JAYA Ayurveda Medical Centre
All Ayurvedic medical treatments and acupuncture .....
28/07/2026
22/12/2023
🚨අප මේ ගත කරන්නේ සාමාන්‍යයෙන් ශ්වසන ආසාදන වැඩි වේගයකින් පැතිර යන වකවානුවකි. කාළගුණ තත්වයන් සහ ගමන් බිමන් වැඩි වීම මෙයට මූලික හේතු ලෙස සැළකේ.
🦠ඉන්ෆ්ලුවෙන්සා, කොවිඩ් - 19 ඇතුලු ආසාදන තත්වයන් බොහොමයක්, අවුරුද්දේ මෙම මාස කිහිපය තුළ වැඩියෙන් පැතිරෙන බව නිරීක්ෂණය වී තිබේ.
❄️මෑතක දී ඇතැම් රටවලින් වැඩි වශයෙන් වාර්තා වූ JN.1 කොවිඩ් - 19 උප ප්‍රබේධය, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් "අඩු අවදානම්" ගණයට වර්ගීකරණය කර ඇති අතර එය ඔමික්‍රෝන් වලට බොහෝ දුරට සමාන වේ.
👍🏽උත්සව සමය සතුටින් ගතකරමින් නිරෝගීව නව වසරට පාතබන්නට බලාපොරොත්තු වෙන අප සියලු දෙනා මේ තත්වය ගැන සැළකිළිමත් වීම ඉතා වැදගත්. අත්දැකීමෙන්ම සාර්තක බව අත්විඳ ඇති
✔️නිතර දෑත් පිරිසිදු කරගැනීම
✔️නාසය/ මුහුණ/ ඇස්/ මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකීම
✔️කැස්ස සහ කිවිසුම් වැළමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ ටිෂූ එකකින් ආවරණය කරගැනීම
වැනි යහ පුරුදු ඔබවත් අවට සිටින්නන්වත් ශ්වසන ආසාදන වලින් ආරක්ෂා කරනු ඇති.
🤒උණ / කැස්ස/ සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ ඇතිනම් අන් අයගේ යහපත වෙනුවෙන් හැකි තාක් නිවසෙහිම රැඳෙන්නටත්, නිවසෙන් පිටතට යන විට නාසය සහ මුඛය ආවරණය වන පරිදි මුහුණු ආවරණයක් පළඳින්නටත් වගකීම් සහගත පුරවැසියන් වන ඔබ දැනටමත් කටයුතු කරනු ඇති බව අපේ විශ්වාසයයි.
🎉ඔබ සැමට ප්‍රීතිමත් සහ නිරෝගීමත් උත්සව සමයක්!
Telephone
Website
Address
10250
Alerts
Be the first to know and let us send you an email when JAYA Ayurveda Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.