Upul Narandeniya

Upul Narandeniya

Share

Medical Doctor

04/07/2026
03/07/2026

ජීවිතේ සමහර කාලවල් එනවා හැමදේම අපිට පේන්නේ අඳුරක් වගේ. මහන්සි වෙලා, මහන්සි වෙලා අන්තිමට බලාපොරොත්තු වුණ දේ නොලැබී යද්දී හිතෙනවා 'ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ' කියලා. ඇස්වලින් කඳුළු වැටෙන, හිත ඇතුලෙන් බිඳෙන ඒ හැම මොහොතකම අපිට හිතෙන්නේ හැමදේම ඉවරයි කියලා.

හැබැයි මතක තියාගන්න, පීඩනයක් නැතුව දියමන්තියක් හැදෙන්නේ නැහැ. අද ඔයා විඳින ඒ හැම වේදනාවක්ම, හැම කඳුලක්ම ඔයාව ඇතුලතින් ශක්තිමත් කරනවා. කවදා හරි දවසක ඔයා දිනපු තැනක ඉඳන් ආපස්සට හැරිලා බලද්දී, එදා වැටුණු කඳුළු තමයි අද ඔයාගේ මූණේ තියෙන ලස්සනම හිනාවට පාර කපලා දීලා තියෙන්නේ.

ඒ නිසා අද බාධක ආවා කියලා, මිනිස්සු එක එක කතා කිව්වා කියලා ඔයාගේ ගමන නවත්තන්න එපා. වැටෙන්න, රිදෙන්න... ඒක මනුස්ස ස්වභාවය. හැබැයි වැටුණු හැම පාරකම ඊට වඩා හයියෙන් නැගිටින්න. ඔයාගේ ඒ ලස්සන අනාගතය ඇස් පනාපිටම හැබෑ කරගන්නකම් ඔයාගේ අරමුණ අතාරින්නම එපා! 🕊️🌻"

゚viralシ

29/06/2026

අපි ඇස්පිල්ලම් ගහන්නෙ ඇයි …. ?