Organic beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Organic beauty, Beauty, cosmetic & personal care, Coralbay, Paphos.
"Organic beauty" beauty spa is located in Paphos ,offering
Makeup/eyebrows threading and tinting/waxing
Manicure and pedicure
Facial and hair treatment
Beauty products �
13/03/2024
අඩුවැඩිය වැඩි කරගන්න කැමති අයට ඔන්න ගෙනාවා අලුත් ජාතියෙ ක්‍රීම් එකක්... 50ml සිට 300ml දක්වා ප්‍රමාණයෙන්...සැත්කම් වලට සල්ලි ඕන නෑ..ජිම් යන්න ඕන නෑ...pain free...ඕන අය කියන්න....ඔයත් ගත්‍තා කියලා වෙන අයට කියන්නෙ නෑ...🫣 සති හතරක් වගේ අඩු කාලෙකින් පැහැදිලි වෙනසක්...😉
12/04/2023
Today....happy customer🫶
01/03/2023
This is the new price list of my Make-Up ☺️
20/02/2023
ඔබත් සයිප්‍රසයේ සාම්ප්‍රදායික උඩරට මනාලියක් ලෙස විවාහ මංගල උත්සවයක් ගැනීමට හීන දකිනවාද...සියලුම ආභරණ සමඟ හැඩගැන්වීම් සඳහා ඔබගේ දිනය වෙන්කරවා ගන්න.....👰♂️
Bridal makeup and hairstyle 💇♀️💋💄👰🏻🇨🇾🇱🇰
16/01/2023
Special occasions makeup 💄
21/12/2020
කොහොඹ (neem) නිවසට සෞභාග්‍යය ගෙන එන්නක් සේ අතීතයේ සිටම සැලකෙන කොහොඹ, නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන අතර එය නිවසේ අනිවාර්යයෙන් වවා ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැඳින්වෙන්නක්.
එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා.
එපමණක් නොව ගෙතුළෙහි විෂබීජ දුරුකිරීමටත් එය සහාය කර ගත හැකිසම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි
ඒ සියලු කොටස්වල ලේ පිරිසිදු කිරීමේ. ගුණය පවතිනවා.
ඇටවලින් තෙල් සිඳින අතර එයත් බොහෝ රෝග ප්‍රතිකාර සඳහා යොදාගනු ලබන්නක්.
අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා.
එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා.
රක්ත පිත්ත දෝෂ දුරු කරනවා.වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා.
වැටීම් තැලීම් අස්ථි බිඳීම් ආදියේදී උපකාරයට එනවා.
ප්‍රති ශක්තිය වර්ධනය කරයි.එමගින් සියලු විෂබීජ විනාශව සම නිරෝගිව පැහැපත් වන බව සඳහන් .
දලු කොළ යුෂ ද දිලීර බැක්ටීරියා ආසාදන දුරුකර කුරුළෑ ලප ඉවත්කර සම නිරෝගි කරන්නක්. හිස්හොරි දුරු කරමින් හිස කෙස් නීරෝගිව වවා ගැනීමට මේ කොහොඹ තෙල් උපකාරීවෙයි.හිසකෙස් දිදුලන නීරෝගී බව රැක දෙයි.
21/12/2020
ලැවෙන්ඩර් (lavender essential oil)නම මතක් වූ සැනින් නහයට සුවද දැනෙනු නොඅනුමානයි.දම්පාට මල් ජාතියකින් යුතු මේ ලාවෙන්ඩර් ඉතාමත් සුවදකට හිමිකම් කියයි.මිලෙන් ඉතාමත් අදික තෙල් වර්ගයකි.වෙළදපලට මෙය විවිද වර්ග වලින් හදුන්වාදෙයි.විවිද ක්‍රීම් ආලේපන වර්ග සෑදීමටත්...සුවදවිලවුන් වර්ග තැනීමටත් මේ නිවෙස්වල හොද ආඝ්‍රණක් රදවා ගැනීමටත් මේ ලැවෙන්ඩර් භාවිතයට ගනියි.
තවද මුහුණේ ඇතිවන කුරුලෑ ගෙඩි හා කැළැල් වලත් මේ තෙල් ආලේප කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.හිසේ ඇතිවන කැක්කුම්..නොසන්සුන් බවට ආතතිය මගහරවා ගන්න මේ තෙල් උපකාර වෙනවා.බොහෝවිට භාවිතයට වැඩිපුරම ගැනෙන්නේ සුවදකාරයක් ලෙසයි.සුවද සම්බන්ධ නිශ්පාදනය වන ඕනෑම භාණ්ඩයකට සුවදකාරකයක් ලෙස මේ මල් යොදාගනී.
කොණ්ඩයට ආලේප කිරීමෙන් හිසකෙස් සුවදවත් හා මනා දිදුලන කෙස්කලඹක් ලබාදීමට මෙ තෙල් වලට හැකියාවක් තියෙනවා.හිස්කබලේ ඇතිවන හිස්හොරි හා වේලුන ස්භාවය නැතිකර තෙතමනය ආරක්ෂාකරදීමට මේ තෙල්වලට හැකියාව තියෙනවා.
21/12/2020
ආගන් (argan oil) මරක්කෝව නිජබිම කරගත් මේ ආගන් ශාකය සල්ලි මවන උල්පතක් කියලා තමයි මරක්කෝ වැසියන් පවසන්නෙ.ලෝකයේ මිල අධිකම තෙල් වලින් එකකට මේ තෙල් වර්ගයද අයිතිවෙනවා.මරක්කො වැසියන් මුලින්ම ආහාරය සදහා මේ තෙල් භාවිතයට ගැනුනා.එහි මදයේ ඇති රසය නිසාම එය ආහාරයට ඔවුන් තෝරා ගත්තා..
නමුත් මෙහි ඇති ගුණාත්මක බව නිසාම රෑපලාවන්‍ය කටයුතු සදහා පසුකාලීනව මේ ආගන් තෙල් භාවිතයට ගැනුනා.සමට කොණ්ඩයට විවිද තෙල් වර්ග සමග කලවමේ මෙය පාවිච්චියටත් කිසිම තෙල් වර්ගයක් සමග කලවම් නොකරත් මෙය පාවිච්චියට ගතහැකිය.
ආගන් තෙල් වලට හිස් කබලට මනා පෝෂණයක් එක් කර හිසකෙස් ඉතාමත් සීඝ්‍රයෙන් වර්ධනය කිරීමේ හැකියාවක් ඇත.කොණ්ඩය අකලට වැටීයාම වළකා ගන්නටත්...කොණ්ඩයේ රළුගතිය මග හැර සුසිනිදු බවක් එක්කිරීමටත් මේ තෙලට විශේෂ හැකියාවක් තියෙනවා.කෙස් අග පැලී ඇතිනම් මේ තෙල් වලට හැකියාවක් තියෙනවා ඒවා නැවතත් යතාතත්වයට පත් කරන්නට.ආගන් තෙල් වල සුවිශේෂී හැකියාව නම් අකීකරු ගැට ගැසෙන රැලි ගතියෙන් යුතු කොණ්ඩයකට මේ තෙල් ආලේපයෙන් ඒ ගතිය අඩුකරගැනීමට පුලුවන්.
තවත් මෙහි ඇති වාසි නම් නියපොතුවල මූලයට ආලේප කිරීමෙන් එහි ඇති අදුරු වියලුන ගතිය මගහැර ගැනීමටත්...මැදිවයස් ඉක්මවූ කාන්තාවන්ගේ මුහුණේ ආලේප කිරීමෙන් රැලිවැටුන මහළුපෙනුම දුරුකර ගැනීමටත් මේ තෙල්වලට හැකියාව තියෙනවා.
19/12/2020
උළුහාල් (fenugreek) කියලා කියන්නේ ඉතාම වටිනා ජාතියක්.මෙහි ප්‍රතිලාභ රාශියක් තියෙනවා.ව්‍යාංජන රසවත් කිරීමට පමණක්ම නෙවෙයි මේ විශේෂය පාවිච්චියට ගන්නෙ...
මදක් උෂ්ණ ගුණයෙන් වැඩ් මේ උළුහාල් තිත්ත හා කටුක රසයෙන්ද යුක්ත නමුත් සෙම හා වාත අමාරුවට කදිම බේතක්.විටමින් බහුලව තියෙන කුලුබඩු විශේෂයකි.
දද කුෂ්ඨ රෝග පලු දැමීම් හා බඩගින්න වැඩිකර කෑම රුචිය දනවන බේතක් කියුවොත් නිවැරදියි.තවද මේ උළුහාල් බැද කොටා කුඩු වලින් තේ පානයක්ද සකසා ගත හැක.
හිස් කබලේ ඇතිවන හිස්හොරි වලට මේ උළුහාල් මහගු ප්‍රතිඵල ලබා දෙනවා.හිසකෙස් වර්ධනය තෙල් ලෙස සකසා ගැනීමෙන් භාවිතා කල හැකිය.අකලට හිසකෙස් වැටීම හා තුනීබව නැතිකිරීමටත් ලොකු පිටුවහලක් වෙනවා.උළුහාල් තෙල් මගින් රෝම කූප උත්තේජනය කර කෙස් වැවීම බලගන්වන නිසා තට්ටය පෑදීම පවා වලකා ගත හැක.
19/12/2020
රතුලූණු (shallots) කියද්දි අපට එකපාර මතක් වෙන්නෙ අපි හදන ව්‍යංජන වලට රසයක් සුවදක් ගුණයක් එක් කරන දෙයක් විදියටයි.නමුත් මෙහි අප නොසැළිකිලමත් තවත් කරුණු තියෙනවා.
නූතන විද්‍යා පර්යේෂකයන් රතුලූණු හඳුන්වන්නේ අධි පරාශයක පැතිරුණු ක්ෂුද්‍ර ජීවි නාශකයක් ලෙසයි.
බැක්ටීරියා වලට එරෙහිව සටන්වදින ඒවා සිරුරට ඉතා හිතකරයි.
රතුලූනු සුදුලූනු සමග අමුවෙන් ආහාරයට ගැන්මෙන් පිළිකා මර්දනය කිරීමට ද හැකි බව මෑතක කෙරුණු පර්යේෂණවලින් හෙළිවී තිබෙනවා.
රතුලුණු රුධිරය නිරෝගීව තබා ගැන්මට උපකාරිවන්නක්. එසේ ම ඉන් රුධිරයේ සීනි පාලනයක් ද සිදුවනවා.
සම්බෝල රසකරන්නට යොදාගන්නා රතුලූණු බහුලව යොදාගන්නවා.
රෑපලාවන්‍ය කටයුතු වලදී කාන්තාවන් මේ රතුලූණු තෙල් එකක් සාදා හිස ගැල්වීම සිදුකරනවා.මෙමගින් හිස් කබල සිසිල් කර එහි දිලීර බැක්ටීරියා ආසාදන සුව කිරීමටත් මේ ලූණු ප්‍රභේදය උපකාරී වෙනවා.පීනස් තත්වයන් ඇත්නම් මේ රතු ලූණු කොටා තලපයක් හිස මත තවරා තැබීමෙන් හා ගොටුකොල සමග කැද සාදා බීමෙන් ඒ ගතියද මගහරවා ගන්න පුලුවන්.
හිසකෙස් මූල වලට හොද ලේ සැපයුමක් මෙමගින් ඉටුකරනවා.හිස කෙස් වැටීමත් දිරා යාමත් මනා පාලනයක් මේ රතුලූණු යුෂ වලට තියෙනවා.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Coralbay
Paphos
Opening Hours
| 08:00 - 20:00 |