ හදවතේ සියුම් රිදුමක් වේවි...🤍
If you do not learn to love and appreciate what you have, the universe will teach you its value through its loss as a lesson
27/09/2026
ඔබේ දරුවන් ඔබ දෙසබලා ආදරය කිරීමට ඉගෙන ගන්නවා...🩷
22/09/2026
19/09/2026
ගැහැනිය 🖤
--------------------
දශක දෙකකට අධිකව ජීවිතේ ගෙවපු ගැහැණියක්,
එක දවසක, එකම එක පිරිමියෙක් වෙනුවෙන්,
ඒ හදවතම දෙනවා....
කෙටි කාලයක් ඇතුළත මුණ ගැහැණු, දීර්ඝ කාලයක් බලාපොරොත්තුවෙන් හිඳපු පිරිමියෙක්ට,
ප්‍රාණ සමව ප්‍රේම කරනවා....
වැටෙද්දිත්, රිදෙද්දිත් ඒ පිරිමියාගේ පසු පසින් ඉන්න ,
පොරොන්දු දෙනවා....
ඉපදුන,හැදුන,වැඩුන තැන දාලා යන්න,
හිත හයිය කරගන්නවා....
අලුත් තැනකට හැඩගැහිලා,
අලුතෙන්ම පැළ වෙන්න පටන් ගන්නවා....
ඒ පිරිමියාගේ එකම එක රුධිර ධාතුවකට,
ජීවිතේ අතෑරලා ප්‍රේම කරනවා....
ඒ ප්‍රේම අනුරූ වලට, තව තවත් ප්‍රේම කරනවා....
මරණය තෙක්, ප්‍රේමයම ලොවට බෙදා දෙනවා....
ඉදින්,
ප්‍රේමයේ උල්පත ආරම්භ වන්නට ඇත්තේ,
ගැහැණියකගේ හදවතෙන් යැයි මා ලියා තබමි....!
Copied
18/09/2026
සමහර මිනිසුන් තමන්ට අවබෝධ කරගත නොහැකි හෝ ළඟා කරගත නොහැකි දෑ විවේචනය කිරීම ලෝක ස්වභාවයයි. එහෙත් ඔවුන්ගේ පටු අදහස් හමුවේ ඔබේ වටිනාකම බිඳ වැටීමට ඉඩ නොදෙන්න.
අනුන්ගේ සුවපහසුව වෙනුවෙන් ඔබේ අභ්‍යන්තර ආලෝකය කිසිදා අඳුරු කරනොගන්න . ස්වයංවර්ධනයෙන් ඉදිරියට යන්න. මන්ද බාහිර විචාරවලට වඩා ඔබට ඔබේ මනසේ සාමය අනන්තවත් වටිනා බැවිනි.
10/09/2026
ඔබ ඔබට බොරුකාරයෙක් නොවන්න 🙏🌸
10/09/2026
ඊයේ බොහෝම රෑ බෝ වුණු වෙලාවක නින්දක් අහලකවත් නැති වෙලාවක මට මෙන්න මේ පද පේළි ටික කියවන්න ලැබුණා
"මගේ ගෙදර සිටි නපුරු මන්තරකාරිය"
ඊයේ උදේ මිය ගොසින් තිබුණා.
මල් වඩම් අනවශ්‍ය බැව් ඈ පුන පුනා ලියා ඇති හින්දා ම,
එකම එක මලක් වත් නැති පාළු කනත්තක,
ඈ පස්වලට යටකර මං අපේ ගෙදරට ආවා...
මට ලිලී මල් ඕනෑ යැයි පෙරේදත් මා එක්ක රණ්ඩු උනු බව යාන්තම් මට මතක් උනා..
අල්ලපු ගෙදර සුරංගනාව ,
වැටෙන් මෙපිටට පැන සිහින් සරින් ඉකිබින්දා
අක්කත් නැතුව දැන් මට
කාගේ පිහිටක්ද? ඈ කියනු ඇසුනා..
ඇයි මං ඉන්නෙ යි, කියන්නම හිතුණත් මං
අදට කට වහගෙන හිටියා...
"මගේ ගෙදර සිටි නපුරු මන්තරකාරිය",
ඊයේ උදේ මිය ගොසින් තිබුණා.
කුටු කුටු ගගා ඇවිදිමින් ,
ඔරවමින්, රවමින් පුප්පමින්, හඬමින්,
නිකන් ම නිකන් ගෙදරට ම වී හිඳිමින්,
ඈ වැවූ රෝස පාත්තිවල වෙනදා වාගේ ම
මල් පිපී තිබුණා..
ගෙදර මෙච්චර රෝස මල් පිපෙද්දි,
ලිලී මල්ම ඉල්ලලා පොළොවේ හැපෙන්න,
"මේ ගෑණි" පිස්සු වැටිලවත් හිටියද මන්දා..
කාටවත් ඇදයක් නොකියන්න
යන්න කලින් ඈ මුළු ගේම
හොඳින් අතු ගා අස් පරස් කර තිබුණා.
මිදුලේ ඉඳන් ඈ වැවූ ඇට්ටේරියාද සේපාලිකාද මන්දා මල් සුවඳක්
ගෙතුලට හමා ආවා.
අල්මාරියේ මගේ පැත්තේ සුදු ෂර්ට් හතරක් ගැලපෙන කලිසම් එක්ක පිළිවෙලට අයන් කර,
එල්ලා ගිහින් තිබුණා..
"මගේ නපුරු මන්තරකාරිය"
මොනවා හිතාගෙන හිටියද මන්දා..
අපේ මගුල් ඇල්බම් එක යට
මා නමට ටිකක් බර
ලියුම් කවරයක් තිබුණා..
එකම දවසක් වත් නුඹ මට නොකී,
පෙම් කවි එක්දහස් එකක්,
වරින් වර ලියා එහි
තබා ගොස් තිබුණා..
(එක්කො කිව්වද දන්නෙත් නැහැ,
ඔයා කිව් ගොඩක් දේවල් මට
පහුගිය කාලයේම
ඇහෙන්නෙවත් නැතුව තිබුණා..)
"මගේ මන්තරකාරී",
මොකට උඹ මට මේ හැටි
ආදරේ කළාද මන්දා..
කුස්සියට ගියාම,
මං ආසම අච්චාරුයි ඇඹුල් තියලුයි
තව මාස තුනකට සෑහෙන්න
හොඳින් අසුරා ලේබල් කර
බෝතල් වල දමා තිබුණා..
කෙළවරේ ම බෝතලේ යට
ඇය කාටවත් නොදුන්
අච්චාරු, ඇඹුල් තියල් රෙසිපිය
බ්‍රවුන් පේපර් කවරයක දමා
පරිස්සමට තිබුණා.
ඇගේ මුතු අකුරින් එහි දකුණුපස කෙළවර
සුරංගනාවියට යැයි ලියා තිබුණා...
"මගේ මන්තරකාරි" උඹ
පාරමිතාවක්වත් පුරනවද මන්දා...
තව හිටගෙන ඉන්න වාරු නැතුව මම කුස්සියේ පොඩි මේසෙ ළඟ
ඔයාගෙ පුංචි පුටුවෙ වාඩි උනා.
(ඉස්සරම මෙතන පුටු දෙකක් තිබුණා,
පස්සෙ මම හරි බිසී උනා..)
ඉහළ බලන කොටම බිත්තියේ රාමුවක,
උඹ මාත් එක්ක හිනාවෙවී හිටියා
පොඩ්ඩක් ඉන්න..
ඒක තමයි එහෙනම්,
මං ඔයාට අරං දුන්නු ටයිගර් ලිලී පොකුරත් උස්සගෙන,
අනේ! "මගේ පුංචි රෝසමල"
මාත් එක්ක හිනාවෙවී හිටියා..
රණ්ඩු වෙවී හරි ඔයාට,
යන්නැතුව ඉන්න තිබුණා.
ගයනි චාමිකා පටුවත විතානගේ.
---------------------------------------------
සමහර මිනිස්සු ජීවිත කාලෙම බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් නොලබාම නොඑන ගමන යනවා. හරියටම කිව්වොත් නොඑන්නම යනවා.
පුංචි පුංචි ආදරණීය තෑගි , ආදරණීය සැමරුම් , පුංචි හාදු , ආදරණීය මොහොතවල් නොලබාම යන්න වෙනවා.
කොටින්ම ආදරෙයි නොඅසාම යන්න යනවා. අකමැති වුණත් මිනිස්සුන්ට එහෙම යන්නම වෙනවා.
හිතවතුනි,
සමහර වෙලාවට ඔබ නොදන්නවා වුණාට සමහර මිනිස්සු මුළු ජීවිතයම ඔබ වෙනුවෙන් ලියා තබලා , ඔබ වෙනුවෙන්ම බලන් ඉන්නවා.
සමහර විට මේ වෙද්දිත් ඔබට ඔබේ ආදරණීයයන් මග හැරිලා ඇති.
ආදරෙයි කියන්න අමතක වෙලා ඇති.
හාදුවක් දෙන්න මතක නැති වෙන්න ඇති.
ඒත්.......
දවසක් එනවා ඔබට හාදුවක් දෙන්න , ආදරේ දෙන්න මතක් වෙද්දි ඔබේ ආදරණීයයන් ඔබෙන් බොහෝ දුර ගිහින් තියෙන.
ඉතිං.......
පසුනොතැවෙන්න නම්, පමා නොවීම ආදරේ වෙන්න , ආදරේ දෙන්න , ආදරෙයි කියන්න.....
නොනිමි
09/09/2026
එසේ ගෙවී යන ඒ බොළඳ කලබලය තවදුරටත් නැති බව දවසක ඔබට වැටහෙනු ඇත. කැලැන්ඩරයේ පිටු සමාව නොදෙන නිසා, එදා නිවස පුරා තිබූ ඒ කුඩා අවුල් සහ ඝෝෂාව, අද නිශ්ශබ්ද මතකයක් බවට පත්වී ඇති බව ඔබට දැනෙනු ඇත.
හදිසියේම… ටබ් එක තවදුරටත් සෙල්ලම් බඩුවලින් පිරී නැති බව ඔබට පෙනේවි. පෙන බෝල සින්ක් එකට දමන ඒ කුඩා දෑත් නැත. සෝෆාව මත බෝනික්කන් නැත. නිවස පුරා විසිරී තිබූ සෙල්ලම් බඩු නැත.
කොරිඩෝව හරහා නොනවතින දිවීමක් නැත. ඔබේ නින්දට බාධා කරමින් ඇඳ මතට පැන එන සිනහවක් නැත. කියවා දීමට කතන්දර නැත. මධ්‍යම රාත්‍රියේ ඔවුන්ව ආවරණය කර දීමට ඇඳ ඇතිරිලි නැත. ඔබ අසල නිදාගෙන සිටින ඒ සිහින හුස්ම ගන්නා පුංචි ආත්මයද නැත…
දවසක ඔබට වැටහෙනු ඇත පැන්ට්‍රිය මතකයන්ගෙන් පිරී ඇති බවත්, කෑම මේසය හිස්ව ඇති බවත්. සියල්ල පිළිවෙළට ඇත. ශාලාවේ බිම බැක්පැක් නැත. තැන තැන වැටී ඇති පැන්සල් නැත. රෙදි කූඩයේ කිලිටි ඇඳුම් නැත.
ඒ වගේම දවසක… ජීවිතය ඔබේ දරුවන්ට වැඩී, ඔවුන්ගේම ලෝකයකට යාමට අවසර දී ඇති බව ඔබට වැටහෙනු ඇත. ඔබ ඔවුන්ගේ ළමා කාලයේ මතකයන් රැගෙන තනිව සිටින මව්පියෙකු බවට පත්වනු ඇත.
එවිට ඔබ හාන්සි පුටුවේ වාඩි වී පොතක් කියවනු ඇත. එහෙත්, ඔබේ කියවීමට බාධා කරමින් ඇසෙන ඒ අහිංසක හඬ නැති බව ඔබට දැනෙනු ඇත.
ඔබ පසු කරන සෑම පිටුවක්ම හොඳින් කියවන්න. ඒ මන්ද යත්, ඒ පිටු මෙන්ම ඒ කුඩා කාලයද නැවත කිසිදා ආපසු නොඑන බැවිනි.
ඒක තමයි ජීවිතේ 🩷
—* එමිලියෝ ලෙවීයා
Click here to claim your Sponsored Listing.
Website
Address
Son La
368410
Alerts
Be the first to know and let us send you an email when Dr Chamari Adihetti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.