Salon SHANI

Salon SHANI

Share

Please follow my YouTube channel

04/12/2025

🏵 බුද්ධානුස්සති භාවනාව 🏵

සියල් ලෝකයන්හි සියල් සත්වයන් අතර සීලයෙන්, සමාධියෙන්, ප‍්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්තිඤාණ දර්ශනයෙන් අග‍්‍ර වන්නේ අප සරණ ගිය, දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේයි. තුන් ලෝකාග‍්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගත් අයට මෙලොව යහපතත්, පරලොව සුගතියත්, සියල් සැප අතර අග‍්‍ර වූ අමා මහ නිවන් සැපයත් ලබා ගන්නට පුළුවනි.

බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ සිහිකොට වඩන භාවනාව බුද්ධානුස්සති භාවනාවයි.

බුදුරජාණන් වහන්සේ ඒ ගැන මෙසේ වදාළා.

‘‘පින්වත් මහණෙනි, එක ම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් එ්කාන්තයෙන් ම අවබෝධයෙන් කලකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස ම, කෙලෙස් සන්සිඳීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම, අමා මහ නිවන පිණිස ම හේතු වෙනවා. එ් එක ම එක දේ බුද්ධානුස්සතියයි.”

විශාඛා උපෝසථ සූත‍්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ බුද්ධානුස්සති භාවනාව ගැන තව දුරටත් මෙසේ පෙන්වා දුන්නා.

‘‘පින්වත් විශාඛා, ආර්යශ‍්‍රාවකයා තථාගතයන් වහන්සේගේ සම්බුදු ගුණ සිහි කරනවා. තථාගතයන් වහන්සේගේ සම්බුදු ගුණ සිහි කරන ඔහුගේ සිත පහදිනවා. ප‍්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේස ඇත්නම් එ්වා ප‍්‍රහාණය වනවා.”

තවත් වරක දී මහානාම ශාක්‍ය රජු හට බුද්ධානුස්සතිය වැඞීමේ ආනිසංස මෙසේ පැහැදිලි කර දී තිබෙනවා.

‘‘මහානාමයෙනි, ආර්යශ‍්‍රාවකයා යම් කලෙක තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කරයි නම් එවිට ඔහු තුළ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යට වුණ සිතක් නැහැ. ඔහුගේ සිත තථාගතයන් වහන්සේගේ ගුණ අරබයා ඍජු බවට පත් වෙනවා. අරුත් මෙනෙහි කිරීමෙන් සතුට ලබනවා. ධර්මය තුළින් සතුට ලබනවා. ධර්මයෙන් හට ගත් ප‍්‍රමුදිත බව ලබනවා. ප‍්‍රමුදිත වූ කෙනාට ප‍්‍රීතිය උපදිනවා. ප‍්‍රීති සිත් ඇති කෙනාගේ කය සන්සිඳෙනවා. සන්සිඳුන කය ඇති කෙනා සැපයක් විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. මහානාමයෙනි, මේ ආර්යශ‍්‍රාවකයා රාග, ද්වේෂ, මෝහ ආදියෙන් විසම බවට ගිය ප‍්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද දුක් සහිත ප‍්‍රජාව අතර නිදුක්ව වාසය කරයි කියා ද දහම් සැඩ පහරට පැමිණියේ බුද්ධානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.”

එම නිසා අපි කවුරුත් ඒ උතුම් බුද්ධානුස්සති භාවනාව මෙසේ පුරුදු කර ගනිමු.

🌸 බුද්ධානුස්සති භාවනාව 🌸

1.මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනා පරිද්දෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම යන ලෝකත්‍ර‍ය වාසීන් විසින් කරන පූජාසත්කාරයන් පිළිගැනීමට සුදුසු වන සේක. එබැවින් අරහං වන සේක.. අරහං වන සේක.. අරහං වන සේක..

2.මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් වූ ද කාලමුක්ත වූ ද සකල ධර්ම සමූහය පරෝපදේශ රහිත ව තමන් වහන්සේ විසින් ම නො වදරවා දැන වදාළ සේක.එබැවින් සම්මා සම්බුද්ධ වන සේක.. සම්මා සම්බුද්ධ වන සේක.. සම්මා සම්බුද්ධ වන සේක..

3.මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘර්ධ වූ විදර්ශනා ඥානාදි විද්‍යාවෙන් හා ශීලාදි චරණයෙන් ද සම්පූර්ණ වූ සේක.එබැවින් විජ්ජාචරණ සම්පන්න වන සේක.. විජ්ජාචරණ සම්පන්න වන සේක.. විජ්ජාචරණ සම්පන්න වන සේක..

4.මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දාන ශීලාදි සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් අමෘත මහා නිර්වාණ පුරයට පැමිණ වදාළ සේක.එබැවින් සුගත වන සේක.. සුගත වන සේක.. සුගත වන සේක..

5.මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්ව ලෝකය සංස්කාර ලෝකය අවකාශ ලෝකය යන ලෝකත්‍ර‍ය නිරවශේෂයෙන් දැන වදාළ සේක. එබැවින් ලෝකවිදූ වන සේක.. ලෝකවිදූ වන සේක.. ලෝකවිදූ වන සේක..

6.මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන පුණ්‍යමාන බලමාන ප්‍ර‍ඥාමාන සෘද්ධි මානාදි අනේවිධ මානයෙන් උඩඟු වූ දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම යක්ෂ රාක්ෂ රාජාදීන් දමනය කරන හෙයින් සත්ත්වයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍ර‍ වූ සේක. එබැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක.. අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක.. අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක..

7.මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව පරලොව යහපත පිණිස හා අමෘත මහා නිර්වාණ ප්‍ර‍තිලාභය පිණිස ද අනුශාසනය කරන එබැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.. සත්ථා දේව මනුස්සානං වන සේක.. සත්ථා දේව මනුස්සානං වන සේක..

8.මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර චතුස්සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන නොයෙක් දහස් ගණන් දෙව් මිනිසුන්ට ද අවබෝධ කරවන සේක.සේක.එබැවින් බුද්ධ වන සේක.. බුද්ධ වන සේක.. බුද්ධ වන සේක..

9.මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත පුණ්‍ය අනන්ත සෘද්ධි අනන්ත ඥාන අනන්ත තේජෝ බල පරාක්‍ර‍මයෙන් යුක්තව ලෝකවාසීන් විසින් නන් අයුරින් කරන ගෞරවයට සුදුසු වූ සේක. .එබැවින් බුදුරජාණන් වහන්සේ භගවා වන සේක.. භගවා වන සේක.. භගවා වන සේක..

බුද්ධානුස්මෘති භාවනාව කරන තැනැත්තා විසින් බුදු ගුණ වගන්ති නවය අත් නො හැර ම බුද්ධ වන්දනාව සඳහා භාවිත කළ යුතුය. ඒ වගන්ති නවයෙන් තමාගේ සිතට වඩා හොඳින් වැටහෙන තමා වඩා ප්‍රිය කරන එක් වගන්තියක් භාවනාව සඳහා තෝරා ගත යුතු ය. ඉක්බිති තමා ප්‍රිය කරන බුදුරුවක් දෙස බොහෝ වේලාවක් හොඳින් බලා එය හොඳින් සිතට ගත යුතු ය. බුදු රුවෙහි අවයවයන් වෙන වෙන ම ද බලා හොඳින් සිතට ගත යුතු ය. බුදු රූ සටහන අමතක නො වනු පිණිස වරින් වර නැවතත් බැලිය යුතු ය. ආරම්භයේ දී භාවනාව බුදු රුවක් ඉදිරියේ ම කළ හැකි නම් වඩාත් හොඳ ය. භාවනා කරන්නට පටන් ගන්නා කල්හි යම් කිසි විවේක ස්ථානයක බද්ධ පර්‍ය්‍යඞ්කයෙන් හිඳ, කය සෘජුව තබා ගත යුතුය. එය භාවනාවට ඉතා ම සුදුසු හිඳ ගැනීමේ ක්‍ර‍මය ය. එසේ හිඳ ගත යුත්තේ පුරුෂයන් විසින් පමණෙකි. එය ස්ත්‍රීන්ට අයෝග්‍ය ය. ස්ත්‍රීන් විසින් අර්ධ පර්‍ය්‍යඞ්කය යි කියනු ලබන පා දෙක පිටිපසට නමා වාඩිවීමේ ක්‍ර‍මයට හිඳ ගත යුතුය.

පෙර බුද්ධ ශ්‍රාවිකාවන් අර්ධ පර්යඞ්කයෙන් හිඳ ගත් බව මහා ප්‍ර‍ජාපතී ගෝතමි අපදානයෙහි එන :

“සා තාහි සහ ගන්ත්වාන - භික්ඛුනූපස්සයං සකං

අඩ්ඪපල්ලඞ්ක මාභුජ්ජ - නිසීදි පරමාසනෙ.”

යන ගාථාවෙන් පෙනේ. බද්ධ පර්‍ය්‍යංකයෙන් වාඩි විය නො හෙන පුරුෂයන් විසින් හා අර්ධ පර්‍ය්‍යංකයෙන් හිඳ ගත නොහෙන ස්ත්‍රීන් විසින් ද තම තමාට හැකි පරිද්දකින් හිඳ ගෙන භාවනා කළ යුතු ය. අන් ඉරියව්වකින් භාවනා කළාට ද වරදක් නැත. විවේක ස්ථානයේ හිඳගෙන ඇස පියා ගෙන කලින් බලා ගත් බුදුරුව මෙනෙහි කර බුදුන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටින සැටියට සිතා ගෙන ඒ බුදුන් අරමුණු කොට “මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනාකාරයෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයනට සුදුසු වූ සේක.” යනාදීන් තමා භාවනා කරන්නට තෝරාගත් වගන්තිය මෙනෙහි කොට භාවනා කරන්නට පටන් ගත යුතු ය. භාවනා කරන්නට පටන් ගන්නා කල්හි පැය කාලයට අඩු නො වන කාලායක් නියම කරගෙන ඒ කාලය සම්පූර්ණ වනතුරු නොනවත්වා භාවනා කළ යුතුය. එය කරන කල්හි අනෙකක් ගැන නො සිතිය යුතුය.. සිත අනෙකකට යොමු වන්නට නො දීමට හැකි තාක් උත්සාහ කළ යුතුය. සිහියෙන් යුක්ත විය යුතුය.

04/12/2025

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

එම මුදල ජනාධිපති අරමුදලෙන් ලබාදීමට තීරණ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

Photos from Sri Lanka Buddhist's post 04/12/2025
21/09/2025

පිරිසක් නිදන විට නිදිවරමින් සිටින පිරිස කවුරුන්ද?

අප සිදුකරන ක්‍රියාවන් අතුරින්. වටිනා කටයුත්තක් වන්නේ සද්ධර්ම ශ්‍රවණය යි. ඒ වගේම මේ ධර්ම මාර්ගය ගමන් කරන විට අපේ සිත සුවපත් වෙනවා. භයානක සසරින් මිදෙන්නටත්, මඟඵල ලබන්නටත්, ධර්මය ඉගෙනීම හේතුවෙනවා. ඔබ දන්නවා ඒ මඟඵල ලබන චතුශ්චක ධර්ම මොනවාද? කියා. සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, කල්‍යාණ මිත්‍ර ඇසුර, ධම්මානුධම්ම පටිපදාව කියන මේ කරුණු හතර නිසා අපේ ජීවිතය සුවපත් කරගෙන භයානක සසරින් මිදී උතුම් ශාන්ත නිර්වාණය සාක්ෂාත් කිරීමට හේතු වෙනවා. ඒ නිසා බුදුබණ ශ්‍රවණය තුළින් මෙලොව වගේම පරලොවත් සුවපත් වෙනවා. පහනක්, එළියක් තිබෙන තැන අඳුරක් නැතුවාක් මෙන් ධර්මයක් දියුණු කරන සිතක, ඇඬීම, වැළපීම, පශ්චාත් වීම, පෙළීම ද නැත.

දිනක් බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ මිනිසුන් අඹ වර්ග හතරකට උපමා කොට වදාළා.

1). සමහර අඹ ගසේ තිබෙන විට අමුයි. නමුත් පෙනෙන්නේ ඉදී ඇති බවයි.

2). සමහර අඹ ඇතුළතින් හොඳින්ම පැහිලා. නමුත් බාහිරට පෙනෙන්නේ එය අමු බවයි.

3). සමහර අඹ ඇතුළතින් අමුයි. බාහිරට පෙනෙන්නේත් ලා බව, නො පැසුනු බවයි.

4). සමහර අඹ ඇතුළතින් හොඳින් මෝරලා. ඒ බව බාහිරටත් හොඳින් පෙනෙනවා. සුවඳත් දැනෙනවා.

මේ වගේ මේ සමාජයේ ජීවත්වන අයගේ ක්‍රියාත්මක වීම මේ අඹ ගෙඩි හතර වගේ. සමහර අයගේ කිසිදු ධර්ම කරුණක් නැහැ. පුණ්‍යමය සිතිවිල්ලක්වත් නැහැ. නමුත් පිටතට පෙන්වන්නේ සිල් රකින, ගුණ ගරුක බවයි. ඒ අයගේ ඇතුළත නොපැසුණු, නොඉදිණු නමුත් පිටතට පැසුණා වගේ පෙනෙන පළමු අඹ ගෙඩිය වගේ.

දෙවන පිරිසගේ ඇතුළත බොහෝම හොඳයි. වැඩූ සිතක් තිබෙනවා. ධර්ම කරුණු දන්නවා. නමුත් බාහිරට ඒ බව පෙන්වන්නේ නැහැ. නිෂ්ශබ්දව අධ්‍යාත්මික ගමන යන පිරිසක්.

තුන්වන අඹට ගෙඩියට සමාන වන්නේ ඇතුළත කිසිදු පාරිශුද්ධබවක් නැහැ. ගුණයක් නැහැ, ධර්මයක් නැහැ, සීලයක් නැහැ. කර්මය පමණයි. බාහිරටත් ධර්මය නැති බව, ශ්‍රද්ධාව නැති බව සිත නො වැඩූ බව ප්‍රදර්ශනය කරනවා.

හතර වන අඹ ගෙඩිය ඇතුළත බොහෝම හොඳයි. ධර්මය දන්නවා, ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා තිබෙනවා. ඒ බව එළියෙන් පෙනෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ තැනැත්තා ඇතුළතින් ඉදුනු මිහිරි රසයක් ඇති බාහිරටත් ලස්සනට පෙනෙන අඹ ගෙඩියක් වගේ කියා “අම්බ” සූත්‍රයේදී අඹ ගෙඩිය උපමා කොට වදාළා. මේ කියු අඹගෙඩි අතරින් මම අයිති කිනම් අඹ වර්ගයටද කියා ඔබ තේරුම් ගන්න.

ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ජීවත් වන මිනිසුන්ට බල වර්ග පහක් තිබෙන බව වදාළා. ඒ බල වර්ග ඔබටත් තිබෙනවාද කියා සිතා බලන්න.

1). බාහු බල -දෑතේ දෙපයේ තිබෙන ශක්තියයි. මේ ශක්තිය විවිධ වැඩ කරන්න අවශ්‍ය වෙනවා.

2). භෝග බල - සම්පත්තියන් උරුමවීම. ඒ ඉඩකඩම්, ගෙවල් දොරවල්, දූ දරුවන්, රන්, රිදී, මුතු, මැණික් වෙන්න පුළුවන්. ඒ වගේම ශාස්ත්‍රය, ශිල්පය හෝ ධර්ම ඤාණය වෙන්නත් පුළුවන්.

3). අමච්ඡ බලය - මේ පිරිස් බලය ලැබීමයි. යහළුවන් වෙන්න පුළුවන්. වැඩපළට උදව් කරන අය වෙන්න පුළුවන් මේ බලයට අයත්,

4).ජාති බල – හොඳ සිරිත් විරිත් පුරුදු පුහුණු වීම, හොඳ නිවාස යාන වාහන ඇතිව ඉපදීම මේ බලයට අයත්.

5) ප්‍රඥා බල – මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ මේ ප්‍රඥා බලයයි. ප්‍රඥා ආලෝකය තරම් වෙනත් ආලෝකයක් නැහැ. මේ ප්‍රඥා ලෝකය හිරු, සඳු ආලෝකයට වඩා බලවත්. සියලුම ආලෝක ධාරාවන් පරයා සිටින ප්‍රඥා බලය මුළු සංසාරයටම ආලෝකය සපයා දෙනවා. ඒ බලය ලැබෙන්නේ ධර්මය ශ්‍රවණය කිරීමෙන්. ධර්මය කියවීමෙන්. ධර්මයට සමීප වීමෙන්.

සංයුක්ත නිකායේ දේවතා සංයුත්තයේ තිබෙනවා “ජාගර සූත්‍රය” නමින් සූත්‍රයක්. දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී එක්තරා දෙවිවරු පිරිසක් ඇවිදින් අසනවා ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, පිරිසක් නිදන විට කවුද අවදියෙන් සිටින්නේ? ඒ පිරිස අවදිවන විට වහා නින්දට යන පිරිස කවුරුන්ද?

බුදුරජාණන් වහන්සේ වදාළා දෙවිය, නිදිවරන පස් දෙනෙක් සිටිනවා. ඒ පස් දෙනා නිදාගත්විට අවදියෙන් සිටින පස් දෙනෙක්ද සිටිනවා. කවුද මේ නිදා ගන්න පස්දෙනා.

ශ්‍රද්ධා, (තුණුරුවන් කෙරෙහි ඇති පැහැදීම)

විරිය (අකුසලයට යන සිත කුසලයට ගන්න කරන උත්සාහය)

සති (යහපත් සිහිය),

සමාධි (විසුරුණු සිත එක්තැන් කිරීම),

ප්‍රඥාව (ඤාණය උසස් කර ගැනීම)

මේ පස් දෙනා යම් කෙනෙකුගේ සිතක නිදාගෙන නම් වහා අවදිවන පස්දෙනා වන්නේ,

කාමච්ඡන්දය (පස්කම්සුවය පසුපස හඹා යෑම),

ව්‍යාපාදය (අනුන් නසන්න ඝාතනය කරන්න ඇතිවන ක්‍රෝධය),

ථීනමිද්ධය (සිතෙයි සහ කයෙහි සිතිවිලිවල ඇතිවන බොහෝම අලස ගතිය),

උද්දච්ච කුක්කුච්ච ( විසුරුණ ගතිය පසුතැවීම),

විචිකිච්ඡා (තුණුරුවන් කෙරෙහි ඇතිවන සැකය, අතීත භවයක් තිබුණාද? අනාගත භවයක් තිබේද? ආදියයි).

මේ පහ වහා අවදි වෙනවා ශ්‍රද්ධා, සීල, සති, සමාධි, ප්‍රඥා නිදාගෙන සිටිනවානම් හැදිය යුතු දේ අතරට වැඩිය යුතු දේ අතරට වටිනාම දේ වන්නේ සිත හදා ගැනීමයි. චිත්ත අභ්‍යාස පුහුණුවයි. එසේනම් පහක් නිදන විට පහක් ඇස අරිනවා. ඒ පහ නිදන විට අනෙක් පහ ඇස අරිනවා.

මේ සඳහා ඔබට උපමාවක් කියන්නම්. දිනක් එක් ගොවියෙක් දවස පුරාම වැඩකරලා පන්සලක් අසළින් ගමන් කරනවා. මහන්සියට ගොවියා පන්සලට ගොඩවුණා. එක් හිමිනමක් ඒ ගොවියාට කෑම ටිකක් දුන්නා. කුසගින්න නිවාගත් ගොවියා විවේකීව සිටිමින් කල්පනා කරන්නේ මේක කෙතරම් පහසු වැඩක්ද? සිවුරක් පොරවා ගත්තානම්, ගාථාවක් ඉගෙන ගත්තානම් පන්සලකට වෙලා අව්වෙන්, වැස්සෙන් පීඩාවක් නොමැතිව ජීවත්වෙන්න තිබුණා යැයි සිතුවා. ඔහුගේ සිතේ පංචනීවරණ ටික ටික අවදිවුණා. ඒ නිසාම මොහු පැවිදි වුණා. ඔහුගේ සිත ශ්‍රද්ධා, සීල, සති, සමාධි, ප්‍රඥා නිදා ගත්තා. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච කුක්කුච්ඡ, විචිකිච්ඡා ඇහැරුණු. මෙයාට සිහිපත් වෙනවා මගේ බිරිඳ දැන් මොනවා කරනවා ඇද්ද? මම අතඇරීයේ ආදරණීය වදන් කියන සුන්දර හඬක් තිබෙන කාන්තාවක්. ඇය නොමැතිව සිටින්නේ කෙසේද? කියා සිවුරු හැර නිවසට ගියා. ටික කාලයකදී මේ කාන්තාවගේ නපුරු, අමිහිරි වචන ඇසෙන විට නැවත පන්සලට ඇවිත් පැවිදි වුණා. ටික කාලයක් යන විට නැවතත් බිරිඳ සිහිපත් වුණා. ඇගේ සිරුර කෙතරම් ලස්සනද? ලස්සන කටහඬ සිහිවුණා. දෙවැනි වතාවටත් නිවසට ගියා. දිනක් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇතිවුණා. එදා බොහෝ සේ කලකිරුණා. පන්සලේ සිටියානම් කිසිම කෙනෙකුගෙන් බැනුම් අසන්න සිදුවන්නේ නැහැ සිතා නැවතත් පන්සලට ගොස් පැවිදි වුණා. පංචනීරවණ නිසා නැවතත් බිරිඳ සිහිපත් වෙනවා. ඇය මොනවා කරනවා ඇද්ද? ඇය නැටුම දක්ෂ කෙනෙක් නොවැ. කියා සිහිපත් වුණා. නැවතත් සිවුරු හැර නිවසට ගියා. නැවතත් දෙදෙනා අතර වූ ආරවුල නිසා පන්සලට ගියා. මේ ආකාරයට හය පාරක් ගියා. ආවා. හත්වැනි වතාවේදී නිවසට ගියා. ටික කාලයක් ජීවත් වුණා. දිනක් දුටුවා ඇගේ ඇස්වලින් කබ පෙරෙනවා. මුඛයෙන් දුගඳ හමනවා. ශරීරයේ පිළිකුල් ස්වභාවය දුටුවා. පංචනීවරණයට යට වූ නිසා මේ අරහත් ධජය කී සැරයක් අත හැරියාද? කියා සිහිපත් වුණා. මින් පස්සේ පංච නීවරණයන්ට අවදිවීමට ඉඩ නොදී පංච බල ධර්මයන් වර්ධනය කර ගන්නවා කියා සිතුවා. අරහත් ධජයට ගෞරව කරමින් කාලය ගත කළා. පසුව නිර්වාණබෝධය ලබා ගත්තා.

ඒ නිසා ඔබත් කල්පනා කරන්න අප සෑම දෙනා තුළම විශාල චිත්ත බලයක් තිබෙනවා. ඒ බලයෙන් උපරිම ඵල නෙලා ගන්න මහන්සි ගත යුතුයි කියා. ඔබගේ සිත කිලුටුවට යනවා නම්, වහා පිරිසුදු කර ගන්න අවශ්‍ය වටිනා බලය වන්නේ ප්‍රඥා බලයයි. එය ලබා ගන්න චිත්ත පාරිශුද්ධභාවය අවශ්‍ය වෙනවා.

21/09/2025

Nuwan plastic shop

21/09/2025

සුපිරියක් දසුන් ශානක " බොසා ❤️"

21/09/2025

සිංහරාජයෙන් හමු වූ වසර 13,000ක් පැරණි ටයිල් කළ ගල්ලෙන

සිංහරාජ වනාන්තරයට අයත් පාලින්දනුවර, රූණකන්ද වනයේ, රුසිගල කඳු ප්‍රදේශයේ පිහිටි කැබැල්ල ලෙනෙන් හමු වූ සුමට බිම් ඇතුරුම් පාෂාණ ඵලසක් වසර 13,000ක් තරම් ඉපැරණි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බව නවීන කාල නිර්ණයන් මඟින් තහවුරු වී තිබෙනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ ඇතුරුම් පාෂාණ වර්තමාන ‘ටයිල්’ මෙන් ඔප්නංවා, ඉතා ක්‍රමවත්ව නිම කර තිබීමයි.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සහ චීනයේ සිචුආන් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව මේ පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබූ අතර, එහිදී කැණීම් කළමනාකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පාහියංගල සුමංගල හිමියන්පවසා ඇත්තේ, මේ ගල්ලෙන මහා පරිමාණයෙන් ගල් ආයුධ තැනූ කර්මාන්තශාලාවක්ව පැවති බව නිගමනය කළ හැකි බවයි.

කැණීමේදී හමු වූ ඊතල තුඩු ඇතුළු ගල් ආයුධ සම්භාරය මෙන්ම බිම් ඇතුරුම් පාෂාණ ස්තරයේ දක්නට ලැබෙන කඩතොලුද මේ නිගමනයට හේතු වී ඇත.

මේ කැණීමේදී මුහුදු බෙලිකටු සහ මෝර දත් රැසක්ද හමු වී ඇති අතර, ඒ බෙලිකටු සහ මෝර දත්වල මැද දක්නට ලැබෙන සිදුරු හේතුවෙන් ඒවා මාල පෙති (පෙන්ඩන්ට්) ලෙස පැලඳීමට භාවිත කර ඇති බවත්, මෙහි විසූ ආදි මානවයා සාගර ප්‍රදේශ ආශ්‍රිතවද කටයුතු කර ඇති බවත් නිගමනය කළ හැකි යැයි උන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ. කැණීමේදී හමු වූ නියදි අමෙරිකාවේ බීටා ආයතනයට යොමු කර, ‘සී14’ කාල නිර්ණය කටයුතු සිදු කර ඇති අතර, පර්යේෂණය පිළිබඳ පූර්ණ වාර්තාව එංගලන්තයේ පළ වන, ලොව විශිෂ්ටතම විද්‍යා ප්‍රකාශනයක් වන ‘ක්වාටර්නරි සයන්ස් රිවීව්ස්’ (Quaternary Science reviews) සඟරාවේ ජනවාරි 21 කලාපයේ පළ කරනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පිහිටි එකම ප්‍රාථමික වැසි වනාන්තරය වන සිංහරාජය ආශ්‍රිතව වසර 13,000ක් තරම් ඉපැරණි ප්‍රාග් ඓතිහාසික මානව සාධක හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

උපුටා ගැනීමකි.

21/09/2025

හදවතේ නායකයා දස්සා 😁❤️🇱🇰

Want your business to be the top-listed Beauty Salon in Ampara?
Click here to claim your Sponsored Listing.

Address


Ampara